Wednesday, October 29, 2014

ජීවිතයේ, සැප සම්පත් යස ඉසුරු පෙනී පෙනී අපේ කාලයේ විපතට වැටුනු නූතන පටාචාරාවක් !


පටාචාරාව කිව්වම මතක් වෙන්නේ අපට, බුද්ධ කාලීන භාරතයේ තමාගේ දෙමව්පියන්, ස්වාමි පුරුෂයා දරුවන් සියලුම දෙනා අහිමි වෙච්ච රූමත් ස්ත්‍රියක් සම්බන්ධව තමයි.

නමුත් මේ කතාවේ මේ කතා නායිකාව සම්බන්ධව විමසීමක් කරනකොට ඊටත් අන්තයි එයාගෙ තත්වය. මොකද පටාචාරාවට භෞතික ලෝකයේ සියලු සැප සම්පත් අහිමි උනත්, එතුමියට මහා කාරුණික බුද්ධ නේත්‍රාවට හසු වෙලා ජීවිතයේ සදාකාලික සැනසීම හෙවත් නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න වාසනාවක් ලැබුන. ඉතින් ඒ අතින් ගත්තම පටාචාරාව වාසනාවන්තයි කියල කියන්න පුුලුවන්. එතුමියට සසර දුකක් ආයෙ එන්නෙ නැහැනේ. නමුත් මේ කතාවේ කතානායිකාවට වෙලා තියෙන දේ ඊට හාත්පසින්ම වෙනස් දුක්ඛදායක තත්වයක්,
එහෙනම් බලමු ජන්ම පත්‍රය කොහොමද කියල ?

1979දි පෙබරවාරි මාසේ 22 වනදට එලිවන්නට දකුණු පලාතේ ගාල්ලට නුදුරු එක්තරා ග්‍රාමයක උප්පත්තිය ලැබූ මෙම ගැහැණු දරුවා උපදින්නේ, කුජට අයත් වෘශ්චික ලග්නයෙන්. ඒවගේම කේතුට අයත් මා නැකත ජන්ම නක්ෂත්‍රය කරගන්නවා.
කේතු මහ දසාවෙන් ඉපදිලා අද මේ දරුවා ගත කරන්නේ, සඳුගේ මහ දසාව තමයි.

මෙයාගේ කතාව කිව්වොත්, 2001 වසරේදී මෙයා විවාහ වෙනව. මේ දුවගේ මව පියාගෙන් වෙන් වෙලා ඒ අවස්ථාවෙ හිටියෙ. ඔහොම කාලයක් ගත වෙනකොට දරුවො දෙන්නෙකුත් ලැබෙනව. දෙවෙනි දරුවා ලැබිලා, ටික කාලයක් යනකොට තමයි මෙම ළමයට මහා කරුමයකට මුහුණ පාන්න සිද්ධ වෙන්නෙ.

මෙම දරුවාගේ මව, මෙම දරුවාගේ ස්වාමි පුරුෂයා සමග අනියම් සබදතාවක් ඇති කරගන්නව. ඒනිසාම ඒ විවාහය කඩාකප්පල් වෙනව. නීතියෙන් වෙන් වන මේ දරුවා 2වෙනි වතාවට විවාහ වෙන්
ඒ දෙවෙනියට විවාහ වෙච්ච පුද්ගලයත් අනියම් සම්බන්ධකම් රාශියක් තියෙන කෙනෙක්. මෙයා අද දවසේ අන්ත අසරණ දුකකට වැටිල ඉවරයි. මේක තමයි කතාව.

අපි එහෙම නම් කේන්දරය සම්බන්ධව කල්පනා කරල බලමු.

අපි කේන්ද්‍ර බලල කුඩා දරුවෙක්ටවත් මෙහෙම තත්වයක් තියෙනව නම් නොවහලා දැනුවත් කරන්නේ මෙවන් තත්ව වලක්වන්නයි. පූර්ව අවදානමක් තියෙන නිසයි. ඒව කරන්නෙ එහෙම ගැටළු ඇති නොවෙන්නයි. නමුත් බොහෝ වෙලාවට වෙන්නෙ තරුණ දරුවෝ අපි එක්ක රණ්ඩු වෙන්නත් එනව. ඉතින් දැන් වෙලා තියෙන්නඓ් දේනේ.
මේ කේන්දර සටහනටත් 2000 වසරෙදි කේන්දර බලල අදාල කල යුතු දේවල් කිව්ව.
( විශේෂයෙන් හොඳ අවබෝධයකින් යුතු කෙනෙක් සමග ගැලපෙන කේන්දර සටහනකින් යුතු විවාහයක් කරගන්න කියල අපි අවධාරණය කලා මේ දරුවට)

●  මේ කේන්දරයේ බැලු බැල්මටම චන්ද්‍රයයි - සිකුරුයි ධනු රාශියේ ඉන්නෙ.
සිකුරු ධනුවේ චන්ද්‍රයා ධනුවෙ හිටියම විවාහ 2ක් වෙන පිහිටිමක් තියෙනව. ඒක සත්‍ය බව අපගේ පර්යේෂණ වලින් දැකල තියෙනව.
* ඒවගේම තමයි මේ දරුවාගේ 7 වැන්නාධිපතියා සිකුරු වෙලා 2වැන්නේ තැන්පත් වීමත් එතරම්ම හොද දෙයක් නෙමෙයි. ඒකත් විවාහ දෝෂයක් වෙනව වගේම ගැටළුවක්.
ඒවගේම තමයි මෙයාගෙ ජිවිතයේ මෙයාගෙ හැම ප්‍රශ්නයකම මුල පටන්ගෙන තියෙන්නෙ ඉන්න තැන ගැටළුවක් බව කේන්දරයේ බැලු බැල්මටම පේනවා.

●  පාප ග්‍රහයන්ම 4ක් 4 වැන්නේ තැන්පත් විම.
රාහුගේ ශනිගේ සප්තම පාප දෘෂ්ඨි ලැබීම, මේවාට ප්‍රධාන හේතු.
* ඒවගේම තමයි මෙවන් කේන්දරයක් තියෙන කෙනෙක් ගොඩාක්ම දූරදර්ශී වෙන්න ඕන. මේ දුව එහෙම හිටපු කෙනෙක් නෙමෙයි. අනාගතය ගැන ඩිංගක්වත් කල්පනා කරල නෑ. අපි කිව්ව ඒව ඇහුවෙත් නෑ.

අහසින් පොලවට වැටුන වගේ වැඩක්නෙ උනේ.

●  2005 අවුරුද්දෙ ඉදල ලබන්නේ. අවුරුදු 6කට රවි මහ දසාව.  රවි මහ දසාවෙදි ආරක්ෂා උනේ නැති එකේ ප්‍රතිඵල තමයි මේ. විවාහ වෙන කාලෙදි තිබිල තියෙන්නෙ සිකුරු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව.
ඒකත් මෙයාට ප්‍රශ්නයක් උනා. කොහොම හරි රවි මහ දසාව ඉවර උනේ පුලුවන් තරම් කරදර කරල.

●  අතීතයේ නරක දේවල් තිබ්බ නිසා වර්තමානයේ හදාගන්න බැරි වැරදි වලට තමයි මේ ළමය දැන් කොටුවෙලා ඉන්නෙ. ඉතින් ජිවිතයේ මැදදී එන පාප දසා, කෙ

●  කෙනෙක්ගෙ ජිවිතය උඩු යටිකුරු කරන හැටි බලන්න. හැබැයි තාමත් මේ දරුවගේ පෙර පින තියෙනව. ඒවගේම දරුවො 2ක් ඉන්නවා කියන්නේ ලොකු වාසනාවක්නේ. දරුවො දෙන්නත් ඉන්නව.
ඒනිසා තමයි දැන් අපි කියන දේ අහල වැඩ කටයුතු කරගෙන බොහොම බුද්ධියෙන් කටයුතු කරමින් ඉන්නව.
ආගම දහමට නැඹුරු වෙලා දැන් ඉන්න කෙනෙක්.
දැන් දැන් ටික ටික අර ප්‍රශ්න නිරාකරණය වෙනව. ආර්ථික පැත්ත යහපත් වෙලා තියෙනව.
ඒවගේම තමයි මේ ළමයාගේ ග්‍රහ බලයත් එක්ක මේ ළමයා අතිශයින්ම රූමත් කෙනෙක්.

ඉතින් තමන්ගේ රූපයම කරදරයක් උනු විදියක් තමයි පෙනෙන්නෙ.

ඔයාලගෙ හඳහන් වලත් මේ වගේ යෝග තියෙනව නම් පරිස්සම් වන්න. වඩා හොඳ විදිය තමයි තමන්ට විශ්වාසදායක, සහ අවබෝධයක් තියෙන ගැලපෙන කේන්දර සටහනක් තියෙන කෙනෙක්ව බඳින එක.
කේන්දර ගැලපුනා කියල අවබෝධයක් නැති කෙනෙක්ව බඳින එකත් සුදුසු නෑ.

විශේෂයෙන් විවාහ ජිවිතයේ මැදදී එන පාප දසා වලදි විශේෂයෙන් පරිස්සම් වෙන්න දැනුවත් වන්න.
ඒවගේම බුද්ධියෙන් කටයුතු කරන්න.

බුදු සරණයි !

#ඉරුසේවයේ පර්යේෂණාත්මක ලිපියකි.

No comments:

Post a Comment