Sunday, January 18, 2026

ගජකේශරී යෝගය තිබියදී ගුරු මහ දසාව හොද නැත්තේ ඇයි ?

 


මෑතකදී අපගෙන් කේන්දර පරික්ෂා කල වයස 30 පමණ තරුණ දරුවෙක් විය.

ඔහු ඉහල මධ්‍ය පාන්තික පවුලක,  විධායක ශ්‍රේණියක ඉහල රැකියාවක් කරන වාසනාවන්ත ජිවිතයක් ගත කල අයෙකි. ඉගෙනීම අතින්ද ඔහු ඉදිරියෙන් සිටි අතර, අනිකුත් සියලුදේ ඉතා හොදින් කරමින් සිටියා.


ගැටළුව වී ඇත්තේ, මාස කීපයක සිට ඔහුගේ සියලු කටයුතු වලට බාධා පැමිණීමයි.

පවුලේ අයද වෙනදාට වඩා සිත්තැවුල් පීඩන ලබාදි ඇති අතර, රැකියාවෙන්ද සිදුව ඇත්තේ අතපසුවීම් යනාදිය නිසා නොසිතු ලෙස බාධා පැමිණීමයි.

තවද ඔහුගේ සමාජමය ජිවිතයටද යම් බලපෑම් සිදුව තිබුනි.


ඔහුගේ කේන්දරයේගජකේශරී යෝගයතිබෙන අතර, ඔහු දැනට ගත කරන මහ දසාව වන්නේද, 

ගුරුගේ මහ දසාවයි” ..


මේ කාලය ඔහුගේ ජිවිතයේ වාසනාවන්තම කාලය විය යුතු බව ඔහුට ජෝතිර්වේදින් පවසා ඇත. 

නමුත් සිදුවන්නේ අනෙකකි.


ඔහුගේ කේන්දරය ගැඹුරින්, අංශක තරමට පරික්ෂා කල විට, ඔහුගෙ කේන්දරයේ පැවති දුර්වලතා අපට හදුනාගැනිමට හැකියාව ලැබුනි. විශේෂයෙන් 22 දෙර්කාණාධිපතියගේ බලපෑමද සහිතව අද දක්වා වී ඇති දේ පැහැදිලි විය.


මකර ලග්න කේන්දරයේ, ගුරු, සදු සමග සංයෝගව ලග්නයේම පවති.

නමුත්, ගුරු නීචය. එසේම මෙහිදි 22 දෙර්කාණාධිපතිගේ බලපෑමක්ද වෙයි. අනුව, අප ලබාදුන් විස්තරයෙන් කොටසක් උපුටා දක්වමු.

ඔබගේ දැනට පවතින මහ දසා කාලය, ගුරුගේ වීමත්, ගුරු අසුභ ග්‍රහයෙක් වීම හේතුවෙන් මානසික පීඩා බහුල වෙයි. රැකියා ස්ථානයේද කරදර බාධක ඇතිවිමට ඉඩ ඇත. 

සිත් පීඩා, මානසික පීඩා බහුල කාලයක් විය හැක. 

දැනට ගතවන්නේද ශනිගේ අතුරු දසා කාලයයි. එම අතුරු දසාවද තවත් ඉදිරියට මාසයක් පමණ ගත වෙයි. 

තවද ඔබට මේ කාලයේ ඒරාෂ්ටක අපල තත්වයක්ද ගත වෙයි.

එනිසා මේ කාලයේ ඉතාම පරිස්සමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කල යුතුය.

නිසි ලෙස කේන්දරය නොලැබීම මෙන්ම, කේන්දර සටහන බැලීමට ජිවිතයට කරදර එනතුරුම සිටිම මෙහි ප්‍රධාන ගැටළුවයි. අපල දෝෂ පවති නම් ඒවාට නිසි ප්‍රතිකර්මද කල යුතුය.

මේ තත්වය පැමිණීමට පෙර සිට එය අවබෝධයෙන් කටයුතු කලේ නම් දැන් මේ පවතිනකරදර ඇති නොවන්නට ඉඩ තිබුනි.

- කෙසේ වුවද, දැන් එම තරුණයා එම කටයුතු ඉවසිලිවන්තව බුද්ධිමත්ව කරමින් පවති.

අනුව ඉදිරියට යහපතක් අපේක්ෂිතය..

-


#ඉරු

071 383 5369

(WhatsApp)




No comments:

Post a Comment