Thursday, October 16, 2014

පෙරමඟ සුභ නිමිති ගැන දන්නවාද ?

අප ගමනක් යාමට එලියට බසිද්දී අපට වැදගත් වන්නේ එම මොහොතේ සිතට එන, චිත්ත බලය සහ චිත්ත ශක්තියයි.
* මුලින්ම එම චිත්ත ශක්තිය දුර්වල වීම, අපට විටෙකදී අයහපත් ආකාරයට බලපෑමට ඉඩ ඇත. මන්ද යම් අශුභ දෙයකින් අපගේ සිත කලබල වුවවොත් එය යන ගමනේ සඵලතාවයට බාධාවක් විය හැක.
* විශේෂයෙන්ම අප නිවසින් පිටත් වන්නේ, එක්කෝ රැකියාවක් බලාපොරොත්තුවෙන්, එහෙම නැත්නම් ප්‍රභූවරයෙක් මුණ ගැසිමට, ආර්ථික තත්වය දියුණු කරගැනිමට ආදියයි. එවන් ගමන් අපට සුභ ගණයේ ගමන්ය. එම ගමන් සඵල වීමට නම් අපට මුණ ගැහෙන නිමිති සුභ විය යුතුය.
මේ සම්බන්ධව පැරැන්නෝද යම්කිසි මතයක සිට ඇත.

● සත්තුන්ගේ විවිධ ඉරියව් විශේෂයෙන්,
හූනා, කපුටා, උලමා, කෑරලා වැනි සතුන් විශේෂයෙන් ඉඟි දෙයි.
එසේම අප මීට ප්‍රථම ලිපියකින් නිමිති සම්බන්ධව දැක්වූවා.
දැන් තව කාරණයක් දක්වන්නම්.

● ගමන් යාමෙදි සුභ ගමනකට නම් තමාගේ නැකතට සීහෙන දවසක ගමන යා යුතුය. එසේම තමාගේ කේන්ද්‍රයට අනුව එම කාරණාවේ හැටියට බලගතු නැකතක් සාදවා ගැනීමද බොහෝම වටිනවා ඇත.

● විශේෂයෙන්ම ගුරු, සඳු, සිකුරු බලවත්ව කේන්දරයේ සිටි නම්, ගෝචරය අනුවද බලවත් නම් එදිනට යන ගමන බොහෝවිට සාර්ථක වේ.
එසේම අදාල එම දිනයට මෙම නැකැත් තිබේ නම් තවත් ශුභයි.

●අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, හත, අනුර, මුල, දෙනට, සුවණ සහ රේවතී මෙම නැකැත් අතරින් ගමන් බිමන් යාම තමාගේ ප්‍රතිඵල ලාභයට හේතුවේ.

● එසේම බෙරණ, කැති, අද, පුෂ, අස්ලිස, මා, විසා, දෙට ආදි නැකැත් වලින් ගමන් බිමන් යාම තමාගේ කටයුතු අඩාල වීමට ප්‍රබල සාධකයකි. එය අත්දැකීමෙන් සිදුවි ඇත.
එසේම ගමන පිටත් වීමට පෙරකී සතුන්ගෙන් යම් ඉඟිද, අවට පරිසරයේ අඳුර ස්වභාවයේ පැවතීමද ගමනට බාධාවකි.

මේ සම්බන්ධව බොහෝ කරුණු කාරණා ඇතත්, ඵල කිරිමේ යම් දුෂ්කරතාවක් පවති. මන්ද අපේ මිනිස්සු හරබර උවත් වැඩි උනොත් කියවන්නේ නැති නිසා.
එමනිසා මේ ගැන විමසා දැනගන්න.

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment