Wednesday, October 15, 2014

රාහු - කේතු _ රාහු ග්‍රහයාගේ වගතුග _

රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් 7 සමග පලාපලයෙදි වැදගත් වන රාහු - කේතු යන ග්‍රහයන් 2නා හැරුනු විට අනෙක් ග්‍රහයන් 7ම වාගේ ග්‍රහ ලෝක වේ.
මෙම ග්‍රහයන් 2නා ඒ අතර හඳුන්වන්නේ ඡායා ග්‍රහයන් ලෙසය. එවිට අනික් ග්‍රහයන් මෙන් ග්‍රහ ලෝක නොවේ.
එසේ නම් මෙම රාහු කේතු යනු, කුමන ආකාරයේ බලපෑමක් ඇති කරන ග්‍රහයන්ද ?
ඔබට ඒ සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් සිතෙහි ඇතිවන්නට ඉඩ ඇත.
රාහු-කේතු යනු ප්‍රබල විකිරණ කාන්දම් ශක්තියකි. ඔබ අප දන්නා ආකාරයට පෘථිවිය ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරයි. පෘථිවියේ උප ග්‍රහයෙකු වන සඳුද යම්කිසි ගමන් මාර්ගයක ගමන් කරයි.
පෘථිවි ගමන් මාර්ගයත්, චන්ද්‍රයාගේ ගමන් මාර්ගයත් හමුවන ලක්ෂ 2, රාහු සහ කේතු ලෙස ජෝතිෂ්‍යෙයදි හැදින්වේ.
* ඡායා ග්‍රහයන් වුවත් මේ දෙදෙනා මිනිස් ජිවිතයට බලපාන්නේ කෙසේද කියා ජෝතිෂ්‍යය පලාපල කථනයෙදි අපට මනාව වැටහේ.
රාහුට නාග ඔළුවක් සහ මනුෂ්‍ය ශරීරයක් ජෝතිෂ්‍යයෙදි නිර්මාණය කර තිබේ. එසේම කේතු ග්‍රහයාට ලක්ෂණ හිස කට මුහුණ සමග සිරුරක්ද ඉනෙන් පහල කොටස වලිගයක් සහිත කොටසකින්ද සමන්විතය. එසේ නම් මේ දෙදෙනා ගැන මනාව තේරෙන්නට මේ ලිපිය කියවන්න.
ඔබට කිව්වම මොකද, මේ දෙදෙනාට තිබෙන වාහනද, සිටින ස්ථානද පුදුමසහගතය.
● රාහුගේ වාහනය වශයෙන් ඇත්තේ අශ්වයෙකි. කේතු ඇවිදීමට නොහැක.
කේතු සිටින්නේ පිරිසිදු නෙළුම් මලක් උඩය. රාහු එක් අතක මාළුවෙක් අනුභව කිරිමට සූදානම්ව අතක මාළුවෙක් තබාගෙන සිටි.
කේතු ග්‍රහයා පොතක් අතේ තබාගෙන සිටි. රාහු මනස අවුල් කරන තත්වයක, මතක ශක්තියක් නොමැතිව සිටී.
කේතු ග්‍රහයා මතක ශක්තියෙන්ද අනූනයි, ශරීර ශක්තිය ඉතාම දුර්වලයි.
● සුර - අසුර යුද්ධයෙදි නාගර්ජුන වූ විෂ්ණු දෙවි හාමුදුරුවන්ගේ චක්‍රායුධයෙන් රාහුගේ හිස කඳෙන් වෙන්වූ බවයි.
එහිදී හිස වෙනුවට නයි ඔළුවක් සවිකර ඇති බව පුරාණ පොත් පත් වල සඳහන් කරයි.
● මෙම කාරණාව කෙතරම් ප්‍රායෝගිකද ? සැබැවින්ම රාහු යනු න්‍යෂ්ඨික ශක්තියකි, විෂ කදම්බයකි. මෙය රාහුගේ අපලය බලපාන්නේ මනසටය. එනම් පුද්ගලයාගේ සිතුවිලි ධාරාව වෙතය.
මෙම අපලය ලැබූ කල අමතකවීම, මානසික විකලභාවය, කලබල වීම, අතපසුවීම ආදි දෑ පුද්ගලයාගෙන් විද්‍යාමාන වේ.
● එහි තවත් අනිෂ්ඨ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයා සිතේ අරමුණක් නැතිව ඇවිදී. එවිට සියල්ලම මේ ආකාරයෙන් සසදලා බලන කල රාහු නයි ඔළුවක් දී ඇත්තේ එම නිසා බව විශ්වාස කල හැක. ශරීරය මිනිස් වුවද හිස තිරිසන් නිසා බුද්ධියෙන් තොරව කටයුතු කරනු ලබයි.
මොලේ හොඳ නැති මිනිහෙක් අශ්වයෙක් පිට නැග්ගාම මොකද වෙන්නේ ? අන්න ඒ ආකාරයට කටයුතු කරන්න පොළඹවන්නේ රාහු මහ දසාව තුලයි.
මෙම රූප ස්වභාවය රාහුට ලබාදි ඇත. අපි තවත් ලිපියකින් රාහුගේ මහ දසාව පුද්ගලයෙකුට ගත වෙන ආකාරය සාකච්ඡා කරමු.
තෙරුවන් සරණයි !
Iru Astrology
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

1 comment:

  1. Obage upadeshaya ithaama watinawa..udaw kalayuthu kenakuta, udaw kala yuthuma awasthawedi udaw karanawa wina, thawa duratath amaruwe wetennata ida hareemath, eeta anubala deemath mahama maha pawkara kamak thamai..ohuta ho eyata iwasum buddiyen ha sarala basin niwaradiwa karunu awaboda kara demin saarthakathwaye / yahapath mawathe doratuwa wetha regena yamata athwelak weemama apata mathu yahapath bawayak lebeemata men nowa niwanata uwa maga pada deemata hethu wewi..

    semata theruwan saranai...!!

    ReplyDelete