මෙම කේන්දරය අප විසින් මෑතක පරික්ෂා කරන ලදි.
අනිකුත් පිහිටිම්ද බොහෝ යහපත්ව පිහිටා තිබුනු කේන්දරයකි.
සිකුරා නළලේ එනම් 01 වැනි කොටුවේ පිහිටා තිබීම කෙසේ කොහොමට උවත් යහපත්ය.
සිකුරු 01 වැන්නේ පිහිටිම තුල ( අනිකුත් ග්‍රහමය පදනම යහපත් වීම තුල)
12 වැන්නාධිපති 01 වැන්නේ සිටිම තුල වියදම අධික කෙනෙක් කරවයි.
ඔබ ප්‍රියමනාප රූපයක් සහිත, යන එන තැන කාගේත් සිත්ගන්නා සුළු ලක්ෂණ ඇති කෙනෙකි.
අලංකාරයට සිටිමට ඔබ බොහෝ කැමතිය.
මේ පිහිටිම ගැඹුරින් පරික්ෂා කිරීමේදී, අනිකුත් පිහිටිම් සමග ආදි සියලු සාධක බැලුවිට, ඔබට අවශ්‍ය බව පැවසු ලෙසම ඔබට විදේශගත වීමේ වාසනාව තිබේ.
ගැටළුව නම්,
සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරය අනුව 22 දෙර්කාණාධිපතියා වීමය.
↳ සිකුරුගේ දෝෂ තත්වය අනුව, ඔබට විදේශගත වීමේ වාසනාව තිබුනද, විදේශගත පදිංචියට වාසනාව අවමය.
↳ විදේශීය රටකදි හිරවීමක් වැනි අපහසුතා සහිතව කරදරයෙන් සිටිමට මෙන්ම, නීතිමය බාධා, වීසා ගැටළු යනාදිය ඇතිවිමටත්, රැවටිම් වලට හසුවීමටත් ඉඩ බොහෝ ඇත.
එනිසා ඒ පිලිබදව ඉතා සැලකිලිමත් විය යුතුය.
⌧ කේන්ද්‍රය හිමි තැනැත්තිය ධනවත් පවුලක, මනා උගත්කමක් සහිතව, ධන ධාන්‍යයෙන් ආඪ්‍යව දිවි ගෙවන අතර, ඇයගේ ආශාව වූයේ යුරෝපීය රටක ජිවත් වීමටය.
⌧ ඇය විදේශගත වූ නමුත්, දිගින් දිගටම ඇයට බාධා කරදර, සිත් තැවුල් සිදුවීම නිසා, ඇය පෙරලා ලංකාවට පැමිණ ලංකාවේ ජිවත් වෙයි.
මෙහිදි අප විසින් ගැඹුරින් පරික්ෂා කිරිමෙදි ( තත්කාලයද සහිතව), පැහැදිලි වූයේ ඇය, 22 දෙර්කාණාධිපතියාගේ දෝෂ තත්වයට කිසිදු ප්‍රතිකර්මයක් තබා බෝධි පුජාවක්වත් තමන්ට සහනය පිණිස කර නැති බවයි.
පෙර අකුසල තත්වයන් දෝෂ ලෙස පෙන්වන අතර, ඒවා දුරු කරගන්නට ශාන්ති කර්ම පින්කම් කිරීම අනිවාර්ය වන අතර, එයින් සහනයක් අපේක්ෂිතය.
එසේ නොකර සියල්ල හරියනවා කියා සිතා කටයුතු කිරීම එතරම් බුද්ධිමත් තීරණයක් නොවේ !!!
- #ඉරුසේවය
071 383 5369
(WhatsApp)
No comments:
Post a Comment