Sunday, January 18, 2026

සතියේ ලග්න පලාපලය


( ජන 19 සිට 25 දක්වා)

(මේ සියල්ල පොදුවේ සකසන ලද ඒවාය.
කේන්දරය අනුව වෙනස් විය හැක )
-

මේෂ
සතිය ආරම්භයේ සදු සිටින්නේ 10 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
පෙර තිබුනු කරදර බාධක අඩු වී යහපත් කාලයක් උදා වෙයි. මුදල් ලැබීම් අතින් යහපත්ය.
දේපල ප්‍රශ්න විසදා ගැනිමට ඉඩ ලැබෙයි.
ඇස් සම්බන්ධ රෝග ඇතිවිමට ඉඩ ඇත සැලකිලිමත් වන්න.

 -
වෘෂභ
සතිය ආරම්භයේ සදු සිටින්නේ 09 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
විදේශගත වීමට බලාපොරොත්තු අයටද යහපත් වෙයි.
ආදායම් ලැබීම අතින් යහපත් කාලයකි.
දෙමාපිනයන්ගේ කරුණු කාරණා වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන කාලයකි.

-
මිථුන
සතිය ආරම්භයේ සදු සිටින්නේ 08 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
ආදායම් මාර්ග අවහිර වීමට ඉඩ ඇත.
 
ආදායම් මාර්ග ලැබීම අතින් තරමක අඩුවක් පෙන්වයි.
තමන්ගේ වියදම් පියවා ගැනිමට අතමාරු හෝ ණය ලබාගැනිමට සිදුවන කාලයක් විය හැක.
පවුල් ජිවිතය තුල තරමක් පීඩා ගෙනදෙන කාලයකි, අඹුසැමියන් අතර අඩදබර ඇතිවිමට ඉඩ ඇත.

-
කටක
සතිය ආරම්භයේ සදු සිටින්නේ 07 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
පවුලේ සමගිය වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.
වෙනදාට වඩා තම පවුලේ දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයකි.
මංගල යෝග උදා වෙයි.
විදේශගමන්, විදේශ රැකියා බලාපොරොත්තු අයට ගැන සුභ පණිවිඩ ලැබෙනු ඇත.
-
සිංහ
සතිය ආරම්භයේ සදු සිටින්නේ 06 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත.
වෙනදා තිබු නිදහස තරමක් අඩුවිය හැක.
ආදායම් මාර්ග වල වෙනදාට වඩා ගැටළු ප්‍රශ්න වලට සිදු වෙයි.
මානසික පීඩා බහුල කාලයකි.

-
කන්‍යා
සතිය ආරම්භයේ සදු සිටින්නේ 05 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
දරුඵල බලාපොරොත්තුව සිටින අයටද සුභ පණ්විඩ ඇසීමට ඉඩ ඇත.
නව රැකියා ලැබීමටද, පෙර තිබුනු ව්‍යාපාර කටයුතු වල ගැටළු විසදා ගැනිමටද ඉඩකඩ ලැබේ.

-
තුලා
සතිය ආරම්භයේ සදු සිටින්නේ 04 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
නිවසේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදු වෙයි.
ඉඩකඩම් නිවාස ගැටළු වලට විසදුම් සොයාගැනීමට ඉඩ ලැබෙන කාලයකි.
රැකියා ස්ථානයේ කරන වැඩ කටයුතු නිසා කාර්යබහුල බව වැඩි වෙයි.


-
වෘශ්චික
සතිය ආරම්භයේ සදු සිටින්නේ 03 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
කරන කියන වැඩ කටයුතු වලට තරමක් පීඩාකාරි විය හැක.
වෙනදාට වඩා වේගවත්ව වැඩ කිරිමට ලැබෙන කාලයකි.
අන් අයගේ ප්‍රශ්න ගැටළු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි.
සහෝදර සහෝදරියන්ගේ ගැටළු විසදීමට වෙහෙස වන කාලයකි.

-
ධනු
සතිය ආරම්භයේ සදු සිටින්නේ  02 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
ආදායම් මාර්ග පුළුල් කරගැනිමට හැකියාව ලැබෙනු ඇත.
වචනය නිසා අන් අයගේ සිත් රිදීම් ඇතිවීමට ඉඩ ඇති කාලයකි.
කරන කියන කටයුතු වලදි කල්පනාකාරිව කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය තුල ගැටුම් ඇතිවිමට ඉඩ ඇත.
දරුවන්ගේ ගැටළු විසදීමට වෙහෙසීමට සිදු වෙයි.


-
 
මකර
සතිය ආරම්භයේ සදු සිටින්නේ 01 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
වෙනදාට වඩා පීඩාකාරි විය හැක.
අන් අයගේ ප්‍රශ්න විසදීමට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවෙයි.
ආදායම් මාර්ග වල ප්‍රශ්න විසදා ගැනිමට හැකියාව ලැබේ.
වෙනදාට වඩා උද්යෝගයෙන් වැඩ කිරිමට හැකියාව ලැබෙන කාලයකි.

-
 
කුම්භ
සතිය ආරම්භයේ සදු සිටින්නේ 12 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
විදේශගත වීම් බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.
ආදායමට වඩා වියදම වැඩි වන කාලයකි.
සතුරු උවදුරු සොර කරදර ඇතිවිමට ඉඩ ඇත. කල්පනාකාරි විය යුතුය.
අන් අයගේ ප්‍රශ්න විසදිමට යාමෙන් ඔබට ගැටළු ඇතිවිමට ඉඩ ඇත.


-
මීන
සතිය ආරම්භයේ සදු සිටින්නේ 11 වැන්නේරවි - බුධ - කුජ - සිකුරු සමග සයෝග වීය.
පෙර තිබුනු ගැටළු වලට විසදුම් ලැබෙන කාලයකි.
ව්‍යාපාර ආරම්භ කිරිමට බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.
දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට වැඩිපුර වෙහෙසිමට සිදුවන කාලයකි.
රැකියාවේ උසස් වීම් හෝ මාරුවීම් බලාපොරොත්තුව සිටින අයට, ලැබීමට ඉඩ ඇති කාලයකි.

_

#
ඉරුසේවය


071 383 5369

(WhatsApp)

සම්පූර්ණ කේන්දර පරික්ෂාව   

 ( දේශිය සහ විදේශීය )

විවාහයට අදාල පූර්ණ පරික්ෂාව ( ​පොරොන්දම් පරික්ෂාවද ඇතුලත්ව)

අදාල ස්ථානයට පැමිණ කරන වාස්තු පරික්ෂාව

නාමකරණය ( ව්‍යාපාර නාම / අලුත උපන් දරුවන්ට නම් ලබාදීම) 

අපල වලට යන්ත්‍ර මෙන්ම සුභ ඵල වැඩිවන යන්ත්‍ර ( කේන්දරය අනුව පමණක් සියල්ල සකසා)

ඇතුළු සියලුම ජෝතිෂ්‍යය සේවාවන් !!!

No comments:

Post a Comment