Friday, October 31, 2014

__ කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ, සිදුවූ නායයෑම සම්බන්ධවයි __

මේ දිනවල වැඩියෙන්ම කතාබහට බඳුන් වී ඇති මෙම ශෝකාන්තය ගැන, ආයතනයක් වශයෙන්ද එම ජනතාවට අපගේ දැඩි සංවේගය පල කරන අතර, මෙවන් විපතක් ජාති ජාතිවත් නොවේවායි ප්‍රාර්ථනා කරමු !
එසේම, මේ සම්බන්ධ විස්තරය අලලා විවිධ මාධ්‍ය වලින් එක් එක් වර්ගයේ ජෝතිෂ්‍යයවේදීන් දැන් ඇවිත් විස්තර ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. අප ජෝතිෂ්‍යය සේවයක් වශයෙන් මේ සම්බන්ධව කීමට සහ යම් විස්තරයක් ප්‍රකාශ කිරීමට තරම්වත් වේලාවක්ම නොතිබුනි. මන්ද පහුගිය මාස 1 හමාර 2ක ඇතුලත කාලය තුලදී පුද්ගලයින් වෙනුවෙන් කරදීම නිසා හෙම්බත්වී සිටියෙමු.

ලෝකායතන ජෝතීර්විද්‍යාව අනුව(රටක් ගැන, විශාල ජන සමාජයක් ගැන, භූමිය ගැන අදාල ජෝතිෂ්‍යය නිගමන), මෙම කාලය තරමක කලබගෑනි සහ යම් භෞතික විපර්යාස සිදුවන කාලයකි. මන්ද ශනි/සෙනසුරු ග්‍රහයා වසර 2 හමාරකට පසු තමාගේ උච්ච රාශිය වූ තුලාවෙන් වෘශ්චිකයට සංක්‍රමණය වීම හේතුවෙනි.

ශනි සමහරවිට තුලාවෙන් වෘශ්චිකයට යන්නේ තරහින්ද කියාත් සිතේ. උච්ච භවනය අතහැර, සතුරු භවනයකට යන ශනි, යන යකා කොරහත් බිඳගෙන යනවා යැයි කීමට අදාලව යම් දරුණු විපත් ඇති කරයි. එයද ප්‍රස්තුතයක් වශයෙන් බැලූ කල ශනිගේ අණසක පවතින අප්‍රිකාවේ කොටස් වලටත්, දකුණු ආසියාවේ ඉන්දියාව, ශ්‍රීලංකාව සහ පකිස්ථානයේ, මාලදිවයිනේ කොටසකටත්, බංග්ලා දේශයේ කොටසටකත් දැඩි වූ ව්‍යසන ඇති කරයි.

සෙනසුරුගේ මේ තත්වය ගැන සමහර අය කතා කරන්නේ, මේ ඊයේ පෙරේදා සිටය. එනම් කොස්ලන්දේ ශෝකාන්තය වූ දා සිටය. නමුත් ප්‍රෙක්ෂක ඔබට මතක ඇති, හුඩ් - හුඩ් සුළි කුණාටුව, නිලෝෆා සුළි කුණාටුව, එසේම චීනයේ පහල කොටස් වල ගංවතුර, බංග්ලා දේශයට තද වැසි සහ ජීවිත හානි එසේම අප්‍රිකාවේ කොටසකට ඉබෝලා වෛරසය පැතිරීම - මේ සියලුම දේවල් ශනිගේ ක්‍රියාදාමයන් ඔස්සේ සිදුවෙන බව පැහැදිලිය.

නමුත් කණගාටුවට කාරණාව අප පුද්ගලයන්ට මෙවැනි දේ සම්බන්ද පුද්ගලිකව කියාදී ඇත. ඔවුන්ගේ ජිවිතය සමග සෙනසුරු මාරුවට අදාලව සිදුවන විපත්ති සම්බන්ධව කියාදී ඇත. මොළයටම මේ සම්බන්ධව චින්තනය ඔබ්බවා ඇත. එය අපගෙන් සේවය ලබාගත් සියලුම දෙනා දනිති.

නමුත් මධ්‍යස්ථ වූ කෝණයකිනුත් බලන කල කරුමය උරුමයක් කරගත්විට කුමන ගැලවීමක්ද ?

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සහ භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයෙන් 2005 වසරේදී සහ 2011 වසරේදී අවස්ථා 2ක 3කදී ඔවුන්ට ඉවත්වන මෙන් ඉල්ලීම් කර ඇත.

නමුත් එම ජනයා එම ස්ථානයට විකල්පව ලබාදුන් ඉඩම් වල පදිංචි වීත් නායගිය ස්ථානයේ ඉඩම් වලද පදිංචිව සිට ඇත.

හරියට හාමුදුරුනමකට විහාරස්ථාන 2ක් තිබෙනවා වගේය.
එසේම තවත් විශේෂ කාරණාවක් වන්නේ, නාය ගිය දිනට පෙරදින 28 වන දින පෙරවරුවේ සහ හවස් වරුවේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තැන විසින් ඔවුන්ට අනතුරු ඇඟවූවත් ඔවුන් නොවෙයි ගියේ එතන අතහැරලා.
මේවා අප විසින් එම ප්‍රදේශ වල වගකීමක් සහිත ජනතාවගෙන් දැනගත්ත කාරණා. එසේ නම්, ඔවුන් දෙවරක්ම රජයෙන් අනතුරු අඟවද්දී ගියේ නැතුව එතනම සිටිය නිසා මේ විපත සිදු උනා. එදා ඔතනින් ඉවත් වෙලා තිබ්බ නම් කයිවාරු ගහන ජෝතිෂ්‍යය වේදීන්ගේ කටවහල් වැහෙනවා නේද ? එහෙනම් ඒක බොරු වෙනවනේ ?

මම තවත් ලස්සන කතාවක් කියන්නම්. ඔබලාට මතකනේ 2004 සුනාමි ව්‍යසනය. මහ මුහුද ගොඩ ගැලුවා. ඒකියන්නේ ගුරු/බ්‍රහස්පති සිංහ රාශියේ සිට කන්‍යාවට මාරු වුන අලුත. එතකොට සෙනසුරු හිටියෙත් කටකයේ. එතකොට මහ මුහුදේ යක්ෂයා හිටිය. ඕක අපිට ජෝතිෂ්‍යයෙදි යම්කිසි නිගමනයකට ගන්න පුලුවන්. ඒක එහෙම වෙලා ජිවිත මහ රාශියක් බිලි ගත්තා.

තමන්ගේ ජාති වර්ගයා රළ පහරට බිලිවෙලත් ඉතුරු වෙච්ච මිනිස්සු ආයෙත් ගිහිල්ලා පදිංචි වෙලා තියෙන්නෙ මුහුද අයිනෙමනේ.
එතකොට මේ අයට කියල හදන්න බෑ. සමහරවිට ඒ අපේ ජාතියේ හැටිද දන්නෙත් නෑ. එතකොට කරුමය මෙයාල උරුමයක් කරගෙන. කොස්ලන්ද ඛේදවාචකයත් ඒවගේ දෙයක් තමයි. ඒ අය ඔය තත්වයට මුහුණ දුන්නේ එයාලගෙම වරදින්.

ඉතින් මේ සම්බන්ධව දැඩි ශෝකයක් අපිට තියෙනව වගේම, හිතන්න යමකුත් ඉතිරි කරලයි මේ ඛේදවාචකයට ගොදුරු උන සියලුම දෙනාට දැඩි ශෝකය ප්‍රකාශ කරන අතරම ඔවුන්ට නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව.

No comments:

Post a Comment