Showing posts with label ඔවදන්. Show all posts
Showing posts with label ඔවදන්. Show all posts

Saturday, September 19, 2020

සිහිනෙන් බිය වීම

 හීනෙන් භූත - යක්ෂ - ප්‍රේත යනාදි අමනුෂ්‍ය ආත්ම දැක කුණුහර්පයෙන් බැන්න විට, එම ආත්මයන් නොපෙනී යාම. හීනෙන් හෝ සැබවින් යන කුමන අවස්ථාව වුවද, කුණුහර්ප වචන භාවිතය අයහපත්ය. තිත්ත කුණුහර්පයෙන් බැන මම හොල්මන එලෙව්වා - බය කලා ලෙස උජාරුවට කියන අය සිටිති.
නමුත් සැබෑව නම්, කුණුහර්ප වැනි දේ කියා අමනුෂ්‍ය ආත්මයන් එලවීම වැරදි සහගත ක්‍රියාවකි. අදාල අමනුෂ්‍ය ආත්මයන් යන්නේ, ක්‍රෝධයක්ද සහිතවය.
* කල යුතු දේ වන්නේ, එවන් අවස්ථාවක බුදු ගුණ සිහි කිරීමයි. එනම් “ ඉතිපිසෝ ගාථාව“ සජ්ජායනය කිරීමයි. එවිට මෛත්‍රියෙන් යුතුව එම ආත්මයන් එතනින් ඉවත් වීම සිදුවේ.

#තේරුම්ගන්න.

#Dhamma


Friday, May 24, 2019

කුවේණිය ලංකාවට සාප කල බවට මතයක් පැතිර යමින් පවති. එය පෙර සිටන් පැවත එන්නකි. එනිසාම ලංකාවට කරදර සිදුවන බවක් කියයි.
- එසේ වුවද එය වැරදිය. කුවේණිය ශාප කලේ තමන්ට අසාධාරණ කල, තමන් රැවටවූ අයටය. එනම් විජය රජතුමාටය..

- ලංකාවට වැරදීම් සිදුව ඇත්තේ, ලංකාවේම මිනිසුන්ගේ අකුසල අනුවය. පත් කරගන්නේද වැරදි අයවය. පත් කරගත්තද ඊටපසුව නරක් හෝ පෙර නොවූ විරූ නරක පෙන්වන අයද බොහෝ සේ සිටිති.



#ඉරු

Friday, September 1, 2017

තව හිතන්න..


 යම් අවස්ථාවල ජෞතිෂ්‍යයට අදාලව සේවා ලබාගැනීමේදි එය තවත් දුරටත් සිතා බලා ගත යුතුය. ජෞතිෂ්‍යයෙන් සියල්ල සාර්ථක වන්නෙ නැත. එය මග පෙන්වීමකි. කරන කටයුතු සාර්ථක වන්නෙ කැපවීමෙන් කලොත් පමණි.
● බොහෝ අවස්ථාවල කියන අනාවැකි, පලාපල යනාදිය සාර්ථක වන අතර එසේ නොවුනොත්, ඊට මූලිකව බලපාන්නෙ අදාල හැසිරීමයි. ධන යෝග තිබෙන අයට, විසේසයෙන් හදිසි ධනලාභ තිබෙන කෙනෙකුට වුවද මුදල් කළමනාකරණය ගැන අවබෝධයක් නැත්නම්, මුදල් ලැබීමෙන් ඵලක් නැත.

● බොහෝවිට දකින දෙයක් නම්, කොටසක් ජෞතිෂ්‍යය ප්‍රතික්ෂේප කරමින් බැණ වදිමින් සිටින අතර, තව කොටසක් සියල්ල ජෞතිෂ්‍යය මත සිතීමට පෙළඹී ඇත. අවශ්‍ය වන්නෙ මැද පිලිවෙතයි.
වසර 5000කට වඩා ඉපැරණි මෙම ශාස්ත්‍රයෙන් නිවරදිව ඵල ගැනීමට හුරුවිය යුතුය.

● යමෙකුට අපල තත්වයක් නිසා රෝගයක් ඇතිවිය හැකි බව ජෞතිර්වේදියෙකු පැවසුවොත්, කල යුත්තේ කම්පා වීම නොව, අදාල වෛද්‍ය පරීක්ෂණ කර එය ඉදිරියට සිදුවේ නම් එයින් පරිස්සම් වීමයි. මගහරවා ගැනීමට, සුව ඇති කරගැනීමට කටයුතු කිරීමයි. කායික රෝගයට වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර අනිවාර්ය වෙයි. එසේම ග්‍රහ දෝෂ තිබේ නම් එයටද පිලියම් කර ගැනීම මැනවි !
 මානසිකව කම්පාවීමෙන් ඵලක් නොවේ, එයින් වන්නෙ තව දුරටත් පිටුපසට යෑම පමණි.

තේරුම් ගෙන කටයුතු කරන්න !


Iru Sewaya

irusewaya@gmail.com

077 2238041

Friday, July 28, 2017


 “ පෙම් සබදතා වලදි මුලින්ම ආදරේ සමග මෛත්‍රි කරන්න.
එවිට සබදතාව වඩා ශක්තිමත් වනු ඇත. පෙම්වතා පෙම්වතියගෙ ශරීරය පන්සලක් ලෙස සිතා ගරු කරන්න. හුදෙක් කායික සබදතාවක් පමනක් අපේක්ෂිත ප්‍රේමයකින් කිසිවක් හරියන්නෙ නැත.
වසර ගණනාවකට පසු උවත් මතක් වන විට සතුටින් මතක් කල හැකි ලෙස පෙම් කල පෙම්වතෙක්, පෙම්වතියක් වන්න...“
#ඉරු
irusewaya@gmail.com
077 2238041

Saturday, July 15, 2017

“ දෙවියන් සහ ධර්මය"

දෙවියන් ඕනෑම කෙනෙකුට උදව් කරන්නෙ ආශිර්වාද කරන්නෙ ඔවුන්ගෙ ඇති ගුණයට, සිලයටය. එසේ නොමැතිව පුද පඩුරු වලට දෙවියන් සලකනවා ලෙස සිතාගෙන සිටිම මුලාවකි.

*** කෙනෙකුට ජ්‍යොතිෂ්‍යය සහ ඊටත් එහා ගිය දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනිමට උවමනා නැත්නම් එයට කමක් නැත.

* නමුත් පුද පඩුරු වලට දෙවියන් කැමතියි, දෙවියන් සහ ධර්මය යනු 2ක් ලෙස සිතාගෙන සිටිම ජ්‍යොතිෂ්‍යය සහ ඊට එහා ගිය දේ අවිශ්වාස කරනවාටත් වඩා මුලාවකි.

* ඔබ දෙවියන්ට දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙවියන්ට අපහාස කරා කියා දෙවිවරු ඔබ හා උරණව ඔබට කරදර ඇති කරන්නේ නැත.

* ඔබ තේරුම් ගත යුත්තේ යමෙක් දේවත්වයට පත්වන්නෙ හොද කර්ම ශක්තිය නිසා බවයි.

- හොද කර්ම ශක්තිය ඇති පින්වන්ත අයට ගැරහීම අපහාසය, අකුසලයකි, පාපයකි.
මුලාවෙන් මිදිය යුත්තේ එනිසාය.

#බුද්ධිමත් වන්න

සැබෑවට දෙවියන්ට අවශ්‍ය වන්නේ පින්ය. තේරුම් ගත යුත්තේ දෙවියන් අපගේ පින් මත යැපෙන්නේ නැත. නමුත් සැබෑවට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නට නම් කල යුත්තේ නිවරදිව ජිවත් වී සීලය - ප්‍රතිපත්තිය රැකගැනීමත් නියමාකාරයෙන් කරන ලද පින්කම් වලින් දෙවියන්ටද අනුමෝදන් කිරිමයි !

#ඉරුසේවය

irusewaya@gmail.com
077 2238041

Thursday, May 4, 2017

ජීවිතය පුදුමාකාර එකකි. එය තේරෙන්නට නම් ජිවිතය විඳිය යුතුමය. කරදර - බාධක සමග දැඩි දුෂ්කරතා සහිතව ජිවිතය ගෙන ගිය අයට ඒ ගැන මනාව වැටහෙයි.

අපල කාලයක් ගත කිරීම බාධා අවහිරතා සහිතව කරදරකාරී, පීඩාකාර එකකි. එම කාලය හැකි ඉක්මණින් ගෙවා දැමීමට හෝ අපල වලට කල යුතු ශාන්ති කර්ම පෙර දැන සිටියත් නොකල නිසා කරදර වැඩිවුනු බව බෙහෝ දෙනෙකු කණගාටුවෙන් පවසනු කොතෙකුත් අසා ඇත.
එය කරදරකාරි අපහසු දෙයක් වුවත් අපලය සඵලය වූ අවස්ථාද ඇත.

● එක් සිදුවීමකදි තරුණයෙකුට වෛද්‍යවරයෙකු වීමේ දැඩි උවමනාවක් තිබූ අතර, ඔහුට අවස්ථා 3දීම වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි විය. අවසාන වාරයේ ඔහු ක්ෂුද්‍ර ජීව විද්‍යාව සඳහා සුදුසුකම් ලැබීය. ඔහුගේ සෙනසුරු අපල සියල්ල ගෙවුනේ විශ්ව විද්‍යාලයට ඇතුල් වී වසර 2කට පසුය.

● එම තරුණයාට උපාධිය ගත් වහාම ඔහුගේ සුදුසුකම් වලට ස්වීඩනයෙන් ඉතා ඉහල වැටුපක්(ලක්ෂ 8ක් පමණ) සහිතව රස්සාවක් ලැබුනි. අද ඔහු තමන්ගෙ පශ්චාත් උපාධියද සිදුකරමින් ඉතා ඉහලට හැම අතින්ම ගොස් සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරන කෙනෙකි.
අද ඒ සිද්ධිය සිදුවී වසර 10-15ක් පමණ වුවද,  වෛද්‍ය විද්‍යාලයට ගොස් වෛද්‍යවරුන් වූ මිතුරන් සියල්ලට වඩා ඉහල තැනක ඔහු අද සිටී. ඔහු ඒ ගැන කණගාටු වූ අයුර අපට මතකය. ඔහුගේ මිතුරන් වෛද්‍යවරු වෙද්දි, ඔවුන්ට වඩා දක්ෂ තමාට එසේ නොහැකිවීම ගැන මහා කම්පාවකින් සිටියේය. අද එදා මතක් කරන විට ඔහුට සිනා පහල වේ.

● ජීවිතයෙ හැටි එහෙමය. අද වැරදුනු කෙනාට හෙට හරියයි. එය ලෝක ධර්මතාවයකි. කරදර වලට මුහුණ පෑවේ නම් නැවත එවන් කරදර ආවද ඒවාට හුරු නිසා පහසුය. දියුණුව ස්ථිරය...

සිතන්න - වැඩ කරන්න - ජයගන්න !


#සත්හටසෙත්පතනඉරු

irusewaya@gmail.com


077 22 38041

Thursday, April 27, 2017

පසුගිය දිනක අප විසින් දුටු දසුනක්...


රෙදි උවමනා කෙනෙක්ට ලබාදුන්නේ නම් හෝ ආගමික ස්ථානයකට පූජා කලේ නම් මීට වඩා වටිනවා මෙන්ම අපලය - අකුසලය ගෙවෙන්නට පිනක්ද ලැබෙන්නේමය...
සිතා බලන්න....


#ඉරැ
077 2238041

Sunday, March 26, 2017

රටේ රත්රන් මිල පහල යන අවස්ථාවල සහ උකසට තබන ලද රන් භාණ්ඩ නියමිත දිනට බේරා ගැනීමට නොහැකි වූ අයගේ රන් භාණ්ඩ බැංකු විසින් පාඩු මඟහරවා ගැනීමට රන් මිලටත් වඩා අඩුවෙන් ඉදිරිෙය්දි වෙන්දේසි කිරීමට ඉඩ අැත.

එවිට ඔබ ඒවා ගන්නේ නම් එහිදී අප දන්නා ශාස්ත්‍රය අනුව ගැටළු 2ක් ඇත.

1. එම රන් ආභරණ උගස් තැබූ අයගේ ඇති චිත්ත පීඩා සහ සිත නරක්වීම් තුලින් ඇතිවන සෝ සුසුම් ආදිය ඔබටද යම් තරමකින් හෝ බලපානු ඇත.

2. වෙනත් අය වෙනුවෙන් සාදා ඇති, ඔවුන්ගේ ආකර්ෂණය හුරු හෝ එවන් කටයුතු කර ඇති දෙයක් තමන් ලග තබාගැනීමට සුභ පල ලැබීම කෙසේ වෙතත් අසුභ පල ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බව අපගේ පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

ඒනිසා එසේ කරන්නේ නම් එම ආකාරයටම භාවිත නොකර මකවා භාවිත කරන්න. එයද එතරම්ම සාර්ථක බව කිව නොහැක.

* තමන්ට හිතමිතුරන් දුන් බව කියමින්, ලාභෙට ලැබුනු බව කියමින් රන් ආභරණ මුදු වැනි දෑ භාවිත කල සමහර අය නැති කරදර අත් කරගෙන අයහපත් ප්‍රතිඵල අත්විඳි බව අත්දැකිමෙන් දන්නා බැවින් මෙසේ සඳහන් කරමු.

* දැනුවත් කිරීමක් පමණි !

#ඉරු Iru Sewaya

irusewaya@gmail.com
077 2238041

Monday, March 20, 2017

ඔබ දක්ෂ - ලස්සනම කෙනා නොවෙන්න පුලුවන් - ඒත් ඒක එතනින් ඉවර නැහැ..



-

රූපයත්, මොලයත් කියන 2ම තනි තනි විදියට උනත් මහා පරිමාණයෙන් හැමෝටම ලැබෙන්නෙ නැහැ.

ඒත් ඔබට රටට - ලෝකයට වැඩදායි කෙනෙක් වෙන්න රූපයවත්, මොලයවත් අත්‍යාවශ්‍ය නැහැ..

මට මතකයි කාලෙකට කලින් එක්තරා නාලිකාවක ටෙලි නාට්‍යයක් පෙන්නුවා. ඒකේ ප්‍රධාන චරිතය උනු කාන්තා චරිතය කළු කෙනෙක්, ඒ තරම් රූපසම්පන්න නෑ. ප්‍රියමනාපත් නැහැ.  මුලදි මතත් ඒ චරිතයට කැමති නැහැ. නමුත් කාලයක් යද්දි ඊට වඩා රූමත් චරිත වලට වඩා අපි අර චරිතයට කැමතියි.

මොකක්ද ඒකට හේතුව ?

හේතුව ඇය හොඳ චරිතයක් නිරූපණය කිරීම.

අපි සමාජයේදී උනත්, දක්ෂ, ප්‍රියමනාප ලස්සන චරිත වලින් බලාපොරොත්තු වෙනවා, ඔවුන් හොඳ - යහපත් අය කියල. රූපයෙන්, දක්ෂතාවයෙන් වැඩි නම් අපි හිතාගන්නවා ඒ අය නිහතමානි, යහපත් අය කියල.

ඉතින් අපි හැමෝම වගේ වෙලාගෙන ඉන්න මායාව දැන් පැහැදිලිද ?

ඔබ දක්ෂයෙක්, ගොඩක් රූමත් කෙනෙක් නොවෙන් පුලුවනි. ඒනිසාම මුල් කාලයේ සමහර අයව ඔබව ගණන් නොගෙන ඉන්න, එහෙම නැත්නම්  නොසලකා හරියන්න පුලුවන්. ඒත් ඒ අයම පසුකාලීනව ඔබේ යහපත් ගති දැනගත්තාම ඔබට කැමති වෙන අවස්ථා අත්විඳ තියෙනවද ??
ඒක තමයි ඇත්ත. හැමෝම වගේ කැමති දක්ෂකමටවත්, රූපයවටත් නෙමෙයි, හොඳ ගති ගුණ වලට..

ඔබ යහපත් කෙනෙක් නම්, අන් අය ගැන හිතනවා නම්, කරුණාවන්ත, සංවේදි කෙනෙක් නම් කවදා උනත්, මොන තත්වයෙන් ඔබ හිටියත් ඔබට කැමති අය ඉදීවි.
ඒ තුලම ඔබ ඇති කරගන්න අධ්‍යාත්මික ගුණ ධර්ම ඔබට ජිවිතය පුරාම ආශිර්වාදයක් වේවි !

ජීවිතේ හැමෝටම වරදින්න වගේම හරියන්නත් ලොකු වෙලාවක් නොයන්න පුලුවන්, කෙනෙක් වයස 20දි කරන දේවල් තව කෙනෙක් 30 දි කරන්න පුලුවන්. ඒක එක එක්කෙනාගේ ජිවිතේ අනුව වෙන දේවල්..
ඒත් හැමදාම හොඳින් ඉන්න උත්සහ ගත්තොත්, එහෙම හිටියොත් කවදම උනත් සැනසීමෙන් ජිවිතේ හැමදාම ඉන්න පුලුවන්..

Monday, February 27, 2017

සෑම දෙයකදීම බුද්ධිමත් වන්න

ෆේස්බුක්හි නිතර ෂෙයා වෙනවා, “ ඔබට අපල කාලයක් ඇති වන්නේ කේන්දරය බැලීමෙන් අනතුරුවයි“ කියල.
එය සැබෑවකි. කේන්දරය බැලුවේ නැත්නම් ඔබට අපල තිබේද නැද්ද යන්න පවා ඔබ දන්නේ නැත. එසේම එවන් උපදේශයන් තුලින් පාඩු - කරදර අවම කරගත් බොහෝ අය සිටිති.

පොදුවේ සිදුවන්නේ කොටසක් කිසිවක් නොසලකා සිටින නිසා කරදරයට පත්වීමත්, අනිත් අතිබහුතරය අපල තිබෙනවා කියූ සැනින් පසුගාමී වී බිය වී, අධෛර්යට පත්වීමත්ය.
කල යුත්තේ තත්වය හඳුනාගෙන ඊට අනුව කටයුතු කිරීම පමණි !

 ගමනක් යන විට, අකුණු ගසමින් වැස්සක් වහිනවා ප්‍රවේශම් විය යුතුයි කියල ඔබ දැනගත්තොත් කරන්නේ කුමක්ද ?
එහිදී මූලිකව, වැස්සෙන් පරිස්සම් විය යුතුයි, අකුණු වලින් ආරක්ෂා විය යුතුයි. ඒවායින් ආරක්ෂා වුවද කලබලේට ඒව කරන්න ගියොත් ලිස්සලා වැටෙන්න ඉඩ තියෙනවා.

ඉතින් දෙයක් දැනගත්තාම කරන්න ඕන, ඒකෙන් බේරිලා තමන්ගෙ දියුණුවට කටයුතු කරනවා මිසක් ඒවා නවත්තන එක නෙමෙයි.
විශේෂයෙන් සෙනසුරු අපල කාල වලට සමහර අයට කියන දෙයක් තමයි ගෙයක් හදන්න, නැත්නම් වෙනත් ඉදිකිරීමක් කරන්න කියල. සමහරවිට අපි කියනවා සල්ලි තිබුනත් ණයක් අරගෙනම කරන්න කියල. ඒකෙ තේරුම ඒ අපල කාලයෙදි අපල කාලය දැනෙන්න තමන්ගෙ දියුණුව පිණිස දෙයක් කරන එක. එතකොට අපලයත් ගෙවෙනවා. අපල කියන්නේ පෙර කරපු අකුසල් කියල අමතක කරන්න හොඳ නෑ. ඒවයේ විපාක අපිට ලැබෙන්න නියමිත නිසා ඒ අකුසල් තරමක් හෝ විඳින අතර පිංකම් කරලා ජිවිතේ යහපත් කර ගැනීමයි කල යුත්තේ.

හිතන්න !


#ඉරු

irusewaya@gmail.com
077 2238041

Friday, September 23, 2016

රාජ යෝග තිබුනට විතරක් රජ වෙන්න පුලුවන්ද ?

සෑහෙන පිරිසකගේ ලොකු ආසාවක් තියෙනව රජ වෙන්න. අඩු තරමින් පලාත් සභාවටවත් යන්න..
ඊට පස්සේ පාර්ලිමේන්තුවට, ඇමතිකමක්, අවස්ථාව ලදහොත් රජ වෙන්නටත්...
එහෙම අය නිතර අහන දෙයක් තමයි “කේන්දරේ රජ වෙන්න නැද්ද“ කියල.

● බොහෝ රාජ්‍ය නායකයන්ට රාජ යෝග තිබුනු බව සත්‍යකි.
පංච මහා පුරුෂ කියන රාජ යෝග, නීච භංග රාජයෝග, විපරීත රාජ යෝග හෝ අනිකුත් රාජ යෝග තිබූ පමණින් රජ වීමට නොහැක.
(https://www.facebook.com/media/set/?set=a.908983269118753.1073741832.833656709984743&type=3)

-  ප්‍රේමදාස ජනාධිපතිතුමාට තිබුනු සස පංච මහා පුරුෂ යෝගයත්, චන්ද්‍රිකා ජනාධිපතිතුමියට ඇති රුචක පංච මහා පුරුෂ යෝගයත්, මහින්ද ජනාධිපතිතුමන්ට ඇති චන්ද්‍රාධියෝගයත්, වත්මන් ජනාධිපතිතුමාට තිබෙන ගජකේශරී රාජ යෝගයත් කැපී පෙනෙයි.
මීට අමතරවද තවත් රාජ යෝග හෝ ඒ ආකාරයට බලවත් වන යෝග බොහෝ ඇත.


● පොදුවේ සිතුවොත් තම කේන්දර සටහනේ (නවාංශක කේන්ද්‍රයත් වැදගත් )ග්‍රහයන් 4ක් හෝ ඊට වඩා ගණනක් උච්චව පිහිටන්නේ නම් එවන් කෙනෙකුට යම් ඉහල තත්වයක් ලැබිය හැකි බවට සිතිය හැක. කෙසේ වෙතත් අනිකුත් ග්‍රහ පිහිටීම්ද අතිශයන් වැදගත් ඒ සුභ පල දියුණු කිරීමට.
ග්‍රහයන් 4ක් හෝ වැඩි ගණනක් උච්ච වී රජ පවුලක ඉපදුනි නම් රජවීමට ඉඩ ඇති බව පොදුවේ කියන්නට කියන කාරණාවකි.

● රවි, කුජ, ගුරු ශනි යන ග්‍රහයන්ගේ උච්ච වීම මෙහිදී වැදගත් වන අතර, රාහු කේතු ඡායා ග්‍රහයන් නිසා එය එතරම් සැලකෙන්නේ නැත.

● විශේෂ කරුණක් ලෙස, අගමැති දෙපලකගේ පුත්‍රයෙකු වූ, ජනාධිපතිනියකගේ සොයුරා වූ, තමාද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු ලෙස පමණක් නොව 3වන පුරවැසියා වන විපක්ෂනායක ධූරයද හොබවා 4වෙනි පුරවැසියා වන කථානායක ධූරයද හෙබවූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාට රජ වීමට නොහැකි වීමයි. එතුමාගේ කේන්දර සටහනේද රජ විය හැකි යෝග තිබුනා මතකය.

එම නිසා කුමන යෝග තිබුනද ඒ ඒ අවස්ථාවලදි කාල වලදි ඒවාට උචිත අන්දමින් කටයුතු කිරීමෙන්, කරදර වලින් මිදුනේ නම් පමණක් ඒවායේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන බව අප තේරුම් ගත යුතුය.
https://www.facebook.com/irusewaya/photos/a.912122358804844.1073741833.833656709984743/1415153281835080/?type=3&size=977%2C667&fbid=1415153281835080



irusewaya@gmail.com
077 22 38041

Monday, August 1, 2016

දහම වුවද නිවරදිව අල්ලා ගත යුතුය.

 අප ප්‍රේම දඩයම නාට්‍ය එකදිගට බලානැත. ෆේස්බුක් එකේ පල වන පෝස්ටු තුලින් එවන් කතාවක් ඇති බව තේරුම් ගෙන එය බැලීමෙන් යම් දෙයක් තේරුම් ගත්තෙමු.

අපගේ ඒ පෝස්ටුවට අදාලව, නාග ලෝකය මිථ්‍යාවක් ලෙස සඳහන්ව කමෙන්ට් 2ක් ලැබුනි. එයින් කියවෙන්නේ ලංකාවෙ පෙර පැවති නාග ගෝත්‍රිකයන් ගැනය.

● අප විශ්මයට පත්වූයේ එම කමෙන්ටු යෙදූ අය, බුදු දහම පෙන්වාගෙන කටයුතු කරන බැවිනි. කවර් පින්තුර වල පවා බුදු දහමේ වැකිය.

* දන්නා අයට කියා පරික්ෂා කල විට, ඔවුන් “බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා“ යන මිථ්‍යාව කරපින්නාගෙන කටයුතු කරන අය වෙති. ඉතින් එයින් එහාට කියන්නට දෙයක් නැත.
නාග ලෝකය ගැන බුද්ධ දේශනාවේ සඳහන්ය. නාග ගෝත්‍රය ලංකාවේ පැවතුනු බවද සැබෑය.

● “සෝමාවතී පුදබිම“ ජලයෙන් යට වන්නේ නාග ලෝකයේ අයට වන්දනාමාන කරන්නට බව, පොත්පත් වල පවා සඳහන් වෙයි.
(එය අප පමණක් කියූ කාරණයක් නොවෙයි, අප පමණක් කියූ කාරණයක් ලෙස, මෛත්‍රි බෝධිසත්වයන් සහ නාථ දෙවිඳුන් 1 අයෙක්ද යන ලිපිය කිව හැක. නිවරදිවම දෙවිවරු 2ම අඳුනා ගන්නා හැටි විස්තර කර ඇත.
https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1469952438./1404035989613476/?type=3)

● ඒවා නිවරදිව නොදත් රටේ පාලකයන් සෝමාවති පුදබිම ගංවතුරින් රැක ගැනීමට කටයුතු කල සහ කරන බව අප පල කලේ රාජ්‍ය නායකයෙක් වෙන්නට පින තිබුනද ඒ ඒ කරුණු ගැන ඔවුන්ට නිවරදි අවබෝධයක් නැති බව ඔවුන්ට කියන්නටය, අප අත්දැකීමෙන් දන්නා කාරණාවකි.
(දේශපාලනඥයා = දේශපාලන + අඥානයා)

● ඕනෑම දෙයක් සෙවීමේ වරදක් නැත. නමුත් වැරදි දෙයක් සොයාගෙන එය වැරදි විදියට භාවිත කලොත්, විශේෂයෙන් ධර්මය වැරදියට අල්ලාගෙන කටයුතු කලොත් සිදුවන්නෙ තමන් මිථ්‍යාවට යාම සහ අකුසල් රැස් කරගෙන විපාක විඳින්නට සිදුවීමයි. දහම වුවද සර්පයා මෙන් බෙල්ලෙන් අල්ලා ගත යුතු බව බුද්ධ දේශනාවේ එන්නේ එබැවිනි. යම් ලෙසකින් වලිගයෙන් ඇල්ලුවොත් සර්පයා දශ්ට කරන බව දත යුතුය.

● බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන මිථ්‍යාවද, ත්‍රිපිටක ධර්මය නොපිලිපදිමින්, වරක් අභිධර්මය සැකසහිත බව කියූ, ජ්‍යොතිෂ්‍යය එපා කියන්නට කටයුතු කරන මහමෙව්නා නමින් වන අසපු යනාදියෙන්ද ධර්මයට බාහිර කටයුතු කෙරෙයි.
අප වටහා ගත යුත්තේ ඒ ඒ පුද්ගලයන්ගේ කර්ම ශක්තිය හොදින් තිබෙනතාක් ඔවුන්ට කරදර නොවුනද, විපාක ස්ථිරවම ලැබෙන බවයි.
එම මිථ්‍යා තැන් වලට වැඩියෙන් සෙනග යන බව ඔබට සිතෙන්නේ නම්, “බුද්ධ කාලයේද අවස්ථා ගණනාවකදි බුදුන්වහන්සේගේ ධර්ම දේශනා වලට වඩා බොහෝ පිරිස් ගියේ දෙව්දතුන්ගේ මැජික් බලන්නටය.
බුද්ධ කාලයේත් එසේ වූවා නම්, අද වැනි කාලයක මිථ්‍යාවට යන පිරිස වැඩි වීම සාමාන්‍ය දෙයකි. බොහෝ අය එවන් මහා සෙනග ඉන්නා තැන් වලට යන්නේ තමන්ද මෙසේ යැයි පෙන්වන්නටය.. සරලව කිව්වොත් “පොෂ්“ වෙන්නටය..

ඒ සියලු කාරණා ගැන සිතා බලා, ඔබ තීරණය කරන්න ඔබ කරන්නේ කුමක්ද කියා....


● මතක තබාගන්න, පලවෙනි බුදුන්වහන්සේගේ කාලයේ පටන් සෝවාන් ආදී මාර්ග ඵල ලැබූ දෙවිවරු අදටද දෙව් ලොව වෙසෙති. මෛත්‍රි බෝධිසත්වයන් වැඩ හිඳිති. ඊලගට බුදු බව පතන ශ්‍රී නාථ දෙවියන් වැඩ හිඳියි.
බෝධිසත්වයන්ට මව් වීමෙන් ලැබූ කුසලයෙන් පිරිමි දෙව් ආත්ම භවයක් ලැබූ මාතූ දිව්‍ය රාජයා සිටියි. මේ ආදි වශයෙන් සම්‍යක් දෘෂ්ටික සහ දහමට ගරු කරන දෙවිවරු මේ ශාසනය රකිති.
දහම වනසන බොහෝ තැන් ඉදිරි වසර වලදි ගරා වැටෙන්නේය.
දහමට විනාස කරන්නට කටයුතු කරන ත්‍රස්තවාදින්ට සම්බන්ධ වන යම් විශ්වාසයන් දරන තැන් වෙත්නම් ඒවාද විනාශ වන්නේය.

 #සත්හටසෙත්පතනඉරු

irusewaya@gmail.com.
077 22 38041

Wednesday, July 27, 2016

කේන්දරය බලවත්ද ? එහෙම වෙන්නම ඕනද ?

ඔබගේ කේන්දරය ප්‍රබල, බලවත් එකක් බව කවුරුන් හෝ ඔබට කියා තිබේද ?

බලවත් කේන්දරයක් යනු කුමක්දැයි ඔබ දන්නවාද ? ඇත්තටම කේන්දරයක් ප්‍රබල විය යුතුමද ?

● සමාජයේ ඇති පොදු මතයක් ලෙස, කේන්දරය ප්‍රබල නම් කරන රැකියාවෙන් ඉහලට යා යුතුය,
* රාජ්‍ය අංශයේ ඉහල රැකියාවක් ලැබී තවත් ඉහලට යා යුතුය.
* ව්‍යාපාර කරන්නේ නම් මහා පරිමාණයෙන් දියුණු විය යුතුය.
* දේශපාලනයට එන්නේ නම් ප්‍රාදේශීය සභාවක සභාපති වීම හෝ, අඩු තරමින් පළාත් සභා, පාර්ලිමේන්තුවත් යා යුතුය.

සංකීර්ණ කරුණු සිතන්නට පෙර, අප මුලින්ම සිතා බලමු ජිවිතයක මූලික උවමනාව කුමක්ද කියල..

ජීවිතයක මූලිකව අවශ්‍ය වන්නේ යහපත්ව ජිවත්වීමයි, මරණයද යහපත්ව සිදුව මරණින් මතු ජිවිතය යහපත් වීමය.
එසේ නම්, ජීවිතය යහපත් වීමට රැකියාව ඉහල විය යුතුමද ? මහා පරිමාණ ව්‍යාපාර උවමනාද ? ඇමති කෙනෙක්වත් විය යුතුමද ?
- ඔබ සිතන්න... ඇත්තටම පිලිතුර කුමක්ද කියල...

● කේන්දරයක බලවත් බව තීරණය වන්නේ, භෞතිකව ලබන සියලු දියුණුව ගැන නොව, අවසානයේ සිතන කල ජිවිතය යහපත්ව ගත කරාද කියන තැනට පත්වීමයි.
 කේන්දරය කෙතරම් බලවත් වුවද මහජන මුදල් නාස්ති කල දේශපාලකයෙක් වීමේ තේරුමක් සැබෑවටම තිබේද ?
වසර 5-10-15ක වැනි කාලයක් ඇමතිකම් දැරූවද, කර ඇත්තේ වැරදි වැඩ නම්, එවන් අයෙකුගේ කේන්දරයක් බලවත් වීම ඇත්තටම හොඳ දෙයක්ද... ?

- අද කාලයේ ඉහලටම පැමිණි බොහෝමයකට බලවත් කේන්දර තිබෙන බව සැබෑය. නමුත් ඔවුන් එයින් කරගන්නේ පව්කම් සහ ගොන්කම්ය..
ඒ අනුව මේ ආත්ම භවයේ කෙතරම් බලවත් වුවද, කරන අකුසල් නිසා ඊලග ආත්ම භවයන් වල විපාක විඳිනු ඇත.  බලවත් කේන්දර තිබුනා කියා වැරදි කල අයට විපාක නොලැබී තිබෙන්නේ නැත, කවදාම හෝ ලැබෙන්නේමය.

● වතාවක් අප බැලූ කේන්දරයක් බොහෝ බලවත්ව තිබුනා මතකය, එම කේන්දරය හිමි කාන්තාව ඒ වනවිට වයස්ගත කාන්තාවකි. ආත්තම්මා කෙනෙකි.
ඇය රස්සාවක් කර නැත, සමාජ සේවා කටයුතු සංවිධාන වලට බැඳී වෙනම කර නැත.
- නමුත් ගමේ සියල්ලන්ගේම ආදර - ගෞරවය ලැබූ දරු මුණුබුරන් සමග සතුටින් සිටි කෙනෙකි.

එවිට  එන ප්‍රශ්නය ඇගේ කේන්දරය බලවත් වන්නේ කෙසේද  ?

● ඇයගේ ස්වාමියා දරුවන් කුඩා කාලයේ මිය යන අතර, තම දරුවන් වතුපිටි වල ආදායමෙන් පෝෂණය කර, ලොකු මහත් කර සමාජයට වැඩදායි අය කිරිමෙනි. ගමේම සියලු කටයුතු වලදි සහයෝගය දෙමින්, පින්කම් කල කෙනෙක් නිසාය. සියල්ලගෙන්ම ගෞරවයට පාත්‍ර වූ අතර, මරණයට පත්වී අවසාන කටයුතු වලට බොහෝ දෙනෙක් පැමිණ ගෞරවය දැක්වූ නිසාය..

- එනිසා වරදවා වටහා නොගන්න, කේන්දරය බලවත්ද නැද්ද යන්න නොව අවශ්‍ය වන්නේ ජිවිතය නිවරදිව ගත කිරිමයි. සංසාරයම සුවපත් කරගෙන යම් දිනක නිවන් අවබෝධ කරගන්නට කටයුතු කිරීමයි.


#ඉරු 

Tuesday, June 28, 2016

අපල ඇත්තටම අපලද ??

බොහෝ අයට අනියත බියක් තිබෙනවා අපල යන වචනය ඇහුනත්...

එක් එක්කෙනාගේ කර්ම ශක්තීන් වෙනස් ඒ අනුව සිදුවන දේද වෙනස් විය හැකියි. එනිසා අපල තිබේ නම් කල යුත්තේ බිය වීම නොව, එම තත්වයන් දුරු කරගැනීමට පින්කම් හැකි තරම කිරීමයි.
පින්කම් කිරීම ගැන කියන විට, පින්කම් කිරීමට මුදල් අවශ්‍ය නැත.
ඔබට බෝධි පූජාවක් පවත්වා පින් ලබාගැනීමට අවශ්‍ය වන්නේ පන්සලකට යෑම පමණය.

- පින් කිරීම මහා බරපතල කාරණයක් නොවේය. මහා පරිමාණයෙන් කරනවා කියා ප්‍රදර්ශනය කරනු පිණිස කරන පින්කම් වලින් ඇත්තටම පින් සිදුවන්නේ සුළු වශයෙනි.
නමුත් තමන්ගේ ගෙදර ඉදිමින් වුවද යමෙකු නිසි ලෙස ශ්‍රද්ධා ගුණ පෙරදැරිව බුදුන් වඳින්නේ නම් ඊට වඩා පින් අත්කර ගැනීමේ හැකියාවක් ඇත.
(සරලවම කිව්වොත් මෛත්‍රී භාවනාව තත්පරයකටත් අඩු කාලයක් නිවරදිව කරන කෙනෙකුට හත්මහල් ප්‍රාසාදයක් කරනවා දෙනවාටද වඩා පින් අත්වෙයි)

● අපල කාලයක් ගත කිරීම බාධා අවහිරතා සහිතව කරදරකාරී, පීඩාකාර එකකි. එම කාලය හැකි ඉක්මණින් ගෙවා දැමීමට හෝ අපල වලට කල යුතු ශාන්ති කර්ම පෙර දැන සිටියත් නොකල නිසා කරදර වැඩිවුනු බව බෙහෝ දෙනෙකු කණගාටුවෙන් පවසනු කොතෙකුත් අසා ඇත.

එය කරදරකාරි අපහසු දෙයක් වුවත් අපලය සඵලය වූ අවස්ථාද ඇත.

● එක් සිදුවීමකදි තරුණයෙකුට වෛද්‍යවරයෙකු වීමේ දැඩි උවමනාවක් තිබූ අතර, ඔහුට 3ම වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි විය. අවසාන වාරයේ ඔහු අණුක ජීව විද්‍යාව සඳහා සුදුසුකම් ලැබීය.
ඔහුගේ සෙනසුරු අපල සියල්ල ගෙවුනේ විශ්ව විද්‍යාලයට ඇතුල් වී වසර 2කට පසුය. ඒ තරුණයා උපාධිය ගත් වහාම ඔහුගේ සුදුසුකම් වලට ස්වීඩනයෙන් ඉතා ඉහල වැටුපක්(ලක්ෂ 8ක් පමණ) සහිතව රස්සාවක් ලැබුනි. අද ඔහු තමන්ගෙ පශ්චාත් උපාධියද අවසන් කර ආචාර්ය උපාධියේ කටයුතුද මෙන්ම තවත් අධ්‍යාපන මෙන්ම ලෞකික ජිවිතයේ අවශ්‍ය කටයුතු  සිදුකරගනිමින් ඉතා ඉහලට හැම අතින්ම ගොස් සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරන කෙනෙකි.

● අද ඒ සිද්ධිය සිදුවී වසර 10ක් පමණ වුවද,  සමහරවිට වෛද්‍ය විද්‍යාලයට ගිය ඔහුගේ මිතුරන්ට වඩා  වඩා ඉහල තැනක ඔහු සිටී. ඔහු ඒකාලයේ ගැන කණගාටුවුනු අයුර අපට මතකය.
ඔහුගේ මිතුරන් වෛද්‍යවරු වෙද්දි, ඔවුන්ට වඩා දක්ෂ තමාට එසේ නොහැකිවීම ගැන මහා කම්පාවකින් සිටියේය. අද එදා මතක් කරන විට ඔහුට සිනා පහල වේ.

● ජීවිතයෙ හැටි එහෙමය. අද වැරදුනු කෙනාට හෙට හරියයි. එය ලෝක ධර්මතාවයකි. කරදර වලට මුහුණ පෑවේ නම් නැවත එවන් කරදර ආවද ඒවාට හුරු නිසා පහසුය. දියුණුව ස්ථිරය...

සිතන්න.. කටයුතු කරන්න !

#ඉරු

irusewaya@gmail.com
077 22 38041

Tuesday, April 26, 2016

දෙවියන් සහ අපි



දෙවියන් මත සියල්ල තීරණය නොවෙයි.
දෙවියන් නෑ කියා සිතා කටයුතුද නොකරන්න.

●  ඔබගේ කර්ම ශක්තිය යහපත් නම්, ඔබ යහපත්ව ගත කර ඇත්නම් දෙවියන්ගේ ආශිර්වාදය ඔබට කටයුතු වලට ලැබෙනු ඇත. ග්‍රහ බලය හොද වීම සේම කර්ම ශක්තිය හොදවීමද අත්‍යාවශ්‍යය.

එසේ නැතිව, කර්ම ශක්තිය දුර්වල විටෙක ඔබ ඇත්තටම යහපත් කෙනෙක් වුවද දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැත.

● බුදු දහමේ යාඥාව නැත. එනම් යාදින්නේ නැත. අප සරණ ගොස් ඇත්තේ තුනුරුවන්ය. තුනුරුවන් සරණ ගොස් නිවරදිව සිටින අයට, ප්‍රතිපත්තිය - සීලය රකින අයට දෙවියන් ආශිර්වාද කරති.
- ඔබ දෙවියන්ගෙන් ඉල්ලූවේ නෑ කියා, හෝ දෙවියන්ට වැන්ඳේ නෑ කියා ඔබ යහපත් කෙනෙක් නම්, සීලය - ප්‍රතිප්පත්තිය රකින, කුසල් කරන කෙනෙක් නම් දෙවියන් ආශීර්වාද නොකර සිටින්නේ නැත.

● ඔබ ඇත්තටම පෙර කී පරිදි යහපත් කෙනෙක් නම්, දෙවියන් නෑ කියා විශ්වාසයෙන් කටයුතු කලත්, දෙවියන් නෑ කියා තවත් අයට කිව්වත් දෙවියන් ඔබ හා තරහ වන්නේ නැත.
නමුත් ඔබ දෙවියන් ගැන අපහාසයෙන්, වැරදි ආකාරයට දෙවියන් විවේචනය කරන්නේ නම්, ඔබට දෙවියන් කරදර නොකලද, ඔබට අකුසල් කර්ම රැස්වනු ඇත.

● එනිසා දෙවියන් සිටීද - නැද්ද හෝ මට උදව් - කරාවිද නැද්ද නොව...,
තමන්ගේ ජිවිතය යහපත්ව, පින් දහම් කරමින්, සීලය - ප්‍රතිපත්තිය රැකගෙන සිටින්නට කටයුතු කරන්න.

● ඒ කරන පින්කම් වලදී, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කරන්නේ නම් ඔබ මනුෂ්‍ය ගුණ ධර්ම ඉහලින් පවතින කෙනෙකි.
( සියලු ඥාතින්ට පින් අනුමෝදන් කිරීම සමහරු ගෙදරදී නොකරන්න යැයි කියයි. එය වැරදි මතයකි. පිනක් කර සියලු ඥාතින් සිහි කරන්න. අපට අමතක, වසර දහස් ගණනකට පෙර අපගේ ඥාතියෙකුට සුළු පිනක් නැතිව භූත, ප්‍රේතාත්මයක හෝ එවන් කරදර ඇති තැනක සිටිනවා වන්නට පුලුවන. අපට ඔවුන් අමතක වුවද, ඔවුන්ට අපව මතක නිසා අර කාලයේ අප නෑයා, දැන් පින් දෙන්නේ මේ ආත්මයේ ආච්චිට සීයට, අම්මට තාත්තට විතරයි කියා ඔබ දෙස බලන්නට පුලුවන. එනිසා එවන් අසරණ වන අපට අමතක ඥාතින්ටද පින් ලබාදෙන්න).

● සියලු දෙවියන්ට පින් දීම බුදුන්වහන්සේද අනුමත කර ඇත. රට-දහම රකින්නේ දෙවිවරුන්ය. අපේ පින් මත නොයැපුනද සත්පුරුෂ ලක්ෂණය නම් ඔවුන්ටද පින් ලබාදීමයි, සියලු සත්වයන් ගැනද එසේමය)


irusewaya@gmail.com
077 22 38041

Sunday, April 17, 2016

කිසිම කෙනෙකුට සර්ව සම්පූර්ණ ජිවිතයක් නැත.


එය ධනවත් අයටද, දුප්පත් අයට මෙන්ම පොදුය.
ජනප්‍රිය අයටද, බලවත් අයටද එසේමය...

- සෑම ජිවිතයකම එක් එක් ආකාරයේ ප්‍රශ්න, ගැටළු, අසරණකම්-බැරිකම්ද ඇත.
එනිසා කල යුත්තේ දහමට අනුකූලව කටයුතු කරමින් තමන්ගේ ජිවිතය වඩා යහපත් කරගැනීමට කටයුතු කිරීමය !

‪#‎ඉරුසේවය‬ Iru Sewaya

irusewaya@gmail.com.
077 22 38041

Tuesday, April 12, 2016

අවුරුදු නැකත් කල යුතුද ? සැබෑවටම එය සුභද ???

බොහෝදෙනෙක් අපගෙන් ඉල්ලා සිටියා මෙවර අලුත් අවුරුද්දේ නැකැත් සැමරීමට නැකැත් ලබාදෙන ලෙස...

බොහෝදෙනක් අලුත් අවුරුද්දෙ කටයුතු වලට පමණක් නොවෙයි, තමන්ගේ වෙනත් කටයුතු වලට පවා මෙම පොදුවේ සාදන නැකැත් භාවිත කරන බව අප දන්නා කරුණක්.

නමුත් මෙහි ඇති ගැටළුව නම්, මෙම නැකැත් සියල්ලම පොදුවේ සාදන ඒවා මිස තම තමන්ගේ කර්ම ශක්තිය අනුව සාදන ඒවා නොවෙන බවයි.

● කිරි ඉතිර වීමේ නැකත පොදුවේ සුභ වුවද ගනුදෙනු කිරීමට යනාදියට පොදු නැකැත් භාවිත කරන විට එම නැකැත් තමන්ට අයහපත්ව බලපායි නම් ආර්ථික වශයෙන් කරදර බාධක ඇතිවිමට එයම හේතුවිය හැක.
නැකතක කටයුතු එතරමටම බලගතුය.
- මෙවර රටටම පවතින පීඩාකාරි තත්වය නිසා සියලුම නැකැත් වල ශුභාශුභ භාවය ගැන එතරම් විශ්වාසද තැබිය නොහැක.
(රටටම සහනයක් උදාවන්නට පටන් ගන්නේ මේ අප්‍රේල් 14 සිටය, මැයි-ජුනි සිට ඊටද වඩා සහනයක් රටටම දැනෙනු ඇත)

● අප සෑම සියලුදෙනාටම ශුභ වෙලාවන් වෙනස්ය. ශුභ දිශාවන් වෙනස්ය. එය සරලව සිතිය යුත්තේ අප කඩයකට ගිය විට තිබෙන සියලු දේ ගන්නවාද සිතීමෙනි....

● බුද්ධිමත් වන්න. මේ ගැන සිතා බලා කටයුතු කරන්න.


#ඉරු

irusewaya@gmail.com.
077 22 38041

Friday, April 1, 2016

හිතන්න....


ජීවිතය දිනනවා කියන්නේ තරුවක් ලෙස ප්‍රසිද්ධ වීමවත්, දේශපාලනයට පැමිණ ඉහලටම යෑමවත් නොවේ.
කරදර බාධක ඇතිව හෝ නැතිව හොඳින් ජිවිතය ගත කරන්නට ලැබීමම ජිවිතය ජයග්‍රහණයකි.

● ඔබ තීරණය කල යුත්තේ යහපත් ජිවිතයක් ගත කරන්නටය...
ධනය, ප්‍රසිද්ධිය, බලය ලබාගෙන ඉහලටම යමින් එසේ ඉහලට ගිය අතිබහුතරයක් මෙන් සිල් බිඳගෙන, චරිතය දූෂ්‍ය කරගෙන නොදැනම තමන් විනාශ වීම ජයක් ලෙස දැන් පෙනුනද යම් දවසක එය මහා පරාජයක් බව පෙනෙනු ඇත. එය අප ජිවිත අත්දැකීමෙන් දනිමු.
● එවන් මහා බලයෙන්, ජනප්‍රියතාවයෙන් සිට, ජිවිතයේ යම් කාලයකදි ජිවිතය කලකිරි අපටද ඒ බව කියූ දහමේ සැනසීම සෙවූ අය අප දනිමු..

●  දැන් පෙනෙන ධනය-බලය-ප්‍රසිද්ධිය ඇතුළු සියලු හොඳ සෑමකෙනෙක්ටම හැමදාම පවතින්නේ නැත..
එම තත්වයන් ලබාගැනීමට මෙන්ම එම තත්වයන් රැක ගැනීමටද යමෙක් වැරදි කලේ නම් එවන් චරිත ජිවිතයේ කවර කාලයකදී හෝ ඒවාට පසුතැවෙනු ඇත. දිට්ඨධම්ම වේදනීය කර්ම ගැන සැලකූ කල ජිවිත කාලයේ කල කී දෑ වලින් 20%ක්වත් හොඳ හෝ නරකට විඳින්නට සිදුවේ.

● එනිසා යමෙකුගේ මේ කාලයේ පින හොදට ඇති නිසා එවන් අය පව්කම්, වැරදි කරන නිසා එම තත්ව වල සිටියා කියා, ඔබ/අපද එවන් තත්වයකට වැටීම හොඳ නැත.

- වයස 20දි මෙන්ම වයස 60-70දීද මම ජිවිතය හොඳට ගත කලා, සැනසීමෙන් - සැහැල්ලුවෙන් - සතුටින් හිටියා යන්න කියන්නට හැකියාව ලැබේ නම්....,

ඔබ ජනප්‍රිය නළුවෙක්, තරුවක්, දේශපාලකයෙක් නොවුනාට කමක් නැත...
ඔබ ජිවිතය යහපත්ව ගත කර සැනසීමෙන් සිටින බැවිනි !

#සිතන්න #වැඩ කරන්න !

(අත්දැකීම් පාදක කාරණය - අතිබහුතරය ජනප්‍රිය වන්නට කැමති සේම ජනප්‍රිය අයගේ සෑමදෙයක්ම සෙවීමට පුදුම කැමැත්තක් දක්වති. ඔවුන්ටද එවන් තත්වයට ඒමට යටි සිතේ පුදුම කැමැත්තක් ඇත. එහි වරදක් නැත. නමුත් ජිවිතයේ නියම ජයග්‍රහණය තිබෙන්නෙ නිවරදිව ජිවිත් වූවා කියන තැන පමණි )


#ඉරු

irusewaya@gmail.com
077 22 38041