Showing posts with label වාස්තු විද්‍යා. Show all posts

Wednesday, December 6, 2017
“ වාස්තු සහ බැඳුනු කරුණු “
● නිවසේ/ කාර්යාලයේ ප්‍රධාන දොරටුව නිතරම විවෘත කර තබන්න.
හැකි තරම් විවෘතව තබන්න. උදයේ කාලයේ විශේෂිතය. ජනේලද හිරු කිරණ මනාව පතිත වීමට විවෘත කිරීම වඩා උචිතය. එවිට හිතකර සුබදායක කිරණ නිවසට පැමිණෙනු ඇත. වසා තබන ගෙවල් වලට, අඳුරින් වැඩි ගෙවල් වලට නිතරම එන්නෙ අසුබ කිරණයි.
● අඳුර පිරි නිවාස වලට අමනුෂ්‍ය දෝෂද, ලෙඩ රෝගද බහුලය. හිරු කිරණ විෂබීජ විනාශ කරන නිසා ආලෝකය පිරි නිවෙස් වල ලෙඩ රෝග අඩුය.
● බුදුන් වඳින ස්ථානයේ සෑමවිටම බුදු පිළිමයට යටින් දේව රූප තබන්න. සම හෝ උස් තැන් වල නොතබන්න.
බුදුන් වඳින විට හොඳින් පිරිසිදු වී බුදුන් වඳින්න.
● පිරිත් රේඩියෝවෙන්/ ටීවි එකෙන්/ අන්තර්ජාලයෙන් අසනවාට වඩා තමාම සහ ගෙදර අය සමග එකතු වී සජ්ජායනය කිරීම ඉතා ගුණදායකය.
ගෙවල් වල භාවිතයට විශේෂයෙන් රතන සූත්‍රය, කරණීය මෙත්ත පිරිත, මහ පිරිත, ජිනපඤ්ජර පිරිත, සීවලී පිරිත, ධජග්ග සූත්‍රය, අන්තරාය නිවාරණ පිරිත, දස දිසා පිරිත, රත්න මාලා බන්ධන ගාථා, මොර පිරිත යනාදි මහානුභාවසම්පන්න පිරිත් වැදගත්ය.
-
#ඉරු
077 2238041
irusewaya@gmail.com
Thursday, February 12, 2015
වාස්තු ශාස්ත්‍රය ගැන... ඔබගේ දැනුමට බිඳක් !
වර්තමානයේ වාස්තු විද්‍යාව ගැන, සමාජයේ සියලුම මට්ටම් වල අය උනන්දු වන බව පෙනේ. වාස්තු විද්‍යානුකූලව නිවසක් ඉදිකර ගැනීම මෙන්ම, ඉදිකරන ලද නිවසක පසුව කෙරෙන එක් එක් අලංකරණ සහ සැලසුම් ගැනද ඔබ දැනුවත් වීම මැනවි.
මේ සම්බන්ධව සියලුම ආකාරයෙන්ම පොදු කරුණු බිඳක් ඔබ හමුවේ තබන්නම්.
● නිවසක් ඉදි කිරීමට ශුභ දින වශයෙන්, “ බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා “ දිනයන් සුභයි !
* එම තෝරාගන්නා දින වලදී පවතින නැකැත්, තමන්ගේ ජන්ම නැකැත් වලට ගැලපෙන ආකාරයට සූක්ෂමව බලා සකස් කරගත යුතු බව දැනුම් දෙමි.
● නිවසට ප්‍රවේශ වන මාර්ගය, නිවසේ ප්‍රධාන දොරට සමාන්තරව ඉදි නොකිරීමට වගබලා ගත යුතුයි.
● ඔබ දන්නවාද “කදිමවේධ දෝෂය“ කුමක්ද කියලා ? - නිවස ඉදිරියේම ලගම, මඩ ගොහොරුවක් ඇතිවිමයි.
මෙම දෝෂය නිසා, නිවැසියන්ට විවිධ රෝග, විවිධ විපත්, එසේම කේන්ති ඒම, නිවසේ විවිධ කරදර ඇතිවිම ආදි තත්ව බලපායි.
● සාමාන්‍යයෙන් නිරිත සිට ගිණිකොන දක්වා ඇති ප්‍රධාන මූණතේ, නිරිත දිශාවේ කොණක ප්‍රධාන දොර තැබීම දෝෂ සහිතයි.
● නිවස පිහිටි ඉඩමේ මැදින් ලිඳක් කැපීම අසුභයි.
එමගින් නිවැසියාට අපල උපද්‍රව පැමිණේ.
● එසේම අලංකාරයට සිටුවන ගස් මේ ආකාරයට සිටුවන්න.
- නිවසේ පැත්තකට ගස් සිටුවීම අශුභ නැත.
මේ ආකාරයට නිවසක් ඉදිකිරීමට ප්‍රථමත්, ඉදි කිරීමෙන් පසුවත්... වාස්තු විද්‍යාව ගැන උනන්දු වීමෙන් බොහෝ කරදර උපද්‍රව මඟහරවා ගත හැක.
එසේම තමන්ට පැමිණෙන සියලුම උපද්‍රව නිවාරණය වී යයි.

Wednesday, November 26, 2014
බහිරව පූජාව සම්බන්ධව සිතීමට දෙයක් !
බහිරව යන වචනය අපට සිහියට නැගෙන්නේ, අප නිවසක් ඉදි කිරීමට යන අවස්ථාවක හෝ එසේ නොමැති නම්, අප භූමිය සම්බන්ධ යම් කටයුත්තක් කිරීමට යන අවස්ථාවේදීය.
මේ බහිරවයන් වහන්සේලා, මේ භූමිය අරක්ගත් එක්තරා ප්‍රාණ ජීවි කොට්ඨාශයකි. ඔවුන් භූමිය දරාගෙන ඉන්නා බව අනාදිමත් කාලයක සිට පැවත එන විශ්වාසයකි.
අප යම්කිසි කටයුත්තක් කරන අවස්ථාවක, භූමිය සම්බන්ධව, එසේත් නොමැති නම් නිවසක් ඉදිකිරීමේදී එම අවස්ථාවකදි අනිවාර්යෙන්ම අප බහිරව පූජාවන් හා ඊට අදාල වත්පිලිවෙත් සිදුකල යුතුය.
එසේ නොමැති නම්, ඉදිකිරීමේදී හෝ ඉදිකිරීමෙන් අනතුරුව අනේක විධ වූ දුෂ්කරතාවයන් වලට පත්වීමට අපට සිදුවේ. එය අනිවාර්යයි.
අප අත්දැක ඇති විදියට, කිසි වතාවක් නොකර ඉදි කරන ගොඩනැගිලි වල අතරමගදී සේවකයන්ට අනතුරු, කොටස් කඩා වැටීම ආදිය සිදුවන්නේද මෙම දෝෂ තත්වයන් නිසාය.
එසේම එම නිවස්නෙහි පදිංචි වූවාට පසු ආර්ථික, සමාජිය සියලු අංශ වල කඩාවැටිම හා කැපී පෙනෙන පිරිහීම වන්නේද මෙම හේතු නිසාය. එය බහිරව දෝෂ යනුවෙන් හඳුන්වයි.
ගමේ ගොඩ් භාෂාවෙන් හොඳට මිල මුදල් හම්බ කරන ගෙවල් වල අය කියන්නේ, මොනව වෙනවද දන්නෙ නෑ, බහිරවය ගිල්ල වගේ නැති වෙනව කියන්නේ මෙවැනි තත්ව වලටය.
එසේ නම් බහිරව පිලිවෙලත් කල යුතු ආකාරයක් ඇත. එය අප සේවය මගින් ඉෂ්ඨ කරදෙනු ලබයි.
4 කොණ, 8 කොණ ආදිය ආරක්ෂා කිරීමට කුඩා මුට්ටි වලට බහිරව ආරක්ෂණ යන්ත්‍රත්, තව නිදන් වස්තුත් ඊට අදාල නිදන් වස්තුත් එක්කොට එම මුට්ටි 4 කොණ, 8 කොණ වැළලීම සිදු කරනු ලැබේ.
එසේම ප්‍රධාන දොරටුව, ආරක්ෂා කිරීමට මුට්ටි වළලනු ලැබේ.
බහිරව ආරක්ෂණ මංජුසාවල තැන්පත් නිදන් වස්තු හේතුවෙන්, බහිරවයන් වහන්සේලාගේ ඇල්ම බැල්ම දෘෂ්ඨිය එම මංජුසාවලට යොමුවීම නිසා ඔවුන්ගේ පාපී බැල්ම නිවසේ ධන - ධාන්‍ය තත්වයන් වලට යොමු නොවේ. මෙය තමා විශේෂම සාධකය.
එයින් නිවසේ ධන-ධාන්‍ය තත්වය ආරක්ෂා වේ. එසේම මේ තැන්පත් කිරීමෙන් පසු ආරක්ෂාව ලැබෙනවා සේම, උදේ හවස නිවැසියන් තමාගේ ඉඩම පිහිටි නිවස හෝ භූමියට වැඳීමෙන් භූමි ස්පර්ශ මුද්‍රාෙවන් වන්දනා මාන කිරීමෙන් ඔවුන් සතුටු වේ. ආරක්ෂාව නිති සැලසේ.
මෙය අත්දැකීම් ඇති පරම පවිත සත්‍යයකි !
ඔබත් මෙය කියවා තේරුම් අරගෙන, ගැටළුවක් ඇතහොත් අපෙන් විමසන්න.
තෙරුවන් සරණයි !

Thursday, October 23, 2014
ඉඩමක් තෝරා ගන්නා විදිය ඔබ දන්නවාද ?
අද අප කාටත්, ඇති සිහිනයක් තමයි නව ඉඩමක් මිලදී ගැනීම, එහි ලස්සන ගෙයක් තනා ගැනීම.
මෙහිදී අප අවධාරණය කරන්නේ අප කුමන හැඩතලයක ඉඩමක් මිලදී ගත්තත්....
අපට සීයට ගණනකින් භූමියේ දෝෂ මග හරවා ගන්න පුලුවන්. එහි වෙනස්කම් ඇති කරගැනීමට වාස්තු ශාස්ත්‍රඥයෙක්ගේ සහයෝගය ඔබට අවශ්‍ය වේ.
එසේ නම් අප බලමු, ඔබ මිලදී ගැනීමට, සිතා සිටින ඉඩම මෙවැනි හැඩතල ඇද්දැයි කියා...
1. භද්‍රාසනාකාර භූමිය
මෙය ඉඩම මධ්‍ය කොටසේ උස්ව පිහිටා ඇත.
මෙම භූමිය කදු ගැටයක් මෙන් කුඩාවට පෙනේ.
මෙය මිලදී ගැනීම නිසා ආර්ථික වාසිය ඇතිවේ.
2. චතුරස්ස්‍රාකාර ඉඩම
දිගින් සහ පළලින් සමාන වූ මේ ඉඩම ඉතාම ශුභයි.
ධන ලාභ, පුත්‍ර ලාභ සහ වෙනත් සියලුම ලාභයන් මේ ඉඩමෙන් ඇතිවේ.
3. ව්‍යාජනාකාර භූමිය
මෙම ඉඩම හැඩයෙන් පොරෝ තලයක හැඩය ගනී.
අශුභ වූ භූමියකි. ධන හානි, රෝග පීඩා ආදිය ඇතිවේ.
4. ශුර්ප භූමිය
කුල්ලක් ආකාරයට ඇති මෙම ඉඩම නිසා, සොර සතුරන්ගෙන්ද ධනය නැතිවීමද, දරුවන්ටද අපල ඇති කරයි. - හොද නැත.
5. සිංහාකාර භූමිය
මෙහි හැඩය වන්නේ හිස ඔසවා ගත් සිංහයෙක්ගේ හැඩයයි. මෙම ඉඩම මිලදි ගැනිමෙන් සකල අභිවෘද්ධිය ඇතිවේ.
6. අයථාකාර භූමිය
දිග වැඩි පළල අඩු, එනම් ඍජුකෝණාස්‍රාකාර හැඩති මේ ඉඩමෙන් ශුභාශුභ ඵල ලැබේ.
මෙය අපට ඕනෑ ආකාරයකට සකස් කරගත හැක.
7. වෘත්තාකාර ඉඩම
හැඩය රවුමක් මෙනි. මෙවන් ඉඩම් අද සොයාගැනිමට නොහැකි වුවත් හම්බ උනොත් හොදයි. සුභ පල ඇතිවේ.
* ඔබට සහ ඔබගේ හිතවතුන්ට ඉඩම් මිලදී ගැනීම ගැන යම් දෙයක් ඉගෙනීමට පුලුවන් නේද ?
වැඩිදුර තොරතුරු සදහා අපගෙන් උපදෙස් ගත හැක.
___ Iru Astrology ____
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Tuesday, September 16, 2014
අපගේ විශේෂඥ වාස්තු විද්‍යානුකූල පරික්ෂාවක් ගැන විස්තරයක්...
* මේ ඡායාරූප පෙල දෙස බලන්න.
ඔබට කල්පනා වේවි කෙතරම්, අප්‍රසන්න ආකාරයට නිවස ඉදිකර ඇද්ද කියල.
මන්ද අප්‍රසන්න ආකාරය කියල අපි කියන්නේ, මෙහි ඇති විශේෂ දෝෂ ගැන අවධානය යොමු කරලයි.
මේ ගෙදරට වියදම් කරල තියෙන මුළු මුදල් ඇස්තමේන්තුව අපට පෙන්නුවා. මෙම නිවසට වැයකර ඇති මුදල 21ක් ලක්ෂ 68 දහසකි, දැනට(21,68,000.00).
ඉදිකිරිමට පටන්ගෙන ඇත්තේ මීට අවුරුදු 4කට පමණ පෙර සිටය.
මෙම නිවස පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල ආසන්න එක්තරා ගමකය. මෙහි අයිතිකරුවා වන්නේ, රජයේ එක්තරා සන්නද්ධ සේවාවක නිලධාරියෙකි. ඔහුට ඔහුගේ කේන්දරය අනුවවත්, නක්ෂත්‍ර තාරකා අනුව ශුභ මුහුර්තයකවත් නිවාසය ඉදිකර නොමැත. මෙහි ඇති දෝෂ ගැන අපි දැන් ඇස් යොමු කරමු.

1. මෙම නිවසේ ද්වාරවේධ දෝෂය පලවෙනි ඡායාරූපයෙන් බලන්න.
අනෙක, ඡායා, නන්දා, රික්තා, පූර්ණා යන කලාප වලින් නිවැරදි ස්ථානයක උළුවහුව ප්‍රතිෂ්ඨාපනය කර නොමැත. මෙම නිසා නිවැසියන්ට දෝෂ මෙන්ම නිවැසියන්ට විවිධාකාරවූ කරදර ඇතිවී ඇත.
එසේම දොරවල් 2 දෝෂය නිසා ගෙදර ආර්ථික තත්වය බිංදුවට බසිනවා ඇත.
අප එසේ කියන්නේ මෙම නිලදරුවාට සැලකිය යුතු වැටුපක් සහ යම්කිසි ආර්ථික තත්වයෙන්ද, පිරිස් බලයෙන්ද උසස් තත්වයක සිටින බැවිනි.
2) දෙවන ඡායාරූපය දෙස අවධානය යොමු කරන්න.
ලාභ-පාඩු චක්‍රයේ ප්‍රධාන දොර කෙලින් එක පඩියක් තිබීම.
මෙනිසා ගෙදරට ඇතුළු වීම පාඩු චක්‍රයට වැටේ. එය අයහපත්ය. තවද මෙහි ඉදිරිපස කණු පිහිටා ඇති ආකාරය ගැනද සෑහීමකට පත්විය නොහැක.
3) තුන්වන ඡායාරූපය
වාස්තු විද්‍යාව නොදන්නා මෝඩයෙක් පවා උළුවස්සට උඩින් පරාලයක් තියන්නේ නැත.
මෙය බරපතලම තත්වයකි. මෙම නිවාසය ඉදිකිරීමෙන් පසු මෙම නිලදරුවාගේ පියාණන්වහන්සේ මෙලොව හැරගියේ අනපේක්ෂිත අයුරිනි.
මෙම නිවසට තාවකාලිකව පදිංචියට ආ සියලුම දෙනාම අද අන්ත දුකකට වැටී සිටී.
මෙම නිවසේ අයගේ පෞද්ගලික ජිවිත දෙස සිතා බැලීමෙදි කණගාටුදායක තත්වයක පවතී.
එම තත්වයන්ට හේතුව එම අයගේ කේන්දර වල බලපෑමත් සමග මේ නිවසේ වාස්තු වල දෝෂ තත්වයන් බව නිසැකවම කිව හැක.
4) ඡායාරූපය (බල්බ්)
මේ නිවස ඉදිකරන ලද බාසුන්නැහේලාගේ තරම තේරෙන්නේ මෙය හොඳින් බලන විටය. මහා ගොං අපත වැඩක් කර ඇත. එය ගැටළුවකි.
මෙම නිසා විවිධ වූ, ගැටළු ඇතිවී තිබේ.
5)
මෙම නිවසේ වම්පස කොනෙන් පිය බිත්තය හෙවත් අයිනේ බිත්තිය මුල් කොටගෙන මේ අය තවත් එක්තරා වහලක් නිර්මාණය කර ඇත. එයද ඉතාම ගැටළු සහගතයි. නිවසේ ධනහානියට මේ තත්වයම ප්‍රමාණවත්ය.
මෙම නිවසේ, දෙමාපියන් - දරුවන් භේද බින්න වී සිටී.
එයට හේතුවත් මෙම වාස්තු දෝෂ වල ප්‍රශ්නයි.
නිවසක් ඉදිකිරීමේදී, මිලදී ගැනීමේදී ලක්ෂ ගණන් වියදම් කලද වාස්තු විද්‍යා කටයුතු ගැන නොසිතීම බරපතල ගැටළුවක් බව තේරෙන්නේ කල්ගත වූ පසුය.
ඔබත් නිවාස ඉදිකිරිමේදි කොටු 4ක නිවසක් තැනීමට වඩා බුද්ධියෙන් සිතා ඔබට ගැලපෙන, යහපත ඉටුවන ආකරයට කර ගැනීමට කටයුතු කරන්න.
නිවරදි නැකත් වලින් පටන් ගන්නා නිවාස නිසි කලට ගැටළු වලින් තොරව ඉදිකෙරෙන බව අපගේ අත්දැකීමයි.
වතාවක් වැඩි ආදායමක් නොලබන මහතෙකු නිසි ලෙස නැකැත් වලට නිවස ඉදිකිරීම ඇරඹූ අතර නිවස මාස කීපයක් තුලදී ඉදිකරගත හැකි වූ අතර ඇස්තමේන්තුවටත් වඩා හොදින් අලංකාර නිවාසයක් ඉදිකරගත්තේ අදාල ශුභ නැකතේ බලවත්කම නිසාය.
වාස්තු විද්‍යා කටයුතු ගැන තවත් ලිපි ඉදිරියට...
#ඉරුසේවය පර්යේෂණ අංශයේ වැඩක්..
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Friday, August 29, 2014
වාස්තු විද්‍යා - නිල නිවාසයක ඇති දෝෂ
අද ඉදිරිපත් කරන්නේ වාස්තු විද්‍යාව සම්බන්ධව සටහනකි.
මනුෂ්‍ය පරිණාමයේ ගල් යුගයෙන් පසු ජනාවාස ආකාරයට මනුෂ්‍යයා ජනවාස වීමෙන් පසු, ශිෂ්ටාචාරයට පැමිණීමෙන් පසු නිවාස ඉදිකිරීමට යම්කිසි දර්ශනයකට මනුෂ්‍යයා පැමිණ ඇත. කෙසේ වෙතත් අප එතරම් දුර යා යුතුත් නැත. ආදියේ රජ දවස සිට වාස්තු විද්‍යාව සම්බන්ධව සැලකිලිමත් වූ බව පෙනී යයි.
එසේම අප ඉදි කරගන්නා නිවාස වලට අමතරව, අපට සමාජයේ අපේ රැකියාවත් සමග ආයතන මගින් අපට සේවය කරන්නට ලබාදෙන නිවාසද ඇත.
අද මේ තබන සටහන එම නිල නිවාසයක ඇති වාස්තු දෝෂ පිළිබදවයි.
නිල නිවාස බොහෝදුරට වාස්තු විද්‍යානුකූලව ඉදි නොකල ඒවාය. මේ නිසා බොහෝවිට දුවාදරුවන්ගේ ප්‍රශ්න, අධ්‍යාපනික ගැටළු, සෞඛ්‍ය ගැටළු මේ අතර ප්‍රධාන ගැටළුය.
* බොහෝවිට පාලන අධිකාරිය ඒ සේවකයන්ට, නිලධාරින්ට ලබාදෙන නිවාස සම්බන්ධව නිසි ප්‍රමිතියකට වාස්තු විද්‍යා කටයුතු කර නොමැත. එසේම ඒවා සම්බන්ධව වෙනස් කිරීමට පාලන අධිකාරිවල ප්‍රධානින්ටද යම් අපහසුතාවයක් පවති. එයද අප පිලිගත යුතුය.
* නමුත් ඔබ කල යුත්තේ නිවසක් ලබාගැනීමට පෙර වාස්තු දෝෂ පරික්ෂා කරවා එහි ඇති අසුභ දෝෂයන් උපරිම ආකාරයට වෙනස් කරගැනීමට යම් යම් වෙනස්කම් කිරීමය.
මා පහතින් සඳහන් කර ඇත්තේ, එක්තරා ආයතනයකට අයත් නිළධාරි මහතෙකුගේ නිල නිවාසයකි.
1) මුලින්ම දැක්වෙන පඩි පෙල දෝෂ සහිතය.
මෙහි ඉන්දියානු වාස්තු විද්‍යානුකූල හැටියට මේ පඩිපෙළ පියවර 3කින් ගෙට ඇතුළුවන ආකාරයට සකස් කොට ඇත.
එය “ලාභ-පාඩු“ චක්‍රයෙන් බැලූ කල අවසන් වන්නේ පාඩු වෙනි.එහි අවාසිය මැඩ පැවැත්වීමට මා යම්කිසි උපදේශයක් දී ඇත.
2 ) තවද 2 වන ඡායාරූපය ගැන අවධානය යොමු කරන්න.
ප්‍රධාන උළුවස්ස උඩින් ඇති ලී ගණන 4කි. මෙම නිසා ප්‍රධානව ගෘහ මූලිකයාට ආර්ථික සහ රාජකාරි මට්ටමින්ද ගෘහ ජිවිතයේ ගැටළු වලින්ද අඩුවක් නොමැත. එසේම මෙය ඉතාම අශුභ තත්වයකි. මේවා නැති කල හැක.
( 3) මෙහි 3වන පින්තුරය, මෙහිදී ප්‍රධාන දොරටුව සමග උළුවහු 4ක් දර්ශනය වේ.
අවසාන උළුවහුව ඇත්තේ නාන කාමරයේ සහ වැසිකිළියේය.
එය ඉතාම අශුභ සහ භයානක තත්වයකි. මෙම නිසා ඇතිවන දුර්විපාක අතිමහත්ය.
* මෙම නිවසේ මීට කලින් සිටි අයද දැවැන්ත වූ ආර්ථික, සමාජීය පිරිහීමකට ලක්ව තිබුනි.
මෙම දෝෂ වැලැක්විමට යම් යම් ප්‍රතිකර්ම තිබේ, ඒ සම්බන්ධව උපදෙස් දුන්නෙමි.

ඔබද නැතහොත් ඔබගේ හිතවතුන්ද නිල නිවාස වල පදිංචි වීමේදි යම්කිසි සැලකිලිමත් වීමක නිරත වීම ඔබගේ යහපතට හේතු වෙනවා ඇත.
විශේෂයෙන්ම ගුරු නිවාස, රෝහල් සම්බන්ධව දෙන නිල නිවාස වල මෙම කියන්නාවූ දෝෂ අනිවාර්යෙන්ම ඇත. ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන්න.
කේන්දර සටහන් වල කොතරම් හොද ඵල තිබුනද වාස්තු දෝෂ තිබුනොත් එයින් තමාගෙ දියුණුව අඩාල කරයි.
#Iru Sewaya
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Friday, July 25, 2014
_ නිවසක් මිලදී ගැනීමේදී, ඉදිකිරිමෙදි භාවිත කල යුතු මූලික කරුණු _
මේ දිනවල මා මුහුණ දෙන විශාල ප්‍රශ්නයක් නම් වාස්තු දෝෂ පරික්ෂා කිරීමෙදි නිවැසියන්ගේ ගැටළු වලට සවන්දීමය. නිවස ලක්ෂ ගණන් වියදම් කර ඉදිකොට ඇතත් වාස්තු විද්‍යාඥයෙකුට, ජෝතිශාස්ත්‍රඥයෙකුට ප්‍රමාණවත් මුදලක් දී එය පරික්ෂා නොකරගෙන පසුවට අමාරුවේ වැටෙන අය බොහෝය.
* පසුව අහන්නේ අප මෙච්චර වෙනස්කම් කරල තියෙනවා කොහොමද මහත්තයා ඔය වෙනස්කම් කරන්නේ කියාය.
සැබැවින්ම එය විවාහ වී දරුවන් ලැබුනාට පසු පොරොන්දම් බැලීමක් වැනිය.
* නිවසක් ඉදිකිරිමට ප්‍රථම වාස්තු විද්‍යාඥයෙකු ලවා භූමිය පරික්ෂා කරගන්න. එවිට උළුවහු පැමිණිය යුතු දිශාවත් අනෙකුත් කාමර පිහිටිය යුතු දිශාවනුත්, මූලිකව මුලුතැන් ගෙය, වැසිකිලි පිහිටිය යුතු ආකරයත් ඔහු සඳහන් කරනු ඇත. ඒ අවස්ථාවෙදි නිරවුල් මනසකින් එවිට එය කල හැක. එය බලගතු තත්වයකි.
* විශේෂයෙන්ම නිවස ඉදි කරගෙන යන අවස්ථාවෙද නැවත වාස්තු පරික්ෂාවක් කරගන්න. ඉදි කිරීමට ගත යුත්තේ පොදුවේ ඔබගේ ජන්ම පත්‍රයට අනුව සඳු/චන්ද්‍ර ග්‍රහයා බලවත් වන ශුභ මුහුර්තය. ඒ ගැනද සැලකිලිමත් වන්න. ඔබට අවශ්‍ය විශේෂඥ වාස්තු විද්‍යා කටයුතු සහ භූමි පරික්ෂා කරවා ගැනිමට අප සේවය අමතන්න.

Thursday, February 13, 2014
වාස්තු විද්‍යා - පොදු කරුණු
අද කාලයේ ආර්ථික තත්වයට සහ අප සියලු දෙනාගේම ජිවිත වල දියුණුවට හෝ පිරිහිමට බලපාන වාස්තු විද්‍යා කටයුතු ගැන පොදු විස්තරයක් මෙසේය.
● විසේසයෙන්ම ඉඩමක් තෝරා ගැනීමේදි ඉඩමේ හැඩ තල ගැන සැලකිලිමත් විය යුතුය.
මෙහිදි වෘත්තාකාර, පද්මාකාර, සිංහ මුඛ, ඡත්‍ර ආදිය උදාහරණ වේ.
● නිවස, සුසාන භූමි මැදිකර ඇත්නම්, බන්ධනාගාර, පොලිසි වැනි නීතිය ක්‍රියාත්මක කරන තැන් ඇත්නම් සහ පහත් කුල වල අය සිටී නම් එම ඉඩම එතරම් වාසනාවන්ත ඉඩමක් වන්නෙ නැත.
මෙයින් නිවැසියන්ට යම්කිසි උපද්‍රවකාරි තත්වයක් ඇතිවේ.
● තවද නිවසේ ඉඩමේ අකුණු සැර වැදුනු ගස් තිබීම අසුභ බව කියමි.
ලංකාවේද සමහර පලාත් වල යම් යම් පවුල් වල අය තමාගේ පවුලේ සාමාජිකයෙක් මිය ගිය පසු තම ඉඩමේම මිහිදන් කරති.
එම ක්‍රියාව නිසා එම පරපුරේම අය පිරිහී දුකට පත්වෙන තත්වයකි. යක්ෂ, භූත, පිසාච උපද්‍රව ඇතිවේ.
● නිවස ඉදි කිරීමටද ශුභ තිථියන් ගෙහිමියන්ට අයිති නැකැත් වල ශුභ කාලයන් තෝරා ගත යුතු අතර නිවස ඉදි කිරීමට තෝරා ගන්නා දැවද යම් ආකාරයකට තෝරා බේරාගෙන කටයුතු කල යුතු බව පවසමි.
● නිවසකට ප්‍රධාන දොර ඉතාම වැදගත්ම සාධකයකි. එම දොර තැබීම සඳහා පලපුරුදු වාස්තු ජෞතිෂ්‍යය වේදින් හා කතා කර තැබීම සුදුසු වේ.
ප්‍රධාන දොර කෙලින් අංශක 90 බිත්ති, පරාල, කණු තිබීම නිවසට අසුභ ගෙනෙන වාස්තු පිහිටිම්ය.
ප්‍රධාන දොර ඉදිරිපිට කිරි නැති හර ගස් තිබීම අශුභය.
● තවද වැසිකිලි වල සහ වැසිකිලිය ගෙදරට දෝෂ ගෙනෙන ප්‍රබලම ස්ථානයකි. එම ස්ථාන ගෙදරට අයහපත් නොවන ආකාරයට ස්ථාපනය කරගැනීම කල යුතුය.
විසේසයෙන්ම නානකාමර, වැසිකිලි කැසිකිලි මුළුතැන් ගෙයට යාබද හෝ සමාන්තරව වන්දනාමාන කටයුතු කිරීම අයහපත් බව සඳහන් කරමි.
ඒවා සුභ ස්ථාන වලට දිශානුගත කල යුතුය.
● තවද බුදු රූප, දේවරූප යනාදි තමන් අදහන ආගමට අයිති සංකේත හෝ එම ශාස්තූන්වහන්සේලාගේ රූප අශුභ දිශා බලා තැබීම අයහපත්ය.
* නිවසක් ඉදි කිරීමට කලින් භූමිය පරික්ෂා කරවා ඉන්පසු වාස්තු විද්‍යානුකූලව තමාගේ නිවසේ සැලසුම පරික්ෂා කරවා ගැනීම ඔබට මහඟු ප්‍රතිඵල අත් කරගැනීමට හේතු වන කාරණයකි.
* මන්ද අපට බොහෝවිට ලැබෙන්නෙ නිවස ඉදිකල පසු වාස්තු පරික්ෂාවන්ය.
ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කර ඉදි කරන එම ඉදිකිරීම් වල ශුභ අශුභ පරික්ෂා කිරීමට අපට ආරාධනය කල පසු අප එම ස්ථාන වල දෝෂ ඉදිරිපත් කිරීමට අපට සිදුවන්නේ දැඩි මානසික කඩාවැටීමකින් පසුය.
මන්ද එපමණ මුදල් වියදම් කර තනන නිවසේ යම් යම් වෙනස්කම් කිරීමට උපදෙස් දීමේදි ප්‍රායෝගිකව එම කටයුතු කරගැනීම එම නිවැසියන් තවත් අමාරුවට වැටීමට හේතුවක් වන නිසාය.
මෙහිදී නිවැසියන්සේම අපද මහත් මානසික සහ උපදේශනාත්මක වශයෙන් අපහසුතාවයකට ලක් වන්නෙමු.
එම නිසා මුලින්ම නිවස සහ භූමිය පරික්ෂා කරගැනීම ඉතාම වැදගත් බව සඳහන් කරමු !

Subscribe to:
Posts (Atom)