Tuesday, October 28, 2014

මනුෂ්‍යයාව දුප්පත් කරන්නෙ කවුද ?


(මනුෂ්‍යයා දුප්පත් කිරීමට ඉවහල් වන ග්‍රහ බලය කවරේද)

මම හිතන්නෙ මේකත් ගොඩාක් අයගේ සිතේ තියෙන සිතිවිල්ලක් තමයි. ගොඩක් අය හිතනව ඇති, කෙනෙක් පෝසත් වෙන්නත් තව කෙනෙක් දුප්පත් වෙන්නත් හේතු මොනවද කියල ?

අපේ සේවයත් එක්ක ලගින්ම ඉන්න ඔයාලා, අපි දවස ගානෙ දාන ලිපි කියවනව නේද ?

ඊට අමතරව, යුටියුබ් එකේ (https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA) අපගේ වීඩියෝ දසුන් ඔයාල නරඹන්න ඇති. එහෙත් ඒකෙ සඳහන් කරල තියෙන්නෙ ධන යෝග ගැන. ධනවත් වීම ගැන.
ඉතින් අද බලාගන්න, පුද්ගලයෙක්ව දුප්පත් කරන යෝග..

* විශේෂයෙන්ම නවග්‍රහයන්ගෙන් දුප්පත් බවට ඇදල දාන ප්‍රබලම ග්‍රහය කවුද කියල දන්නවද ?
ශනි/සෙනසුරු ග්‍රහයා...
● ශනි ග්‍රහය තමයි දුකට අධිපතියා. මෙයා කරන්නෙ හොඳට ඉන්න කෙනාව දුකට ඇදල දාන එක. අපි හිතමු සැප සම්පත් සහිතව පුද්ගලයෙක් ජීවත් වෙනව කියල, එයාට දුකක් කරදරයක් එන්න කිසිම හේතුවක් නැහැ.
නමුත් මේ ග්‍රහ තාරකාව කරන දේ තමයි, දුකක් කරදරයක් නිර්මාණය කරල ඒකට හැඩ වැඩ දාලා හරියට මේ කේක් එකක් හදනව වගේ, අයිසින් කරල ලස්සනට ඒ අයිසින් කරන්නෙ විවිධාකාර ප්‍රශ්න වලින් බන්දේසියෙ තියල අල්ලනවා අරයට.
ඉතින් නැති කරදරයක් පහත් වෙනව. සමාජයේ ඔයාලත් දැකල ඇති ඒවගේ අවස්ථා. හොඳට ඉන්න අය විපතට වැටිච්ච අවස්ථා.

* මේවත් එක්ක බලනකොට දුක දෙන්නෙම සෙනසුරුම තමයි. ඊලගට එයාට උදව් කරන තවත් ග්‍රහයෙක් ඉන්නවා. ඒ කේතු ග්‍රහයා.

● දුප්පත් වීමට ප්‍රධාන හේතුවක් විදියට සඳහන් කරනවා බුදු දහමේ “ කුසීතකම“, ඒ කියන්නෙ අලසභාවය. මේ කම්මැලිකමට බලපාන ප්‍රධානම ග්‍රහය තමයි කේතු. එයාගෙ වැඩේම ඕනම දෙයක් හකුළුවා තියෙන එක.
යම්කිසි කෙනෙක්ගෙ කේන්දරයක කේතු ග්‍රහයා ධනස්ථානයට බලපෑම් කරලා, ලග්නාධිපතියා පාපස්ථානයක නම් එයා කවදාවත් සල්ලි කාරයෙක් වෙන්නෙ නෑ.

* ඒවගේම තමයි සෙනසුරු ග්‍රහයා 12 ඉදලා, 2 වැන්නේ පාප ග්‍රහයෙක් නම් ඒත් දුප්පත් වෙන යෝගයක්.

● විශේෂයෙන්ම ඊට අමතරව ධනකාරක ග්‍රහයා වෙන, ගුරු ග්‍රහයා පාප පීඩිතව සුභ දෘෂ්ඨි නැතුව යම්කිසි විදියකින් ජන්මියාට උදව් කරන්න බැරි ස්ථානයක ඉන්නවා නම් ඒ පුද්ගලයගේ, ජීවිතේ වැඩ කටයුතුත් අඩපණ වෙනව.
මේක තමයි කාරණාව.

● ඒවගේම තමයි සිකුරු ග්‍රහයා නීච වෙලා, බ්‍රහස්පති/ගුරු උච්ච වෙන එකෙන් සැප සම්පත් අතෑරලා ඒ ජන්මියා අත්තකිලමථානු යෝගයට හෙවත් සැප සම්පත් අතාරින යෝගයට එනව.

● මෙන්න මේ වගේ කරුණු කාරණා දැක්කම, තවත් කාරණාවක් නම්, ධනය හම්බ කරන්න ඕන වයසෙදි පාප ග්‍රහයොන්ගේ ග්‍රහ දසා ලැබීම, ඒවගේම විවාහයෙන් විවාහ කලත්‍රයාගෙන් යම්කිසි විදියකින් ජන්මියාට අපල යෙදීම. මේ ආදි සියලුම කරුණු කාරණා බලනකොට දුප්පත් වීමට හේතු යෙදෙනව.

මේක අපි මෙහෙම සටහනකින් දැම්මට, තවත් කරුණු කාරණා ගොඩක් තියෙනව. නමුත් ප්‍රශ්නෙ මේකයි. සීමාසහිත පිටුවක මේ තරම් කරුණු කාරණා ගෙනහැර පාන්න බැරි දුෂ්කරත්වයක් තියෙනව. ඒකට ඔබගේ හඳහනත් බලාගන්න. කොහොමද ලග්නාධිපති ඉන්නෙ, පාප ග්‍රහ දෘෂ්ටි තියෙනව 2වැන්නට, ඔයාගෙ පෞද්ගලිකව තියෙන අඩුපාඩු මොනවද... ? ඒවා ජෝතීර්වෙදියාට පේනවද ?
මේව ගැන සැලකිලිමත් වෙන්න.

ඒ ගැන කල්පනා කරනකොට ගොඩාක් ඔයාලට උනත් තේරේවි මේකෙ වටිනාකම දුකට වැටෙන ගතිය ඒකෙන් අවම කරගන්න පුලුවන්.

(පින්තූරයෙ තිබෙන්නෙ දුප්පත් කෙනෙක්ගේ හඳහන, 1949 මාර්තු මස 19 දින පාන්දර විසා නැකතේ 4වන පාදය)


තෙරුවන් සරණයි !




No comments:

Post a Comment