✭ නාගේන්ද්‍ර යෝගය වූ කලි ඉතා දුර්ලභ වශයෙන් යෙදෙන යෝගයකි.
✭ නාගේන්ද්‍ර යෝගය යෙදෙන පුද්ගලයන් ඉතා විශේෂ පුද්ගලයන් වෙති.
✭ මෙහි විශේෂත්වය නම්, ෆීන්ක්ස් කුරුල්ලා ගිනි ගෙන දැවී අළුමතින් නව ජිවනයක් ලබන්නා සේ,
මෙම යෝගය හිමි තැනැත්තා, කුමන දුෂ්කරතාවයට පත්වුවද ඉතාම ඉහලට තත්වයට පත්වීමයි.
“ නමක් රැඳෙන වැඩක් කරන කෙනෙකි, නාගේන්ද්‍ර යෝගය ඇති තැනැත්තා “
✰ ඕනෑම කේන්දරයක, 09 වැන්නාධිපතියා / පුණ්‍යස්ථාන අධිපතියා,
03 වැන්න හෙවත් වික්‍රමස්ථානයේ තැන්පත්ව සිටියදී,
ගුරුගේ පූර්ණ දෘෂ්ටියකට ලක්වීමෙන් මෙම යෝගය යෙදේ.
( ගුරු විසින් යහපත්ව දැකීම )
✏ ඉහත පවසා ඇත්තේ, යෙදෙන ආකාරයයි. එය පොදු කාරණාවකි.
නිවරදිව මෙම යෝගය යෙදෙන්නේද යන්න, සුවිශේෂයෙන්ම බැලිය යුත්තේ ඉතාම ගැඹුරු පරික්ෂාවකිනි.
එයට හේතුව නම්, මෙම යෝගය ඉතාම කලාතුරකින් යෙදෙන යෝගයක් බැවිනි.
✏ පංච මහා පුරුෂ යෝග, ගජකේශරී යෝගය, ධර්මකර්මාධිපති යෝගය, විපරීත රාජ යෝග,
නීච භංග රාජ යෝග වැනි සුලභව යෙදෙන යෝගයක් නොවේ, “ නාගේන්ද්‍ර යෝගය “ …
⭐ මෙම යෝගය යෙදෙන තැනැත්තා, කුමන තත්වයෙන් උප්පත්තිය ලැබුවද,
සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව, නමක් රැඳෙන වැඩක් කරන,
යා හැකි ඉහලම තැනට යන්නට වාසනාව මෙන්ම හැකියාවද තිබෙන කෙනෙකි.
තමන් කුමන වෘත්තියක යෙදුනද, එම වෘත්තියේ ඉහලම තත්වයට යෑමට වාසනාව පවති.
කුමන තත්වයෙන් පටන්ගත්තද, ඇති ඉහලම තත්වයට යාමට භාග්‍යය හිමි වෙයි.
💫 මෙම යෝගය යෙදෙන පුද්ගලයන්, සමාජයේ පරමාදර්ශී පුද්ගලයින්, මහා ප්‍රාඥයින්, විද්වතුන් වෙයි. රට ලෝකයේ මහා ගරුත්වයට පාත්‍ර වන අය වෙති !
( විශේෂයෙන් කිව යුත්තේ, මෙම යෝගය නිවරදිවම යෙදෙන්නේ ඉතාම කලාතුරකින් වන අතර, එසේ නොවන්නේ නම් යෝගයේ පෙර කියන ලද යහපත් තත්වයන් ඇති නොවන බවයි)
꙰
-
071 3835369
( Whatsapp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
Friday, January 30, 2026
“ නාගේන්ද්‍ර යෝගය “
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment