Thursday, October 23, 2014

නපුංසකයන් බිහිවන්නේ ඇයි ?

අද කාලයේ මාධ්‍ය වලින් පවා, එක එක විවාද වලදි නපුංසකයෝ කියල බනිනවා. ඒ කියන්නෙ කට වචනයට නම් පොන්නය කියල. අපි දැන් ඕක හංගන්න ඕන නෑ ශිෂ්ට භාෂාවෙදි. පොන්නයො කියල කිව්වම කවුද කියල නම් දන්නව.

මේ නපුංසක ජීවිත අපි දැකල තියෙනව අද රටේ පාර තොටේදි. හරි පුදුමත් හිතෙනව. පිරිමින් විදියට ඉපදිලා පසුකාලීනව ගැහැණුන් මෙන් ඉන්න උත්සහ කරනව. ගැහැණු අයගෙ ආයිත්තම් ප්‍රිය කරනව. ගැහැණු අය වැඩියෙන්ම කරන රූපලාවන්‍ය, කේක් හැදීම, සාරි වැඩ දැමීම, කතා බහ ගැහැණු වගේ අද්දල පද්දල කරනව. මේක එක පැත්තකින් ගත්තම පුදුම තත්වයක්. දහමෙ හැටිය නම් මහා පව්කාරකමක්.

මේ තත්වයට පව කියන්නෙ ඇයි ? ගැහැණියක් වගේ හිටියට, පෙන්නුවට කවදාවත් මව් පදවියක් ලැබෙන්නෙ නැහැ. ගැහැණියකට උවමනා කරන අඟපසඟ විශේෂයෙන්ම ලිංගික අවයව පිහිටලා නැහැ.

පිරිමියෙක් වගේ හිටියට පිරිමියෙකුට අවශ්‍ය කරන පෞරුෂය, ලිංගික ප්‍රාණවත් ගතිය සහ ලිංගික සඵල තාවය, උතුම්  මනුෂ්‍යයෙකුට පිහිටිය යුතු ශක්තිමත් පුරුෂ ලිංගයක් ඒවගේම ධාතු ශක්තියක් මේ අයගෙ නෑ.
ඒනිසා විවාහ වෙලා, තමන්ගේ සහකාරියව තෘප්තිමත් කරන්න මේ අයට බෑ. මේකත් මහා ලොකු පාපකර්මයක්.
ගිය ආත්මයේ සිල්වත් මිනිස්සුන්ට ඒවගේම සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අපහාස කරලා, ඔය අපි දැකල තියෙනව වගේ පොන්නය කියල බැන්න කට්ටියට තමයි මේ වගේ වෙන්නෙ ?

ජෝතිෂ්‍යයේ හැටියට කොහොමද මේ අයගෙ ග්‍රහ තත්වය ?

අපි බලපු කෙනෙක්ට මෙන්න මේ වගේ තත්වයක් තියෙනව.

මෙයා ඉපදිලා තියෙන්නෙ 1974 අවුරුද්දක වෘෂභ ලග්නයෙන්. මෙයා පුදුම ජාතියෙ මනුස්සයෙක්. මෙයා මෙයාගෙ කටින්ම කිව්ව මෙයා සමලිංගික සේවනයට ඇබ්බැහි උනා කියල. පුදුමෙ කියෙන්නෙ, ඒකටම හරියන්න ඒ සමලිංගික ක්‍රමයට නැඹුරු වෙච්ච තවත් පුද්ගලයන්(ආගමික ක්ෂෙත්‍රයේ තරාතිරම් 2ක ඉන්න) එකතු වෙලා තියෙනව.
පුදුමාකාර සමලිංගික ආශාවක් තියෙන්නෙ මෙයාගෙ හඳහනේ මේක තියෙන්නෙ

අපි කලිනුත් කියල තියෙනව මෙහෙම යෝග තිබ්බොත් මෙහෙම වෙන කියල.

ඔන්න බලන්නකෝ කේන්දරේ

වෘෂභ ලග්නය, කේතු - සිකුරු 1, 2 බුධ - ශනි, රාහු 7, 5 - චන්ද්‍ර, ගුරු 10, 11 කුජ, 12 රවි.

හත නැකතේ

මේක බොහෝම පුදුම හිතෙන, ඒවගේම ඉවසීමකින් පලාපලය කිව යුතු තත්වයක්.

බුධ - ශනි යෝගය එකට පිහිටන එකත් නපුංසකයන් බිහි කරන්න හේතුවෙන කාරණාවක්. ඒවගේම තමයි මේ කේන්දරය බලන්න ඒ කාරණා 2ක් තියෙනව.
කේතු - සිකුරු 1ට හිදීමත් හේතු වෙනව. මෙතනදි සිකුරු ඉන්නෙ ස්වක්ෂෙත්‍ර බලයෙන්නෙ. ඒත් පාප කේතු නීච වෙලා ඉන්නෙ.
මේ හේතුවත් 1 ප්‍රශ්නයක්.

ඒවගේම තමයි යම්කිසි කෙනෙක්ගේ කේන්දරයේ චන්ද්‍රයාට පාප දෘෂ්ඨි වැටෙනවා නම්, බාහිරින් හොඳ පෞරුෂයක් පිරිමියෙකුට තියෙද්දිත් (Personality) මේ අය විහින් ගෑණු වෙන්න හදනව. උකුල පද්දල ඇවිදිනව. සමහරු ගෑණු අඳින යට ඇඳුම් පවා අඳිනව. ඒක මානසික රෝගයක්. ඒකට හේතුව වෙන්නෙ චන්ද්‍රයා පාපපීඩිත වීම - විශේෂයෙන්ම කේතුගෙන් හෝ ශනිගෙන්.

ඉතින් බලන්නකෝ කොයිතරම් ප්‍රශ්නයක්ද කියල මේක. ඒවගේම තමයි කුඩා කාලයේ ඉදල නීච සිකුරු, කේතු - සඳු - සිකුරු යෝගයෙන් ඉපදුනාමත් එහෙම වෙනව.

මම මේක ටිකක් උවමනාවෙන් ඉල්ලන දෙයක් මේක බලන සියලුම දෙනාගෙන්.
කිසිම දවසක කාටවත් පොන්නයා කියල බණින්න එපා. ඒ කියන්නෙ නපුංසකය කියල. එහෙම බණිනවා නම් බණින්න උවමනා නම් ඒ අයගෙ කේන්දරේ ඉල්ලල බලල මේ කියන යෝග තියෙනවද කියල බලල එහෙම බණින්න.

කිසිම කෙනෙක් ලේසියෙන් පොන්නයෙක් වෙන්නෙ නෑ. සසර කරපු පවකටම තමයි එහෙම වෙන්නෙ. ඉහත හඳහනේ වගේ.
ඒවගේම ගෑණු ළමයින්ටත් හොඳ ආරංචියක්. ඔයාලගෙ පෙම්වතුන්ගෙ මේ යෝග තියෙනවද කියල බලන්න. පස්සෙ නැත්නම් කරදරයිනේ ..

තෙරුවන් සරණයි !

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment