Wednesday, January 14, 2026

☓ අවාසනාව ගෙනෙන කේමදාම යෝගය ☓



ජන්මියෙකුගේ කේන්දරය තුල පිහිටන සුභ ග්‍රහයෝග සේම අසුභ ග්‍රහයෝගද තිබේ.
❅ එවන් අසුභ ග්‍රහයෝග අතර, ප්‍රබලවම පිහිටන ග්‍රහයෝගයකි,
“ කේමද්‍රම යෝගය “ සදහන් කල හැක.

- කේමදාම යෝගය යෙදෙන්නේ චන්ද්‍රයා/ සදු මූලික කරගෙනය.

❅ යම් කේන්දර සටහනක සදු ග්‍රහයා දෙපස ග්‍රහයන් නොමැති නම්,
එනම් සදුගෙන් 01 වැන්නේ හෝ 12 වැන්නෙ ග්‍රහයන් නොපිහිටිම නිසා මෙම යෝගය ඇති වේ.

ජෝතිෂ්‍යය පතපොතේ සදහන් ආකාරයට,

❅ කේමදාම යෝගය හිමි අයෙකු දිළින්දෙකු බව කියවේ.
❅ ඔහු හෝ ඇය කරන වැඩ අසාර්ථක වෙයි.
❅ බොහෝවිට තනිකඩ ජිවිතයක් ගත කරයි, විවාහයක් සිදු වුවද එය අසාර්ථක වෙයි, දරුවන් නොමැති විය හැකිය.
❅ මෙවන් පුද්ගලයින් වංචාසහගත සිදුවීම් වලට බරය.
❅ සමාජය තුල බොහෝ අප්‍රසාදයට ලක් වෙයි.
❅ මෙවන් පුද්ගලයින්ගේ මරණය පවා අන්ත දුක්ඛිත තත්වයක සිදුවේ යැයි කියවේ.

ඒ සියලු නරක දේ තිබියදී, මෙම යෝගය භංග වන අවස්ථා කේන්දරයේම තිබේ.

❋ එනම් ජන්ම පත්‍රයේ, චන්ද්‍රයා/ සදු සිටින රාශියට සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීම.
❋ උප්පත්තියෙන් චන්ද්‍රයාගෙන්  02 වැන්නට හෝ 12 වැන්නට දෘෂ්ටි සුභ ග්‍රහයියන්ගේ දෘෂ්ටි වැටීම.
❋ 08 වැන්නාධිපති නොවන ගුරුගේ දෘෂ්ටියට ලක්වීම.
❋ චන්ද්‍රාධියෝගය පිහිටන කේන්දර සටහනේ මේ යෝගය භංග වෙයි.
❋ ලග්නයෙන් කේන්දරස්ථානයක වැඩි ගණනක ග්‍රහයන් පිහිටිම. 

❋ නවාංශක කේන්දරයේ සදුගෙන් දෙපස ග්‍රහයන් පිහිටිම.
❋ නවාංශක කේන්දරයේ සදු සිටින රාශියට අනුරූපව, ලග්නයේ උක්ත රාශියේ දෙපස ග්‍රහයින් පිහිටිම.


කේන්දරයක අශුභ ග්‍රහයෝග පිහිටා එය භංග නොවන අවස්ථා වලදී එම යෝගයේ අසුභ ප්‍රතිඵල භුක්ති විදීමට ජන්මියාට සිදු වෙයි. 


🖤 ජිවිත අත්දැකීම අනුව නම්, කේමද්‍රම යෝගය නිවරදිව යෙදී, දෝෂ භංග නොවන්නේ නම්, පෙර ආත්ම භව වල බරපතල අකුසල් කර විශේෂයෙන් මහජනතාවගේ ධනය සොරාගෙන කටයුතු කල අය වෙති. එවන් අයට ජිවිතය ඉතාම කටුක වෙයි.

* කේමද්‍රම යෝගය නිවරදිවම යෙදේද සහ එය භංග නොවන්නේද යන්න මනාව කේන්දරය අනුව පරික්ෂා කල යුතුය. එසේ නොකර දළව පෙනෙන දෙයින් විග්‍රහ කිරිම නොගැලපේ.

-
Iru Astrology

071 383 5369

(WhatsApp)







No comments:

Post a Comment