Sunday, October 26, 2014

සතියේ ලග්න පලාපලය (ඔක් 27 සිට)

• මේෂ
ශුභ සතියකි.
සතිය ආරම්භයෙදි දිනකට පමණ ඔබගේ කටයුතු අවහිර වීමට පුලුවන. ඒ නමුත් දිනයකින් පසුව ඔබගේ සුභ පල වැඩි දියුණුව ඇතිවේ. ආර්ථික වාසි ඇතිවේ. දියුණුව උදෙසා වැඩිහිටියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේ. උරුමහරුමකම් ලැබේ. උදව් ලැබේ.
ගෘහ ජිවිතය සතුට දුක දෙයාකාරයෙන්ම බලපායි. ඒ මන්ද සෙනසුරු සහ සිකුරු රවි සමග 7 වැන්නේ පිහිටා සිටින බැවිනි. ඒ නමුත් පවුලේ සියලු දෙනා සමග නිතර උත්සව වලට සහභාගි විමට සහ දුර බැහැර ගමන් යාමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වයේ, වාත අමාරු, උදරාබාධ වලින් පරිස්සම් වන්න.

• වෘෂභ
එතරම් ශුභයි කියා කිව නොහැක.
සතියේ මුල් කොටසෙදි ඔබ තරමක අපහසුතාවයට පත් වන්නේ ආදායම් මාර්ග අවහිර වීමෙනි. ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබ ගනුදෙනු කරුවන්ගේ හිත දිනා ගැනීමටත් වග බලාගත යුතුය. ලැබීමට තිබෙන ණය තුරුස් සහ ප්‍රතිලාභ ඔබ වෙත හිමිවිමට ඇති අවස්ථාව දුර යයි. ඒ ගැන සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කිරිමට යම් බාධාවක් මතුවේ. එසේ නම් සමගියෙන් සමාදානයෙන් සිටිම වැදගත්ය. වෘෂභ ලග්නයේ කුඩා දරුවන් ජලාශ්‍රිත රෝගාබාධ වලින් ආරක්ෂා කරගැනිමත්, සෙම් අමාරු වලින් රැකගැනීමත් යහපත්ය.

• මිථුන
මේ සතිය ශුභදායකය.
සතිය අගදී ආර්ථික පාඩු වීමට පුලුවන් උවත් සතියේ මුල් කොටසෙදි හවුල් ව්‍යාපාර වලින් ආදායම් ලැබේ. තැරැව්කාර ව්‍යාපාරික කටයුතු කරන අයට වාසි සහගතයි. පිට පලාත් වල රැකියා කරන අයට, විදෙස් රැකියා කරන අයට මේ සතිය සුබ බව කිව යුතුය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර, අවිවාහක අයගේ මංගල යෝග ස්ථිර වේ. අඹුසැමියන් අතර ප්‍රීතිය වර්ධනය වන අතර, විනෝද ගමන්, උත්සව වලට සහභාගි විමට වාසනාව ලැබේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැති වුවත් සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.

• කටක
මේ සතිය මිශ්‍රපලයි.
කෝටියක් දෝෂ භංග කරමින් ගුරු හංස යෝගය යෙදි ඇති මෙම කාලයෙදි සදුගේ ගමනෙන් එතරම් අයහපතක් උදා නොකරයි. තමාගේ හොද වචනයට සහ යහපත් උත්සහයට දෛවයෙන් යම්කිසි ඉඩකඩක් ආශිර්වාදයක් ලැබේ. දියුණු වීමට පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රිතීමත්ව ගත වේ. එසේම නැන්දලාගෙන් සහ මාමලාගෙන් උදව් උපකාර ලැබේ. පිට පලාත් වල සංචාරය හේතුයි.
සෞඛ්‍ය අංශයේ සෙම් රෝග සහ උදරාබාධ, අජිර්ණ රෝග වැලදීමට පුලුවන්.

• සිංහ
මෙම සතිය ඔබට එතරම් වරදක් නැත.
හදිසි ධනලාභ හිමිවිම සහ අලුත් ආදායම් මාර්ග ලැබීමට නියමිතයි. නව සංකල්පයන්ට අනුව වැඩ කර එහි ප්‍රතිඵල නෙලාගත හැක.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර දුවාදරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවීමට පුලුවන්. දරුවන් ලැබීමට සිටින සිංහ ලග්න මව්වරුන්ට සුභ සතියකි.
සෞඛ්‍ය ගැටළු වශයෙන් උෂ්ණාධික රෝග සහ සෙම් අසනීප ප්‍රධානයි.

• කන්‍යා
ශුභදායක සතියකි.
ආදායම් තත්ව වලට හොදයි. එසේම දියුණුව ඇතිවේ. විදෙස් රැකියා කරන අයට හොදයි.
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගත වන අතර නිවසට නව උපකරණ මිලදී ගැනීමට පුලුවන්. තමාගේ කටයුතු දියුනු වනවා ඇත.
රෝගාබාධ ලෙස, මානසික ආතතිය සහ අනවශ්‍ය කලබල වීම ප්‍රධානයි. බුද්ධියෙන් කටයුතු කරන්න.

