Wednesday, October 8, 2014

“ නව රැල්ලේ අළුත්ම වාලම්පුරි මාෆියාව “

අද පුවත්පත් දැන්වීම් වලත්, විද්‍යුත් මාධ්‍ය වල දැන්වීම් වලත් අපට පෙනී යන්නේ “වාලම්පුරි“ ගැන රැල්ලක් ගොඩ නැගී ඇති බවයි.
එක එක කාල වලට එක එක රැලි පැමිණේ.
කාලයක් ගණ දෙයියන්ව කෙට්ටු කර කණ් ලොකුකර පිළිම පිටින් විකිණීම සිදුවිය. දැනුදු යම් තරමකින් එය සිදුවේ.
එසේම ජය මංගල ගාථා විකෘති කර ගායනා කර එම සීඩි පට විකුණන ලදි.

දැන් යන අලුත්ම මාෆියාව නම් වාලම්පුරි මාෆියාවයි.

* වාලම්පුරියක් යනු, බෙල්ලෙකුගෙන් හට ගන්නා යම්කිසි කැල්සියම් ප්‍රධාන සංඝටකය ප්‍රතිඵලයකි.
එම සත්වයා ගැඹුරු මුහුදේ ජිවත් වේ. එම සත්වයා කිසියම් ආකායරයකට මිය ගියහොත්, එම තත්වයෙන්(කට්ටෙන්) ගැලවුනොත් වාලම්පුරියක් නැමති එම දේ වෙරළට ගොඩ බැසීමට ඉඩ ඇත. එය කිසියම් ආකාරයකට කලාතුරකින් සිද්ධ වන දෙයකි.
එහි වාසනාවක් ඇති බවත්, සත්‍යතාවයක් ඇති බවත් පිලිගැනිමට තරමක් දුරට පුලුවන.

නමුත් ප්‍රශ්නය එය නොවේ. මේ තරමටම මෙයාල වාලම්පුරි ලබාදෙන්නෙ කොහෙන්ද යන ප්‍රශ්නයයි.
වාලම්පුරි හට ගැනීම දුර්ලභ කාරණයකි.

* අපට දැනගැනීමට ඇති ආකාරයට මෙම වාලම්පුරි කෘතිමව නිෂ්පාදනය කරනු ලබයි.
5000 කොලේ හොරට අච්චු ගහන රටේ, එසේම මාධ්‍ය මගින් අපිට දකින්නට ලැබෙන එක එක වැදගත් පුද්ගලයන්ගේ අත්සන් භාවිත කර කරනු ලබන වංචා, හොර සල්ලි අච්චු ගැසීම් ආදිය සිදුවන මේ රටේ මෙවන් වාලම්පුරි නිපදවීම එතරම් කජ්ජක් නොවේ.

අප පුවත්පත් දැන්වීමක් ඔස්සේ ඇමතුමක් දුන් විටදී අප ඇසූ ප්‍රශ්නය නම් ඕනෑ තරම් ගන්න පුලුවන් කියාද ?
එවිට ලැබුනු පිලිතුර වූයේ “ මහත්තයට කන්ටේනරයක්ද ඕනේ... ඒත් දෙන්නම් “ කියාය.

මෙවන් දුර්ලභ දෙයක් මෙවන් ආකාරයට විකිණිය හැකිද යන්න සිතා බැලිය හැක.
මෙවන් කටයුතු වලින් කෙරෙන්නේ ජනතාව සූරා කෑමයි.

* නියමානුකූල වාලම්පුරියක කොරපොතු ඇත. නියමිත බරක් ඇත. එසේම ඒ සම්බන්ධව අතට ගත්විට අපට ව්‍යාජද, අව්‍යාජද යන්න තේරේ.
එසේම ලේ රතු පැහැය ඇතුලෙන් දිස්වේ (එය නම් දැන් මනාවට එන ලෙස ව්‍යාජව සකස් කරයි)
(එය පරික්ෂා කරන නිසි ක්‍රමවේදයක් ඇත)

මෙය බොහෝ දැනුම් තේරුම් ඇති අයෙක් ලවා පරික්ෂා කරවා මිස වෙන ආකාරයකට මිලදී ගැනීම ඔබ මුලාවට අසුවීමට ඉඩ වැඩි කරනු ඇත.

මේ ගැන සිතා බලා කටයුතු කිරීම පාඨක ඔබට භාරයි !

ඉරු සේවයේ විශේෂ හෙලිදරව්වකි.

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment