Tuesday, January 31, 2017

සතියේ ලග්න පලාපලය - ජන 31 - පෙබ 05

පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ
ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආර්ථික මට්ටම යහපත්ව  පවත්වාගෙන යාමට හැකිවේ.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රවි - ගුරු දශාවන් ගත කරන අයට රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක වේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ .

-

● වෘෂභ
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට හැකිවේ. අන්අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ. රැකියා කටයුතු වලදී, නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියාවේ කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වැඩි වර්ධනය වේ.  පවුලේ අය වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ

-


● මිථුන
ව්‍යාපාර කටයුතු වලට තරමක කරදර ගෙන දෙන කාලයකි. අාදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවිය හැකි නිසා බුද්ධිමත් වන්න.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතයට යහපත් සතියකි. අවිවාහක අයට මංගල යෝග උදාවේ.

-

● කටක
වැයපස ඉහල යයි. සතුරු කරදර ඇති වීමටද ඉඩක් ඇත.   ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රරයේ නව  පියවරක් ගැනිමට හැකිවේ. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතය තුල ප්‍රේම සබදතා වලදි ප්‍රශ්න - ගැටලු මතු වීමට ඉඩ ඇත.  ගෙදර  සමගියට බාධා  පැමිණෙයි.

-

● සිංහ
ආර්ථික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකිවේ. උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කලයුතු වේ. තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. කල්පනාකාරි විය යුතුය. අදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදෙන්නට හැක.
රැකියාවේ  උසස්විම්  ලැෙබෙන වාසනාව පවති. නව රැකියා ලැබෙන්නට හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගෙන් අවවාද - ආශිර්වාද ලැබේ. පවුලේ සමගිය වර්ධනය වේ. අවිවාහක අයට  මංගල යෝග උදාවේ.

-


● කන්‍යා
ණය ලැබෙයි. නව ආදායම් මාර්ග උදා වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට හැකිවේ. බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැයවේ.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා කරදර බාධක පැමිණෙයි.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට මංගල යෝග උදාවේ. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේෙ, එහෙත් පවුලේ සමගියට බාධා පැමිණිය හැක.
 මිතුරු ඇසුර නිසාද ප්‍රශ්න ඇතිවන්නට හැකියාව ඇත.

-


● තුලා
ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකිවේ. තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.
රැකියාවේදී රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් සිත් අමනාප කම් ඇතිවේ. නව රැකියා අවස්ථා උදාවේ.
ගෘහ ජීවිතය යහපත් වේ.  ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීමට උනන්දුව  අඩු වේ.
සෞඛ්‍ය තත්වයේ පපුවේ අසනිප ඇති විය හැක.

-

● වෘශ්චික
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇත, එහෙත් හවුල් ව්‍යාපාර වලට තරමක කරදර ගෙන දෙන සතියකි.
 රැකියාවෙන්  යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවිය හැක.
ගෘහ ජිවිතය තුල ගේ දොර සමගියට බාධා ඇති වේ. සහොදර සහොදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ, පවුලේ සමගිය වර්ධනය වේ.

-

● ධනු
ආර්ථික ගැටලු විසදා ගැනීමට හැකිවේ. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. මේ සියලු යහපත සමග වියදම පාලනය කරගත යුතු නොවුනොත් නැතහොත් ප්‍රශ්න ඇති විය හැක.
 යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීම්ට හැකිවේ.
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ දෝෂ දර්ශනයට ලක්විය හැක. පවුල් ජීවිතයේ සමගියට බාධා පැමිණිය හැකි බැවින් බුද්ධිමත් වන්න.

-

● මකර
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩි වන සතියක් වේ. මේ නිසා මනා බුද්ධියකින් කටයුතු කරන්න.
රැකියාව බාධා මැද වුවද කරගෙන යාමට හැකි වන  කාලයකි.
ගෘහ ජිවිතය තුල ප්‍රේම සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතු විය හැක. උත්සව සහ ප්‍රිය සම්භාෂන අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි. විනෝදයට බොහෝ බර වීම නිසා ඉගෙනීමේ කටයුතු අතපසු වන කාලයකි.

-


● කුම්භ
ණය ලැබේ. ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන  සතියකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබුුනු ගැටලු මග ඇරි යයි.
 රැකියා දියුණුව ලැබීමට දරන - කරන උත්සාහයන් සාර්ථක වේ.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. වෙනදාට වඩා මිතුරු ඇසුර වර්ධනය වේ. මෙතෙක් පැවති පැවති ගැටළු විසදා ගැනීම්ට හැකිවේ.

-


● මීන
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. මුදල් වැය වීමට කරුණු බොහෝ යෙදෙන කාලයකි.
 රැකියාවේ කටයුතු වලට නොසිතු බාධා පැමිණෙන්ට හැකියාව ඇත. දුර දිග  නොසිතා ගනු ලබන තීරණ වලින් අසුබ පල ගෙන දෙන සතියකි. නව රැකියා ප්‍රමාද විය හැක. රැකියාවේ කටයුතු නිසාම බොහෝ  කාර්යබහුල විය හැක.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගියට බාධා  ඇතිවේ. මිතුරන් අතර හොද හිත පළුදු වීමටද ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න.
ඉගෙනීමට බාදා පැමිණිය හැක.


#Iru

irusewaya@gmail.com
077 2238041

Sunday, January 29, 2017

ගණ දෙවියන්

ලෝක පාලක ශිව මහ දෙවියන්ගේ පුතෙකු වන ගනේශ්වර දෙවියන් අතිමහත් ආදරයට බහුමානයට ලක්වුනු දෙවි කෙනෙකි.
මෙම දෙවියන්ගේ විශේෂත්වය නම් වන්දනාමාන කරන්නට නිසි දිශාවක් හෝ වෙලාවක් නොමැති වීමය.

ලංකාවෙ උතුරු ප්‍රදේශය, ශිව දෙවියන් විසින් ගණ දෙවියන්ට භාර දී ඇත.

ඔබද නිසි ලෙස පින්කම් කර ගණ දෙවියන්ටද අනුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනවා නියතය.

( දෙවියන්ට වඳින ගාථාව ඉල්ලමින් කරදර නොවන්න, පින් ලැබේවා පැතීමද ප්‍රමාණවත්ය, නිසි ශ්‍රද්ධාවෙන් කරන කටයුතු මිස බලාගෙන හෝ කටපාඩමින් වඳින ගාථාව කිව්වාට දෙවියන්ගේ ආශිර්වාද නොලැබේ)


#ඉරු

irusewaya@gmail.com
077 2238041

සිකුරු මාරුව ( 2017 ජන)

ඔන්න ග්‍රහ ලෝකයේ ඉන්න හැඩකාර - සුකුමාල - මනමාල තරුණිය වෙන සිකුරු/ ශුක්‍ර ග්‍රහයා  උච්ච වෙනව අද....
ඒකියන්නෙ 2017 ජන.27 ඉදල මැයි 31 වෙනකම්ම සිකුරු උච්ච වෙලා ඉන්නවා.. මාස 4ක්ම..

සෙනසුරු මාරුව සමග රටටම දැනෙන සහනයට සාපේක්ෂව වෙනදාට වඩා ලස්සනට/ අලංකාරයට ඉන්නට රටේම ජනතාව සිතන්නට කටයුතු කරන කාලයකි. මේ නිසා වියදම වැඩිවීමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.
රටේම ආදායම වෙනදාට වඩා ස්ථාවර වන්නට, ප්‍රගතියක් ලබන්නට හේතු වන්නේ ලංකා කේන්දරයේ 2 වැන්න වන මීන රාශියට සිකුරුගේ පැමිණීම තුලයි.

-

* ලග්න 12ට පොදුවේ මෙහෙමයි. කේන්දරය අනුව වෙනස් වෙන්න පුලුවන්.

-
.
● මේෂ
සිකුරු 12 වැන්නට පැමිණේ.
මේ නිසා ආදායමට වඩා වියදම වැඩි වෙන්න පුලුවනි, බාහිර දේවල් වලට, ගොඩක් වෙලාවට අනවශ්‍ය හෝ නිෂ්ඵල දේ වලට වැඩියෙන් වැය කිරිමට සිදුවිය හැක. අරපරිස්සම් වන්න.
රැකියා - ව්‍යාපාර කටයුතු වලට ඥාතින්ගෙන් විශේෂයෙන් බාප්පලා - මාමලාගෙන් උපකාර හිමි වෙන්නට වාසනාව පවති. ඒ උදව් හරියට ගන්න. කටයුතු සාර්ථක වේවි.

-

● වෘෂභ
සිකුරු උච්ච වන්නේ 11 වැන්නේය.
වෘෂභ ලග්න අයට ආර්ථිකය ස්ථාවර කරගන්න පුලුවන්. ලැබෙන මුදල් වැඩිවනවා සේම වගේම නිසි කළමනාකරණයක්ද කර ගැනීමට හැකියාව ඇත.
ස්ත්‍රි පාර්ශවයෙන් වැඩිපුර ආධාර - උපකාර හිමි වනු ඇත. මිතුරු අැසුර වර්ධනය වන අතර විනෝදාත්මක අවස්ථාද වර්ධනය වනු ඇත.


-

● මිථුන
සිකුරු 10 වැන්නේ උච්ච වෙයි. ඒ අනුව මාලවී යෝගයද යෙදෙයි.
ගේ - දොර ඉඩකඩම් හදාගන්නට මහන්සි වෙන අයට හොදයි. භූමි ලාභ - වාහන ලාභ පවති.
රැකියා කටයුතු වල උසස් වීම් පවා ලැබෙන්නට වාසනාව පවති. සේවකයන් සිටි නම් ඒ අයගෙන් හොද සේවයක් ලැබෙනු ඇත.

-

● කටක
සිකුරු උච්ච වන්නේ 9 වැන්නේය.
වෙනදාට වඩා ආගම දහමට යොමුවන අතර, ඒ කටයුතු වලට වියහියදම් වැඩියෙන් කරන කාලයකි. සිතට සැනසීමක් ඇති වෙයි. වැඩිහිටියන්ට සලකන, උදව් කරන කාලයකි.
ආර්ථික තත්වය සිටින තත්වයට වඩා වර්ධනය කර ගැනීමට හැකියාව ඇත. නව ආදායම් මාර්ග වලද වාසනාව පවති.

-


● සිංහ
සිකුරු 8ට පැමිණෙයි.
වෙනදාට වඩා තමන්ගේ රූපසම්පන්න භාවය, පෞරුෂය ගැනද, අලංකාරවත් වන්නට කටයුතු කරන කාලයක් වන අතර, ඒ වෙනුවෙන් බොහෝ මුදල් වැය කරන්නට කටයුතු කරයි.
වෙනදාට වඩා සහනශීලි ලෙස, නම්‍යශීලි අයුරින් කාලය ගත කරනු ඇත, ආවේගශීලි ගති අඩු වී යයි. ප්‍රීතිමත්ව සිටිනු ඇත.

-

● කන්‍යා
සිකුරු 7 වැන්නේ උච්ච වෙයි.. ඔන්න සිකුරු 7ට ඇවිල්ලා කන්‍යා අයට....
මාලවි යෝගයද යෙදෙයි.
විවාහය - ආදර - ප්‍රේමය ගැන වෙනදාට වඩා උනන්දු වන ඒ වෙනුවෙන් වාසනාව ඇති වන කාලයකි. ‍ප්‍රේම සබදතා වලට යහපත්ය. වෙනදාට වඩා ලස්සන වෙන්නට උත්සහ දරන කාලයක්, ඒවගේම ලස්සන අය එක්ක වැඩියෙන් ඉන්න බලාවි.
හවුල් ව්‍යාපාර වලින් වාසි වැඩි වෙනවා...
අඩපණ වී, නතර වී තිබුනු ගෙවල් සෑදීම් යනාදි කටයුතු නැවත කරගෙන යා හැක.

-

● තුලා
සිකුරු 6 වැන්නට පැමිණේ.
මංගල යෝග තරමක් කල් යන්නට හේතු පවතිනවා.
බාප්පල - මාමලාගෙන් උදව් ලැබෙනවා ඒනිසා සතුටුදායකයි..
බඩේ අමාරු වලින් පරිස්සම් වෙන්න ඕන ඉදගෙන.
තමන්ට වඩා අත්දැකීම් බහුල අයව ආස්සරේ කරන්නත් ඉඩ තිබෙනවා, ඒත් ඒක බුද්ධිමත්ව කරන්න ඕන. මොකද අත්දැකීම් වැඩියි කියල මත් වතුර බොන අය එක්ක සෙට් උනොත් බොන පැත්තට යන්න පුලුවන් නිසා..

-

● වෘශ්චික
සිකුරු 5 උච්ච වෙනවා... ඔන්න හරි වැඩේ..
ආර්ථික තත්වය දියුණු වෙනවා, ඒත් ඒකට හරියන්න වියදමත් වැඩි වෙන්න පුලුවනි.
සිකුරු ත්‍රිකෝණගත වෙන නිසා දරු ඵල ප්‍රමාද වෙච්ච අයට එ් ගැන සතුටුදායක ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්. ස්ත්‍රි පාර්ශවයෙන් උපකාරත් ලැබෙන්න පුලුවන් මේ කාලේ..
ගොඩක් විනෝදයෙන් ඉන්න නිසා, අධ්‍යාපන කටයුතු වලට බාධා වෙන්නත් පුලුවන්.

-

● ධනු
සිකුරු උච්ච වෙන්නේ 4 වැන්නෙ... ඒවගේම මාලවි යෝගයත් යෙදෙනවා...
ගේ දොර ලස්සන කරන්නට වාසනාව පවතිනවා. ලස්සන ගෙයක් හදාගන්න මූලික කටයුතු කරන්න වගේම, තියෙන් ගෙදර තව ලස්සන කරගන්නත් පුලුවන් මේ කාලයේ.
වාහනයක් ගන්න හිතාගෙන හිටිය නම් ඒවත් කරගන්න පුලුවන් වෙනවා..
මිතුරන්ගෙන් ලාභ - වාසි ලැබෙනවා.

-

● මකර
සිකුරු උච්ච වෙන්නෙ 3 වැන්නෙ..
මකර ලග්නයේ අයට ආදායම ස්ථාවර කර ගන්න පුලුවනි. සහෝදර - සහෝදරයින්ගෙන් වෙනදාට වැඩිය ලාභ - ප්‍රයෝජන ගන්න, උදව් ලැබෙන්න පුලුවනි.
ප්‍රමාද වෙලා තිබුනු විවාහ කටයුතු වලට යහපත් කාලයක් මේ කාලය.
හවුල් ව්‍යාපාර වලින් වාසි වැඩි කරගන්නත් පුලුවනි.


● කුම්භ
සිකුරු උච්ච වෙන්නෙ 2 වැන්නෙ..
ඔන්න කුම්භ ලග්න අය වෙනදට වඩා ලස්සන වෙන කාලයක්. ඒවගේම ලස්සනට - පිලිවෙලට ඉන්න බලනවා.
ධන තත්වය ස්ථාවර කරගන්න පුලුවනි. වෙනද තිබුනු උද්වේගකර ගති අඩු වෙලා තරමක් මනමාල ආකාරයකින් ඉන්න බලනවා..
මේ සියලු හොද එක්ක යටි බඩ ආශ්‍රිත රෝග ඇතිවෙන්නත් තිබෙනව. සැලකිලිමත් වෙන්න.


-


● මීන
සිකුරු උච්ච වෙන්නෙ 1 වැන්නෙ... මාලවි යෝගයත් යෙදෙනවා..
මීන ලග්නෙ අය ස්වභාවයෙන්ම ලස්සනට ඉන්න බලන අය, ඒවගේම හොඳ ගතිත් තියෙනවා. ඉතින් මේ ලස්සන අය තව ලස්සන වෙන්න මේ මාරුව එක්ක ඉඩ තියෙනවා. ඒවගේම හැඩට - පිලිවෙලට ඉන්නත් බලනවා. ඒකියන්නෙ ඇඳුම් වලට, වගේ අලංකාර කටයුතු වලට වැඩියෙන් වියදමුත් කරාවි..
ආර්ථික තත්වයත් වියදම් තිබුනත් යහපත්. ඒනිසා හරියට කළමනාකරණය කරගත්තොත් හොදයි.
මේ කාලයේ ඔයාලා වෙනදටත් වඩා ජනප්‍රිය වෙනවා.
වාහන ලාභ - ඉඩකඩම් ලාභත් තියෙනවා. හොද කාලයක් ඒවටත්.

-

සිකුරු මාරුව ඔන්න ඔහොමයි..

Friday, January 27, 2017

ශාන්ති කර්ම - පින්කම් යනාදියෙදි ගත් ඡායාරූප - 01

පත්තිනි දේව මෑණියන් ඇතුළු සත් පත්තිනි දේව මණ්ඩලයට පූජා ඔප්පු කිරිම සහ එම ස්ථානයේ සිටි කපු මහතා විසින් අප පිරිසට අදාල ලෙස එම කටයුත්ත කරදුන් අයුර.

බෝධි පූජා සහ සෙත් ශාන්ති පින්කම් අවස්ථාවක්.

කළුතර බෝධින්වහන්සේ අභියස කෙරුනු සෙත් පින්කම් මාලාවකදි ගත් පින්තූරයක්.

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ නාමයෙන් නව ග්‍රහ මණ්ඩලයට සහ නව ග්‍රහ බලවේග වල දෝෂ නැතිව යහපත උදා කර ලීමට කල පූජා කටයුත්තක පූජා වට්ටියක්.

අලුත්ගම කන්දෙ විහාරය පරිශ්‍රෙයදි ගත් පින්තුරයක්. 

Thursday, January 26, 2017

වසර 2 හමාරකට වරක් සිදුවන සෙනසුරු මාරුව

ග්‍රහ ලොව අකීකරු පුත්‍රයා/ දුගියා වන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා  2017/01/26 දින රාත්‍රි සතුරු රාශියක් වූ වෘශ්චිකයෙන් මිදී ධනු රාශි ගතවේ.
සෙනසුරු වෘශ්චිකයට පැමිණියේ 2014 නොවැ 02 වැනිදාය.

එදා මෙදාතුර සිදුවුනු සිද්ධීන් අතර, ලංකාවේ පැවති ආණ්ඩුව වෙනස් වීමද, ඇමරිකාවේද ජනාධිපති බලය තිබුනු පක්ෂයට එය ගිලිහී යෑමද විශේෂය. මෙහිදි අදාල රට වල ග්‍රහචාරය මෙන්ම ඒ ඒ පුද්ගලයන්ගේ ග්‍රහචාරයද මූලික වූ බව සලකන්න.

මෙම පැමිණීම, එනම් සෙනසුරු ධනු රාශි ගත වන්නේ වසර 30කට පසුවය.
සෙනසුරු පැමිණෙන්නේ ලංකා කේන්ද්‍රයේ අයස්ථානය වන 11 වැන්නටය. එයින් ලංකාවේ මෙතෙක් තිබුනු සතුරු කරදර නැතිවී යයි. මහා පරිමාණ ආයෝජන කර්මාන්ත ශාලා, මුල්‍ය ආධාර රටට ලැබෙන  කාලයක් වෙයි. පොදුවේ රටට - ජනතාවට සහනය, යහපත සැලසෙන කාලයකි. මෙතෙක් පැවති කරදර බාධක දුරු වෙන කාලයකි.


* මුල සිට කරන ජ්‍යොතිෂ්‍යමය විග්‍රහය
https://www.youtube.com/watch?v=UkEuCeM6d8Y

-

ලග්න 12ට පොදුවේ බලපෑම මෙසේය.
(පොදු පලාපලයක් පමණි)
* සෙනසුරු අපල තත්වයන්, දෝෂ තත්වයන්ට පොදුවේ කල යුතු දේ ලග්න 12 පොදු විස්තරය අවසානයේ බලන්න.

-

● මේෂ
සෙනසුරු 9 වැන්නට.
පෙර වසර 2 හමාරක් තිස්සේ පැවති අෂ්ටම එරාෂ්ටක තත්වයෙන් මිදි සෙනසුරු 9 වැන්නට පැමිණීම ඉතාමත් සුබ පල ගෙනදෙන කාලයකි. පීඩාකාරි තත්වයන් මගහැරි, කරගෙන ආ වැඩ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වේ.
  නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි.
රැකියා කටයුතු වලටමෙතෙක් තිබු ගැටලු මග හැරී යයි. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වනු ඇත. රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට පෙර තිබු ගැටලු - බාධක තත්ව නිරාකරණය වේ.
ගෘහ ජිවිතය තුල පවුල් ජිවිතයේ පීඩාකාරි තත්වයන් මග හැරි යයි. තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ.

-

● වෘෂභ
සෙනසුරු 8 වැන්නට.
පැවති සහනදායි කාලය තරමක් නිමා කරමින් ලග්නයට යෝගකාරකයා වු  සෙනසුරු ලග්නයෙන් 8 වැන්න වන ධනු රාශි ගතවීමත් සමග වෘෂභ ලග්න හිමියන්ට අශ්ටම එරාෂ්ටක තත්වය උදා වෙයි.
 ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් වේ.
කරන රැකියාව රැකියාව බාධා මැද කරගෙන යාමට සිදු වෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල ප්‍රේම සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතුවීමට ඉඩ ඇත. පවුල් ජිවිතයේ ගැටළු ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
සෙනසුරුගේ බලපෑම අනුව මහා අසුභ තත්වයක් අපේක්ෂා කල නොහැක. නමුත් ඒරාෂ්ටක වලදි සිත් පීඩා, කරදර ඇති වන නිසා ඉවසිලිවන්ත විය යුතුය. බුද්ධිමත් විය යුතුය.

-

● මිථුන
සෙනසුරු 7 වැන්නට.
මිථුන ලග්න‍ හිමියන්ට ශනි 7 වැන්නට පැමිණීම තුල සෙනසුරු සුබ පල වර්ධනය කරමින් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇත. එහෙත් හවුල් ව්‍යාපාර වලට තරමක කරදර ගෙන දෙන කාලයකි, බුද්ධිමත් වන්න.
 රැකියාවෙන්  යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවිය හැක. මනා කැපවීමකින් කටයුතු කිරීම වැදගත්ය.
ගෘහ ජිවිතය තුල ගේ දොර සමගියට බාධා මතු විහ හැක. සහෝදර - සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ. ආදර - ප්‍රේමය යනාදි කටයුතු වලටත් තරමක බාධා, ගැටළු මතු වීමට ඉඩ ඇත. පවුලේ සමගිය රැක ගැනීමට මනා සංයමයක් තිබිය යුතුමය.

-


● කටක
සෙනසුරු 6 වැන්නට.
කටක ලග්නයේ සෙනසුරු 6 වැන්නේ එනම් රෝග ස්ථානයේ ගෝචර වේ.
ආදායම් මාර්ග වල පෙර පැවති දුර්වලතා මග හරවා ගත හැක. ආර්ථික ගැටලු විසදා ගනිමට හැකි වේ. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. වියදම් පාලනය කර ගැනීම අනිවාර්ය වෙයි, නැතහොත් ප්‍රශ්න ඇතිවිය හැක. සතුරන් මර්දනය වන කාලයකි.
හොඳ රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීමට හැකිවේ. රැකියාවේ දියුණුව අපේක්ෂිතය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. මිතුරන්ගේ උදව් උපකාර ලැබේ.
සෞඛ්‍ය තත්වයෙ  යටි බඩ ආශ්‍රිත රොගාබාධ ඇතිවිය හැකි නිසා අවදානමත් වන්න.

-

● සිංහ
සෙනසුරු 5 වැන්නට.
4 වැන්නේ සෙනසුරු සිටියදී තිබුනු පීඩාකාරි බව මග හරිමින් ශනි 5 වැන්නට පැමිනේ.
 ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකිවේ. තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ඉඩකඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දේපල ලාභ පවති.
 රැකියාවේ ප්‍රමාද වි තිබුනු උසස්වීම්  ලැබෙනු ඇත. ඒ වාසනාව පවති. නව රැකියා අවස්ථා උදා වේ. ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ අවවාද ලැබේ.  නෑදෑ හිතමිත්‍රාදින්ගේ පෙර පැවති  හිත් අමනාපකම් මග හැරි යනු ඇත. ඒ අයගේ උදව් උපකාර ලැබෙයි. යහපත් තත්වයන් තිබුනද දරු ඵල ප්‍රමාද වීමටද ඉඩ ඇත.

-

● කන්‍යා
සෙනසුරු 4 වැන්නට.
පෙර තිබුනු සුබ පල තරමක් අඩාල කරමින් කන්‍යාවේ 4 වැන්නට ශනි පැමිණේ.
සිත් කලකිරීම් ඇති විය හැක. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදෙනු ඇත. තමන්ගේ එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය වීමට ඉඩ ඇති නිසා අරපරිස්සමින් කටයුතු කරන්න.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා කරදර බාධක පැමිණෙනු ඇත. රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් සිත් අමනාප කම් ඇති වීමට ඉඩ ඇත, එනිසා බුද්ධිමත් වන්න.
 ගෘහ ජීවිතයේ කටයුතු යහපත් වේ. ගෙදර සිටීමේදි තරමක ගැටළු  ගැටළු මතු විය හැක.
සෞඛ්‍ය තත්වයේ පපුවේ අසනීප, හිසේ අසනීප ඇතිවීමට ඉඩ ඇත.

-

● තුලා
සෙනසුරු 3 වැන්නට.
වසර 7 හමාරක ලග්න  ඒරාෂ්ටක අපලය නිමාකරමින් තුලා ලග්න අයට ශනි 3 වැන්නට පැමිණෙයි.
පෙර තිබුනු සිත් පීඩා කරවන තත්වයන් මග හැරි සුබදායක කාලයක් උදා වෙයි. නැවතී හෝ අඩපණ වී  තිබුනු ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ඒවා මනාව භාවිත කරන්නට බුද්ධිමත් වන්න. ණය ලැබේ. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ඉදිරියට යාමටද ගත් ණය වලින් නිදස් විමටද හැකිවන කාලයකි.
 රැකියාවෙ උසස් නිල තල වලට යාමට අවස්ථාව ලැබෙන කාලයකි. නව රැකියා අවස්ථා ලැබේ. තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ ලැබේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. සතුටුදායක අයුරින් පවුලේ අය සමග ජිවිතය ගත කිරිමට හැකියාව ඇත.
ධෛර්යයෙන් කැපවීමෙන් කටයුතු කර ජය උදා කර ගැනීමේ වාසනාව පවති.

-

● වෘශ්චික
සෙනසුරු 2 වැන්නට.
ලග්න ඒරාෂ්ටක අපල තත්වයෙන් වසර 5ක් නිමාකරමින් 2 වැන්නේ ශනි ගෝචරය වේ. තවත් වසර 2 හමාරක කාලයක් සෙනසුරු එරාෂ්ටක තත්වය සුළු වශයෙන් හෝ බල පවත්වයි.
මුදල් ඉපැයීමේදී තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. නමුත් වෙනදාට වඩා දියුණුවක් - සාර්ථකත්වයක් අපේක්ෂිතය. ආදායම් මට්ටම පහල බැසීමට හෝ මහා දියුණුවක් නොවීමට කරුණු යෙදේ. එයට කල යුත්තේ දැඩි කැපවීමෙන් කටයුතු කිරීමය. පෙර වසර වලට සාපේක්ෂව වර්ධනය විම් බොහෝය.
 රැකියාවේ මෙතෙක් පැවති බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත. රැකියාව උනන්දුවෙන් කල හැක.
ගෘහ ජීවිතය තුල යහපත්  කාලයකි. පවුලේ සමගිය වර්ධනය වේ. ඒ සම්බන්ධව සතුටු විය හැක.

-

● ධනු
සෙනසුරු 1 වැන්නට හෙවත් ලග්නයට.
ධනු ලග්න අයට එරාෂ්ටකයේ මුල් වසර 2 හමාර නිමාකරමින් ලග්නයේ ලග්න ස්ථානයට/ 1 වැන්නට සෙනසුරු ගේ පැමිණීමෙන් තරමක් අසුබදායක වසර 2 හමාරක ආරම්භය වේ.
වෙනදාට වඩා කලබලකාරි ගති වැඩිවිම් වලට අවස්ථා යෙදීම නිසා  වෙනදාට වඩා  ගැටලු ඇති වීමට ඉඩ ඇත. ඒ තත්වයන් මනා අවබෝධයෙන් කළමනාකරණය කරගත යුතුය. ආදායම් මාර්ග වලට අවහිරතා පෙන්නුම් කරයි. මුදල් වැයවීමට කරුණු යෙදෙන කාලයකි.
 රැකියාවේ බාධා පැමිණීමට ඉඩ ඇත. දුර දිග නොසිතා ගනු ලබන තීරණ වලින් අසුබ පල ගෙන දෙන කාලයකි. නව රැකියා ප්‍රමාද විය හැක. තරමක බාධා ඇත. කාර්යබහුලතාවය වැඩි විය හැක.
පවුල් ජීවිතයේ සමගියට තරමක බාධා  ඇතිවේ. මිතුරන් අතර හොද හිත පලුදු විය හැක.
* කෙසේ වුවද ධනුවට සෙනසුරුගේ පැමිණීම බාධා තිබුනද දැඩි අපල නොදෙනු ඇත.

-

● මකර
සෙනසුරු 12 වැන්නට.
මකර ලග්නයේ ලග්නාධිපතියා 12 වැන්න වන වැයස්ථානයේ  ගොචරය විමෙන් තරමක අසුබදායක කාලයක් වේ. කෙසේ වුවද 11 වැන්න අයස්ථානය වුවද සතුරුව සිටි කාලයට වඩා යහපත් කාලයක් මේ කාලයේ ඇති වනු ඇති බව අපගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වලින් තහවුරු වී ඇත. ලග්නාධිපතියා වුවද, කේන්දරයේ ඉතා ශුභ අයුරින් පිහිටා තිබුනද සෙනසුරුගේ ක්‍රමය දුක අවබෝධ කිරීම නිසා තරමක් හෝ කරදර - පීඩා ඇති විය හැක.
 නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවිය හැකි නිසා බුද්ධිමත් වන්න. අාදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත.
රැකියාවේ බාධා මතුවේ. ප්‍රධානීන්ගේ දොෂාරෝපණ එල්ල වේ. මේ නිසා මනා ඉවසීමකින් සහ බුද්ධියකින් යුතව කැපවීමෙන් කටයුතු කරන්න.  
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගියට තරමක බාධා පැමිනේ. වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වීමටද හේතු ඇත. එනිසා මනා ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ඇස් රෝග, හන්දිපත් රෝග ඇති වන්නට ඉඩ ඇත.
හදිසි අනතුරු වලට මුහුන පෑමේ අනතුරුද ඇති බව සිහියේ තබාගන්න.

-

● කුම්භ
සෙනසුරු 11 වැන්නට.
මෙම වසර 2 හමාරක කාලය තුල කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා 11 වැන්නේ එනම් අයස්ථානයේ ගොචරය වීමෙන් සුබ පල ගෙනදෙන කාලයකි.
මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ කාලයකි.  ආදායම් මාර්ග වල දියුණුව පෙන්නුම් කරන කාලයක් වේ. ආර්ථික ගැටලු විසදා ගැනීමට හැකිවේ. නව ආදායම් මාර්ග උදා වෙයි.
විශේෂයෙන් කිව යුත්තේ මනා කැපවීමෙන් කටයුතු කර මේ තත්වයන් වැඩි දියුණු කර ගත යුතුය.
රැකියාවේ පෙර තිබුනු ගැටළු නිරාකරණය වේ. උත්සාහය - මහන්සියේ තරමට රැකියාවේ දියුණුව ඇති විය හැක.
ගෘහ ජිවිතය තුලදී පවුල් ජිවිතය තුල මෙතෙක් පැවති පීඩාකාරි තත්වයන් මග හැරි යයි. වෙනදාට වඩා සැපවත්ව සුවපහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ.

-


● මීන
සෙනසුරු 10 වැන්නට.
මීන ලග්නයේ සෙනසුරු  10 වැන්නට පැමිණීමෙන් පෙර තිබුනු දියුණුව තරමක පසුබෑමකට ලක්වීමට ඉඩ ඇත. ව්‍යාපාර වලද තරමක පාඩු පෙන්වයි. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. මුදල් වැය ්‍වීමට කරුණු යෙදෙන කාලයකි. කෙසේ වුවද මනා ඉවසීමකින් සහ බුද්ධිමය කළමනාකරණය තුලින් මේ තත්වයන් වෙනස් කර ගැනීමට අනිවාර්යෙන්ම හැකිවනු ඇත.
රැකියාවේ බාධා පැමිණෙයි. රැකියාව වෙනදාට වඩා කාර්යබහුල වන කාලයකි. සිතට තරමක පීඩා ඇති විය හැක.  
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ දෝෂ දර්ශනයට ලක්විය හැක. පවුල් ජීවිතයේ සමගියට බාධා ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ඇස් රෝග ඇති වීමට ඉඩ ඇති කාලයකි.

-

** සෙනසුරුගේ බලපෑම තරමක් හෝ අප සියලු දෙනාට පවති.
- සෙනසුරුගේ බලපෑම ගැන  අපගේ විග්‍රහය
https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548.1073741849.833656709984743/1353999854617090/?type=3&theater

* ●
සෙනසුරු අපල - දෝෂ තත්වයන් සමනය වීමට,

හැකි තරම බෝධි පූජා කරන්න. එම කටයුතු වලින් පසු එම පින් සෙනසුරු ග්‍රහ මණ්ඩලය ඇතුළු සියලු ග්‍රහ මණ්ඩල වලට, සක් දෙව් රජ, විෂ්ණු දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. අපල දෝෂ තත්වයන් දුරු වන්නට - යහපත උදා වන්නට අධිෂ්ඨාන කරන්න.

- එම බෝධි පූජා පින්කම් කටයුතු වලට බදාදා සහ සෙනසුරාදා දින විශේෂයි.
- පහන් 04 ( සතර දිශාවට - උතුර - දකුණ - නැගෙනහිර - බටහිර)
- නිල් මල් වට්ටි 04යි ( මල් වට්ටියකට මල් 3ක් සෑහේ)
- පැන් වීදුරු 04
- හඳුන්කූරු 04


#සත්හටසෙත්පතන ඉරු

irusewaya@gmail.com
+94 77 2238041

Wednesday, January 25, 2017

ජ්‍යොතිෂ්‍යය මුල සිට පැහැදිලි කිරීම - 01



ඉරු සේවයෙ ප්‍රධාන ජ්‍යොතිර්වේදීතුමාගේ අදහස පරිදි මුල සිට කේන්දර සටහන ගැන කරන පැහැදිලි කිරීම.

* කේන්දරයේ කොටු 12 ගැන පොදුවේ.

පොදුවේ,

2 වැන්නේ ගුරු සිටිම ධනය නිතර ලැබෙන පිහිටිමකි.
2 වැන්නේ චන්ද්‍ර/ සදු සිටිම සඳවන් මුහුණක් ලැබෙන්නකි.
2 වැන්නේ බුධ සිටිම චතුර කථිකත්වය ඇති කරයි.

9 වැන්නේ ගුරු - චන්ද්‍ර සිටිම පෙර පින ඇති බව කියවෙයි.

යනාදි වශයෙනි.


@irusewaya@gmail.com
+94 772238041

Tuesday, January 24, 2017

සතියේ ලග්න පලාපලය - ජන.24-30


මෙය පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.
සෙනසුරු මාරුව 26 සිදුවන නිසා මේ ගත වන කාලයන් වලදී කරන කටයුතු වෙනදාට වඩා පරිස්සමට, අවධානයෙන් කිරීම වටී.


-
● මේෂ
ආදායම් මාර්ග වලට අවහිරතා ඇති විය හැක. ආදායම සාමාන්‍ය පරිදි තිබුනද වියදම් වැඩි වීමේ අවදානමක්ද සහිතය. කෙසේ වුවද විදේශ ගත වීම් වලට සුබයි, ඒ කටයුතු සාර්ථක කරගත හැක.
රැකියාවේ කටයුතු වලටද තරමක බාධා ඇත. ප්‍රධානින්ගේ දෝෂාරෝපණ එල්ල විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. පවුලේ අය සහ සහෝදර - සහෝදරියන් වෙනුවෙන් බොහෝ කැපවීමට සිදුවිය හැක.

-

● වෘෂභ
ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර කටයුතු වල නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යයි.
 රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. රැකියාවේ කටයුතු යහපත් අයුරින් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මිතුරු ඇසුර වර්ධනය වේ. ගෘහ ජිවිතය තුල පැවති ගැටළු විසඳා ගැනීමට හැකිවේ.

-

● මිථුන
ආදායම් මර්ග වලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා තිබු බාධාවන් අඩු වී යනු ඇත.
රැකියාවේ කටයුතු වලදී තමාගේ නිදහස අඩුවී යන තත්ත්ව රැකියාවේදී මතු වේ. එහෙත්  රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ සැලසෙනු ඇත.
ගෘහ ජිවිතය තුල මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. පපවුලේ සමගියට තරමක් බාධා මතුවේ .

-

● කටක
අාදායම් මාර්ග වලදී තමන් තුල ඇති වන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් මතු වේ. එසේම ගනුදෙනු වලදී ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.
 රැකියාවෙන් තමනට යහපත් ප්‍රතිඵල ලැබීම අඩු විය හැක. එසේම තමන් කැප වී සේවය කිරීමට දරන උත්සහයන්ටද බාහිර ගැටළු ඇති විය හැකි බැවින් ඉතා බුද්ධිමත් විය යුතුය.
ගෘහ ජිවිතය තුල පවුලේ අය  වෙනුවෙන් කැපවිමට සිදුවේ. සාමාණ්‍ය පරිදි ගත වනු ඇත.

-

● සිංහ
කල්පනාකාරි විය යුතුය. මුල්‍ය කලමනාකරනයේ පාඩු මේ සතියේදී  පෙන්වයි.ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය සහයෝගය ලැබිය යුතු අයගෙන් ලබා ගැනීමට අවස්ථා උදා වේ. කටයුුතු සාර්ථක කරගැනිමට නිසි කැපවීම අනිවාර්ය වෙයි.
 රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ.
ගෘහ ජිවිතය තුල ගෙදර පරිසරය අලංකාර ලෙස මෙන්ම ක්‍රමවත්ව තබා ගැනීමට උන්නදු වේ. ඒ කටයුතු වෙනුවෙන් වෙහෙසිය යුතුය.

-


● කන්‍යා
නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රෙයේ නව  පියවරක් ගැනිමට හැකිවේ. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න.  රැකියාවේ කටයුතු ඇතුළු සියලු කටයුතු වලදී ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු වන්නට ඉඩඅ ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ අනෙක් අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

-

● තුලා
අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදෙන්නට ඉඩ වැඩිය. තම එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය විය හැක.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ. විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-


● වෘශ්චික
මුදල් ඉපැයීමේදී තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදීමට ඉඩ ඇත, එහෙත් කල්පනාකාරිව බුද්ධිමත්ව කටයුතු කිරිම තුල මෙම තත්වය වෙනස් කරගත හැකිවනු ඇත.
රැකියාව කිරීමේදී තමන්ට පෙරදී යෙදුන බාධක තත්ව වලට විසදුම් ලැබිය  හැක.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට මංගල යෝග උදාවේ.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ.

-


● ධනු
ආර්ථික මට්ටම හොද තත්වයක පවත්වාගෙන  යාමට හැකිවේ. උත්සාහය තුලින්ම ආර්ථික තත්වය ගොඩ නගා ගැනීමට සිදුවේ. කෙසේ වුවද මහන්සියට නිසි ඵල ලැබෙනු ඇත.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රවි හෝ ගුරු මහ දසා, අතුරු දශාවන් ගත කරන අයට රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක වේ.
ගෘහ ජිවිතය තුල වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වීමට ඉඩ ඇත. විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ .

-

● මකර
ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආදායම් තත්වයන් යහපත් වනු ඇත. ඒ සම්බන්ධ කටයුතු වලට යහපත්ය.
රැකියාවේදී රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් අනුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය වේ

-

● කුම්භ
මුදල් ඉපැයීමේදී තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. එනිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක අයට මංගල යොග උදාවේ. විනෝදමත්ව සිටිය හැක.

-

● මීන
කරන කටයුතු වලට තරමක් බාධා මතු වීම් ගෙන දේ. අාදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවිය හැක.
 රැකි රක්ෂා පිළිබද උනන්දුව අඩු වීමෙන් රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදාවේ. එනිසා අවදානමත්ව කටයුතු කරන්න.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු විය හැක.
 උත්සව අවස්ථාවලට සම්බන්ද වීමට අවස්ථා උදාවේ.


-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

මතු බුදු බව පතන දැඩිමුණ්ඩ දෙවියන්


දැඩිමුණ්ඩ දෙවියන් හා බැඳුනු ජනප්‍රවාද, කතා බොහෝය. 
ලංකාවේ අපිට වැඩියෙන් සමීප දෙවි කෙනෙකු වන දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට පමණක් අධිගෘහිත දෙවි කෙනෙකු නොවන බව සිහි තබාගත යුතුය.

යාපනය මුදවා ගැනීමට ගිය සපුමල් කුමාරයාට උදව් කල දෙවියන් වශයෙන් ඉතිහාසගතවී ඇති දැඩිමුණ්ඩ දෙවියන්ට තමන්ගේ රන් අසිපත දේවාලයට පූජා කල බව ඉතිහාසයේ සඳහන්ය.

* තවද විශේෂ වශයෙන් මාර පරාජයට පෙර, දෙවිවරු බෝධිසත්වයන්වහන්සේ අභියස සිට, මාර සේනාව ඒමේදී හිස් ලූ ලූ අත දිව ගියද, එම සියලු බාධක, දුෂ්කරතා මැඩගෙන දැඩි ග්‍රහණයකින් යුතුව බෝධිසත්වයන්වහන්සේ අභියස සෑහෙන්නට හිඳින්නට කටයුතු කල නිසා බෞද්ධ අපට දැඩිමුණ්ඩ දෙවියන් සුවිශේෂි කෙනෙකි. 

අවබෝධ කරගත යුතු වන්නේ, දෙවිවරු අපට වඩා අවබෝධ ශක්තියෙන් ඉහල බවය. දහම අපට වඩා අවබෝධ ශක්තියකින් යුතුව තේරුම් ගැනීමටද, කර්ම ඵල විපාක යනාදිය ගැනද අපට වඩා දෙවිවරු අපට වඩා දනිති.
දෙවිවරුන්ව පූජා වට්ටියෙන්, පඬුරු වලින් සතුටු කිරිමට හෝ රැවටීමට නොහැක. ඕනෑම දේවාලයකට එම තැන් පවත්වාගෙන යාමට, එම තැන් වල කටයුතු කරන අය යැපීමට මුදල් දීම, ද්‍රව්‍ය දීම වරදක් නොවෙයි. නමුත් එයින් පමණක් දේවාශිර්වාද ලැබෙන්නේ නැත.
දේවාශිර්වාද ලැබෙන්නට මූලික වන්නේ සිල්වත් - ගුණවත් වීමය.

එනිසා ඔබද සිල්වත් ගුණවත් ව, නිසි පින්කම් කර දෙවියන්ට අනුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනවා නියතය.

#ඉරු

irusewaya@gmail.com
+94 77 2238041


Sunday, January 22, 2017

පසුගිය දින වලදී අප විසින් සිදු කරන ලද ශාන්ති කර්ම කටයුතු අවස්ථා කීපයක්..


- විදේශ ගතව සිටින විශේෂ වශයෙන් ලංකාවේදී කල යුතු පින්කම්, බෝධි පූජා වැනි කටයුතු කිරිමට අපහසු අපගේ සහෘද සේවා ලබාගත් අය වෙනුවෙන් කරන සෙත් ශාන්ති අවස්ථා කීපයකි.






-

irusewaya@gmail.com
+94 77 2238041

Friday, January 20, 2017

කුජ මාරුව ( ජන20 සිට මාර්තු 02 දක්වා)

ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ හෙවත් අඟහරු අද කුම්භ රාශියෙන් මිදී, මීන රාශියට පැමිණියේය.

පොදුවේ ලග්න 12ට බලපෑම මෙසේය.
කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
මෙෂ ලග්නයේ අයට කුජ 12 වැන්නට පැමිණියේය.
 තරමක් අසුබ පල ගෙන දෙන කාලයකි. වැය පස ඉහල යයි. සතුරු කරදර ඇති වීමේ අවදානමක් ඇත.
  රැකියාවේ කලබල ගති වැඩිවේ. රැකියාවේ දියුණුව සහ උසස්විම් ප්‍රමාද විය හැක. නීති ප්‍රශ්න ඇති වීමට ඉඩක් ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගියට බාධා පැමිනේ. මිතුරු ඇසුර නිසාද ප්‍රශ්න - ගැටළු ඇති වීමට ඉඩ ඇත.

-

● වෘෂභ
වෘෂභ ලග්න අයට 11 වැන්නට කුජ පැමිණියේය.
ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමට සුභ කාලයකි. මූල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. ආදායම් මාර්ග වල දියුණුව පෙන්වයි.
රැකියාවේ කටයුතු වලට මෙතක් තිබුනු ගැටළු - ප්‍රශ්න යනාදිය විසදෙනු ඇත.
ගෘහ ජිවිතය යහපත් වේ, පවුලේ ජිවිතය තුල තිබුනු බාධාකාරි තත්වයන් දුරුවේ. පීඩාවන් මගහැරී සුවපහසු ජිවිතයක් ගත කිරිමට හැකියාව ලැබෙනු ඇත.

-

● මිථුන
කුජ 10 වැන්නට පැමිණියේය.
ඍජු තීරණ ගැනීමෙන් තරමක් අවාසි සහගත තත්වයන් ඇති වන කාලයකි. කාර්යබහුල වේ. වෙනදාට වඩා වැඩියෙන් මුදල් වැයවීමට කරුණු යෙදෙයි.
රැකියාවේ කලබල ගති වැඩි වෙයි. ඉක්මණ් තීරණ ගැනීමේදී මනා බුද්ධියකින් එම කටයුත්ත කල යුතුම බව සිහියේ තබාගන්න.
ගෘහ ජිවිතය තුල, ගෙදර දොර සමගියට තරමක බාධා මතු විය හැක. සහෝදර - සහෝදරයින් වෙනුවෙන් කැප වීමට සිදු වෙයි.

-

● කටක
කුජ 9 වැන්නට පැමිණියේය.
වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. ණය ලැබේ. වෙනදාට වඩා මහන්සියෙන් කැපවීමෙන් තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.
රැකියා සොයන අයට නව රැකියා උදාවේ. සාමාන්‍ය ලෙස රැකියාව කරගෙන යා හැක.
ගෘහ ජිවිතය තුල තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ.

-


● සිංහ
කුජ 8 වැන්නට පැමිනේ.
 ආදායම් මාර්ග වලට අවහිරතා පෙන්නුම් කරයි. මුදල් බොහෝ වැයවීමට කරුණු යෙදෙන කාලයකි.
 රැකියාවේ කටයුතු වලට බාධා පැමිනේ. එනිසා බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ දෝෂ දර්ශනයට ලක්වීමට ඉඩ ඇත. පවුල් ජීවිතයේ සමගියට බාධා ඇති විය හැක.
හදිසි අනතුරු වලට මුහුන පැමට සිදුවන කාලයක් නිසා අවදානමත් වන්න.

-


● කන්‍යා
කන්‍ය ලග්නයේ අයට කුජ 7  වැන්නට පැමිණියේය.
නව ව්‍යාපාර වලට බාධා ඇතිවේ.  හවුල් ව්‍යාපාර වලටද තරමක පාඩු පෙන්වයි.
සියලු කටයුතු වලදී නොසිතා ගනු ලබන තීරණ වලින් පාඩු ගෙනදෙන කාලයකි.
ප්‍රේම සබදතා පවත්වාගෙන යාමේදි මනා අවබෝධයකින් මේ කාලයේ ඒවා කල යුතුය. ගැටළු ඇති වීමේදී ඒවා සම්බන්ධව අවදානමත් වන්න.

-

● තුලා
කුජ 6 වැන්නට පැමිණියේය.
ආදායම අයහපත් නොවුනද මුදල් බොහෝ වැය වීමට කරුණු යෙදෙන කාලයකි.
කලක් පැවති ගැටළු තරමක් හෝ නිරාකරනය කර ගැනිමට හැකි වනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගියට බාධා ඇත, බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වයේ  උදරය - යටි බඩ ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත.

-

● වෘශ්චික
5 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය  වර්ධනය වෙයි. මෙතෙක් පැවති ගැටලුකාරි තත්වයන් නිරාකරණය කර ගැනිමට හැකිවීම සිතට සහනයක් වනු ඇත.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි.
ගෘහ ජිවිතය තුල උත්සව සහ ප්‍රිය සම්භාෂණ අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි.
විනෝදමත් කාලයක් නිසා ඉගෙනීමේ කටයුතු අතපසු වීමට ඉඩ ඇත.

-


● ධනු
4 වැන්නට කුජ පැමිණියේය.
ගේ දොර ඉඩකඩම් මිලදී ගැනිමට සුභ කාලයකි.  කාර්ය බහුල විය හැක.
රැකියාවේදී තනි තීරණ ගැනිම නිසා ගැටලු මතු වීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු නිසා මානසික නිදහස තරමක් අඩු වෙයි.
ගෘහ ජිවිතය තුල ගේ-දොර සමගියට බාධා මතු වීමට ඉඩ ඇති බැවින් මනා සංයමයකින් ඉවසීමකින් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ පපුව සම්බන්ධ රෝගාබාධ ඇති විය හැකි බැවින්  කල්පනාකාරි විය යුතුය.

-

● මකර
කුජ 3 වැන්නට පැමිණියේය.
මේ කාලයේ තරමක් කලබලකාරි ගති වැඩිවිමට ඉඩ ඇත. එනිසා වෙනදාට වඩා  ගැටලු ඇතිවීමටද ඉඩක් ඇත. වෙනදාට වඩා තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
 නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. කරන රැකියාවන් කාර්යබහුල වේ.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගියට තරමක බාධා  ඇතිවේ.

-


● කුම්භ
කුජ 2 වැන්නට පැමිණියේය.
වෙනදාට වඩා මුදල් වැයවීමට කරුණු යෙදෙනු ඇත. වියදම් පාලනය කරගත යුතු වෙයි, නැතහොත් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීම්ට අපහසු වීම් ඇතිවිය හැක. එනිසා ඒ ගැන බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. පවුලේ සාමාජිකයන් අතර සමගිය වර්ධනය වේ.

-

● මීන
කුජ 1 වැන්නට/ ලග්නයට පැමිණියේය.
ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගැනිමට හැකිවේ. ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකියාව සහ අවස්ථාවන් ඇති වනු ඇත. ඉ කඩම් සම්බන්ධ ගැටළු නිරාකරනය කර ගැනීමට හැකිවේ.
රැකියාවේ කටයුතු වලට බාධා මතුවේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ.

-

#ඉරු

irusewaya@gmail.com
+94 772238041

Thursday, January 19, 2017

කටක ලග්නය - චන්ද්‍රාභරණය පොතෙන්

කටක ලග්නයෙන් උපන් මිනිස් තෙම, වාසනාවන්තය. ධෛර්යයවන්තය. ගෙවල මිතුරන් ඇති වේ. ඇවිදීම තිබේ. ජ්‍යොතිෂ්‍යය දැනීම ඇත. යහපත් සීලය මෙයින් යුක්ත වේ. කාමයෙහි ඇලුනේ වේ. කෙළෛහි ගුණ දන්නේ වේ. රාජාමාත්‍ය වේ. සජ්ජනයන්ගෙන් අධික මාන ඇති වේ. තැනින් තැන ඉගුලුම් වේ. උමතු සහිත වේ. දුක් විඳීමෙහි දක්ෂ වේ. දිය හා මල් වලට රුචි වේ. අඩු වැඩිවීම් 2කින් යුක්ත වේ. දේවාලායාදිය, උයන් වැව් යන මෙහි සතුටු කරණ කල්පනා ඇති වේ. පිරුණු ගෙල ඇත්තේ වේ.

(යුක්තං සෞභාග්‍යෙධෙර්්‍යී ගෘහ සුහෘදටනජ්‍යොතිෂඥානශීලෛං
  කාමාසක්තං කෘතඥං ක්ෂිතිපතිශචිචං සතප්‍රමාණං ප්‍රවාසී
  සොනමාදං කෙලශකල්‍යොජලකුසුම රුචිහානීවෘඨ්‍යානුයාතං
ප්‍රාසාදෙදා්‍යානවාපීප්‍රියකරණමතිං පීණකණ්ඨං කුලීරෙ)

- උපුටා ගත්තේ වෛද්‍යාචාර්ය ජේ.ඇස් රාජසුන්දර ආරච්චි මහතා විසින් පල කල පොතෙනි.
චන්ද්‍රාභරණය පොතේ මුල් කතෘ අඥාතය.

● අපගේ විස්තරයේ පරිදි කටක ලග්න අයගේ දුර්වලතා,

- බොහෝවිට තමාගේ අධික ස්නේහවන්ත ගතිය නිසා පාඩු සිදුවේ. අධික කරුණාව, අධික අනුකම්පාව අවාසියට හේතුවනු ඇත.
- රහස්‍ය භාවයක් රැකීමට ඉතාම අපහසුය. අන් අයට උපදෙස් දුන්නද තමාගේ ජිවිතයේ බොහෝ දේවල් වල වැරදි ඇත.
- බොහෝ වෙලාවට කුඩා ප්‍රශ්න නිසා විශාල ප්‍රශ්න ඇතිවිය හැක.
- ඉක්මණින් කෝපය ඇතිවී වැඩි කාලයක් නොපැවතුනද කෝපය පාලනය කරගැනීමට අපහසුය.

-

කටක ලග්නයේ පොදු ලක්ෂණ ගැන අපගේ විස්තරය
https://www.facebook.com/irusewaya/photos/a.1163510676999343.1073741846.833656709984743/1202894839727593/?type=3&theater

-

● ලග්න 12ම පොදු ලක්ෂණ ගැන අපගේ විස්තර
https://www.facebook.com/pg/irusewaya/photos/?tab=album&album_id=1163510676999343


-

@Iru Astrology

077 2238041
irusewaya@gmail.com

හැමෝම ආදරේ “ගණ දෙවියන්“

ගණපති හෙවත් ගණදෙවිඳුන්ට ඉන්දියාවෙ මෙන්ම ලංකාවේද ඇත්තෙ පුදුම තරම් ආදරයකි.
ගණ දෙවියන්ට වන්දනාමාන කරන ත්‍රිවිල් රථ රියැදුරු මහතෙකු අපට වරක් පැවසූවේ, “ගිහින් එන්නම් මචං“ කියා ගෙදරින් පිටවුවද ඒ දිනය සාර්ථක දිනයක් වන බවයි.

ගණ දෙවියන්ට නම් ගණනාවකි.
ගණපති, බුද්ධගණෙශ , පුල්ලෙයාර් , ගණේශ් , මහා ගණපති , වීර ගණපති , බාල ගණපති , විග්නෙශ්වර ලෙසද ඉන්දියාවෙදි හැඳින්වෙන ගණ දෙවියන්, ලංකාවෙදිද පුල්ලෙයාර් සහ ගණ දෙවි නම් වලින් මූලිකව හැඳින්වේ. සමහරවිටක සමහරු එකඟ නොවුනත් ‘අයිය නායක දෙවියන්‘/කැලේ දෙවියෝ ලෙසද හැඳින්වෙන්නෙ ගණ දෙවියන්ම ලෙස විශ්වාස කෙරුනද ඒ අයියනායක දෙවියන් යනු ඊශ්වර දෙවියන්ගේ තව පුතෙකි.
මීට අමතරව ජපානයෙදි ෂොනෙන් ලෙසද චීනයෙදි ෂුංඅංශිච්ජො ලෙසින්දද බුරුමයෙදි මහා ශින්නෙ කියාද ගණ දෙවිඳුන් වන්දනා මාන කරති...
“ ඕම් ගණේෂන්“ ලෙස ඉන්දියාවෙදි පොදුවෙ ගණ දෙවියන් සිහි කරති.

අප රටේද උතුරු පැතිවල ගණ දෙවියන්ට වැඳුම් පිදුම් කරන බෞද්ධයො බොහෝ වෙති.
ආදරණීය දෙවි කෙනෙකු ලෙස, අයුක්තියට අසාධාරණයට විරුද්ධ වුවත් මෘදු ගති ඇත්තෙකු ලෙස ගණ දෙවි සැලකේ.
ගණ දෙවියන්ගේගෙ පියා ශිව හෙවත් ඊශ්වර දෙවියන්ය . මව පාර්වති හෙවත් උමා දෙවඟනයි. ශිව දෙවියන්ගේ ගෙ ලොකු පුතා ගණ දෙවිඳු වන අතර බාල පුතා ස්කන්ධ කුමාර හෙවත් අපේ කතරගම දෙවිඳුය.
හින්දු විස්වාසය අනුව ගණ දෙවියන්ගේ පියා වන ඊශ්වර/ශිව ලෝක පාලක දෙවිවරු 3ගෙන් කෙනෙකි. බ්‍රහ්ම දෙවියන් මැවුම්කාර වන අතර, විෂ්ණු දෙවියන් ලෝකය රකින අතර ඊශ්වර දෙවියන් අධර්මය විනාස කරන බව කියවේ.
ගණ දෙවිඳුට අවතාර 18කි. වාහනය වන්නෙ මීයෙකි.
එයින් පිළිබිඹු වන්නෙ ගණ දෙවියන්ට ඇති සියුම් ඥාණයයි. තම සිරුර විසාල වුවත් කුඩා මීයෙකු වාහනය කරගැනීමේ තේරුම වන්නෙ සියුම් ප්‍රඥාව සහ ඉක්මණ් ක්‍රියාකාරිත්වයයි.

එසේම සොරුන්ට ඇත්තේද ගණ දෙවි නුවණ යැයි කියනු ලැබේ.

* දෙවිවරු අපට වඩා බොහෝ උසස් අධ්‍යාත්මික දියුණුවකින් සහ අවබෝධ ශක්තියකින් යුතු වන අතර කිසිසේත් ව්‍යාපාර යනාදියට උදව් කිරිම් කරන්නේ නැත. එවන් දේ කියන්නේ මුලාවට පත් කිරිමට මිස වෙනත් දෙයකට නොවෙයි, දෙවියන් නමින් කරන එවන් තැන් වලට ආශිර්වාද කරන්නේද, එවන් තැන් වලින් ආශිර්වාද ලැබෙන්නේද භූත, ප්‍රේත යනාදි පහත් අමනුෂ්‍ය බලවේග වලිනි. කාලයකදි ඒවා අපටම පසක් වෙයි.

