Saturday, October 18, 2014

මිහිරි කටහඬක උරුමය ඔබටත් තියෙනවාද ?

කටහඬ, වචනය කෙනෙකුගේ ජීවිතයේ දෙවියන් දුන් දායාදයක් වශයෙන් සලකයි. අපිට එදිනෙදා සමාජයේ කටහඬින් මිනිසුන් හෝ මුළු මහත් සමාජයක්ම වශි කරන පුද්ගලයෝ හමුවී ඇත.
එසේ නොමැති නම් එවන් පුද්ගලයන් ගැන අසා ඇත. යම් අයට කිසිම දක්ෂතාවයක් නොමැත. උගත් නැත. මිල මුදල් ධන ධාන්‍ය තත්වය නැත. නමුත් එවැනි අය කතාවට බොහෝ දක්ෂ අය වෙති. බොහෝ වැඩ ඒ ආකාරයෙන් කර ගනිති. එසේ නම්, ඔහුට හෝ ඇයට තමාගේ කතා විලාශය සම්පතක් බව ඔබට වැටහෙනවා නේද ?

● අප බුදුරජාණන්වහන්සේගේ අති උතුම් ධර්මයට අනුව, ප්‍රිය වචනය, සතර සංග්‍රහ වස්තු වලින් 1කි. එසේ නම් ප්‍රිය වචනයෙන් කතා කිරීම ජනප්‍රිය වීමට රුකුලක් නේද.... ?

● සමහර අය කෙතරම් රූප ශ්‍රියාවෙන් අනූන වූවත් ඒ අයගේ භාෂා හැසිරීම සහ භාෂා ශෛලිය අනික් අයට පිලිකුලක්ම ගෙන දෙයි.
ඔබටත් එවැනි තරම ඕන තරම් හමුවි ඇති බව අප විශ්වාස කරමු. සමහර අය රූමත් නොවුනත් ප්‍රිය වචනයෙන් මුළු මහත් ජනකායක්ම වසඟයට ගනිති.
ගමේ ගොඩේ ගතාවක් තියෙනවා, “ එයා එච්චර ලස්සන නෑ, ඒ උනාට වචනයෙන් හැමෝම වශි කරගෙන ඉන්නේ “ කියල.
එවන් ප්‍රකාශ ඔබ ශ්‍රවණය කර ඇති. එසේ නම් ප්‍රිය වචනයෙන් අන් අයට ආමන්ත්‍රණය කිරිමටත් පිලිවෙලක් ඇතිව කතා කිරිමටත් අනුබල දෙන ග්‍රහ යෝග කවරේද ?

● යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ, කටහඬ වචනය පෙන්වන්නෙ 2වන භාවයෙනි.
එසේම වචනයට කතාවට අධිපති ග්‍රහයා ඔබ දන්නවාද... ?
- ඒ ග්‍රහලොව සුරතලා වන “බුධ“ යි.
යම් කෙනෙකුගේ බුධ ග්‍රහයා බලවත්ව 2වන භාවයේ සිටිමෙන් විශේෂ කථිකත්වයක් හිමි කර ගනී. තර්කානුකූලව කතා කිරීමට හැකියාව ඇත.
එහෙත් අප කතා කරන්නේ මිහිරිව කතා කල හැකි පිලිබදයි.

● බුධ ග්‍රහයා බලවත්ව සිකුරු සමග 2වැන්නේ සිටිම ඉතාම ආකර්ෂණීය කතාවේ පිහිටිමක් පෙන්වයි.

● එසේම යම් ග්‍රහයෙකුගේ 2 වැන්නට බුධගේ හෝ සිකුරුගේ දෘෂ්ඨි වැටීම මිහිරි කටහඩකට ප්‍රධානම හේතුවකි.

● එසෙම යම් කෙනෙකුගේ කේන්දරයේ ශුභ ග්‍රහයන් අතර ලග්නය හා 2 වැන්න පරිවර්ථනය වීම මිහරි කටහඩක් හා චිත්තාකර්ෂණීය කතා විලාශයක් ලැබෙන්නට හේතුවකි.

● යම් කෙනෙකුගේ කුජ-සිකුරු යන ග්‍රහයන් 2 වැන්නේ පිහිටිමෙන් ඒ අය ශෘෘංගාරාත්මක(sexy talk) කතාවකට හිමිකම් කියයි. එවැනි කාන්තාවක් හෝ පුරුෂයෙක් සමග දුරකථනයෙන් හෝ කතා කලොත් එම කතාව නිසා ඒ කතාව අහන කෙනාගේ සිත රාගයෙන් මුසපත් වීමට පුලුවන්.

● එසේම බ්‍රහස්පති ග්‍රහයා 2වැන්නේ සිටිමෙන්, බොහෝ ගෞරවාන්විත කටහඩක් පිහිටයි. කුඩා දරුවෙකුට වුවත් මෙසේ ඇත්නම් වයසට වඩා දැනුම් තේරුම් ඇතිව කතා කරයි.
සමහරවිට දරුවන් සම්බන්ධව වැඩිහිටියන්ද ගුරුවරුන්ද පුදුම වේ.

● සඳු - සිකුරු යන ග්‍රහයන් 2 වැන්නේ තැන්පත් වීමෙන් ලතාවකට කතා කරන, විනෝදකාමි විදියට කතා කරන ඉරියව් පෙන්වයි.

● එසේම සිකුරු 2වැන්නේ සිටියදී රාහුගේ දෘෂ්ඨි වැටීම ජනප්‍රිය කථිකයෙක් බවට පත්වේ.
( අපේ ජනාධිපතිතුමාගෙත් මෙම යෝගය ඇත)
දේශපාලනයේ ඉහලට යෑම එය හේතුවක් වී ඇත. ඔහුගේ කතා ඇසිමට දුර බැහැර සිට පිරිස පැමිණේ.

* එසේම දෙවැන්නට ශුභ ග්‍රහයෝග පිහිටිමෙන් තවත් අමතර ලක්ෂණයක් පෙන්නුම් කරයි. එසේ නම් රුවැති බබලන මුහුණයි, මනාව පිහිටා ඇති දත් එසේම රත් පැහැ දෙතොල් නහය මුහුණ කට යනාදිය ඉතාම ප්‍රිය මනාපව පිහිටයි.
අපගේ පාඨකයෙක් වන Ravindu Prasanna මහතා අහල තිබ්බා කුමන කර්ම ශක්තියකටද මේවා පිහිටන්නේ කියල...

උතුම් වූ බුදු දහම අනුව මෙවන් යෝග පිහිටන්නේ ගිය ආත්ම භාව වලදි වචනයෙන් පුද්ගලයන් සනසපු අයටයි. එසේම තමාගේ වචනයෙන් බොහෝ ජනී ජනතාවට සේවයක් කල අයටයි.
එසේම තමාගේ බඩට, ඉණට වස්ත්‍ර නොඇද, කෑම නොකා ඒවා දුගී දුප්පත් අයට පූජා කල ආනුභාවයෙන් මෙවන් යෝග පිහිටන බව ධර්ම පුස්තක වල සහ අප අදහන දහම අනුව විශ්වාස කල හැක.

ඉතින් ආයෙත් දවසක බලමු මේකෙ අනිත් පැත්ත !

No comments:

Post a Comment