Showing posts with label ගෝචරය අනුව. Show all posts
Showing posts with label ගෝචරය අනුව. Show all posts

Sunday, May 10, 2026

කුජ මාරුව

 


( මැයි 11 - ජුනි 20)

ග්‍රහලොව සෙන්පති, දඩබ්බර කුජ හෙවත් අගහරු ග්‍රහයා තම සම රාශියක් වූ මීන රාශියෙන් මිදී, ස්වක්ෂෙත්‍රව බලවත් වන රාශියක් වන මේෂයට පැමිණෙයි. මෙම මාරුව මාස 01 දවස් 10ක් පමණ පවති.

මේ ගතවන කාලයේ විශේෂයෙන් කුජගේ බලය අනුව,
✸ උද්ඝෝෂණ - වැඩවර්ජන ආදිය ඇතිවිමට ඉඩ තිබේ.
✸ ආණ්ඩුවට බලපෑම් වැඩිවන කාලයකි.

✸ මෙතෙක් පැවති කුජ සහ ශනි යෝගය රටට අයහපත් වූ අතර, විශේෂයෙන් ජනතාවගේද ආර්ථිකයට යහපත් නොවිය.
✸ නමුත් කුජ + ශනි යෝගය ඉවත් වීම රටට යහපත්ය.
✸ රවි + කුජ + බුධ යෝගයක් ඇතිවන අතර, එයද තරමක් අයහපත් යෝග තත්වයකි. 

( පොදු පලාපලයක් පමණි )

-

● මේෂ
12 වැන්නේ සිට 01 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
ලග්නාධිපතියා 01 වැන්නේ සිටිම මෙන්ම, මෙය පොදුවේ හොද තත්වයකි.
කෙසේ වුවද කුජ ඔළුවේ සිටිම තුල මුරණ්ඩු ගති වැඩිවන, තම මතයට පමණක් කටයුතු කරන කාලයකි.
ගුරුගේ පිහිටිම සලකා බැලුවිටද දුරදිග නොසිතා ගනු ලබන තීන්දු තීරණ වලින් අවාසි සිදුවිමට ඉඩ ඇත.
පවුල් ආරවුල් ඇතිවිමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය.


-
● වෘෂභ
11 වැන්නේ සිට 12 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇතිවෙයි.
විදේශගමන්, විදේශ සංචාර බලාපොරොත්තුව සිටි අයට ඒ සම්බන්ධ කාරණා ඉෂ්ට වීමට ඉඩ ඇති කාලයකි.
වියදම වැඩිවන කාලයකි.
ආදායම කළමනාකරණය කරගත යුතු කාලයකි.
කටයුතු වෙනුවෙන් ණය ගැනිමට සිදුවිය හැක්කේ ආදායම් මාර්ග හිරවීම ආදිය නිසාය.
අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ට තරමක් සිත් පීඩා - මානසික පීඩා යනාදිය ඇතිවිමට ඉඩ ඇති කාලයකි. 

-
● මිථුන
10 වැන්නේ සිට 11 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
සතුරු පීඩා අඩුවන කාලයකි.
ආර්ථික තත්වය තරමක් වර්ධනය වන කාලයකි.
නොසිතූ මාර්ග වලින් ආදායම ලැබෙන්නට ඉඩ ඇති කාලයකි.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට සිටි අයට ඒ කටයුතු වලට යොමුවීමට සුභ කාලයකි.
රැකියා කටයුතු වල වෙනදා තිබුනු  පීඩාකාරි තත්වය අඩුවන කාලයකි. 

-
● කටක
09 වැන්නේ සිට 10 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ, අධ්‍යාපනයට තිබුනු බාධා තරමක් අඩුවන කාලයකි.
රැකියා කටයුතු වලදි තරමක පීඩාකාරි සිදුවිම් සිදුවිමට ඉඩ ඇත.
ආයතන ප්‍රධානින් සමග ගැටුම් ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වය තරමක් පහල බසින්නටද යම් ඉඩක් ඇත.
පවුල තුල සමගිය ඇතිවන කාලයකි.

-
● සිංහ
08 වැන්නේ සිට 09 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
පොදුවේ යහපත් තත්වයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයක් උදා වෙයි.
පෙර තිබුනු පීඩාකාරි තත්වය තරමක් අවම වන කාලයකි.
දුරබැහැර ගමන් බිමන් යෙදෙන කාලයකි.
ආර්ථික වර්ධනය වේගවත් විය හැකි කාලයකි, ඒ සම්බන්ධව තිබුනු ප්‍රශ්න අඩුවන්නට හේතුවන කාලයකි.

-
● කන්‍යා
07 වැන්නේ සිට 08 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
ආර්ථික ප්‍රශ්න වැඩිවිය හැකි වියදම වැඩිවිය හැකි කාලයකි.
තමන්ගේ වචන නිසා හිතවතුන්, මිතුරන් තරහ විමට ඉඩ ඇති කාලයකි.
සෞඛ්‍ය ගැටළු ඇතිවිමටත් ඉඩ ඇති බැවින්, වි​ශේෂයෙන් නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුය.
පාද ආශ්‍රිත රෝග ඇතිවිමටත් ඉඩ ඇත.
අන් අයගේ ප්‍රශ්න නිසා තම පවුල් තුල සමබරතාවය ගිලිහිමටත්, ගැටුම් ඇතිවිමටත් ඉඩ ඇත.

-
● තුලා
06 වැන්නේ සිට 07  වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
එදිනෙදා කරන කටයුතු වලදි තරමක් ප්‍රවේසම් විය යුතුය.
අන් අය තමන් සමග ගැටුම් ඇතිකර ගැනිමට ඉඩ ඇත, ඒ ගැන සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතය තුලද එතරම් සුභ ඵල නැත.
වෙනදා තිබුනු සාමය - සමගිය රදා නොපවතින තත්වයක් ඇතිවෙයි.

-
● වෘශ්චික
05 වැන්නේ සිට 06 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
තිබු සතුරු පීඩා අවම වන කාලයකි.
යටිබඩ ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමට යම් ඉඩක් ඇත.
ආර්ථික තත්වය තරමක් පහල බසින්නට ඉඩ ඇති කාලයකි.
රැකියා කටයුතු වල මන්දගාමි ස්වභාවයන් ඉස්මතු වීමට ඉඩ ඇති කාලයකි.
ආයතන ප්‍රධානින්ගේ දෝෂාරෝපණ වලට ලක්විමට ඉඩ ඇත.



-
● ධනු
04 වැන්නේ සිට 05 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ කටයුතු සාර්ථක කරගැනිමට හැකියාව ලැබෙනු ඇත.
හවුල් ව්‍යාපාර, කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන අයට හොද කාලයකි.
විවාහය සම්බන්ධ වැදගත් තීන්දු තීරණ ගන්නට හැකියාව ලැබෙන කාලයකි.
ප්‍රේම සබදතා ආශ්‍රිත යම් ගැටළු ඇතිවිමට යම් ඉඩක් ඇති කාලයකි.


-
● මකර
03 වැන්නේ සිට 04 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
නිවාස වැඩ කටයුතු අතපසුවී තිබු කටයුතු, කරගෙන යාමට හැකියාව ලැබෙන කාලයකි.
භූමිලාභ සහිත කාලයකි.
ආර්ථික වශයෙන් වාසි ඇතිවන කාලයකි.
තමන්ගේ අනාගතය වෙනුවෙන් ඍජු තීරණ ගැනිමට ඉඩ ලැබෙන කාලයකි.
වෙනදාට වඩා වෙහෙසීම වැඩ කටයුතු කිරීමට සිදුවන කාලයකි.
පපුවේ අසනීප ගැන සැලකිලිමත් වන්න.

-
● කුම්භ
02 වැන්නේ සිට 03 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
ආර්ථික තත්වය පෙරට වඩා තරමක් යහපත් විය හැක.
උද්යෝගය, උනන්දුව වැඩිවන, කාර්යක්ෂමතාවය වැඩිවන කාලයකි.
නිවාස - ඉඩම් සම්බන්ධව තිබුනු ගැටළු නිරාකරණය වන කාලයකි.
ගෘහ ජිවිතය පෙරට වඩා යහපත් වෙයි.


-
● මීන
01 වැන්නේ සිට 02 වැන්නට කුජ පැමිණෙයි.
රවි + කුජ + බුධ යෝගය ඇති වෙයි.
ආර්ථික තත්වය තරමක් පිරිහෙන්නට පුලුවන් කාලයකි.
වියදම වැඩිවන කාලයකි.
අන්අය නිසා දෝෂාරෝපණයට ලක්විමට ඉඩ ඇත.
වචනය මූලික කරගෙන කරන රැකියා කටයුතු වල යෙදෙන අයට, කල්පනාකාරිව කටයුතු කල යුතු කාලයකි,
මොකද ගැටුම් ඇතිවිමට ඉඩ ඇත. ඒ නිසා තමන්ගෙ ආර්ථිකය අඩපණ වෙන්න පුලුවන්.

-

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..




Thursday, January 15, 2026

“ 2026 වසරේ පලමු කුජ මාරුව “




⇲ ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ හෙවත් අගහරු ධනු රාශියේ සිට මකර රාශියට පැමිණීම,
⇲ ජනවාරි 16 සිදුවන අතර, කුජ මකර රාශියේ පෙබරවාරි 23 දක්වා සිටි.
⇲ කුජ, මකර රාශියට පැමිණ උච්ච වෙයි.

⇝ රටේ විපක්ෂය තරමක් බලවත්, ශක්තිමත්  වන කාලයකි.
උද්ඝෝෂණ, රජයට විරුද්ධව ක්‍රියාකාරකම් වෙනදාට වඩා සිදුවන කාලයකි.
විදේශයන්ගේ සහය, ආධාර රටට ලැබෙන කාලයකි.
-
( මේ සියලු කරුණු කේන්දර සටහන් සහ ගන්නා තීරණ මත වෙනස්කර ගත හැක)

-
ලග්න 12 පොදු බලපෑම මෙසේය.
-

● මේෂ
09 වැන්නේ සිට 10 වැන්නට කුජ පැමිණේ.
10 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
වෙනදාට වඩා මුරණ්ඩු ගති පෙන්නුම් කරයි.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු කිරිමටද, කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට නායකත්වය දීමටද ඔබට හැකියාව ලැබේ.  නව රැකියා අවස්ථා උදාවිය හැක. රජයෙ රැකියා බලාපොරොත්තුව සිටි අයට යහපත්ය.
වෙනදාට වඩා තද ගතිගුණ, අධිකාරි බලය ගෘහ ජිවිතය තුල පෙන්වයි. එනිසා සිත් අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත.

-
● වෘෂභ
08 වැන්නේ සිට 09  වැන්නට කුජ පැමිණේ.
09 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ තිබුනු ගැටළු ප්‍රශ්න නිරාකරනයට හැකියාව ලැබේ.
විදේශගත අධ්‍යාපනය යාමට සිටිය අයට සුභ ආරංචි ඇසිමට ලැබේ.
ආර්ථික තත්වයේ වියදම වෙනදාට වඩා වැඩිවිය හැක.
එනිසා මනා කළමනාකාරිත්වයකින් යුතුව කටයුතු කල යුතුය. අන් අය වෙනුවෙන් වෙහෙසන කාලයකි. 


-
● මිථුන
07 වැන්නේ සිට 08  වැන්නට කුජ පැමිණේ.
  08 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
11 වැන්නාධිපිති 06 වැන්නාධිපති 08 සිටිම තුල වියදම වැඩිවෙයි. ආදායම අඩු වෙයි.
ගෘහ ජිවිතය තුල ප්‍රශ්න ගැටළු ඇතිවිමටද වැඩි ඉඩක් ඇත. සැකකිරිම් වැඩි වෙයි.
ශල්‍ය කර්ම වලට භාජනය වීමට සිටින අයට තරමක් අශුභදායක කාලයක් බැවින් පවතින අපල තත්වයන්ට නිසි ශාන්ති කර්ම කේන්දරය අනුව මැනවින් පරික්ෂා කරවාගෙන කරගත යුතුය.

-
● කටක
06 වැන්නේ සිට 07  වැන්නට කුජ පැමිණේ.
  07 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
ගෘහ ජිවිතය තුල වෙනදා තිබුනු ගැටළුකාරි තත්වයන් තරමක් වැඩිවිමට ඉඩ ඇති නිසා ආවේගශිලි වීමද, ඉවසීම අඩුවීමද ගැටළුකාරි විය හැක. ඒ ගැන සැලකිලිමත් වන්න.
වියදම් අධික වීමට ඉඩ ඇත. නව රැකියා බලාපොරොත්තුව සිටි අයට ශුභාරංචි ලැබෙන කාලයකි.

-
● සිංහ
05 වැන්නේ සිට  06 වැන්නට කුජ පැමිණේ.
  06 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිමට බොහෝ ඉඩකඩ ඇත.
විදේශගත වීමට බලාපොරොත්තු සිටි අයට යහපත් ආරංචි ලැබෙන කාලයකි.
උදරය ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමටද වැඩි ඉඩක් ඇත.

-
● කන්‍යා
04 වැන්නේ සිට 05  වැන්නට කුජ පැමිණේ.
  05 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි. උසස් ප්‍රතිඵල ලබාගැනිමටත්, විභාග ආදියෙන් හොදින් සමත්වීමටත් යහපත් කාලයකි. පෙර පැවති මානසික ආබාධ ප්‍රශ්න නිරාකරණය කරගැනිමට හැකියාව ලැබේ.
පෙර තිබුනු ප්‍රශ්න ගැටළු විසදෙන කාලයකි.
සහෝර සහෝදරියන්ගෙන් උදව් උපකාරද ලැබෙන කාලයකි.

-
● තුලා
03 වැන්නේ සිට 04  වැන්නට කුජ පැමිණේ.
  04 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
පෙර පැවති රැකියාවේ මානසික පීඩා, ගැටළුකාරි තත්වයන් වලට විසදුම් ලැබෙන කාලයකි.
නව රැකියා ලැබිමටද හැකියාව ඇත.
නිවාස ගේ දොර ඉකඩම් වල තිබුනු ගැටළුකාරි තත්වයන් වලට විසදුම් ලැබේ.
නිවාස ණ්‍ය ගැන තිබුනු ගැටළු නිරාකරණයට අවස්ථාව උදා වෙයි.
-
● වෘශ්චික

02 වැන්නේ සිට  03 වැන්නට කුජ පැමිණේ.
03 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
ආවේගශීලි ගති වැඩිවන කාලයකි. සහෝදර සහෝදරියන්ගෙන් ලැබීම් පෙන්නුම් කරන කාලයකි.
වෙනදාට වඩා විවෘතව වැඩ කිරිමට යාමෙන් තරමක් අවාසි අලාභ ඇතිවිය හැක.
ලග්නාධිපති 03 වැන්නේ සිටිමේදී සහජ දක්ෂතා මතුවෙන කාලයකි.
පවුලේ කටයුතු වෙනුවෙන් කැපවන කාලයකි.

-
● ධනු
01 වැන්නේ සිට  02 වැන්නට කුජ පැමිණේ.
02  වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
වෙනදාට වඩා වියදම වැඩිවන කාලයකි. අන් අය වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි.
වියදම් අධික වීම නිසා ගෘහ ජිවිතය තුලද ගැටළු ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ කැපී පෙනෙන ලෙස කටයුතු කිරිමට යාමෙන්, ප්‍රධානින් අතර, ප්‍රධානින්ගේ ප්‍රසාදයට ලක් වේ.


-
● මකර
12 වැන්නේ සිට 01  වැන්නට කුජ පැමිණේ.
01 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
මුරන්ඩු ගති පැවතුම් වැඩි වෙයි. තම මතය ක්‍රියාත්මක කිරිමට යාම තුලින් පාඩු, අවාසි සිදුවිය හැක.
රැකියා ස්ථානයේ, වෙනදාට වඩා කල්පනාකාරිව කටයුතු කල යුතුය. නැතිනම් ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ඒකාධිකාරි බලය පතුරවන්නට යෑම තුල සිත් රිදවීම් ඇතිවිමට ඉඩ ඇත.

-
● කුම්භ
11 වැන්නේ සිට 12  වැන්නට කුජ පැමිණේ.
  12 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.
ඒ සම්බන්ධව තිබුනු ගැටළු වලට යහපත් විසදු​ම් ලැබේ.
වියදම් තරමක් අටික විය හැක.
ගෘහ ජිවිතය තුල උසස් අධ්‍යාපනක කටයුතු වලට බාධා ඇති වෙයි.


-
● මීන 

10 වැන්නේ සිට 11  වැන්නට කුජ පැමිණේ.
  11 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
වෙනදා තිබුනු මුදල් අගහිගමක් අඩුවන කාලයකි. මුදල් ලැබීම් වැඩි වන කාලයකි.
අන් අයගෙන් හෝ දේපල වස්තුව ලැබීමට වැඩි ඉඩක් ඇත.
සෞඛ්‍ය තත්වයේ තුනටිය ආශ්‍රිත අසනීප තරමක් වැඩිවිමට ඉඩ ඇත.