Friday, June 27, 2014

_ 2014 වසරේදී අකුරු කියවීමට හෙවත් ශ්‍රී විද්‍යාරම්භයට බලගතු ශුභ මුහුර්තයක් _

මෙම වසරේදී අකුරු කියවීමට බලාපොරොත්තුවෙන් සිටින කුඩා දුවාදරුවන්ට එම උතුම් වූ කාරණාවට ශුභ නැකතක් 2014 වසරේ ජුලි මස 2 වනදා බදාදා උදේ 6.30ට උදාවේ. 

* මෙදිනට ශුභ දිශාව වන්නේ උතුරු දිශාවයි. 
* සුබ යෝගය දවස පුරාම පවතී. 
*විශේෂයෙන් මේ ගුරු මාරුව සමග ඇතිකර ඇති ග්‍රහ පදනම සමග සඳු ග්‍රහයා සිංහ රාශිගතව බලවත්ව සිටී. 
* මෙදිනට ග්‍රහයින් ගණනාවක්ම බලවත්ව පිහිටා ඇත. 

* රවි මිථුන රාශියේ පිහිටනවා කියන්නේ රසායන විද්‍යාඥයන් බිහිවන පිහිටිමකි.

* සඳු සිංහ රාශියේ සිටියදී මනස ඒකාත්මිකව ඍජුව පිහිටයි.

* කුජ කන්‍යාවේ නම් ශුර බුද්ධියක් හිමිවේ.

* බුධ, ගුරු, සෙනසුරු, රාහු සියලුම දෙනා එදිනට අතිබලගතුය. 
* කේතුට අයත් මා නැකත, සවස 5. 52 දක්වා පවතින අතර සෞම්‍ය සඳු පුර පක්ෂයේ විශේණිය තිථියේ සිටී. 

* එදිනට මේ නැකතින් අකුරු කියවීම සුභයි.

*** මේ නැකත අස්ලිස, දෙට රේවතී නැකතින් උපන් අයටද පුනාවස විසා පුවපුටුප නැකතින් උපන් අයටද මුවසිරස සිට දෙනට නැකතින් උපන් අයටද කැති උත්‍රපල් උත්‍රසල නැකතින් උපන් අයටද, බෙරණ, පුවපල් පුවසල නැකතින් උපන් අයටද අස්විද මුල නැකතින් උපන් අයටද විශේෂයෙන්ම සුබයි.

* අනෙක් නැකැත් වලට නම් සුභ නැත. අප දයාබර පාඨකයිනි, අප අද තවත් සත්කාරයක් කරනු වස් මේ නැකැත් ඇති ආකාරය ඉදිරියට ඔබට ඔබලාට ඉදිරියට දැනගැනිමට සලස්වන්නෙමු.


“ නැකතක් තිබෙනවා යයි කියූ පමණින් සියලුම දෙනාට ඒ නැකත සුභ නැත.“

සමහර ජෝතිෂ විශාරද වරුන්, උපදේශකවරුන් මහා පරිමාණ ජෝතිෂ්‍ය ඔස්තාර්ලා දිව්‍යමය සුභ මුහුර්ත යනුවෙන් පාරම්බායි. නමුත් එම නැකැත් සියලුම දෙනාට ගැලපෙන්නේ නැත. හරියට නිමි ඇඳුම් සාප්පුවක තිබෙන අලංකාරවූත් වටිනාවූත් රෙදිපිළි වාගේය. 
එම රෙදිපිළි තමන් ලස්සන උවත් තම ඇඟට හරියනවාදැයි දන්නේ නැත....

_ මේවා තේරුම් අරගෙන කටයුතු කරන්න _


@Iru astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment