Thursday, October 23, 2014

ඉඩමක් තෝරා ගන්නා විදිය ඔබ දන්නවාද ?


අද අප කාටත්, ඇති සිහිනයක් තමයි නව ඉඩමක් මිලදී ගැනීම, එහි ලස්සන ගෙයක් තනා ගැනීම.
මෙහිදී අප අවධාරණය කරන්නේ අප කුමන හැඩතලයක ඉඩමක් මිලදී ගත්තත්....
අපට සීයට ගණනකින් භූමියේ දෝෂ මග හරවා ගන්න පුලුවන්. එහි වෙනස්කම් ඇති කරගැනීමට වාස්තු ශාස්ත්‍රඥයෙක්ගේ සහයෝගය ඔබට අවශ්‍ය වේ.
එසේ නම් අප බලමු, ඔබ මිලදී ගැනීමට, සිතා සිටින ඉඩම මෙවැනි හැඩතල ඇද්දැයි කියා...

1. භද්‍රාසනාකාර භූමිය

මෙය ඉඩම මධ්‍ය කොටසේ උස්ව පිහිටා ඇත.
මෙම භූමිය කදු ගැටයක් මෙන් කුඩාවට පෙනේ.
මෙය මිලදී ගැනීම නිසා ආර්ථික වාසිය ඇතිවේ.

2. චතුරස්ස්‍රාකාර ඉඩම

දිගින් සහ පළලින් සමාන වූ මේ ඉඩම ඉතාම ශුභයි.
ධන ලාභ, පුත්‍ර ලාභ සහ වෙනත් සියලුම ලාභයන් මේ ඉඩමෙන් ඇතිවේ.

3. ව්‍යාජනාකාර භූමිය

මෙම ඉඩම හැඩයෙන් පොරෝ තලයක හැඩය ගනී.
අශුභ වූ භූමියකි. ධන හානි, රෝග පීඩා ආදිය ඇතිවේ.

4. ශුර්ප භූමිය

කුල්ලක් ආකාරයට ඇති මෙම ඉඩම නිසා, සොර සතුරන්ගෙන්ද ධනය නැතිවීමද, දරුවන්ටද අපල ඇති කරයි. - හොද නැත.

5. සිංහාකාර භූමිය

මෙහි හැඩය වන්නේ හිස ඔසවා ගත් සිංහයෙක්ගේ හැඩයයි. මෙම ඉඩම මිලදි ගැනිමෙන් සකල අභිවෘද්ධිය ඇතිවේ.

6. අයථාකාර භූමිය

දිග වැඩි පළල අඩු, එනම් ඍජුකෝණාස්‍රාකාර හැඩති මේ ඉඩමෙන් ශුභාශුභ ඵල ලැබේ.
මෙය අපට ඕනෑ ආකාරයකට සකස් කරගත හැක.

7. වෘත්තාකාර ඉඩම

හැඩය රවුමක් මෙනි. මෙවන් ඉඩම් අද සොයාගැනිමට නොහැකි වුවත් හම්බ උනොත් හොදයි. සුභ පල ඇතිවේ.

* ඔබට සහ ඔබගේ හිතවතුන්ට ඉඩම් මිලදී ගැනීම ගැන යම් දෙයක් ඉගෙනීමට පුලුවන් නේද ?
වැඩිදුර තොරතුරු සදහා අපගෙන් උපදෙස් ගත හැක.

___ Iru Astrology ____

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).

නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment