බලමු රවි ග්‍රහයා සමග සංයෝගයෙන් වන ප්‍රතිඵල කවරේද කියල.
පොදු කරුණුය..
_
● රවි - චන්ද්‍ර
මෙම යෝගය යෙදුනු කල පුද්ගලයා තරමක කාරුණික අයෙකු බවට පත් කරයි. ඉතාමත් ධාර්මික ගතිගුණ ඇති කෙනෙක් වේ. බොහෝවිට මෙම ග්‍රහ යෝගය යෙදෙන්නේ, අමාවක තිථිය ඇති දිනවලටයි.
එවිට විශේෂයෙන්ම සමහරවිට නපුරු අදහස් ඇති කෙනෙක් බවට පත්විමට ඉඩ ඇත. මාසේ පෝය දිනක 7 වැන්නේ (වෘශ්චික රාශියේ තැන්පත් වුවොත් තමයි) (ප්‍රභාකරන්ට තිබි ඇත)
විශේෂයෙන්ම මේ යෝගය 2, 3, 11 වැන්නේ තිබේ නම් පොහොසත් වන යෝගයකි. ඔහුට කාන්තා පාර්ශවයේ ආකර්ෂණය ඉතාම හොදින් ලැබේ.
-
● රවි - කුජ යෝගය
මෙම ග්‍රහ තාරකාවන් 2 එකතු වීමෙන්, පුද්ගලයා වේගවත් කෙනෙක් බවට පත් කරයි. ඕනම දෙයක් කැපී පෙනෙන කරන කෙනෙක් වෙයි. මේ අයගේ ලේ ධාතුව උෂ්ණය. දේශපාලන ක්සෙත්‍රයේ ඉහලට යෑමටත්, ජනතා බලය ලබාගැනීමටත්, භූමිය සම්බන්ධ කටයුතු වල ආදායම ලබාගැනිමටත් මේ යෝගය ඉතාම වැදගත්ය.
විශේෂයෙන්ම මේ යෝගය 10 වැන්නේ ඇති අය නියත වශයෙන්ම රාජ්‍ය බලයට පත් වීමේ වැඩි ඉඩක් පවති. ඉතාම හොද පිහිටිමක් වන මෙම තත්වය දුෂ්ට ස්ථාන වල ඇත්නම්, හදිසි අනතුරු කරදර වලට භාජනය කරයි.
අධිකව කෝපාවිෂ්ඨ වන පිහිටිමකි.
-
● රවි - බුධ යෝගය
මෙම යෝගයෙන් ඔබ අප කවුරුත් දන්නා ඥාන යෝගයක් යෙදේ. සරස්වතී ඥාන යෝගයද මේ යෝගයෙන් යෙදේ. කීමෙහි බිණීමෙහි දක්ෂ, පොත පතට දක්ෂ, දාර්ශනිකයන් මේ යෝගයෙන් බිහිවෙයි.
ගුරුවරුන් නිවේදකයන්, දේශකයන්, විටෙක දේශපාලකයන් මේ යෝගයෙන් උපදී. ඉතාම වාසනාවන්ත ග්‍රහ යෝගයක් වන මෙය කේන්දරයේ "කොතන තිබුනත් ඵල දෙන" එකම යෝගයයි.
-
● රවි - ගුරු යෝගය
මෙම යෝගයද ඉතාම හොදයි. හරියට රජතුමාට පුරෝහිතයා එකතු උනා හා සමානයි. මෙම යෝගයෙන් උපන් අය අර්ථයෙන් ධර්මයෙන් අනිත් අයට අනුශාසනා කරයි. ඉතාම ප්‍රඥාවන්ත වූත් සමාජයෙන් බුහුමන් ලබන පුද්ගලයන් මෙම යෝගයෙන් උපදි. ධනවත් වේ. ජිවිතයේ කිසිම දිනක අඩුපාඩු ඇති නොවන්නට ඉඩ වැඩිය.
-
● රවි - ශුක්‍ර යෝගය
මෙම යෝගයෙන් උපන් අය බොහෝවිට සෙල්ලක්කාර, විනෝදයට කැමති අය වෙති. මාගේ දැනුමේ හැටියට මෙම යෝගයෙන් උපන් බොහෝ පිරිමින් කාම සේවනයට කුඩා අවදියේ සිට නැඹුරු වේ.
විනෝද වීමට සහ විනෝද අවස්ථා නිරායාසයෙන්ම අවස්ථාව ලැබේ. කෙසේ වුවද සැප විඳින පිහිටිමකි. රජෙක් හා සමානව සිටිමට ලැබේ.
-
● රවි - ශනි යෝගය
මේ යෝගය එතරම්ම ශුභ වශයෙන් මා දැක්කේ නැත. මේ යෝගයෙන් උපන් අය බොහෝවිට දුක්ඛිත ජිවිත ගත කරන අතර අල්පායුෂ තත්වයෙන්ද යුක්තයි. සමහරවිට 11 වැන්නේ යෙදුනු කල භූමි ලාභ, සැප සම්පත් ලැබේ.
-
● රවි - රාහු යෝගය
රවිගේ බලය රාහුගෙන් වැඩි කරයි. රටතොට ප්‍රසිද්ධ කරයි. කීර්තිමත් පුද්ගලයෙක් නම් එම කීර්තිය වැඩි දියුණු කරන අතර, විදේශ ගමන් තීව්ර කරයි. මධ්‍යම වයසෙන් පසු ප්‍රකටව ජිවත්වන කෙනෙකි. දේශපාලකයන්ට මෙය ඉතා වටිනා තත්වයකි.
-
● රවි - කේතු යෝගය
එතරම් හොද නැත. මන්ද කේතු සියලුම දේවල් සඟවා සිටින, අකුලා තබන ග්‍රහයෙක් බැවිනි. කේතු ග්‍රහයා මනුෂ්‍යයාට සලකන්නේ බුද්ධිය පමණයි. වෙනත් ග්‍රහයොත් සමග සම්බන්ධ වුවොත් මිසක ශනි සහ කේතු ග්‍රහයන් රවිට බලයක් දෙන්නේ නැත.
මෙය 7 වැන්නේ යමෙකුගේ කේන්දරයේ පිහිටියොත් ඔහුට ලිංගික ශක්තිය පවා අල්ප විය හැක.
** මෙම සියලු ග්‍රහ යෝගවල පලාපලයන් කේන්දරයේ පිහිටන තැන සහ සූක්ෂම කේන්දර සටහන් අනුව වෙනස්වීමට හැක. මෙය පොදු පලාපලයක් පමණි.
071 383 5369
(WhatsApp)
No comments:
Post a Comment