Sunday, January 4, 2026

සතියේ ලග්න පලාපලය


( ජන 05-11 - 2025)


- පොදු කරුනු පමණි.
කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
චන්ද්‍රයා 04 වැන්නේ සිට සතිය ඇරඹේ.
සෙම් රෝග ඇතිවි​මේ වැඩි ඉඩක් ඇත.
නිවාස වැඩ කටයුතු, පින්තාරු කිරිම් යනාදිය කිරිමට / නිවාස නවීකරණය කිරිමට වෙනදාට වඩා උනන්දුව ඇති වෙයි.
මූල්‍යමය තත්වය කළමනාකරණය කරගත යුතුය. වියදම අධික වීමට ඉඩ ඇත.

-
● වෘෂභ
චන්ද්‍රයා 03 වැන්නේ සිට සතිය ඇරඹේ.
අන් අය අතර, රටතොට යන එන තැන කැපී පෙනෙන සතියකි.
වෙනදාට වඩා උවමනාවෙන් යුතුව වැඩ කටයුතු කිරිමට හැකියාව ලැබෙන සතියකි.
වෙලද ව්‍යාපාර - ආදායම් මාර්ග වල යෙදෙන අයට තිබු ප්‍රශ්න ගැටළු නිරාකරණය කිරිමට හැකියාව ලැබෙයි.
පවුල් ජිවිතය යහපත්ය.

-
● මිථුන
චන්ද්‍රයා 02 වැන්නේ සිට සතිය ඇරඹේ.
ලැබීමට හෝ ඒ සම්බන්ධව තිබුනු මුදලක් සම්බන්ධව සුභ පණිවිඩයක් ලැබිමට ඉඩ ඇත.
නව ව්‍යාපාර අරඹන අයට යහපත් කාලයකි.
රැකියා කටයුතු වලට වෙනදාට වඩා වෙහෙස වැඩිවන කාලයකි.
ගෘහ ජිවිතය යහපත්ව පවත්වාගෙන යාමට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි.

-
● කටක
චන්ද්‍රයා 01  වැන්නේ සිට සතිය ඇරඹේ.
වියදම් අධික වන කාලයකි. පැවති ප්‍රශ්න වලට විසදුම් සොයාගැනීමට වෙහෙසෙන කාලයකි.
මුදල් සම්බන්ධ ගැටළු ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල මව්පියන් වෙනුවෙන් තරමක්​ වෙහෙසීමට සිදුවෙයි.

-
● සිංහ
චන්ද්‍රයා 12 වැන්නේ සිට සතිය ඇරඹේ.
වියදම අධික වන සතියකි. වියදම් පාර්ශවය කළමනාකරණය නොකරගතහොත් තම කාර්යයන් ඉටු කරගැනිමට ණය ගැනිමට සිදුවනු ඇත.
අසල්වැසියන් සමග අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.


-
● කන්‍යා
චන්ද්‍රයා 11 වැන්නේ සිට සතිය ඇරඹේ.
රැකි රක්ෂා ලැබිමට, විදේශගත අධ්‍යාපනයට යොමුවන දරුවන්ට යහපත් කාලයකි.
මිතුරන්ගේ ආධාර උපකාර ලැබේ.
ගෘහ ජිවිතය යහපත්ය.

-
● තුලා
චන්ද්‍රයා 10 වැන්නේ සිට සතිය ඇරඹේ.
ණය සම්බන්ධ ප්‍රශ්න ගැටළු තිබුනු අයට ඒ සම්බන්ධ විසදුම් ලැබෙනු ඇත.
මිතුරන්ගේ උපකාර ලැබෙයි.
නව රැකියා සොයන අයට යහපත් ප්‍රතිචාර ලැබේ - සුදුසුකම් වලට සරිලන රැකියා ලැබේ.

-
● වෘශ්චික
චන්ද්‍රයා 09 වැන්නේ සිට සතිය ඇරඹේ.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
තරමක් වියදම අධික වෙයි.
පවුල් ආරවුල් තරමක් ඇතිවිය හැකි කාලයකි. 


-
● ධනු
චන්ද්‍රයා 08 වැන්නේ සිට සතිය ඇරඹේ.
ප්‍රමාද වූ මංගල යෝජනා ස්ථිර වන කාලයකි.
වියදම තරමක් අධික වෙයි.
තම පවුල වෙනුවෙන් වියදම් කිරිමට, වෙහෙසීමට සිදු වෙයි.


-
● මකර
චන්ද්‍රයා 07  වැන්නේ සිට සතිය ඇරඹේ.
මුදල් ගනුදෙනු වලදි ප්‍රවේසමින් කටයුතු කරන්න.
ණය ගනුදෙනු වලදි ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
අවිශ්වාසය රජයන කාලයකි. සැලකිලිමත් වන්න.

-
● කුම්භ
චන්ද්‍රයා 06 වැන්නේ සිට සතිය ඇරඹේ.
උදරය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
මූල්‍ය ගනුදෙනු යහපත්ව කරගැනිමටත්, වෙනදාට වඩා වර්ධනය කරගැනිමටත් හැකියාව ලැබේ.

-
● මීන
චන්ද්‍රයා 05 වැන්නේ සිට සතිය ඇරඹේ.
පෙර පැවති ආදායම් තත්වයන් වලට ගැටළු ඇතිවිමට ඉඩ ඇත. ඒවා විසදාගැනිමට අන් අයගේ සහය පැතිමට සිදුවෙයි.
නිවාස අලංකරණ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.
අධ්‍යාපනය ලබන දරුවන්ට තරමක් යහපත් කාලයකි. 


-

ඉරු සේවය
071 383 5369

(WhatsApp)



No comments:

Post a Comment