Sunday, June 15, 2014

රවි මාරුව (ජුනි 15 - ජුලි 15, 2014)

ග්‍රහලොව රජු හෙවත් පියා වන රවි/ඉරු ජුනි 15 වන දින වෘෂභ රාශියෙන් ඉවත්ව බුධට අයිති මිථුනයට පැමිණේ. ජුලි 15තෙක් සිටිනු ඇත.
ඒ අනුව ලග්න වලට පැමිණිම මෙසේය.

මේෂ
රවි ග්‍රහයා 3 වැන්නට පැමිණීම සුබයි.
මේෂ ලග්නයේ 5වැන්නාධිපති රවිගේ මේ ගමන නිසා මේෂ ලග්න හිමියන්ට ප්‍රසිද්ධිය ලැබේ. අන් අය අතර කැපී පෙනේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි.
වෙනදාට වඩා බුද්ධියෙන් කටයුතු කරයි. කරන කටයුතු සඵල වේ.

වෘෂභ
රවි 2වැන්නට පැමිණීමද සුබයි.
විවාහයේ දියුණුව ඇතිවේ. අන් අයට උපදෙස් දෙන කාලයකි. කරන කටයුතු අර්ථවත් කරගනී. මනාව සැලසුම් කර කටයුතු කරනයි. කලා අංශ වලට සුබයි. අලංකරණයට සැරසේ. සෞඛ්‍ය තත්වය ගැනද අවදානමත් වන්න.

මිථුන
රවි 1 වැන්නට පැමිණීම සුබයි.
ඉගෙනීමේ කටයුතු සඵල වේ. ඒවායේ නිසි ඵල ලැබෙන කාලයකි. කීර්තිය ඇතිවන කාලයකි. තම ඥාතින් සමග වෙනදාට වඩා උසස් සබදතා ඇති කරගනී. ප්‍රධානත්වය ලැබේ.
සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

කටක
12 වැන්නට රවි පැමිනීම පොදුවෙ එතරම් සුබ නැත.
වියදම් අධික වන කාලයකි. විනෝදයට පමණක් කටයුතු කිරිම අහිතකර විය හැක. තමාගේ කටයුතු ප්‍රමාද කරගනී. බුද්ධියෙන් කටයුතු කරන්න. විදෙස්ගත විය හැක. සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.
ගුරු මාරුව සමග මෙකී බොහෝ දුර්ගුණ අඩුවනු ඇත.

සිංහ
11 වැන්නට ලග්නාධිපති රවි පැමිණීම සුබයි.
‘කෝටියක් දෝෂ භංග‘ වේ. අන් අය අතර කැපී පෙනේ. මිතුරන් බොහෝ වෙයි. ජනප්‍රිය වේ. අධ්‍යාපනයටද සුබයි. ආර්ථිකය යහපත් වේ. රවි 10 සිටි කාලයේ බලපෑ දුෂ්කරතා දුරුවනු ඇත. ව්‍යාපාර දියුණු වේ.

කන්‍යා
10 වැන්නට රවි පැමිණිම සුබයි.
රැකියාවේ උසස්වීම් ලැබේ, ලැබෙන රැකියාවන් උසස් ඒවා විය හැක. අන් අය අතර උසස් කෙනෙක් ලෙස පෙනේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි. අන් අය අතර කැපී පෙනෙයි. ප්‍රසිද්ධ වේ.

තුලා
9 වැන්නට රවි පැමිණීම සුබයි.
තත්වය උසස් වේ. කලා කටයුතු වල නිරත අධ්‍යාපනයන් කරන්නේ නම් බොහෝ සුබයි. තම තත්වය ගරුත්වය ගැන සිතන කාලයකි. විදෙස්ගත විය හැක. තමාට වඩා උගත්කම වැඩි අය ඇසුරු කරන්නට ලැබේ.

වෘශ්චික
8 වැන්නට රවි පැමිණිම එතරම් සුබ නැත.
සතුරු බාධක ඇතිවිමට ඉඩ ඇත. සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න. ඉවසන්න. විවාහ ජිවිතයේ කටයුතු වලදීද ඉවසිය යුතුය. තම හිතවත් අය අමනාප කරගැනිමටද ඉඩ ඇත.
අධ්‍යාපන කටයුතු මනාව කරයි.

ධනු
7 වැන්නට රවි පැමිණීම සුබයි.
බුද්ධියෙන් කටයුතු කරන කාලයකි. ව්‍යාපාර, හවුල් ව්‍යාපාර දියුණු වේ. තාක්ෂණික කටයුතු වල නිරත අයට සුබයි. පවුල් ජිවිතයේ ගැටීම් ඇතිවිමට ඉඩ ඇත.
හිස සම්බන්ධ රෝග, කෝපය නිසා ඇතිවිය හැකි තත්වයන් ගැන අවදානමත් වන්න.

මකර
6 වැන්නට රවි පැමිණිම සුබ නැත.
සෞඛ්‍ය දුර්වල විමට ඉඩ ඇත. අන් අය තමාට යටත් යැයි සිතා කටයුතු කරන්නට ගියොත් නැති අවුල් ඇතිවනු ඇත. සතුරන් රහසේ කරදර කරන කාලයකි. වෙනදාට වඩා කාමාශාවන් ප්‍රබල විය හැක.
නව රැකියා ලැබේ, අධ්‍යාපනයට සුබයි. බුද්ධිමත් විය යුතු කාලයකි.

කුම්භ
5 වැන්නට රවි පැමිණිම සුබයි.
වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන දියුණුව සලසා ගනී. අධ්‍යාපන කටයුතු සෑම අතින්ම දියුණු වේ. බොහෝ ඉගෙනීමක් කරන කාලයකි. නිලයන් ලැබීමටද සුබයි. කැපී පෙනෙන කාලයකි. බාධා දුරු කරගනී. විවාහයට සුබයි.

මීන
4 වැන්නට රවි පැමිණීම සුබයි.
බුද්ධියෙන් කටයුතු කරන කාලයකි. වැඩි වැඩ නොකර දියුණුව අත්කරගනි. අන් අය අතර කැපී පෙනෙන ප්‍රධානියා වේ. දේපල ලැබේ. තනි මතයට කටයුතු කලොත් ගැටළු ඇතිවිය හැක.
රෝග විසේසයෙන් උෂ්ණ සහ හදවත සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වන්න. 


Iru Sewaya > Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment