Monday, October 20, 2014

සතියේ ලග්න පලාපලය - ඔක්.20 සිට

●  මේෂ
ඔයාගේ ලග්නෙට මේ සතිය ඒ තරම් හොදයි කියන්න බෑ.
ඒකට හේතුව තමයි සතිය ආරම්භ වෙන්නෙ බොහෝම සිත් වේදනාවෙන් කලකිරීමෙන්. ව්‍යාපාර කරන අයට, හවුල් ව්‍යාපාර කරන අයට පාඩු වෙනව. ඒ අයට මත ගැටුම් සහ යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් ඒ ගැන පරිස්සම් වෙන්න ඕන.
ගෘහ ජිවිතයෙත් යම් යම් ගැටළු ඇතිවෙන්නෙ අඹුසැමියන් අතර යම් යම් ආරවුල් ඇතිවෙන නිසා.
ප්‍රේම සබදතා තියෙන අය ඉවසීමෙන් කටයුතු කරන්න ඕන, දෙදෙනා ඔවුනොවුන් අතර ප්‍රශ්න නිර්මාණය වෙන්න පුලුවන් නිසා. ඒ අතර ගෙදර දොරේ වැඩ කටයුතුත් කොහොම හරි කෙරෙනව.
උෂ්ණාධික රෝග, ඇස් දැවිල්ල, ඔළුවෙ කැක්කුම වගෙ රෝග ඇතිවෙන්න පුලුවන් ප්‍රවේසම් වෙන්න.

●  වෘෂභ
මේ සතියේ ඔයාට ඒ තරම් හොද නැහැ.
විශේෂයෙන්ම ආර්ථික පාඩු ඇතිවෙනව වගේම, තමන්ගෙ කරන කියන කටයුතු වල යම් ප්‍රමාද දෝෂයන් ඇතිවෙනව. ණයට මුදල් දිලා තියෙනව නම් ඒවා ලබාගැනිම ගොඩක් දුෂ්කරයි. ඒක එක ගැටළුවක්. ඊලග දේ හැමපැත්තෙන්ම පාඩු සිද්ධ වෙන්න පුලුවන්.
ගෙදර දොරේ කටයුතුත් ඒ තරම්ම සාර්ථකයි කියන්න බැහැ. නිෂ්කාරණයේ මුදල් වියදම් වීම නිසා යම් යම් මානසික කලකිරිම් ඇතිවෙන්න පුලුවන්.
සෞඛ්‍ය ගැටළු විදියට උදරාබාධ, විවිධාකාර වූ රෝගාබාධ ඇතිවෙන්න පුලුවන් පරිස්සම් වෙන්න.

● මිථුන
මේ සතිය ශුභයි.
ඒකට හේතුව ගමෙන් පිට ගිහිල්ලා හම්බ කරගෙන එන්න වාසනාව තියෙනව. ඒ කියන්නෙ විදෙස්ගත වෙලා ඉන්න ඔයාටත්, ආර්ථිකය යහපත් වෙනව. ඇවිදලා වාසි ලැබෙනව. මුදල් තැන්පත් කරන්නත් හිත එනව.
ගෙදර දොර ජීවිතය පොඩ්ඩක් කලබලකාරි තත්වයක් තියෙනවා. ඒ කියන්නෙ ගෙදර ඉන්න වෙන්නෙ නෑ, යම් යම් රාජකාරි එක්කො ව්‍යාපාර කටයුතු නිසා. දරුවන්ගේ ජිවිත වලත් යම්කිසි ජයග්‍රහණ ලැබෙන්න යම්කිසි වාසනාවක් තියෙනව.
ඇඟේ මහන්සිය, හිතේ නිදහසක් නැතිකම තමයි රෝග විදියට කියන්න පුලුවන්. ඒත් වැඩ අධික නිසයි. දවසට එකපාරක් හරි මෛත්‍රි භාවනාව කරන්න පුලුවන් නම් හොදයි.

● කටක
ශුභ සතියකි.
දහසක් ප්‍රශ්න මැද්දේ තමාගේ ආර්ථිකය දියුණු කරගන්න ලොකු උනන්දුවක් යෙදෙනව. මිථුන ලග්නෙට වගේම ඔයාටත් ගමෙන් පිට ගිහින් රස්සා කරන්නත්, විදෙස් රැකියා කරන්නත්, ඒවගේ හැමදේටම වාසනාව ලැබෙනව. පිට පලාත් වල ඉන්න මිතුරන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනව.
ගෙදර දොරේ ජිවිතය අරවිදියම තමයි. තමන්ගෙ වැඩ කටයුතු ලස්සනට කෙරෙනව.
රෝගාබාධ විදියට පේන්නේ, උදරාබාධ සහ මුත්‍රාබාධ තමයි ඒවායින් පරිස්සම් වෙන්න.

● සිංහ
වරදක් නැති සතියකි.
කරන කියන කටයුතු වල යම්කිසි දියුණුවක් තියෙනව. ආර්ථික තත්වය යහපත් කරගන්න වාසනාව තියෙනව. රාහු - බුධ - සඳු යෝගය 2වනි කොටුවෙ තියෙන නිසා ඉවසීමෙන් කටයුතු කරන්න ඕන.
ගෙදර දොරේ වැඩ කටයුතු සාමාන්‍ය විදියට කෙරෙනව. සතිය අගදී ප්‍රීති උත්සවයකට සහභාගි වෙන්න පුලුවන්.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොපවතී. සෙම් රෝග සහ උදරාබාධ ගැන ප්‍රවේසම් වන්න.

● කන්‍යා
මේ සතිය හොදයි.
තමාගේ මහන්සියෙන්, තමාගේ ධෛර්යයෙන් ගොඩක් මුදල් හම්බ කරන්න පුලුවන්. ඒවගේම අලුත් අදහස් වලට වැඩ කරල තමාගේ ආර්ථික තත්වය යහපත් කරගන්න පුලුවන්. අලුත් ආදායම් මාර්ග පෑදෙනව.
ගෘහ ජිවිතයෙදි කේන්ති යාම පාලනය කරගන්න ඕන. අඹුසැමියන් අතර නොහොද නෝක්කාඩු ඇතිවෙන්න පුලුවන්. ප්‍රේම සබදතා තියෙන අය ඒවා ආරක්ෂා කරගැනිමට උනන්දු වෙන්න.
සෞඛ්‍ය ගැටළු විදියට මුත්‍රා අමාරු ගැන බලාගන්න.

● තුලා
 මධ්‍යස්ථ සතියක්.
මෙම සතියේදී ආර්ථික තත්වය තරමකට යහපත් කරගන්න පුලුවන්. සතිය මැදදි ආර්ථික පාඩු වෙනව වගේම උවමනා නැති මූල්‍ය කරදර ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන කල්පනා කරගන්න. තත්කාල ග්‍රහචාරයේ ගුරු 10 ඉන්න නිසා කිසියම් ආකාරයකට දියුණුවකුත් නැත්තේම නෑ.
ගෘහ ජිවිතයේ තිබුනු කරදර නැති වෙලා සාමාන්‍ය තත්වයට එනව. ලොකු කරදරයක් නැහැ.
කේතු 6 ඉන්න නිසා අමනුෂ්‍ය දෝෂ, බඩේ කැක්කුම, ආහාර අජීර්ණ දෝෂ එන්න පුලුවන් ඒ ගැන ප්‍රවේසම් වන්න.

● වෘශ්චික
මේ සතිය බොහෝම හොද සතියක්.
මට පේන හැටියට මේ සතියේ හොදම ලග්නය වෘශ්චික වෙන්න ඕන. පෙර පිනට වගේ ගොඩක් දේවල් ලැබෙනව වගේම සතිය මැදදී ලොතරැයි වාසනා පවා ලැබෙනව. ඒවගේම වැඩිහිටියන්ගෙන් දේපල අයිති වෙන්න තියෙනව. ආර්ථිකය සතිය පුරාම හොද ස්ථාවරත්වයක තියාගන්න පුලුවන්.
ගෙදර දොරෙ ජිවිතයත් ඉතාම හොදින් ගත වෙනව වගේම ප්‍රීති උත්සව වලට යන්න ලැබෙනව වගේම, තමන්ගේ භාර්යාවට, ස්වාමියාට මොන මොනව හරි තෑගි දෙන්න ඔයාට වාසනාව ලැබෙනව.
සෞඛ්‍ය ගැටළු පේන්න නැහැ. නමුත් නිදන්ගත රෝග වලින් ආරක්ෂා වීම වටිනව නේද ?

● ධනු
බොහෝම වාසනාවන්ත සතියක්.
ධෛර්ය ශක්තිය නිසා, නායකත්වය නිසා, තමාගේ ආර්ථිකයට ඒක සාධණීය තත්වයක් වෙනව. ව්‍යාපාර කරන අයට මේ සතිය ඉතාම හොදයි. මහන්සි වෙලා හම්බ කරගන්න පුලුවන්. ඉතුරු කරන්නත් පුලුවන්. පිටරට ඉන්න අයගේ වැටුප් වැඩිවිම් ධන වාසනාව ලැබෙනව.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කරගන්න පුලුවන්. දරුවන්ගේ කටයුතු වල දියුණුව ඇතිවෙනව. ඒ ගැන ගොඩක් හොදයි. සතුටු වෙන්න පුලුවන්.
විශේෂ කරදර නෑ. උෂ්ණාධික රෝග, ලේ කෝපවීම ඒවගේම ඇලජික්/ආසාත්මිකතා වෙන්න පුලුවන් ඒ ගැන බලාගන්න.

● මකර
ඒතරම්ම හොදයි කියන්න බෑ. මධ්‍යස්ථ පලයි.
සතිය මැදදී හොද දේවල් වෙන්නෙ සතිය මුලදී ගොඩක් බාධක ඇතිවෙන නිසා. ඒවට නිවරදිව කටයුතු කිරීමෙන්. ආර්ථික පාඩු සතිය මුලදි වෙනව. නොයෙකුත් ප්‍රශ්න මැද්දෙ තමයි ජිවිතය ගත කරන්න වෙන්නෙ.
ගෘහ ජිවිතය තුල අගහිඟකම් ඇතිවෙන්න පුලුවන්. පරිස්සම් වෙන්න. විශේෂයෙන් මුදල් අගහිගකම් ප්‍රශ්න. මේව නැති වෙනව සතිය මැදදි.
සෙම් රෝග සහ වාත අමාරු ඇතිවෙන්න පුලුවන් පරිස්සම් වන්න.

● කුම්භ
හොඳ සතියක් මේ සතිය ඔයාට
කොයිතරම් ප්‍රශ්න මැද්දේ උනත් තමාගේ වැඩ කටයුතු කෙරෙනව. හවුල්කාර ව්‍යාපාර වලින් මුදල් ලැබෙනව. ඒවගේම තමයි තමාගේ හොද නම සතිය පුරාවටම සතියේ මුල් කොටෙසදි තියෙනව. සතිය අගදිත් ඒ නම ආරක්ෂා කරගන්න එක ඔයාගෙ වගකීම. මුදල් හම්බ කරගන්න මේක හොද යෝග බලයක්.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වෙනව. තමාගේ දියුණුවට හේතුවන ක්‍රියා වලට දේවල් වලට සහභාගි විමෙන් තෘප්තිය ලැබෙනව. මංගල යෝග ඇතිවෙනව වගේම ප්‍රේම සබදතා ස්ථිර වෙනව.
සෞඛ්‍ය ගැටළු කිව්වම නහරගත රෝග, ඒවගේම හිසේ කැක්කුම නිසා ඒවායින් ආරක්ෂා වෙන්න.

● මීන
සමඵල සතියකි.
සතියේ මුල් කොටසෙදි ආදායම් තත්ව දුර්වල වෙනව. ඒවගේම ණය තුරුස් වලට ලක් වෙන්න පුලුවන්. මානසික උදාසීන බව නිසා තමන් කරන කටයුතු වලින් මුදල් ලැබෙන එක ප්‍රමාද වෙන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතය සාමාන්‍ය විදියට ගත වෙනව වගේම ලොකු ප්‍රශ්ණයක් නෑ. සතිය මැදදී දුරබැහැර ගමන් යෙදෙනව.
සෞඛ්‍ය තත්වය ගත්තම සෙම් රෝග සහ හිසේ කැක්කුම් ආදි දේවල් තමයි.

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364


No comments:

Post a Comment