• තුලා
මේ සතිය සුභයි.
තමාගේ උත්සහයෙන් සහ උනන්දුවෙන් කරන සියලු කටයුතු සාර්ථක වෙයි. වෙලද ව්‍යාපාර කරන අයට දියුනුව ලැබේ. මුදල් ලැබේ. වාසනාවන්ත කාලයක්ය.
ගෘහ ජිවිතයද ප්‍රිතියෙන් ගත වේ. නෑදෑයන් සහෝදරයන් සමග ආශ්‍රය වැඩිපුර ඇතිවේ. නිවසට නෑදෑයන් පැමිණෙන කාලයයි.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. හිසේ කැක්කුම සහ නහරගත වේදනා ගැන සැලකිලිමත් වන්න.

• වෘශ්චික
වෙනදා මෙන්ම මේ සතියත් සුභයි.
ධන ධාන්‍ය තත්වයේ දියුණුවත්, වාසනාවත් ලැබේ. අලුත් ආදායම් මාර්ග හිමිකරගත හැක. පිට පලාත් වල කරන රැකියා, වෙලද ව්‍යාපාර සාර්ථක වේ. දියුණුවට බාධා නොමැත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර තමාගේ කටයුතු ලෙහෙසියෙන් සහ පහසුවෙන් කරගැනිමට අවස්ථාවද ලැබේ. එයද ඉතාම හොද තත්වයකි.
සෞඛ්‍ය ගැටළු මතුවන්නේ නැත, නිදන් ගත රෝග ඇති අය ඒ සම්බන්ධව සැලකිලිමත් වන්න.

• ධනු
ශුභ පලයි.
වාසනාවට සියලු කටයුතු සාර්ථක වේ. දියුණුව ඇතිවේ. වෙලද ව්‍යාපාර සහ සංචාරක ක්ෂෙත්‍ර වල සිටින අයටද ස්වයං රැකියා කරන අයටද සුබයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, නිතර දෙවේලේ ප්‍රීති උත්සව සහ විනෝදගමන් යාමටත් සතුටින් සිටීමටත් පුලුවන්.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග සහ හිසේ කැක්කුම ගැන පරිස්සම් වන්න.

• මකර
සමපලයි.
සතියේ මුල් කොටසෙදි ආර්ථික පාඩු ඇතිවිය හැක. ණය වීමෙන් වලකින්න. එසේම සතිය මුලදි මුදල් ආයෝජනය කිරීම ගැන 2වරක් සිතන්න. ඇප පොරොන්දු ප්‍රකාර වලට අත්සන් කිරිම සුදුසු නැහැ. සතියේ මුල් දවස් 3 හැරුණු විට ඉන්පසු ඔබට ගජකේශරි යෝග බලයත් සමග සුභපල ලැබෙනවා ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන්නේ සතිය අගදීය. වැඩිහිටි අයට වන්දනා ගමන් වල යෙදීමත් පිංකම් වලට සහභාගිවිමත් නියමයි. කෙසේ වෙතත් ගෘහ ජිවිතයේ ප්‍රබල බාධක ගැටළු නැත.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවද සතිය මුලදි ලිස්සා වැටිම්, අනතුරු වලින් පරිස්සම් වීම මැනවි.

• කුම්භ
සමපලයි.
සතිය මුලදී ලැබෙන ආදායම් මාර්ග ආරක්ෂා කරගන්න. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන්නේ මුල් කොටසෙදි නිසා ඔවුන් සමග සුහදව සිටින්න. වෙලද ව්‍යාපාර කරන අයටද ඉතාම සුභයි. ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර ඥාතින්ගෙන් සහ ස්වාමියාගේ/භාර්යාවගේ ඥාතින්ගෙන් උදව් ලැබේ.
දරුවන් සමග ප්‍රීතිවිමට පුලුවන්.
සතිය අගදී ඇඟපත හන්දිපත් වේදනා වලින් පරිස්සම් වන්න.

• මීන
ඉතාම ශුභ සතියකි.
චන්ද්‍රයා 10 11 වැන්නේ සිටින මේ සතියෙදි ආදායම් තත්ව දියුණු වෙනව. පිට පලාත් වල කරන දේවල් වලින් ජයග්‍රහණ ලැබෙනව. එසේම නව ආදායම් මාර්ග ගත කිරිමට ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතකිරිමට පුලුවන්. දරුවන්ගෙ ජයග්‍රහණ නිසා සතුටු විය හැක. කෙසේ වෙතත් ගැටළු සහගත අවස්ථා එන්නේ නැහැ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. සෙම් සහ ජලය ආශ්‍රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න.


















No comments:

Post a Comment