Monday, January 12, 2026

සතියේ ලග්න පලාපලය


( ජන 12 සිට 18 දක්වා)


☞ චන්ද්‍රයාගේ ගමන මූලික කර, අනිකුත් ග්‍රහ පිහිටිම් සමග සංසන්දනය කරමින් සකසා ඇත.
☞ කේන්දර සටහන අනුව වෙනස් විය හැක.
☞ මෙය පොදු විස්තරයකි.

-

● මේෂ
සදු  07 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
මංගල යෝග උදාවන කාලයකි. පෙර පැවති දුෂ්කරතා අඩු වෙයි.
අසල්වැසියන් නෑදෑයින්ගේ ආධාර උපකාර ලැබේ.
මෙතෙක් අයවන්නට තිබුනු මුදලක් තිබේ නම් එය ලැබෙන කාලයකි.
මෙතක් සාදාගත නොහැකිව තිබුනු ප්‍රශ්න තිබුනා නම් ( නිවාස වැනි), ඒවා කරගැනිමට මුලික අඩිතාලම දැමිමට හැකියාව ලැබෙන කාලයකි.


-
● වෘෂභ
සදු 06 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
සතුරු කරදර - පීඩා ඇතිවිය හැකි කාලයකි.
අලුතින් ආරම්භ කරන වැඩ කටයුතු වලට තරමක් ගැටළු ඇතිවිය හැකි කාලයකි.
යටිබඩ අශ්‍රිත රෝග පීඩා ඇතිවිය හැකි කාලයකි.

-
● මිථුන
සදු 05 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
පෙර පැවති ප්‍රශ්න ගැටළු වලින් නිදහස් වීමට ඉඩ ලැබෙන කාලයකි. ගැටළු විසදා ගැනිමට මිතුරන්ගේ උදව් ලැබේ.
දරු සම්පත් බලාපොරත්තුව සිටි අයට ඒ පිලිබදවත සුභ ආරංචි ලැබෙනු ඇත.
ප්‍රේම සබදතා ඇතිවිමට වැඩි ඉඩක් ඇත.

-
● කටක
සදු 04 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් තම ධනය - ශ්‍රමය වියදම් කිරිමට වැඩි ඉඩක් ඇති කාලයකි.
විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ ගැන සුභ ආරංචි ලැබෙන කාලයකි.
සතුරු කරදර වලින් බේරිමට පරාජය කිිමට ඉඩ ලැබෙන කාලයකි.
-

● සිංහ
සදු 03 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
ගෘහ ජිවිතය තරමක් පීඩාකාරි විය හැක. දෝෂාරරෝපණ අඩදබර ඇතිවිමට හේතු ඇත, කල්පනාකාරිව කටයුතු කරන්න.
මුදල් සම්බන්ධ ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
අන් අයගෙ ආධාර උපකාර ලැබේ.

-
● කන්‍යා
සදු 02 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
ණය ගනුදෙනු වලින් තරමක් නිදහස් වීමට හැකියාව ලැබේ.
මුදල් ලැබීම අතින් යහපත් කාලයකි.
ගෘජ ජිවිතය තරමක් පීඩාකාරි වීමට ඉඩ ඇත.
අඩදබර ඇතිවිමටද වැඩි ඉඩක් ඇති කාලයකි.
රැකියා ස්ථානයේ කැපී පෙනෙන ලෙස තම වැඩ කටයුතු කරගෙන යාමටද, උසස් වීම් බලාපොරොත්තුව සිටින අයට යහපත් දේ සිදුවන කාලයකි.


-
● තුලා
සදු 01 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
වෙනදාට වඩා උද්යෝගිමත්ව වැඩ කටයුතු කරන්නට හැකියාව ලැබෙන කාලයකි.
ඉගෙනුම ලබන දරුවන්ගේ කටයුතු හොදින් කිරිමට හැකියාව ලැබෙන කාලයකි.
විදේශගත වීමට සිතා සිටින අයට යහපත් ප්‍රතිචාර ලැබෙන කාලයකි.
තරමක් සතුරු කරදර වලින් පීඩා විදියමට සිදුවෙන කාලයකි.

-
● වෘශ්චික
සදු 12 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
වියදම් අධික වන කාලයකි. ආදායමට වඩා වියදම් වීමට ඉඩ ඇත.
වියදම් කළමනාකරණය නොකොලත් ණය ගැනිමට සිදුවේ.
මව්පියන්ගේ කරුණු කාරණා වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
තම ව්‍යාපාර වල ප්‍රශ්න ගැටළු විසදා ගැනිමට බාහිර පාර්ශවයන්ගේ උපකාර ලබාගැනිමට සිදුවන කාලයකි.



-
● ධනු
සදු 11 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
පෙර පැවති මුදල් ගැටළු, ණය සම්බන්ධ ගැටළු විසදා ගැනිමට ඉඩ ලැබේ.
හදිසි ධනලාභ පෙන්නුම් කරන කාලයකි.
දරුඵල පිලිබද ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත. දරුඵල ප්‍රමාද වීමටද ඉඩ තිබේ.
ආදර සබදතා වර්ධනය වේ.


-
● මකර
සදු 10 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
රැකියා අපේක්ෂිත අයට යහපත් කාලයකි. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබේ. තම පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. පවුලේ කාර්යයන් වෙනුවෙන් තම මුදල් වෙනදාට වඩා වියදම් කිරිමට සිදුවන කාලයකි.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට සුභාරංචි ලැබෙන කාලයක් විය හැක.


-
● කුම්භ
සදු 09 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
නව ව්‍යාපාර යහපත් කාලයකි.
වෙනදාට වඩා වියදම අධික වීමට ඉඩ ඇත.
නිවාස අලංකරණය, ප්‍රතිසංස්කරණය වැනි කාරණා සදහා වැඩි වශයෙන් වෙහෙසීමට සිදු වේ.
දරු සම්පත් බලාපොරොත්ත්තුව සිටින අයට ශුභාරංචි ලැබෙන කාලයකි.

-
● මීන
සදු 08 වැන්නේ සිටියදී සතිය ඇරඹේ.
වෙනදාට වඩා කල්පනාකාරිව කටයුතු කරන කාලයකි.
රැකියා ස්ථාන​යේ සතුරු කරදර බහුල කාලයකි.
ණය ගනුදෙනු වලදි කල්පනාකාරි විය යුතුය.
මිතුරන් ඇසුරු කිරීමේදී තරමක් බුද්ධිමත් විය යුතුය, නැත්නම් කරදර සිදුවිය හැක. 

-
ඉරු ජ්‍යොතිෂ්‍යය සේවය
071 383 5369

(WhatsApp)


No comments:

Post a Comment