Wednesday, October 1, 2014

“ ජයලලිතාට මොකද උනේ “

1948 පෙබරවාරි 24 වනදා, සවස 2.30ට ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ උපන් ජයලලිතා ජයරාම් මෙනවියගේ හඳහන සම්බන්ධව ඉදිරිපත් කිරීම කාලෝචිත කාරණාවක් බව අපට වැටහුනි.
මෙම කේන්දරය ආශ්‍රිතව බැලූ කල එතුමිය සම්බන්ධ බොහෝදේ අපට උගත හැක.

මෙහිදී මෙතුමිය, මෙතුමියගේ අයහපත් බලපෑම් නිසා අපට තිත්ත වී ඇති චරිතයකි.

විශේෂයෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදි සංවිධානයට යලිත් පණ පෙවීම උදෙසා තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින අන්තවාදින් සමග එකතු වී මෙතුමිය ලංකාවට එරෙහිව ගෙනගිය ව්‍යාපාරය ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ අපි කවුරුවත් දැඩි ලෙස හෙලා දැක ඇත.

නමුත් ජෝතිෂ්‍යවේදියෙක් වශයෙන් මෙම හඳහන දෙස මධ්‍යස්ථ කෝණයකින් බැලූ කල අපට පෙනෙන්නාවූ නොයෙකුත් නොයෙකුත් ජෝතිෂ්‍යමය කරුණු කාරණා ඔස්සේ මෙතුමියගේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන තුන්කල් බැලීමට පුලුවන.

* මෙතුමිය ජිවිතය ආරම්භ කරන්නේ, සිනමා තාරකාවක් විදියටය.
* මෙතුමිය 1965දී එතුමියට එවිට වයස අවුරුදු 16කි.

“ වෙන්ඉරආඩෙයි “ නැමති චිත්‍රපටියෙන් මෙතුමිය සිනමා ක්ෂෙත්‍රයට අවතීර්ණ විය. සිනමා ක්ෂෙත්‍රය තුලින් ඉතාම ජනප්‍රිය නමක් ස්ථාපිත කරගත්තාය. ● එයට පැහැදිලිම හේතුව මිථුන ලග්නයේ යෝගකාරක ග්‍රහයා වන සිකුරු/ශුක්‍ර ග්‍රහයා 10 වැන්නේ බලවත් වෙමින් “මාලවී යෝග“ බලය ඇති කල නිසාය.
එසේම මෙතුමිය රඟපෑ බොහෝ චිත්‍රපට ඉන්දිය සිනමාවේ ජනප්‍රියම තාරකාවක් වූ එම්ජීආර් සමග රගපා ඇත.

● බොහෝ දෙනා පවසන්නේ එම්ජීආර් සමග කිට්ටු සබදතාවක් මෙතුමියට පැවති බවයි.
එසේම නළුවා සමග සම්බන්ධ වීම දේශපාලන කරලියට සම්බන්ධ වීමට ප්‍රබල හේතුවක් විය.
මැයට විවාහ ජිවිතයක් අදටත් නොමැත.
* එයට හේතුව නම් බ්‍රහස්පති/ගුරු 7 වැන්නේ බාධක ග්‍රහයා වී සිටීමයි. උභය රාශි වලට, එනම් මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට 7 වැන්න බාධක ස්ථානයයි.
එම බාධක ග්‍රහයා බාධක ස්ථානයේ සිටිමම විවාහයක් නොවීමට හේතු කාරක වී ඇත.
එසේම 7 වැන්නට එල්ල වන්නා වූ චන්ද්‍ර-මංගල යෝගය විවාහ සබදතා කඩාකප්පල් කරන පිහිටිමකි.

● අප මැයගේ චරිත ලක්ෂණ දෙස බැලීමේදී, සිනමා නිලියක් වශයෙන් තමාගේ නම ස්ථිරසාර කරගැනීමට ව්‍යාජ වූ සුන්දරත්වයක් මවා පාගෙන සිටියත්, මැය හදවතින්ම දරුණු අදහස් උදහස් ඇති විප්ලවකාරි චරිතයකි.
* මන්ද ශනි ග්‍රහයා 2වන භාවයේ සතුරුව සිටිම නිසා නපුරු ගතිගුණ සිත් අභ්‍යන්තරයේ තැබේ.

● එසේම කුජ-චන්ද්‍ර(චන්ද්‍ර මංගල) යෝගය මේ ආකාරයට පිහිටිය යුත්තේ පිරිමියෙකුටයි.
නමුත් හොඳින් හරි නරකින් හරි තමාගේ අරමුණු කරා යෑම මෙවන් හඳහන් ඇති අයගේ ලක්ෂණයයි.

● එසේම ලග්නාධිපති යෝගයක් සමග 9 වැන්නේ පිහිටිමත් කුජගේ දෘෂ්ඨිය බුධට යෙදීම නිසාත් තමාගේ අරමුණු වෙත ඉතාම කපටි බුද්ධියකින් ලගාවේ.

● එසේම රාහු 11 සිටින අය මුදල් ඉපයීමට ඉතාම දක්ෂය.
අසල්වැසි රටවන ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් දුප්පතුන්ගේ සංඛ්‍යාව, එදා වේල නොමැති දුප්පත් අයගේ සංඛ්‍යාව කෝටි ගණනකි.

● එම ජනතාවට නායකයා වන මෙතුමිය, අයථා ලෙස රැස් කර ඇති මුදල් සහ දේපල ප්‍රමාණය අතිමහත්ය.
එසේම එවැනි කූට ආකාරයට මුදල් රැස් කිරීමට මැයගේ කේන්දරයේ කුජ-බුධ සප්තම දෘෂ්ඨිය බලපා ඇත.
* මැය සැබවින්ම මනුෂ්‍යන්ට ආදරේ කරන කෙනෙක් නොව තමන්ට සහ තමන්ගේ පවුලේ අයට ආදරය කරන කෙනෙකි.
එයට හේතුව නම් මෙවන් කේන්දර ඇති අය හොඳ අය නොවේ.

● සෙනසුරු/ශනි ග්‍රහයා 2වැන්නේ සිටිම සිත කැත වන පිහිටිමකි.
* කේන්දරය ගැඹුරින් බැලූ කල පෙනෙන්නේ තමාට වඩා අවු. 30 ගණනකට වඩා වැඩුමල් එම්ජිආර් නම් නළුවාව ආශ්‍රය කර ඇත්තේ මෙතුමියගේ සැබෑ කපටි කෛරාටිකකම නිසාය.
එයින් දීර්ඝකාලීන සුඛ විහරණයට අවශ්‍ය වූ සියලුම පදනම මෙතුමිය සකස් කරගත්තාය.

● එසේම සිකුරුගේ සහ රාහුගේ බලවත්කම නිසාම අතිවිශාල ජනතාවගේ බලයක්ද මෙතුමියට ලැබී ඇත.
එහෙත් ඒ ජනතාව සැබෑව අවාසනාවන්තය.
මෙතුමිය අයථා ආකාරයට රැස් කර ඇති මුදල් දෙස බැලීමේදි එම ජනතාව ඉදිරියේදි තීන්දුවක් ගනු ඇත.

● මෙතුමියගේ වර්තමානයේ ගුරු මහ දසාව ගතවේ. ගුරුගේ මහ දසාවේ සෙනසුරු දසාව දැන් ගතවේ.
තවත් අවු 2යි මාස ගණනකට පසු ගුරුගේ මහ දසාවේ බුධ අන්තර් දසාව ගතවේ.
මෙම කේන්දරයේ ඇති බලතල ඇති ආකාරයට, වසර 4කට දැනට නියමව ඇති සිර දඬුවම කෙටි වීමට බොහෝ ඉඩකඩ ඇත.
කෙසේ වෙතත් බලවත් කේන්දරයක් බව පරික්ෂා කිරීමෙන් වැටහී යයි.

● රාජ යෝගම බැලු බැල්මටම 2ක් ඇත.
මෙතුමියගේ රාජ යෝගය, මෙතුමියගේ ග්‍රහ බලය භාවිත කර ඇත්තේ, තමන්ගේ ආත්ම ලාභය සහ සුඛ විහරණයට යන්න කාරණය පුවත්පත් දෙස බැලීමේදි හැඟී යයි. අනේද කියන්නේ... ?
මේ ගැන තීරණය කිරිම පාඨක ඔබට භාරයි !

තෙරුවන් සරණයි !

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment