Friday, October 3, 2014

දන්නවාද රසවත් ආහාරපාන ලැබීමට ඔබගේ කේන්දරයේ යම්කිසි බලයක් ඇති බව ?

මනුෂ්‍යයන් වන අපිද, බුද්ධි මට්ටමෙන් අඩු සත්වයන්ද සියලුම දෙනා ආහාරය මත පදනම්ව යැපෙති. එසේ නම් ආහාර යනු මනුෂ්‍යා ජිවත් කරන ප්‍රධානම සාධකයයි.
දුප්පත් පෝසත් අප සියලුම දෙනාට කුමන හෝ ආකාරයෙන් ආහාර ලැබේ, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.
අප මෙහිදි සදහන් කරන්නේ, රසට ගුණට සහ දිවට මිහිරිව ආහාර ලැබීමට පවතින ග්‍රහ බලය කුමක්ද කියාය.

● යම්කිසි කෙනෙකුගේ ආහාර සම්බන්ධව ජෝතිෂ්‍යෙය් හැටියට පෙන්වන ස්ථානය 2 සහ 11 ය.
11 වැන්න බලවත් වූ විට ආහාර පාන ලැබේ. උදාහරණයක් විදියට, 11 වැන්නේ බ්‍රහස්පති/ගුරු ග්‍රහයා බලවත්ව සදුගේ දෘෂ්ඨියට පාත්‍ර වේ නම්, ඔහුට රජවරුන් සමග එකට හිඳ ආහාර පාන වැළදීමේ භාග්‍යය හිමිවේ.
සමහරවිට උපතින් දුප්පත් පුද්ගලයෙක් විය හැක. නමුත් යම් කාලයකදි රජමහාමාත්‍යාදීන් සමග එකට හිදිමින් ආහාර පාන අනුභවයට වාසනාව ලැබේ !

● සඳු/චන්ද්‍රයා බලවත් විමෙන් යෝගට්, කේක් වර්ග වැඩිපුර වැළදීමට අවස්ථාව ලැබේ.

● එසේම මා කේන්දර පරික්ෂාවෙදි දුටුව එක්තරා කාරණයක් මේ අවස්ථාවෙදි මතක් කරමි.
* මීට අවුරුදු ගණනාවකට ප්‍රථම එක්තරා ප්‍රදේශයක දුප්පත් පවුලක සිටි පිරිමි දරුවෙකුගේ ලග්නය කුම්භ වී 2 වැන්නේ(මීන රාශිය) සිකුරු ග්‍රහයා බලවත්ව සිටියේය.
මා ඔහුට කිව් අනාවැකිය නම්, “ ඔබලා කෙතරම් දුප්පත් වුවත් මොහුට ඉතාම මිහිරි ආකාරයට ආහාර සකසා දෙනවා නේද යැයි ප්‍රශ්නයක් ඇසුවෙමි. එය සත්‍ය බව එම දෙමාපියන් පිලිගත්තේය.
එසේම ඔහු අද ප්‍රධාන පෙලේ හෝටලයක කළමනාකාරවරයෙකි. ඔහුට රස මිහිරි ආහාර භෝජන නිතර වැළදීමට අවස්ථාව දී ඇත්තේ සිකුරු ග්‍රහයාය (මේවා පෙරකල පින්ය) .

● ශනි/සෙනසුරු දුර්වල නම් රස ආහාර නොලැබේ. ආහාර ලැබුනද සැනසීමෙන් ආහාර ගත නොහැක.
සමහර ධනවතුන්ට පවා මෙය පිහිටා තිබීමෙන් කොතරම් සැප සම්පත් තිබුනත් තුන්වේල හරියට අනුභව නොකරයි. ඔවුන් කර්කශ දේම අනුභව කරයි. එයද කේන්දරයෙන් පෙන්වයි.
එයද මා ඉස්මතු කිරීමට උත්සහ කරන්නේ, රසවත් ආහාර පාන වැලදීමට ධන ධාන්‍යයේ ඇති බලපෑම අල්ප බවයි. මෙයට වාසනාව බලපායි.
* පෙරකී ආකාරයට දුප්පත් දරුවෙකුට වුවද ගුරු-සදු බලවත්ව තිබේ නම් ඔහු ආහාර පාන අනුභව කරන්නේ රාජ්‍ය අමාත්‍යාදින් සමගය.

● මෙම යෝග බල, මා දන්නා කොළඹ ප්‍රදේශයේ එක්තරා පිරිමි ළමයෙකුටද පිහිටා ඇත. ඔහු මාසයකට දෙපාරක් පමණ පාර්ලිමේන්තුවේ ආහාර අනුභව කරයි, මැති ඇමතිවරුන් සමග.
එසේම KFC සහ Macdonald යන වෙලද සැල් වලට නිතර දෙවේලේ යයි.
* සුඛෝපභෝගි අවන්හල් වලින් ආහාර ගැනීමටද ග්‍රහයන් බලවත් වීම වැදගත්ය.
දිව පිනවීමට නම් සිකුරු ග්‍රහයා උච්ච බලයෙන් සිටිම, බ්‍රහස්පති ග්‍රහයා බලවත් වීම ඉතා වැදගත්ය.
බලන්න ඔබටත් මෙහෙම යෝග තියෙනවද කියල.. ?

No comments:

Post a Comment