Monday, October 20, 2014

“ කාලසර්පයටත් අභියෝග කල දිරිමත් හඳහන “

කාල සර්ප යෝගය කියන්නෙ බොහෝ දෙනා බය වන යෝගයක්. ග්‍රහ තත්වයක්.
ඡායා ග්‍රහයන් වන රාහු-කේතු දෙදෙනාට අනිත් ග්‍රහයන් 7 කොටුවීම කාල සර්ප යෝගය කියල තමයි හඳුන්වන්නේ. ඒකියන්නෙ නවග්‍රහයන්ගෙන් 7 එක පසෙකට වීම. උදාහරණයක් විදියට රාහු ලග්නයේ ඉදල කේතු 7 සිටින විට, අනිත් ග්‍රහයෝ 7ම 2,3,4,5 යෙදුන කියමු. එතකොට පූර්ණ කාල සර්ප යෝගයක් යෙදෙනව.
මෙම යෝගය යෙදුනම ඒ පුද්ගලයාගේ ජිවිතයේ මොකක් හරි ලොකු අඩුපාඩුවක් යෙදෙනව. ඒ අඩුපාඩුව කියල කියන්නෙ ජීවිතයේ එක පැත්තක් හිස් වෙන එක. ඒක මේ විදියට කියන්න පුලුවන්.

එක්කෝ විවාහයක් නෑ. එක්කො කොච්චර ඉගෙන ගත්තත් රස්සාවක් නෑ. එක්කො සල්ලි තිබ්බට මොලේ නෑ. එක්කො විවාහ වෙන්න බෑ. මේ ආදි දේවල් ..

නමුත් මේ අතරත් ග්‍රහ පිහිටිම් යෙදෙනවා, තමාගේ ජිවිතය ඉහලට ගැනීමේ භාග්‍යයත් එක්ක. සුවිශේෂි ග්‍රහ පිහිටිම්. එහෙනම්, ඔයාලගේ අවධානය යොමු කරන්න මේ කේන්දරය දෙසට.

* 1964 වසරෙ පෙබ. 16 වන දින, ඉරිද දවසක උදේ 5.16ට ඉන්දියානු සම්භවය ඇති මව්තුමියකගේ කුසින් මෙලොවට බිහිවුනු මේ මහත්මයා මකර ලග්නයෙන් තමයි ඉපදුනේ. සෙනසුරුට අයිති උත්‍රපුටුප නැකතේ ප්‍රථම පාදයෙන් උප්පත්තිය ලැබුව.

ග්‍රහ පිහිටිම් මෙහෙමයි. මකර ලග්නයේ බුධ ග්‍රහයාද(1), 2 වැන්නේ කුජ-ශනි-රවිද, ගුරු-චන්ද්‍ර- සිකුරු 3 වන කොටුවේද රාහු 6ද කේතු 12ද පිහිටා තිබෙනව.
එතකොට පූර්ණ කාල සර්ප යෝගයක් තමයි පිහිටල තියෙන්නෙ. නමුත්, මම මේ වෙලාවෙ කියන්නෙ අපේ කර්මය වෙනස් කල හැකිද කියල දාපු ලිපිය මේකත් එක්ක සංසන්දනය කරන්න.
(http://rivisanda.blogspot.com/2014/10/blog-post.html)
තමාගේ ජිවිතය වෙනස් කරන්න පුලුවන් සාධක අපේ අතේම තියෙනව. එතකොට මේ මහත්තයත් ඒ දේම කරපු කෙනෙක්.

1964 පෙබවාරි මාසේ ඉපදුනු මේ මහත්තයා දමිල ජාතිකයෙක්. බලන්න හඳහන දිහා. අවුරුදු 18ක් 19ක් ආසන්න වෙනකම්ම තිබිල තියෙන්නෙ සෙනසුරුගේ මහ දසාව. ඒකියන්නෙ අවු. 18 මාස 6කට අාසන්නව. මේ මහත්තයා කුඩා කාලයෙදි ඉතාම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරල තියෙන්නෙ.

●  සෙනසුරුගෙ මහ දසාව ගත වෙනකොට ඒ අයට දුක කියන එක ලගම නෑදෑයෙක් වගේ ඉන්නෙ. 1976 වෙනකොට මෙයාගේ ගෙදර තියෙන අඟහිඟකම් කරදර නිසා මෙයාගෙ දෙමව්පියො මෙයාව බාර දෙනව මඩකලපුව ප්‍රදේශයේ එක්තරා කඩයකට වැඩට. එතකොට මේ මහත්තයට ගත වෙලා තියෙන්නෙ සෙනසුරුගෙ මහ දසාවෙ සඳු අන්තර් දසාව.
* සෙනසුරු මහ දසාවේ සඳු අන්තරය ගතවීමත්, සඳු 3 වැන්නේ සිටීමත් හේතුවෙන් මේ දරුවා ඒරාෂ්ඨක අපලයක් කුඩා කාලයේදිම ගත කරන අතර, මවගෙන් වෙන්වීම පෙන්වනව. නොයෙකුත් විදියේ තාඩන පීඩන මැද තමයි මේ මහත්තයා කුඩා කාලෙයදි ජිවත් වෙලා තියෙන්නෙ.

●  සෙනසුරු මහ දසාව පූර්ණ වශයෙන්ම අත්දැකීම් සහිතව දුක් විඳින මේ මහත්තයා, ඉතාම වාසනාවන්ත ප්‍රවේශයක් ගන්නේ මෙන්න මේ කාලයෙදි. 1986 වන විට මේ මහත්තයට ජිවිතයේ ජයග්‍රහණ ලැබෙන්න පටන් ගන්නව. මේ මහත්තයා පොත පතින් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. මේ මහත්තයගෙ කේන්දරය දිහා බලන්න.
9 අධිපති බුධ ග්‍රහයා ලග්නයේ ඉන්නවා වගේම ලග්නයට අනුග්‍රාහකත්වය දක්වන ඒකියන්නෙ ස්පොන්සර් කරන සිකුරු උප්පත්ති කේන්දරයේ 3 වන කොටුවේ ඉන්නෙ උච්ච වෙලා.
මේ මහත්තයට ඒ ග්‍රහ බලය වගේම 1982දී ලැබුව බුධ මහ දසාවෙදි මේ මහත්තය වැඩට එන්නෙ කොළඹ ප්‍රදේශයේ  පිටකොටුවට. 1982 අවුරුද්දෙදි පිටකොටුවෙ කඩේක වැඩට එනව. අවුරුදු 19ක සෙනසුරුගේ මහ දසාවෙදි දුක මිශ්‍ර අත්දැකිමෙන් ලබපු පන්නරයත්, 1982-86 සිට වාසනාවන්ත ධන වාසනාවත් එයාට ඒ දේ හිමි කරල දුන්න.

●  1986 ඉදල ආපු මේ ගමනෙදි ඉහල ආර්ථික තත්වයක් රඳව ගන්න මේ මහත්තයට පුලුවන් උනා. මේ මහත්තයා බොහෝම දෙවියන්ට බුදුන්ට ගරු සරු දක්වන්නෙක්.

●  නවග්‍රහ පූජා වගේම නිතරම යම් යම් ග්‍රහ දෝෂ මර්ධනයට යම් යම් දේවල් කරන කෙනෙක්. අපගේ උපදෙස් අනුව සියලුම ධනසාධණීය ආකර්ෂණ යන්ත්‍ර, කාර්ය සිද්ධි යන්ත්‍ර කරගත්ත කෙනෙක් තමයි මේ මහත්තය.

●  මෙතුමගෙ ජිවිතයේ ලොකු දියුණුවක් ලබාගත්ත අවුරුද්දක් තිබ්බ ඒ තරමයි 1994 අවුරුද්ද.

කෙනෙකුගේ ජිවිතයේ ඉරණම තීන්දු කරන විවාහය සිද්ධ වෙන්නෙ මේ මහත්තයට 1994දි. 94 වසරේ අගභාගයෙදි එතකොට මංගල යෝග ලබන මෙතුමාට සත්කලත්‍ර විවාහයක් තමයි සිද්ධ වෙන්නෙ. ඒ විවාහය බොහෝම වාසනාවන්ත විවාහයක්. ඒ විවාහය නිසා මේ මහත්තයා බොහෝම හොදට දියුණු වෙනව. විවාහයෙන් පසුව ඒ භාර්යාවගේ හඳහනෙත් තියෙන්නෙ ස්වාමියාව ඉතාම ඉහලට ගන්නා වූ යෝග. ඒනිසා දියුණුවේ හිණිපෙත්තටම යන මෙතුමාට ග්‍රහ බලයෙන් තව තව උදව් උපකාර ලැබෙනව.

●  යම්කිසි කෙනෙකුගේ කේතු 12 ඉන්න එක බොහෝම බලවත් දෙයක්. ඒ අයගේ මුදල් අනිවාර්ථයේ වියදම් වෙන්නෙ නෑ. මුදල් ඉතුරු වෙනව. කේතු මහ දසාව ඇතුලෙදි කුඩා පරිමාණයෙන් ගොවි පලක් අරඹන මේ මහත්තයා 2003 අවුරුද්දෙදි ඒක පුළුල් කරනව. අද වෙනකොට සිකුරු මහ දසාව තමයි ගත කරගෙන ඉන්නෙ. වැඩි අටුවා ටිකා ඕන නෑ. අද වෙනකොට මේ මහත්තයා ප්‍රකෝටිපතියෙක්.

මේ මහත්තයට විශාල කිරි ගොවිපලක් වගේම, ඉඩකඩම්ද උඩරට පලාතෙ තියෙනව. ඔයාලට තව කතාවක් කියන්නම්.
මේ මහත්තයාගේ කිරි ගොවිපලේ ගොඩක්ම ඉන්න කිරි එළදෙනුන් මුදල් දීලා මරණයෙන් බේරාගත්ත සතුන්.  මේ මහත්තයා ආදායමත් එක්ක පිනත් එකතු කරන කෙනෙක්. අපගේ උපදෙස් මතද මෙතුමා බොහෝ කිරි එළදෙනුන්, විශේෂයෙන් ගැබ්බර කිරි එළදෙනුන් තමාගේ ගොවිපලේ රැකවරණය ලබාදී තිබෙනව

පිනට පින එකතු කරගත් මෙතුමාට බොහෝ සැප සම්පත් ලැබෙන්නේ ඒ හේතුව නිසා !

●  මෙතුමාගේ ජිවිතය ගැන සිතා බැලීමේදී 1976දී මඩකලපුව ප්‍රදේශයේ කඩයක වැඩට ගිය කුලියට ගිය මෙතුමා, අද භාවිතා කරන්නෙ නවීන වර්ගයේ වාහන. එහි වටිනාකම පවා මිලියන 10කට වැඩියි. ඒවගේම තමයි ගොවිපොලේ විතරක් සියලුම වාහන 80ක් පමණ තියෙනව. ඒවායින් 10කට ආසන්නව නවීනතම පහසුකම් සහිත කිරි බවුසර්.

මේ මහත්තයගෙ දරුවො ගැන ඔයාලට මොනවද හිතෙන්නෙ ?

* මේ මහත්තයා බුධ ලග්නයේ ඉන්න නිසා කුඩා දරුවන්ට හරි ප්‍රිය මනාපයි. නැති බැරි දරුවන්ට අධ්‍යාපනයට වියදම් කරන මේ මහත්තයගේ දරුවොත් දියුණු තත්වයක ඉන්නව.
ඒ ඇයි ???
5 අධිපති සිකුරු උච්ච නිසා මේ මහත්තයගේ දරුවෝ අද ඉන්දියාවේ ඉහලම විද්‍යාල වල ඉගෙනුම ලබනව වගේම එයින් 2ක් ඉංජිනේරු ශිෂ්‍යයන්. එක දරුවෙක් ඇමරිකාවේ නාසා ආයතනයටත් පුහුණවට ගිය කෙනෙක්. ඉන්දියාවේද කෝටි ගානක දේපල මේ මහත්තයට හිමි වෙල තියෙනව.

●  ඉතින් අගනුවරත් මේ මහත්තයට තියෙන දේපල ගැන හිතනකොට, මට හිතෙන කාරණාව මේකයි මේ මහත්තයා ජෝතිෂ්‍යයේ හැටියට ජිවිතය ජයග්‍රහණය කරල තියෙන්නෙ නිරන්තර උත්සහයත්, නිසි කටයුතුත් නිසා.
●  මේ මහත්තයගෙත් විවාහය හොදට හිතල මතල තීරණය කරපු නිසා අද දියුණු උනා. විවාහයෙන් පසුවත් බොහෝ දියුණුවට පත් උනා මේ මහත්තයා. මෙයාටත් නරක කාන්තාවක් විවාහයට ලැබිල තිබුන නම් අද ඉන්න තත්වයේ නෑ නේද ?
ඒ ගැන කල්පනා කරන්න ඕන හැමවෙලාවෙම ... ඒ ගැන අප සඳහන් කලේ ජිවිතය වැරදුනු ගැහැණු ළමයගේ හඳහන මතක නේද ?

ජීවිතයේ නිවරදි තීන්දු ගන්න, නිවරදිව කටයුතු කරන්න. ඔයාලටත් වාසනාව ලැබේවා !

@Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment