Sunday, June 8, 2014

කුජ සංයෝග වල පොදු ලක්ෂණ

කුජ හෙවත් අඟහරු ග්‍රහලොව සෙන්පතියාය. ජෝතිෂ්‍යයට අනුව වැදගත් තැනක් හිමිවන කුජ ග්‍රහයා සමග සම්බන්ධ වන අනිකුත් ග්‍රහයන් නිසා ග්‍රහ යෝග ඇතිවේ.

● කුජ - රවි සංයෝගය

මේ යෝගයෙන් උපන් අය රජකුට සමාන කටයුතු ඇත, කිසිවෙකුටත් දෙවෙනි නොවන අන්දමේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන අය වන අතර රාජ්‍ය තන්ත්‍රයේ උසස්‌ නිලතල හිමිවීමේ භාග්‍යද මේ අයට ඇත.
(කෙසේ වුවද ඒවා සිදුවීමට නම් නිසි ග්‍රහ දෘෂ්ඨි සහිතව නිවරදි තීරණද ගත යුතු බව මතක් කල යුතුය)

● කුජ - සඳු යෝගය (චන්ද්‍ර මංගල යෝගය)

සමාජයේ ගෞරවයට පාත්‍ර වන, අන් අයගේ ආදරයට බඳුන් වීමේ හැකියාව ඇති යෝගයකි. කෙසේ වුවද මෙහි ගුණාගුණ ග්‍රහ දෘෂ්ඨි සහ විශේෂයෙන් සඳුගේ ස්වභාවය අනුව වෙනස් වේ.
ලිංගික ශක්තියට මුල් වන කුජ සහ සිතිවිලි වලට අධිපති සඳු නිසා මෙම යෝගය ඇති අයගේ කායික අවශ්‍යතාවයන්ද ප්‍රබල විය හැක.

● කුජ - බුධ සංයෝගය

පොදුවේ මේ යෝගය කාර්යශීලි ජයගන්නා වාසනා ගුණය ඇති අයට හිිමිවේ. කථිකත්වයද මෙම යෝගය ඇති අයට ඇත. තරඟකාරි ගුණයට කැමති අය වෙති.
අයහපත්ව යෙදුනොත් එම සියලු යහපත් වාසනාව කපටිකමින් දිවිය වාසනාවන්ත කරගැනීමට භාවිත කරනු ලබයි.

● කුජ - සිකුරු යෝගය

විනෝදයෙන් ජීවිතය ගත කිරීමට කැමති අයට ඇති යෝගයකි. මෙම යෝගය ඇති කාන්තාවන් පිරිමින්ගේ ආකර්ෂණයටද, පිරිමින් කාන්තාවන්ගේ ආකර්ෂණයටද ලක් වේ.
එක්තරා ආකාරයකට අතිධාවනකාරි කාම යෝගයක් ලෙස කිව හැක.
යහපත්ව යෙදුනොත් සුබයි.

● කුජ - ගුරු සංයෝගය

මෙම යෝගය ඇති අය සමාජයේ වැඩදායක ගුණගරුක කෙනෙකු වේ. කුමන තරාතිරමට අයිති වුවද සමාජයේ කැපී පෙනෙන අය වෙති. උසස් අය වෙති.
අසුභ දෘෂ්ඨි ලබමින් මෙම යෝගය පවතී නම්, ලෞකික දියුණුව පමණක් සිතන ආත්මාර්ථකාමි කෙනෙකු වේ.

● කුජ - ශනි යෝගය (ශනි මංගල යෝගය)

තමා පටන් ගත් කාර්යය කුමන තරම් අභියෝගාත්මක වුවද ආරම්භයේ සිට අවසානය දක්වා එක පිලිවෙලට එම කටයුත්ත කරන අය මේ යෝගයෙන් ජනිත වේ.
අසුබ දෘෂ්ඨි සහිතව අයහපත්ව පිහිටා ඇත්නම් අන් අයගේ ගැරහීමට, පිළිකුලට ලක්වන කෙනෙක් වේ.

● කුජ - රාහු යෝගය

මෙය අතිධාවනකාරි යෝගයකි. එනම් ඉතා වේගයෙන් කටයුතු කරන අය වෙති. වේගවත් කටයුතු වලින් ජයගන්නා අය වෙති. මනා ආත්ම ශක්තියක් ධෛර්යයක් ඇත. නිසලව සිටීමට අකමැති අයයි.
අසුබව යෙදී ඇත්නම් හොඳ නරක නොසොයා කටයුතු කරයි.

● කුජ - කේතු සංයෝගය

කුජ හෙවත් අඟහරු ඉතා වේගවත් වුවද කේතු සමග සම්බන්ධ වීමෙන් එම වේගය අඩාල කරයි. අලස වීමටද ඉඩ ඇත. කුජ - රාහුට ප්‍රතිවිරුද්ධව එක තැනක සිටිමින් කටයුතු කිරීමට පෙළඹේ.
විශේෂයෙන් අසුබ පිහිටිම් සහිතව යෙදී ඇත්නම් කුමන්ත්‍රණ, යටි කූට්ටු වැඩ ආදියට යොමුවිය හැක. ඒවායින් නැති ගැටළු ඇතිකරගැනිමටද ඉඩ ඇත.

_මෙම ග්‍රහයන්ගේ කුජ සමග සංයෝගයන් අදාල ග්‍රහයා, සහ එම සංයෝගයේ ස්වභාවය, අනිකුත් දෘෂ්ඨි ආදිය අනුව වෙනස් වීමට ඉඩ ඇත.
* ඉහත විස්තරය පොදු විස්තරයක් පමණි.

No comments:

Post a Comment