Monday, October 6, 2014

සතියේ ලග්න පලාපලය (ඔක්.6 සිට)

● මේෂ
ඔබට මිශ්‍රපලදායකයි.
සතිය මුලදි කරන කියන කටයුතු සහ වෙළදාම් කටයුතු දියුණුවට පත් කරගැනිමට පුලුවන්. සහෝදරයන්ගෙන් සහ මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. නමුත් සතිය අගදී අනවශ්‍ය මුදල් වැයවීමක් හෝ යම් මුදල් නාස්තියක් සිදුවන බව පෙන්වයි. ප්‍රවේශම් වන්න.
ගෘහ ජිවිතයේ සතුට සමාදානය ඇතිමුත්, ගෙදර අඹුදරුවන්ට ලෙඩ රෝග ඇතිවිය හැක. එමනිසා යම් යම් අපහසුතා ඇතිවිමට පුලුවන. මේ වෙලාවේ 7 වැන්න 6 වැන්න පරිවර්ථනය වි සිටින බැවින් ස්වාමියාගේ හෝ බිරිදගේ අසනීප ගැන සැලකිල්ලෙන් සිටින්න.
විශේෂයෙන්ම උදරාබාධ ආශ්‍රිත රෝග, ලේ විෂවීමේ රෝග ප්‍රධානයි. ශල්‍යකර්ම කර ඇති අය සැලකිල්ලෙන් සිටින්න.

●  වෘෂභ
ශුභදායක සතියකි.
ව්‍යාපාර වස්තු කරනත්, ජලය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට, ගෘහණියන්ට සුබ සතියකි. ආදායම් දියුණු කරගත හැක. ආදායම් තත්ව වැඩිවේ. එසේම දුර බැහැර ප්‍රදේශ වල රැකියා කරන අයටත්, සංචාරක ව්‍යාපාරයේ සිටින අයටත් වාසිදායකයි.
ගෙදර දොරේ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. අඟහරු/කුජ තත්කාල ග්‍රහචාරයේ 7 නිසා අඹුසැමියන් අතර ගැටළු ඇතිවිය හැක, නුවණින් කල්පනා කර විසදා ගන්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත්, ආමාශගත රෝග සහ උදරාබාධ, අජීර්ණ රෝග ගැන සැලකිලිමත් වන්න. මුත්‍රා අමාරු ගැන සැලකිලිමත් වන්න.

●  මීථුන
ශුභ සතියකි.
ඔබට හැකිවනවා, ඔබගේ ආදායම් තත්ව දියුණු කරගන්න. එසේම ඔබට පුලුවන් ඔබගේ දැඩි කැපවීම මත මෙම සතියේදි බොහෝ දේවල් කරගන්න. එය වාසනාවක්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වනවා මෙන්ම වැඩිහිටියන් සමග සතුටින් සිටිමට පුලුවන්. ඔවුන්ගේ ආශිර්වාදය අනුග්‍රහය ඔබට ලැබෙනව. එසේම ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය ගැටළු ප්‍රබලව නැති වුවත් ඔබගේ අසාත්මිකතා ගැන සැලකිලිමත් වන්න.

●  කටක
මධ්‍යස්ථපලයි.
සතිය ආරම්භය කිසියම් ආකාරයක මන්දගාමි ස්වරූපයක පැවතුනත්, ක්‍රමානුකූලව එය මගහැරි යනු ඇත. ලග්නයේ ගුරු නැත්නම් කපෝතියි. සතියේ මධ්‍ය කොටසෙදි ඔබට සියලුම දේ සාර්ථක වේ. ආදායම අතමිට සරුවේ.
ගෘහ ජිවිතයේ, යම් අගහිගකම් දැනුනත් සතිය අගදී ඒවා ප්‍රහාණය වෙයි.
සෞඛ්‍ය ගැටළු ලෙස, සෙම් අමාරු සහ කටක ලග්නයේ කුඩා දරුවන් ජලය හා ජලාශ්‍රිත බෝවන රෝග වලින් ආරක්ෂා කරගැනිම වගකීමයි.

●  සිංහ
මධ්‍යස්ථපලයි.
සතිය මුලදී යම් යම් කටයුතු වල සාර්ථකත්වයක් දකින්නට පුලුවන. නමුත් සතිය අගදී ආදායම් තත්වය අවම වේ. රැවටීමට භාජනය වීමට ඉඩ තිබේ. නමුත් බුද්ධියෙන්  හිතනවා නම් ඒවායින් බේරෙන්නට පුලුවන.
උගුල්වල නොවැටී සිටින්න.
ගෘහ ජිවිතයේ යම් යම් ගැටළු තිබ්බත්, ඒවා සමනය වේ. එසේම දුරබැහැර ගමන් යාමට, අවස්ථාව සැලසේ.
සෞඛ්‍ය ගැටළු ලෙස, ආහාර අජීර්ණ රෝග සහ මලබද්ධය ඒවගේම රක්ත දෝෂ ඇතිවන්නට පුලුවන්. ප්‍රවේසම් වන්න.

●  කන්‍යා
මධ්‍යස්ථපලයි.
ග්‍රහ බලය සමග ඔබගේ ආර්ථික තත්වයද යම් දෙදරීමකට ලක්වේ. වර්තමාන ග්‍රහචාරයේ ආකාරයට පොඩි ප්‍රතිලාභයකට මහා පරිමාණයෙන් මහන්සි විය යුතුයි. බුද්ධියෙන් කටයුතු කර ඒ තත්වයන් මර්ධනය කරන්න.
ගෘහ ජිවිතය ඇතුලේද ඔය තත්වයන් පවතී. එම නිසා ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න.
නිෂ්කාරණයේ ගමන් බිමන් වල යෙදීමෙන් තමාගේ ආර්ථික තත්වය දුර්වල විය හැක.
සෞඛ්‍ය ගැටළු ලෙස, මුත්‍රා අමාරු සහ මානසික ආතතිය වැනි රෝග ඇතිවිමට පුලුවන්.

●  තුලා
මිශ්‍රපල සතියකි.
තමාගේ වචනයේ ඇති අසංවරකම නිසා තමාට ආර්ථික අවාසි ඇතිවිමට පුලුවන්. එසේම කරන කියන කටයුතු වල උදාසීනකම සහ මන්දගාමිත්වය නිසා ආර්ථිකය දුර්වල විය හැක, ඒවායින් ඈත් වන්න.
ගෘහ ජිවිතයේ යම් යම් ගැටළු මතුවේ. ඒවා ආර්ථික, සමාජිය වශයෙන් මතුවේ. වියදමට මුදල් නොමැති වේ. සමාදානය ආරක්ෂා කරගන්න.
සෞඛ්‍ය තත්වය ගැන, නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න. වාත අමාරු, හන්දිපත් රෝග ඇතිවිමට පුලුවන්.

●  වෘශ්චික
වෙනදා මෙන් සුබ සතියකි.
ආදායම් මාර්ග මෙන්ම මිතුරන්ගෙන් උදව් උපකාර සහ හදිසි ධනලාභ හිමිවේ. එසේම කරන කියන සෑම කටයුත්තක්ම ප්‍රතිඵල ලාභයට හේතුවේ.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, දරුවන්ගේ කටයුතු ගැන සතුටු විය හැක. අඹුසැමි ප්‍රීතිය ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. නමුත් හිසේ කැක්කුම්, ඉරුවාරදය තිබේ නම් සැලකිලිමත් වන්න.

●  ධනු
ඉතාම ශුභ සතියක්.
තමාගේ උත්සහය උනන්දුව ආදිය නිසා ආර්ථික තත්වය ගොඩනැගිමට පුලුවන. සහෝදරයන්ගෙන් විශේෂයෙන් සහෝදරියන්ගෙන් මුදල් ලැබෙ. ඔවුන්ගෙන් දියුණුවට අතහිත ලැබේ.
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගතවන අතර, දායාද, උරුමහරුමකම් ලැබිමට නියමිත අයට ඒවා ලැබේ, සුබ සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති අතර සෙම් අමාරු සම්බන්ධව පපුවේ සෙම, හතිය ආදිය ගැන සැලකිලිමත් වන්න.

●  මකර
වරදක් නැති සතියකි.
රදක් නැති සතියකි.
ඔබට ඔබගේ උත්සහයේ තරමට ප්‍රතිඵල ලැබෙන අතර, යම් යම් පොලව ආශ්‍රිත කර්මාන්ත, හාඩ්වෙයාර් ආදිය කරන අයටත් මිල මුදල් ලැබේ. එසේම ආදායම් තත්ව උත්සාහයේ තරමට ලැබේ.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර, දරු මල්ලන් සමග ප්‍රීති විය හැක. විනෝද උත්සව ලැබේ. රසවත් ආහාර අනුභවයට වාසනාවන්ත කාලයකි.
සෙම් ගෙඩි, සෙම් රෝ, ජලාශ්‍රිත රෝග ගැන පරිස්සම් වන්න.

●  කුම්භ
වාසනාවන්ත සතියකි.
ප්‍රබල දෝෂ නොමැති අතර, තමුන්ගේ උත්සාහයේ හැටියට දියුණුවීමට පුලුවන් සතියකි. එසේම විවිධ ව්‍යාපාර කරන අයටත්, රැකියා කරන අයටත් හොදම කාලයක් උදාවේ.
ගෙදර දොරේ ප්‍රීතිය ඇතිවනවා මෙන්ම අඹුසැමි ආදරය වර්ධනය වේ. සමහරවිට රහස් කම් සැප සොයා යාමටද ඉඩ ඇත.
හිසේ බරගතිය, සෙම් රෝග සහ සෙම් කෝපවිමෙන් ඇතිවන රෝග වැලදීමට පුලුවන්. පරිස්සම් වන්න.

●  මීන
මධ්‍යස්ථ සතියක්.
සතිය මුලදී ආදායම අඩුවන අතර, වියදම වැඩිවේ. තැන්පත් ධනය වැයවිමට හේතුයි. සතිය මැදදී එම තත්ව සමනය වන අතර ආදායම ලැබී දියුණු වීමට පුලුවන්.
ගෘහ ජිවිතයේ ප්‍රබල වෙනසක් නැති වුවද අඹුසැමියන් අතර අනවශ්‍ය ගැටළු ඇතිවිය හැක, නුවණින් විමසා ඒවා සමනය කරගන්න.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැති අතර, අනතුරුදායක කිරීමෙන් වලකින ලෙස උපදෙස් දෙමි.


“උප්පත්ති ග්‍රහචාරය අනුව වෙනස්වීම් ඇතිවිය හැක. “





No comments:

Post a Comment