* ඔබද සැබෑ ලෙසම දහමට අනුව යහපත්ව ජිවිතය ගත කරමින්, සීලය - ප්‍රතිපත්තිය රකිමින් සිටින්නේ නම් දෙවියන්ගේ ආශිර්වාද අනිවාර්ය ලැබෙනු ඇත.
නිසි ලෙස දන්පින්කම් කර දෙවියන්ට අනුමෝදන් කරන්න.
ආශිර්වාද ලැබෙනවා නියතය..

Iru Sewaya

0772238041
irusewaya@gmail.com

Monday, January 16, 2017

සතියේ ලග්න පලාපලය - ජන.17 සිට



- මෙය පොදු පලාපලයක් පමණි.
-
● මේෂ
මුල්‍ය කලමනාකරනයේ පාඩු පෙන්වයි. නව ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. හවුල් ව්‍යපාර වලද තරමක පාඩු පෙන්වන සතියක් වේ. බුද්ධිමත්ව කටයුතු කරන්න.
 රැකියාවන් සොයන අයට හොද රැකියා ලැබෙයි. කරදර බාධක මග ඇරියයි. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙයි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. සුව පහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ.

-

● වෘෂභ
ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් වේ. මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. එහෙත් මුල්‍ය කලමනාකරනයේ පාඩු පෙන්වයි. සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවෙ උසස්විමක් හො වෙනස් විමක් සිදුවන කාලයකි.
ගෘහ ජිවිතය තුල මිතුරන් ඤාතින් අතර හොද හිත වර්ධනය වෙයි. උත්සව සහ ප්‍රිය සම්භාෂණ අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි. සතුටු විය හැක.

-
● මිථුන
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩිවන කාලයකි.
රැකියාවේ, සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වනු ඇත. රැකියාව වෙනුවෙන් කැපවුවද  යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවිය හැක.
ගෘහ ජිවිතය තුල ගේ දොර සමගියට බාධා මතුවේ. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවීමට සිදුවේ.

-

● කටක
නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රෙය් නව  පියවරක් ගැනීමට සුබ කාලයකි. මෙතෙක් තිබුනු ගැටළු මග හැරි යයි.
 රැකියාවේ දියුණුව ලැබීමට දරණ උත්සාහයන් සාර්ථක වේ. නව රැකියා අවස්ථා උදා වේ. රැකියාවේ කටයුතු වලදී  නිදහස අඩුවී යන තත්ත්වයන්   මතු විය හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. හිතමිත්‍රාදීන් නිසා නිසා  තරමක කරදර කාලයක් උදාවේ.

-

● සිංහ
 වෙනදාට වඩා මුදල් වැයවීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. ණය ලැබේ. වෙනදාට වඩා තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මංගල යෝග උදාවේ. දුර ගමන් යෙදෙන නිසා මානසික නිදහස තරමක් අඩුවේ.

-

● කන්‍යා
ආර්ථික ගැටලු විසදා ගනිමට හැකිවේ. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. වියදම් පාලනය කරගතයුතු වෙයි, නැතහොත් ප්‍රශ්න ඇතිවේ.
හොද රැකියා අවස්ථා උදාවේ. රැකියා වල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීමට හැකිවේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනයවේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. දුර ගමන් යෙදේ.

-

● තුලා
ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ . තම එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය විය හැකි නිසා අරපරිස්සම් වන්න.
 රැකියාව කිරීමේදී තරමක බාධා පැමිනේ කල්පනාකාරි විය යුතුය. නව රැකියා උදාවේ.
ගෘහ ජිවිතය තුල තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ. අවිවාහක අයට මංගල  යෝග උදාවේ.

-

● වෘශ්චික
මුල්‍ය කලමනාකරනයේ පාඩු පෙන්වයි.  නව ව්‍යාපාර ආරම්භ කිරිම නොකල යුතුය. මුදල් වැයවීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. ණය ලැබේ.
රැකියා අපේක්ෂිත අයට නව රැකියා ප්‍රමාද කරයි. රැකියාව බාධා මැද කරගෙන යාමට ඉඩ ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ.

-

● ධනු
ආර්ථික ගැටලු විසදා ගනිමට හැකිවේ. නව ආදායම් මාර්ග උදාවෙයි. එහෙත්  නිෂ්ඵල කාරනා සදහා මුදල් වැය කරයි.
 රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ. රැකියාවේ නව රැකියා අවස්ථා උදාවේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදාවේ. ප්‍රේම සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතුවේ.

-

● මකර
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. හවුල් ව්‍යාපාර වලද තරමක පාඩු පෙන්වයි. නව ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. මෙතෙක් තිබුනු බාධාවන් තරමක් අඩුවි යයි.
 නව රැකියා අවස්ථා ප්‍රමාද කරයි. රැකියාව තරමක් අවිවේකි වේ.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. දුර ගමන් යාමට සිදුවේ. මිතුරු ඇසුර වර්ධනය වේ

-

● කුම්භ
ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකිවේ. ඉඩකඩම් සම්බන්ධ ගැටළු නිරාකරනය කර ගැනීමට හැකිවේ.
රැකියාවේ උසස්විම් ප්‍රමාද වේ. නව රැකියා ලැබේ. පිට පලාත් වල ගමන් යෙදේ. තරමක් අවිවේකි කාලයක් වේ.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද යහපත් අවස්ථා උදාවේ. දෙමාපිය වැඩිහිටියන්ගෙන් අවවාද ලැබේ.

-

● මීන
ආදායමට වඩා වියදම වැඩි වන කාලයක් වේ. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. කල්පනාකාරි විය යුතුය. මුල්‍ය කලමනාකරනයේ පාඩු පෙන්වයි. කාලයක් තිස්සේ පැවති ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකිවේ.
 රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ. රැකියාවේ නව රැකියා අවස්ථා උදාවේ.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට මංගල යෝග උදාවේ. විවාහය පිළිබද තීරණ ගැනීමට හැකිවේ.

#ඉරු

077 2238041
irusewaya@gmail.com

Saturday, January 14, 2017

ධන ලක්ෂ්මී දේව මෑණියන්

ලක්ෂ්මී දේව මණ්ඩලයේ ධනයට මූලික වන දේව මෑණියන්ය.
ලක්ෂ්මී දේව මණ්ඩලයේ වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ මෙම දේව මෑණියන්ය.

සිල්වත්ව හිඳිමින්, ප්‍රතිපත්තිය රැකගෙන නිසි පින්කම් කර මෙම දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනවා නියතය.

-

irusewaya@gmail.com.
077 22 38041

අප සේවයෙන් සේවා ගත් මහතෙකු පසුගිය දිනයක අදාල පූජා කටයුතු සහ පොල් බිඳීමේ කටයුත්ත කල අවස්ථාව.
මෙය පොල් ගැසීම නොව, පොල් බිඳීමය. එනම් ආශිර්වාද ලබාගැනීමට කරන කටයුත්තකි.

මෙහි පෙනෙන පරිදි එම කටයුත්ත නිසි පරිදි සිදුවූ බව තහවුරු වන්නේ පොල් ගෙඩිය බිඳෙන විට එහි ඇති පොල් වතුර හාත්පස විසිරෙමින් යෑමත්, පොල් ගෙඩිය මනාවට බිඳීමත් නිසාය.
සේවා නිවරදිව සැපයීමට හැකිවීමත්, ඒවායින් යහපත උදා වීමත් අපට සතුටට කරුණකි.

#ඉරු Iru Sewaya

077 2238041

Wednesday, January 11, 2017

සතියේ ලග්න පලාපලය - ජන.10 සිට


* පොදු පලාපලයක් පමණි.

-
● මේෂ
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. තරමක් වියදම වැඩිවන සතියකි. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.
රැකියාවේ බාධා පැමිණිය හැක. ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ. නව රැකියා අවස්තා උදාවේ .
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. සුවපහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ. මංගල කටයුතු විය හැක.

-
● වෘෂභ
අාදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබීමට අවස්ථා උදාවේ. මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. එහෙත් මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.
රැකියාවන් සොයන අයට සුබ රැකියා ලැබෙයි. කරදර බාධක මග ඇරි යයි. රැකියා කරන ස්ථාන වල ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙයි. සුළු සුළු පවුල් ආරවුල් ඇති වෙයි. ඉවසිමෙන් කටයුතු කලයුතු වේ.

-

● මිථුන
ආදායම් මර්ග වලට යොමුවීමට උත්සහ දරන අයට එ සදහා අවස්ථාවන් උදාවේ. නිවාස මිලදී ගැනීමට යොමු වීමට හොද කාලයකි.
 සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවෙ උසස් වීමක් හෝ වෙනස් වීමක් සිදුවන කාලකි.
පවුලේ  සමගිය වර්ධනය වෙයි. මිතුරන් - ඤතින් අතර හොද හිත වර්ධනය වේ.

-

● කටක
මෙතෙක් පැවති බාධා ඉවත් වේ. ආදායම් මාර්ග යහපත් කර ගැනීමටත්, වැඩි දියුනු කර ගැනිමටත්  හැකියාව ලැබෙනු ඇත.
 රැකියා ස්ථානයේ බලාපොරොත්තු නොවුණු ගැටළු නිසා සිත් වේදනා ඇති වෙයි. සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට වාසනාව ඇත.
ගෘහ ජිවිතය තුල උත්සව සහ ප්‍රිය සම්භාෂණ අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි. සතුටින් කාලය ගත කිරිමට හැකියාව ඇත.

-


● සිංහ
මුල්‍ය කලමණාකරණයේ පාඩු පෙන්වයි. නව ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. යහපත්  ආර්ථික මට්ටමක් පවත්වාගෙන යාමට හැකිය.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක් ලැබීමට හැකි වෙයි.
 ගෘහ ජිවිතය තුල ගේ දොර සමගියට බාධා මතු වෙයි. මනා ඉවසීමකින් - බුද්ධියකින් කටයුතු කල යුතුය.
සෞඛ්‍ය තත්වයේ උදර  ආශ්‍රිත අසනීප ඉස්මතුවීමේ අවධානමක් ඇත.

-
● කන්‍යා
ඉල්ලුම් කල ණය ලැබේ. ආර්ථිකය තත්වය යහපත් වෙයි. විශේෂ ආර්ථික දියුණුවක් ලැබීම හැකි සතියකි. මෙතෙක් පැවති බාධා ඉවත් වේ.
 රැකියා ස්ථානයේ ගැටලු නිරාකරණය වේ. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවේ  කාර්යබහුල වේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මංගල යෝග උදාවේ.
 ඉගෙනීම් කටයුතු පිලිබදව වෙනදාට වඩා අවධානයක් යොමු කිරීමට සිදුවේ.

-

● තුලා
වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි. වියදම් පාලනය කරගත යුතු වෙයි. බලාපොරොත්තු නොවුණ ගැටළු ඇතිවේ.
 නව රැකියා උදාවේ. රැකියාවේ දුර ගමන් යෙදේ.
ගෘහ ජිවිතය තුල  මානසික නිදහස අඩුවේ. නැදෑ හිත මිත්‍ර ආදින් නිසා  තරමක කරදර කාලයක් උදා වීමට ඉඩ ඇති අතර මනා බුද්ධියකින් කටයුතු කල යුතුය.

-


● වෘශ්චික
ආර්ථික ගැටළු විසඳා ගනිමට හැකි වෙයි. නව ආදායමි මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනීමට සුබ කාලයකි.
රැකියාවේ කටයුතු  කිරීමේදී තරමක බාධා පැමිණේ. කල්පනාකාරි විය යුතුය. නව රැකියා අවස්ථාවන් උදා වෙයි.
ගෘහ ජිවිතය තුල තම පවුල තුල  වගකීම් වැඩිවෙයි.පවුලේ අයගේ සහයෝගය අඩුවීමට ඉඩ ඇත. අනාගතය පිළිබද වැදගත් තීරණ කිහිපයකට යොමු වීමට හැකියාව ලැබේ.

-

● ධනු
ආදායම් මාර්ග යහපත් කර ගැනිමටත් වැඩි දියුණු කර ගැනිමටත්  හැකි වෙයි. මෙතෙක් පැවති බාධා ඉවත් වනු ඇත.
 රැකියාව කාර්යබහුල වේ. රැකියාවේ කටයුතු වල යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක කර ගැනීමට හැකි වේ.
ගෘහ ජිවිතය තුල පවුලේ අයගේ සහයෝගය අඩුවේ. ඉවසීමෙන් කටයුතු කරන්න.
අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධාවන් මතු කරවන බැවින් ඒ පිලිබදව සැලකිලිමත් විය යුතු වේ.

-

● මකර
නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනීමට සුබ කාලයකි.  භූමිය සම්බන්ද ව්‍යපාර වලට සුබ කාලයකි. අභියෝග වලට මුහුණදි එවා ජයගැනීමට හැකි වෙයි.
වෙලදාම් රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ. රැකියාවේ  බාධාවන් අඩු වී යයි.
ගෘහ ජිවිතය තුල මංගල  උදාවේ. ගෘහ ජිවිතය තුල පවතින ගැටළු විසදා ගැනිමට හැකිවේ.

-


● කුම්භ
ආර්ථික ගැටළු විසදා ගනිමට හැකි වේ. නව ආදායමි මාර්ග උදා වෙයි. ආර්ථික වාසි සැලසේ. නව ව්‍යපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. මෙතෙක්  තිබුනු බාධාවන් අඩු විී යයි.
නව රැකියා ප්‍රමාද කරයි. රැකියාව බාධා මැද කරගෙන යාමට සිදුවෙයි. මනා බුද්ධියකින් සහ ඉවසීමකින් යුතුව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ.

-


● මීන
මුල්‍ය කලමණාකරණයේ පාඩු පෙන්වයි.  නව ව්‍යාපාර ආරම්භ කිරිම නොකල යුතුය. කල්පනාකාරි විය යුතුය. බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීමට වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ.
රැකියාවේ කාලයක් තිස්සේ පවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකිවේ. ඒ තත්වයන් ගැන සිතට තරමක සතුටක් ඇති වේ.
ගෘහ ජිවිතය තුල  පවුලේ සමගිය ඇතිවේ. විනෝද අවස්ථා යෙදේ.
 ඉගෙනීම් කටයුතු පිලිබදව සැලකිලිමත් විය යුතුය.


-

#ඉරු


irusewaya@gmail.com
077 2238041

Monday, January 9, 2017

ශිව මහ දෙවිඳු

පුරාණ දේව කතාවේ එන පරිදි ප්‍රධාන දේව ත්‍රිත්වයන් අතර මූලික තැනක් හිමි වන්නේ ඊශ්වර/ශිව දෙවියන්ටය. මහ දෙවියන් ලෙසද හැඳින්වේ. මූලිකව අධර්මය නසන්නට කටයුතු කරන බව කියවේ.

ශිව දෙවියන්ගෙන් අධර්මය නසන බොහෝ කටයුතු වලට බලය ලබා ගන්නා දෙවිවරු අතර, මහා භද්‍රකාලි මෑණියන් ප්‍රමුඛ කාලි මණ්ඩලයද, පාර්වතී/දුර්ගා මෑණියන්ද මූලික වෙති.

ගවයා වාහනය වන මෙම දෙවියන්ගේ මූලිකත්වයෙන් අකුසල් වලට විපාක දෙන්නට කටයුතු කෙරෙන සිදුවීම් ඉදිරි වසර වලදී සිදුවනු ඇත.

සිල්වත්ව - ප්‍රතිපත්තිය රැකගෙන සිටින්න. ශිව දෙවියන් ඇතුළු මුළු දේව මණ්ඩලයේම ආශිර්වාදය ලැබෙනවා නිසැකය.

( ධර්මය සහ දෙවිවරු කියා 2ක් නැත. දෙවිවරු ධර්මය රකිති. සියලු දේව මණ්ඩලයම දහමට අනුකූලය)

බුදු සරණයි !


#ඉරු

irusewaya@gmail.com
077 2238041

Saturday, January 7, 2017

සෙනසුරු මාරුවට පෙර, (2017 ජනවාරි 26)

මේ ගත වන කාලය ඉතා බුද්ධියෙන් - ඉවසීමෙන් - පරිස්සම් සහගතව කටයුතු කල යුතුය.
 සමහර අය සිතන්නේ මෙම මාරුව ලංකාවට පමණක් බලපාන බවකි. ඇමරිකාව වැනි රට වලට බල නොපාන බවකි. ( ඒ රටවල වැදගත්ම කටයුතු කරන බොහෝ අය මේවා සියල්ල ගැන මනා අවබෝධයකින් සිටින බව අප අත්දැකීමෙන් දනිමු)

සෙනසුරු මාරුව ලෝකයටම බලපාන්නකි. එසේම මේ පවතින කාලයේ බොහෝ අයට කරදර බාධක තරමක් හෝ ඇති වන නිසා මේ දිනයන් වල අවධානයෙන් සිටිම වටි.

- මෙහි අදහස බියවී කටයුතු නැවැත්වීම ගැන නොව කරන සියල්ලේදී වෙනදාට වඩා සුපරික්ෂාකාරි විය යුතු බවයි.
ලංකාවට පමණක් නොව විදේශීය රටවල අයට පවා මේ කාලයේ කරදර බාධක වැඩිය. විශේෂයෙන් හදිසි අනතුරු සිදු වෙයි. එය සෙනසුරු මාරුවට පෙර අපේක්ෂා කල හැකි තත්වයකි.

- රටට ජනතාවට සුවිශාල යහපතක් වන්නේ සෙනසුරු මාරුවෙන් පසු ක්‍රමක්‍රමයෙනි..

#ඉරු

Friday, January 6, 2017

දියුණුව පිණිස නිකන් සිටියාට වැඩක් නැත. කේන්දරය හොඳ වුවද මහන්සි විය යුතුය.
කේන්දරය හොඳ නරක කෙසේ වෙතත් අපල යනාදිය තිබේ නම් කරදර - බාධක මැද අනිවාර්ය මහන්සි විය යුතුමය...
ජයග්‍රහණය - යහපත ලැබෙන්නේ එවිට පමණි -
#ඉරු

#කේන්දර #ජිවිතය #හොද #නරක #අපල #සුබ #මහන්සිය #ජය


irusewaya@gmail.com
077 22 38041

Wednesday, January 4, 2017

මහා භද්‍රකාලි දේව මෑණියන්

- මහා භද්‍රකාලි මෑණියන් ඇතුළු කාලි මණ්ඩලයම සිටිති. නාග කාලි, වදුරු කාලි, සොහොන් කාලි, රීරි යනාදි වශයෙනි.
( භද්‍ර කාලි දේව මෑණියන් හඳුනා ගැනීමේදී මූලිකව එතුමියගේ වාහනය දිවියා/කොටියා/ව්‍යාඝ්‍රයා බව දත යුතුය. සිංහයෙක් වාහනය කරගෙන ඇත්තේ දුර්ගා/පාර්වතී දේව මෑණියන්ය)

- බෝසතාණන්වහන්සේ ඉපදිමට පෙර දඹදිව අධර්මය රජ කරවු පාපතරයින් මරා දමා ශුද්ධ කලේ මහා භද්‍ර කාලි දේව මෑණියන් විසින් බවට මතයක් පවති.

බොහෝ අය සිතා සිටින්නේ මහා භද්‍රකාලි මෑණියන් ප්‍රමුඛ දේව මණ්ඩලය භයානක දඬුවම් දෙන ලෙස උවද දෙවිවරු එසේ කරන අය නොවෙති. ඒ සදහා අදාල පරිවාර සේනා වල යක්ෂ - භූත - ප්‍රේත - පිසාච යනාදි අමනුෂ්‍යයන් සිටිති. සෑමතැනකම පාහේ කාලි මෑණියන්ගෙන් කරනවා, කියා කියන්නේද එවන් අය ගැනය. එනම් දේව මෑණියන් යටතේ සිටින අයයි.
කෙතරම් යහපත් වුවද ගුණවත් වුවද, පෙර අකුසල් ඇත්නම් මේ කාලයේ වැරදි කාලයක් ගත කරන්නේ නම් කරන හදි හූනියම් විපාක දීමට, අකුසල් අපල සමගම සිදුවීමට ඉඩ ඇත. එවන් අවස්ථා වල දෙවිවරුන්ට පවා අපව පෙනෙන්නේ නැත.
නමුත් අකුසල් නැති නිසි ලෙස සීලය - ප්‍රතිපත්තිය රැකගෙන සිටින අයට නම් කවර කාලයක වුවද කුමන ආකාරයට හදි හූනියම් කලද ඒවා වදින්නේ නැත. එය දත යුතුය.

භද්‍ර කාලි මෑණියන් ඇතුළු සියලු කාලි මණ්ඩලයම අධර්මය නැසීමට ශක්තිය ලබා ගන්නේ මහ දෙවියන් වන ශිව/ඊශ්වර දෙවියන්ගෙනි.
ශිව දෙවියන්ගේ ලේකම්වරු ලෙස සියලු කාලි දේව මණ්ඩලය සැලකිය හැක.
( තැනක ශිව දෙවියන්ගේ දේවියක ලෙස සදහන් කලද එය වැරදිය)

ඔබද භද්‍රකාලි දේව මෑණියන් ඇතුළු කාලි දේව මණ්ඩලයේ ආශිර්වාද ගැනීමට මූලිකව කල යුත්තේ සිල්වත්ව සිටිමත්, ප්‍රතිපත්තියට ජීවත් වීමත්ය. දහමට අනුව හිදිමින් නිසි ලෙස පින්කම් කරමින් ඒ පින් භද්‍ර කාලි මෑණියන් ඇතුළු, දේව මණ්ඩලයට සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ! ප්‍රාර්ථනා කරන්න.
ආශිර්වාද ලැබෙනවා නිසැකය..


#ඉරු

බුදු සරණයි !

irusewaya@gmail.com
077 2238041

Tuesday, January 3, 2017

2017 වසර ලග්නෙට අනුව ඔබට කොහොමද ??


-
ග්‍රහ මාරු බොහෝමයක් වන 2017 වසර, පොදුවේ 2016 වසරට වඩා බොහෝ සුභදායක වන බව අපගේ විශ්වාසයයි. ජනවාරි අග සිදුවන සෙනසුරු මාරුවෙන් පසුව වඩ වඩාත් දියුණු තත්වයක්, සහනදායි, සුභදායක තත්වයක් රටටම ඇතිවනු ඇත.

-
* පොදු පලාපලයක් පමණි.
-

● මේෂ
වසර 2කට අධික කාලයක් තිබුුනු අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්වය 2017 ජනවාරි 26 දිනෙන් නිමාවේ. ස්ථීර අධිෂ්ඨානායෙන් යුතුව කරන කටයුතු වලින් ප්‍රයොජන  අත්වේවෙනදාට වඩා වෙහෙස වීමට කැපවීමට සිදුවන කාලයකි.
කලක් තිස්සේ පැවති ආදායම් මාර්ග වල දුරුවලතා සියලු කරදර බාධක මග ඇරී යයි.
 ආර්ථික ගැටළු වලට විසදුම් සොයා ගැනීමට හැකි වන අතර, රැකියාවෙ උසස්විමක් හෝ වෙනස් විමක් සිදුවන කාලයකි. ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙයි. පවුලේ සමගිය වර්ධනය වෙයි. මිතුරන් - ඤතින් අතර හොද හිත වර්ධනය වෙයි. මංගල යෝග උදා වේ.

-

● වෘෂභ
ඔබට උදාවූ නව වසර  තරමක් පිඩාකාරි වේ. අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්වය 2017 ජනවාරි 26 දින සිට ආරම්භ වෙයි. තරමක් වියදම වැඩිවන කාලයකි. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි. වියදම් පාලනය කරගත යුතු වෙයි, නැතහොත්  ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ.
 රැකියා අවස්ථා උදාවේ.  නමුත් රැකියාවෙන් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමට බාධා මතුවෙයි.
 අවිවාහක අයගේ විවාහ මංගල කටයුතු ප‍්‍රමාද කරයි. පවුල් ජීවිතයේ සමගිය හා තෘප්තිය තරමක් අඩු කාලයකි.
නමුත් සෙනසුරු වෘෂභ ලග්නයට යහපත් නිසා සෙනසුරුගේ බලපෑම තරමක අවම වනු ඇත.

-


● මිථුන
මිථුන ලග්න හිමි ඔබට උදාවන නව වසර යහපත් ප‍්‍රතිඵල ගෙන දෙයි. වාහන - නිවාස මිලදී ගැනීමට යොමුවන කාලයකි. නව ආදායම් මර්ගවලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා අවස්ථාවන් උදාවේ. දියුණුව පිණිස නව  පියවරක් ගැනිමට සුබ කාලයකි.
රැකියාව කැපවිමෙන් වැඩ කලහැකි කාලයක් වේ. කරදර බාධක මග හැරී යයි.
 ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙයි. රැකියාවෙ උසස්විම්  පෙන්නුම් කරන කාලයකි.
 2017 ජනවාරි 26 වන දිනෙන් පසුව මංගල යොජනා කල් යෑමට හෝ තරමක් බාධා ඇති වීමට පුලුවන. සුළු සුළු පවුල් ආරවුල් ඇතිවෙයි. ඉවසිමෙන් කටයුතු කලයුතු වේ.


-

● කටක
 ඔබට මෙම නව වසර යහපත්ය.
2017  ජනවාරි 26න් පසු
 අදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබීමට අවස්ථා උදාවේ. මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. පැවති බාධා ඉවත්වේ. නමුත් වැයවීම් තරමක් ඉහල යයි. රැකියාවෙ උසස්විමක් හෝ වෙනස් විමක් සිදුවන කාලයකි.
පවුලේ 
සමගිය වර්ධනය වෙයි. මිතුරන් - ඤතින් අතර හොද හිත වර්දනය වෙයි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවති බධාවන් සම්පූර්ණයෙන්ම පාහේ  ඉවත්වෙයි.  තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

-

● සිංහ
 ඔබට මෙම නව වසරේ, තනි තීරණ මත කටයුතු කිරීම් වලට යොමු වෙයි. පැවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකි වෙයි. ආදායම් මර්ගවලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා අවස්ථාවන් උදාවේ. නිවාස - වාහන නඩත්තු කිරීම සඳහා තරමක් ධනය වැය වන කාලයකි. හවුල් ව්‍යපාර ආදියේදි තරමක් ගැටළු නිර්මාණය විය හැක.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි. රැකියාව බාධා මැද වුවද කරගෙන යාමට සිදුවෙයි.
අධ්‍යාපන කටයුතු වල නියුතු අයට දුෂ්කරතා ඇතිවිය හැක.
 උත්සව සහ ප‍්‍රිය සම්භාෂන අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි.

-

● කන්‍යා
ඔබට මෙම නව වසරේ වියදම් පාලනය කරගත යුතු වෙයි. මුල්‍ය කලමණාකරණයේ අඩුපාඩු පෙන්වයි. රහස් සතුරන් ඉස්මතු වීමට ඉඩ ඇත. ඔබගේ දියුණුව අඩාල කිරීමට සතුරන් උත්සාහ කරනු ඇත.  බලාපොරොත්තු නොවන අවස්ථා වලදී මුදල් වැයවීමට සිදුවිය හැක.2016 අගෝස්තු මාසයෙන් පසු ඔබ වැදගත් තීරණ වලට එළඹෙනු ඇත. නිවාස, වාහන, දේපල සම්බන්ධ කටයුතු වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි.
 රැකියා කටයුතු වල තරමක් බාධා මතුවෙයි.
මෙම කාලය තුළදී සෙම් සහිත අසනීප, සන්ධි ආශ‍්‍රිත අසනීප ඉස්මතුවීමේ අවදානමක් ඇත.
ගෘහ ජිවිතයේ සමගියට බාධා  මතු වීමට ඉඩ ඇත. ඒ ගැන සැලකිිලිමත් වන්න.

-



● තුලා
ඔබට මෙම නව වසරේ පැවති බාධා ඉවත් වේ.
ආදායම් මාර්ග යහපත් කර ගැනිමටත් වැඩි
 දියුණු කර ගැනිමටත් හැකි වෙයි. පැරණි ගේ දොර අලුත්වැඩියා කිරීමට සහ පසුගිය කාලය තුළ සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගැනීමට මුදල් සහ කාලය වැය කිරීමට සිදුවෙයි. ණය ලැබේ.
 රැකියා ස්ථානයේ ගැටළු නිරාකරණය වේ. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
අනාගතය පිළිබද වැදගත් තීරණ ගැනිමට සිදුවේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මංගල යෝග උදාවේ. මංගල.යෝජනා ස්ථිර වේ .


-

● වෘශ්චික
වෘශ්චික ලග්න හිමි ඔබට නව වසර සමග පසු පැවති පීඩාකාරි බව ඉවත් වී යයි. අභියෝග ජයගැනීමට හැකි වෙයි. ණය ලැබේ.
රැකියා ස්ථානයේ ගැටළු නිරාකරණය වේ. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ.
 2017 අගොස්තු වලට ප්‍රථම වැඩි වශයෙන්   මංගල යෝග උදාවේ.
 පවුලේ සමගියට තරමක බාධා පැමිණිය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. බලාපොරොත්තු නොවූ ගැටළුවලට සහ අනතුරුවලට මුහුණ දීමට සිදුවන කාලයකි.
මානසික නිදහස අඩු කරවන අතර සිත් පීඩාවන් සහ මානසික ආතතිය ඇති කරවයි. ඒනිසා මනා බුද්ධියකින් සහ ඉවසීමකින් කටයුතු කරන්න.

-



● ධනු
ඔබට නව වසර උදාවෙන් පසු 2017 ජනවාරි 27 දිනෙන් ශනිගේ ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය වර්ධනය වෙයි.
මෙතෙක් 
 පැවති පීඩාකාරි බව වැඩි වන්නට හේතු යෙදේ.  වියදම වැඩි වන කාලයකි. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වන නිසා වියදම් පාලනය කරගත යුතු වෙයි. බලාපොරොත්තු නොවුණ ගැටළු නිසා සිත් වේදනා ඇති වන්නටද ඉඩ ඇත. රැකියා ස්ථානයේ ගැටළු නිර්මාණය වෙයි. තම කීර්තිනාමය  රැක ගැනිමට අපහසු වෙයි.
 තම සහෝදර සහෝදරියන්ට තරමක
 කරදර කාලයක් උදාවේ. නොකළ වරදකට චෝදනා එල්ලවන දඬුවම් විඳීමට සිදුවන කාලයකි.
ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.

-

● මකර
ඔබට නව වසර උදාවෙන් පසු ආදායමට වඩා වියදම වැඩි වන්නට ඉඩ ඇති  කාලයකි.
 ඉතිරි කිරීම අඩුවන කාලයකි. මෙම කාලය තුළ ඉතා ප‍්‍රවේශමෙන් කටයුතු කල යුතුය.
 මුදල් ලැබීම තරමක් අඩුවෙයි.
රැකියා කටයුතු වෙනුවෙන් වැඩියෙන් වෙහෙසීමට සිදුවෙයි.
 පවුලේ සමගියට තරමක බාධා පැමිණේ. කල්පනාකාරි විය යුතුය.
බලාපොරොත්තු නොවූ ලෙඩ රෝග  සහ අනතුරු වලට මුහුණ දීමට සිදුවන්නට ඉඩ ඇත.
2017 ජනවාරි 27 දිනෙන් ශනිගේ ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය ආරම්භ  වන නිසා පොදුවේ දැඩි අයහපත් නොවූවද කල්පනාකාරිව කටයුතු කලයුතුය .


-

● කුම්භ
කුම්භ ලග්න හිමි ඔබට මෙම නව අවුරු උදාවෙන් පසු ආර්ථික ගැටළු විසදා ගනිමට හැකි වෙයි.
 නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි.
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. අභියෝග වලට මුහුණදි ඒවා ජය ගැනීමට හැකි වෙයි.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ. ඔබගේ හැසිරීම කෙරෙහි අන් අය තුළ සැක උපදවන කාලයකි.
විවාහ ජීවිතය තුල යම් යම්  ගැටළු මතු වීමට ඉඩ තිබේ. පේ‍්‍රම සම්බන්ධතා බිදවැටිම් සිදුවිය  හැක.
සමේ අසනීප තත්වයන්, රුධිරයේ ඇතිවන අසනීප තත්ත්වයන් මතුවීමට ඉඩ තිබෙන කාලයකි.

-


● මීන
ඔබට නව අවුරුදු උදාවෙන් පසුව තිබූ බාධා ඉවත් වේ.
 ආදායම් මාර්ග යහපත් කර ගැනිමටත් වැඩි
 දියුණු කර ගැනිමටත් හැකි වෙයි. අරපරෙස්සමෙන් මුදල් වියදම් කළද අනපේක්ෂිත වියදම් නිසා ඉතිරි කිරීම් අඩුවන කාලයකි. ධනය ලැබීම කෙරෙහි යහපත් වෙයි.
 රැකියාව බාධා මැද කරගෙන යාමට සිදුවෙයි. රැකියාවේ කටයුතු නිසා කාර්ය බහුල බව වැඩි වේ.
 වැඩිහිටියන්ගේ අවවාද අනුසාශනා ලැබේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මංගල යෝග උදාවේ.

-

ජනවාරි 26 ිසිදුවන සෙනසුරු මාරුවට පෙර දැන් ගත වන කාලයේ සියලුදෙනාම විශේෂයෙන් පරිස්සම් විය යුතුය. ඉන්පසුව ඒරාෂ්ටක අපල ආදි තත්වයන් පවතින අය විශේෂයෙන් පරිස්සම් විය යුත්තේ තරමක හෝ බාධා - කරදර පැමිණිය හැකි බැවිනි.


එම සියලු අපල වලට හැකි තරම බෝධි පූජා කරන්න. අසරණ අයට උදව් කරන්න.

විශේෂ වශයෙන් බුදු, පසේ බුදු, මහරහතුන් වහන්සේලා උදෙසා පහනක් සෑම දිනම රාත්‍රි 8-9 අතර දල්වන්න.
පහන් 01, සුදු මල් වට්ටි 01, පැන් වීදුරු 01, හඳුන්කූරු 03
මෙතෙක් කල සියලු අකුසල කර්ම, පාප කර්ම, ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග දුරු වී යහපත උදා වන්නට මේ කරන පින් බලෙන් අවස්ථා උදා වේවායි අධිෂ්ඨාන කරන්න.
ඉන්පසුව මේ පින් ශක්‍ර දේවෙන්ද්‍රයා, මහා බ්‍රහ්ම රාජයාණන්වහන්සේ ඇතුළු සියලු බ්‍රහ්මයන්ට, සම්බුද්ධ ශාසනය රකින විෂ්ණු දෙවියන්, ඊශ්වර දෙවියන් යනාදි කොට ඇති සියලු දෙවියන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න !

ඔබ සැමට බුදු සරණයි !


#ඉරු

077 2238041
irusewaya@gmail.com