Wednesday, October 22, 2014

සුභ උදෑසනක්ම වේවා දයාබර අපගේ පාඨකයන්ට !

ඊයෙ රෑත් ඔයාල වෙනුවෙන් ගොඩාක් මහන්සි උනා සෙනසුරු මාරුව ගැන ලග්න 12 පලාපල සකසන්න.  නිදාගන්නකොට මම හිතන්නෙ රෑ 12ත් පහු වෙලා.
උදේන්ම ඇහැරුනේ දෙරණ නාලිකාවෙ පුවත්පත් සිරස්තල දැකල.
එක්තරා දේශපාලඥයෙක් මේ නක්ෂත්‍රය ගැන කතා කලා. ඒක මැතිවරණයකට ඈදලා.
ඒක ජනාධිපතිවරණයද මහ මැතිවරණයද කියල දන්නෙ නෑ.

මට තියෙන කණගාටුව මේකයි. ඒ ඉදිරිපත් කරපු නිවේදක මහත්තයා තනිකරම දැන් දෙරණ නාලිකාව වෙනුවෙන් මහා බරක් ඇදගෙන යන කෙනා, මම හිතන්නෙ එතුමත් ඊයෙ නිදාගනිද්දි මහ රෑ වෙන්න ඇති. එතුමාට අපගේ විශේෂ ගරුත්වයක් තියෙනවා එතුමා බොහොම අපක්ෂපාතීව කරන ඉදිරිපත් කිරීම් ගැන. නමුත් එතුමගෙ කතාව ගැන තමයි පොඩ්ඩක් අවුලක් තියෙන්නෙ හිතට.
එතුමත් නිකන් අර ජෝතිෂ්‍යය නක්ෂත්‍රය ගැන විහිළුවට තහලුවට සමච්චලයට කතා කරා කියලයි මට හිතෙන්නෙ.
දේශපාලන ක්ෂෙත්‍රය සම්බන්ධවනේ ඔය විහිළුවට කතා කලේ. නිකන් සමච්චලයට වගේ නිකන් කතා කලේ.
ඉතින් ඔය නාලිකා වලටම එන සමහරු කියන දේවල්. ඒ අයට සාමාන්‍ය මිනිසුන්ගෙ ජීවිත වලට කියන කාරණා වැරදිලා තියෙනවනෙ. ඒව අපිට කියනවනෙ මිනිස්සු.

නමුත් මේක නෙමෙයි ප්‍රශ්නෙ, නිකන් සමච්චලයට වගේ කියපු එක ටිකක් හිතට හරි නෑ. ඇත්තටම ඒ ඡන්දෙ ඉල්ලන අයට යම්කිසි ග්‍රහ බලයක් උප්පත්තියෙ ඇතිනේ. ඒක දෝලනය වෙන එක තමයි සාමාන්‍ය ඔතනදි වෙන්නෙ.
දේශපාලනයත් ජොබ් එකක් කියල හිතමු. එතකොට අපි සාමාන්‍ය පලාපල කථනයෙදි කෙනෙකුට ජොබ් එකක් ලැබෙන්න වාසනාව තියෙන්න ඕන. එතකොට රටක් පාලනය කරන්න හරි යම්කිසි ඇමති ධූරයක් ලබන්න හරි ඒ පුද්ගලයගේ ග්‍රහ බලය හේතු වෙන්නෙ නැත්නම් ඒක පුදුම කතාවක්.

ඉතින් මම මේ කියන්නෙ ඔය සමහර නාලිකා වලට එන ජෝතිර්වේදින් නැත්නම් චැනල් එක මිනිස්සු බලන්නෙත් නෑ. එහෙම තියාගෙන ජෝතීර් විද්‍යාව ගැන අවඥා සහගතව කතා කරනවා. ඉර හද නක්ෂත්‍ර තාරකා කිය කියා.

No comments:

Post a Comment