Thursday, January 15, 2026

“ 2026 වසරේ පලමු කුජ මාරුව “




⇲ ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ හෙවත් අගහරු ධනු රාශියේ සිට මකර රාශියට පැමිණීම,
⇲ ජනවාරි 16 සිදුවන අතර, කුජ මකර රාශියේ පෙබරවාරි 23 දක්වා සිටි.
⇲ කුජ, මකර රාශියට පැමිණ උච්ච වෙයි.

⇝ රටේ විපක්ෂය තරමක් බලවත්, ශක්තිමත්  වන කාලයකි.
උද්ඝෝෂණ, රජයට විරුද්ධව ක්‍රියාකාරකම් වෙනදාට වඩා සිදුවන කාලයකි.
විදේශයන්ගේ සහය, ආධාර රටට ලැබෙන කාලයකි.
-
( මේ සියලු කරුණු කේන්දර සටහන් සහ ගන්නා තීරණ මත වෙනස්කර ගත හැක)

-
ලග්න 12 පොදු බලපෑම මෙසේය.
-

● මේෂ
09 වැන්නේ සිට 10 වැන්නට කුජ පැමිණේ.
10 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
වෙනදාට වඩා මුරණ්ඩු ගති පෙන්නුම් කරයි.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු කිරිමටද, කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට නායකත්වය දීමටද ඔබට හැකියාව ලැබේ.  නව රැකියා අවස්ථා උදාවිය හැක. රජයෙ රැකියා බලාපොරොත්තුව සිටි අයට යහපත්ය.
වෙනදාට වඩා තද ගතිගුණ, අධිකාරි බලය ගෘහ ජිවිතය තුල පෙන්වයි. එනිසා සිත් අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත.

-
● වෘෂභ
08 වැන්නේ සිට 09  වැන්නට කුජ පැමිණේ.
09 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ තිබුනු ගැටළු ප්‍රශ්න නිරාකරනයට හැකියාව ලැබේ.
විදේශගත අධ්‍යාපනය යාමට සිටිය අයට සුභ ආරංචි ඇසිමට ලැබේ.
ආර්ථික තත්වයේ වියදම වෙනදාට වඩා වැඩිවිය හැක.
එනිසා මනා කළමනාකාරිත්වයකින් යුතුව කටයුතු කල යුතුය. අන් අය වෙනුවෙන් වෙහෙසන කාලයකි. 


-
● මිථුන
07 වැන්නේ සිට 08  වැන්නට කුජ පැමිණේ.
  08 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
11 වැන්නාධිපිති 06 වැන්නාධිපති 08 සිටිම තුල වියදම වැඩිවෙයි. ආදායම අඩු වෙයි.
ගෘහ ජිවිතය තුල ප්‍රශ්න ගැටළු ඇතිවිමටද වැඩි ඉඩක් ඇත. සැකකිරිම් වැඩි වෙයි.
ශල්‍ය කර්ම වලට භාජනය වීමට සිටින අයට තරමක් අශුභදායක කාලයක් බැවින් පවතින අපල තත්වයන්ට නිසි ශාන්ති කර්ම කේන්දරය අනුව මැනවින් පරික්ෂා කරවාගෙන කරගත යුතුය.

-
● කටක
06 වැන්නේ සිට 07  වැන්නට කුජ පැමිණේ.
  07 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
ගෘහ ජිවිතය තුල වෙනදා තිබුනු ගැටළුකාරි තත්වයන් තරමක් වැඩිවිමට ඉඩ ඇති නිසා ආවේගශිලි වීමද, ඉවසීම අඩුවීමද ගැටළුකාරි විය හැක. ඒ ගැන සැලකිලිමත් වන්න.
වියදම් අධික වීමට ඉඩ ඇත. නව රැකියා බලාපොරොත්තුව සිටි අයට ශුභාරංචි ලැබෙන කාලයකි.

-
● සිංහ
05 වැන්නේ සිට  06 වැන්නට කුජ පැමිණේ.
  06 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිමට බොහෝ ඉඩකඩ ඇත.
විදේශගත වීමට බලාපොරොත්තු සිටි අයට යහපත් ආරංචි ලැබෙන කාලයකි.
උදරය ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමටද වැඩි ඉඩක් ඇත.

-
● කන්‍යා
04 වැන්නේ සිට 05  වැන්නට කුජ පැමිණේ.
  05 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි. උසස් ප්‍රතිඵල ලබාගැනිමටත්, විභාග ආදියෙන් හොදින් සමත්වීමටත් යහපත් කාලයකි. පෙර පැවති මානසික ආබාධ ප්‍රශ්න නිරාකරණය කරගැනිමට හැකියාව ලැබේ.
පෙර තිබුනු ප්‍රශ්න ගැටළු විසදෙන කාලයකි.
සහෝර සහෝදරියන්ගෙන් උදව් උපකාරද ලැබෙන කාලයකි.

-
● තුලා
03 වැන්නේ සිට 04  වැන්නට කුජ පැමිණේ.
  04 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
පෙර පැවති රැකියාවේ මානසික පීඩා, ගැටළුකාරි තත්වයන් වලට විසදුම් ලැබෙන කාලයකි.
නව රැකියා ලැබිමටද හැකියාව ඇත.
නිවාස ගේ දොර ඉකඩම් වල තිබුනු ගැටළුකාරි තත්වයන් වලට විසදුම් ලැබේ.
නිවාස ණ්‍ය ගැන තිබුනු ගැටළු නිරාකරණයට අවස්ථාව උදා වෙයි.
-
● වෘශ්චික

02 වැන්නේ සිට  03 වැන්නට කුජ පැමිණේ.
03 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
ආවේගශීලි ගති වැඩිවන කාලයකි. සහෝදර සහෝදරියන්ගෙන් ලැබීම් පෙන්නුම් කරන කාලයකි.
වෙනදාට වඩා විවෘතව වැඩ කිරිමට යාමෙන් තරමක් අවාසි අලාභ ඇතිවිය හැක.
ලග්නාධිපති 03 වැන්නේ සිටිමේදී සහජ දක්ෂතා මතුවෙන කාලයකි.
පවුලේ කටයුතු වෙනුවෙන් කැපවන කාලයකි.

-
● ධනු
01 වැන්නේ සිට  02 වැන්නට කුජ පැමිණේ.
02  වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
වෙනදාට වඩා වියදම වැඩිවන කාලයකි. අන් අය වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි.
වියදම් අධික වීම නිසා ගෘහ ජිවිතය තුලද ගැටළු ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ කැපී පෙනෙන ලෙස කටයුතු කිරිමට යාමෙන්, ප්‍රධානින් අතර, ප්‍රධානින්ගේ ප්‍රසාදයට ලක් වේ.


-
● මකර
12 වැන්නේ සිට 01  වැන්නට කුජ පැමිණේ.
01 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
මුරන්ඩු ගති පැවතුම් වැඩි වෙයි. තම මතය ක්‍රියාත්මක කිරිමට යාම තුලින් පාඩු, අවාසි සිදුවිය හැක.
රැකියා ස්ථානයේ, වෙනදාට වඩා කල්පනාකාරිව කටයුතු කල යුතුය. නැතිනම් ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ඒකාධිකාරි බලය පතුරවන්නට යෑම තුල සිත් රිදවීම් ඇතිවිමට ඉඩ ඇත.

-
● කුම්භ
11 වැන්නේ සිට 12  වැන්නට කුජ පැමිණේ.
  12 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.
ඒ සම්බන්ධව තිබුනු ගැටළු වලට යහපත් විසදු​ම් ලැබේ.
වියදම් තරමක් අටික විය හැක.
ගෘහ ජිවිතය තුල උසස් අධ්‍යාපනක කටයුතු වලට බාධා ඇති වෙයි.


-
● මීන 

10 වැන්නේ සිට 11  වැන්නට කුජ පැමිණේ.
  11 වැන්නේ රවි සහ සිකුරු සමග යෝග වෙයි.
වෙනදා තිබුනු මුදල් අගහිගමක් අඩුවන කාලයකි. මුදල් ලැබීම් වැඩි වන කාලයකි.
අන් අයගෙන් හෝ දේපල වස්තුව ලැබීමට වැඩි ඉඩක් ඇත.
සෞඛ්‍ය තත්වයේ තුනටිය ආශ්‍රිත අසනීප තරමක් වැඩිවිමට ඉඩ ඇත. 



No comments:

Post a Comment