Thursday, October 2, 2014

“ ජිවිතයේ සියලුම නියමයන් තීන්දු වෙන විවාහය “

ශුද්ධ වූ බයිබලයේ එක්තරා කොටසක, මෙවන් ආප්තෝපදේශයක් ඇත.
“ ස්වර්ගයේ හෝ අපායේ යතුර ඇත්තේ විවාහයේය “
එසේම තවත් කියමනක් ඇත. එනම් විවාහය දෙවනි උපතයි.

මෙය ජෝතිෂ්‍යය ඇසකින් බලන කල කෙතරම් නිවරදිද ?
මා එසේ පවසන්නේ, කේන්දර පරික්ෂාවන් වලදී බොහෝ දේ එක්රැස් බව බැවිනි.

පුද්ගලයෙකුගේ ස්ත්‍රි/පුරුෂ භේදයකින් තොරව මෙම දෙපාර්ශවයේම විවාහයෙන් පසුව ඉරණම 90%කින් වීම දක්නට ලැබෙන දෙයකි.
විවාහයෙන් පසු පුද්ගල සහ භෞතික දියුණුව ඉහල යා හැක. එසේ නොමැති නම්, අන්ත අගාධයකට වැටීමටද ඉඩ ඇත. මේ අනුව අප ඉදිරිපත් කරන කාරණාව ගැන මනාව අවධානය යොමු කරන්න.
මෙම පහත දැක්වෙන කේන්දරය දෙස අවධානය යොමු කරන්න.

* මෙම කේන්දරය හිමි තැනැත්තිය, මාගෙන් කේන්දරය පරික්ෂා කරගත්තේ, 2004 වසරේ අගභාගයේදීය.
* 1988 අගෝස්තු 21 දින, ඉරිදා දිනෙක, රාත්‍රි 11.30ට මධ්‍යම පලාතේ එක්තරා රෝහලක උප්පත්තිය ලද මැය කිවි හිමි වෘෂභ ලග්නයෙන් උප්පත්තිය ලැබීය.

එසේම මෙම කේන්දරයේ,
(1) ලග්න භාවයේ ගුරුද, 2වන භාවයේ ලග්නාධිපති සිකුරු/ශුක්‍ර ද, 4වන භාවයේ රවි-බුධ-කේතු ද, 7 වන භාවයේ සඳු/චන්ද්‍රයාද, 8 වන භාවයේ සෙනසුරු/ශනිද, 10 වන භාවයේ රාහුද 11 වන භාවයේ කුජ/අගහරුද පිහිටා ඇත.

* මෙම කේන්දරයේ ඇති යෝග අතර, ගජකේශරී යෝග බලය, එසේම, කේන්දරස්ථාන 4ම ග්‍රහයන් පිහිටිම නිසා ඇති කරන්නාවු සත්සමුදුර/පර්වත යෝගය, එසේම ලග්නාධිපති බලවත් වීම ආදි කරුණු කාරණා බැලූ කල අධි බලගතු කේන්දරයකි.

මෙම කේන්දරය හිමි, එම ගැහැණු දරුවාට දේහ ලක්ෂණ වලින්ද වාසනාවන්ත අංග ලක්ෂණ පිහිටා ඇත. නල දතක්ද පිහිටා ඇත. එය කාන්තාවකට සුභ ලක්ෂණයකි.
මෙම කේන්ද්‍රය මා 2004 අගභාගයෙදි පරික්ෂා කරන කල මා පැවසූ දෙයින් පාඨක ඔබට යම් දෙයක් උගත හැක.
මෙම කේන්දරය හිමි ගැහැණු දරුවා ඉරිදා දවසක, බුධ හිමි දෙට නැකතේ 1වන පාදයෙන් උප්පත්තිය ලබයි.
අප පරික්ෂා කල බොහෝ කේන්දර වල බුධ හිමි දෙට නැකතින් උපන් අයගේ විවාහ ජිවිත අවාසනාවන්ත වීමේ බොහෝ දුරට දැඩි අවදානමක් පවතී.
මැය සිකුරු බලවත් නිසා රාහු 10 වැන්නේත් නිසාත් තරමක දඟකාර කෙලිලොල් චරිතයකි. එනම් ප්‍රේමය ආදරය, සම්බන්ධව කුඩා කල සිට අවධානය වැඩිවිය.
එක්තරා නරක කාලයකදි යම් දෙයක් කලහොත් තමාගේ ප්‍රතිරූපය ජිවිත කාලයටම දැනෙන පරිදි බිඳ වැටෙන බව ඔබට මේ කේන්දරයෙන් පෙනේවි.

මා පලාපලයක් විදියට පැවසුවේ,

“ ඔයාට 2003 පටන් ගන්න කේතුගේ මහ දසාව 2010 අගභාගය වෙනකම්ම තියෙනව. ඒවගේම තමයි 2010 ඒ කේතු ඉවර වෙනකොට ජන්ම ඒරාෂ්ඨක අපලය ලබනව. ඒනිසා අවු. 25 වෙනකල්වත් විවාහ නොවි ඉන්න ඕන. ඒවගේම තමයි මම දැන් කොලේකම ලියල දෙන්නම් මේක ඔයාට කවදහරි තේරෙන්න. මේ කේන්දරයේ රාජ යෝග, ධනයෝග තියෙනවා, අනාගතයේ සැප විඳින්න වාසනාව තියෙනවා. ඉතින් මේ කාලයෙදි විවාහ උනොත් ඇත්තටම අමාරුවේ වැටෙනව. හොඳ කාලෙදි හොඳ දෙයක් කරගත්තේ නැත්නම් ධනයෝග ක්‍රියාත්මක වෙන්නෙ නෑ, විශේෂයෙන්ම විවාහය.. "

* අපිට සල්ලි කෝටි ගානක් තිබිලා නැති උනත් හම්බ කරගන්න පුලුවන්. ඉඩම් කඩම් යාන වාහන අනිකුත් භෞතික දේවලුත් එහෙමයි. විවාහයෙදි වෙන වැරැද්ද හදාගන්න බැරි තරමට වෙනව. එච්චරම තමයි. ඒනිසා මේ අපලකාරි තත්වයෙන් අතමිදෙනකල් කිසිම දෙයක් නොකර ඉගෙනීමේ කටයුතු වලට උනන්දු වෙලා වැඩ කරන්න “.

නමුත් මා ඒ කාරණාව විශේෂයෙන්ම රතු පෑනෙන් ලියා දුන්නෙමි.
* නමුත් මේ දරුවා, 2006දී කේතු මහ දසාවේ රාහු අන්තර් දසාවෙදි කේන්දර පරික්ෂාව තියා මේලෝකෙ දෙයක් දන්නෙ නැතිව, එක්තරා පිරිමි ළමයෙක් සමග හිතුවක්කාරයට පැන ගියේය.
* අද සිකුරු මහ දසාව ගත කලත් ඒ විවාහය දෙදරා ගොස්ය. දරුවන් 2ක් සමග අද දුකට වැටී සිටී. අද මෙම දරුවාගේ කොච්චර ග්‍රහ බලයන් ප්‍රබලව තිබුනත් කිසිම හව්හරණක් නොලබා දෙමාපියන්ගෙන් යැපීමට සිදුව ඇත. විවාහ ජිවිතය පූර්ණ වශයෙන්ම කඩාකප්පල් වී ඇත.

පෙනෙනවා නේද කේතු මහ දසාව තුල විවාහයක් කරගෙන වැටුනු අමාරුව... ?
( අදාල නරක කාලයකදී උනත් නිසි ලෙස ගැලපෙන කේන්දර සටහන් වලට නම් නිසි ශාන්ති කර්ම, පිලිවෙත් කිරීම මගින් පුලුවන් වෙනව යහපතින් ඉන්න)

අන්න ඒකයි විශේෂිතම කාරණාව... කෙනෙක්ගේ හොඳ නරක විවාහයෙන් පස්සේ තීරණය වෙනව.
වාසනාවන්ත අයගේ ජිවිතය අවාසනාවන්ත කරන්නත්, අවාසනාවන්ත අයගේ ජිවිත වාසනාවන්ත කරන්නත් විවාහයට පුලුවන්..

මේ ගැන ඔබත් ඔබගේ හිතවතුනුත් මේ ගැන දැනුවත් වීමක් කරන්න.

No comments:

Post a Comment