පොදු පලාපලයක් පමණි !
✻ ග්‍රහලොව නායකයා වන සූර්යයා හෙවත් ඉරු තමන්ට සම රාශියක් වන මිථුනයෙන් මිදී, මිත්‍ර රාශියක් වන කටකයට පැමිණේ.
✻ කටක රාශියේ ගුරු උච්චව සිටින අතර, රවි + ගුරු යෝගය ඇති වෙයි.
✑ රටට සතුරු කරදර අඩුවන කාලයකි. සතුරු කරදර වැඩිකලක් පවතින්නේ නැත.
✑ අව් රශ්මිය, උෂ්ණාධික බව වැඩිවන කාලයකි.
-
● මේෂ
04 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ නිවාස ගේදොර වැඩ කටයුතු වලදි තරමක් පීඩාකාරි විය හැක.
☞ තම මතයට ක්‍රියාකිරීම තුලින් අන් අය සමග මතගැටුම් නිර්මාණය විය හැක.
☞ පවුලේ අසමගිය වර්ධනය වීමට ඉඩ ඇත.
☞ ආර්ථික තත්වයද තමන්ගේ තීර්ණ අනුව තරමක් දුර්වල වීමට ඉඩ ඇත.
-
● වෘෂභ
03 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ වෙනදාට වඩා කාර්යක්ෂමව වැඩ කටයුතු කිරීමෙන් ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙනු ඇත.
☞ වෙනදාට වඩා කාර්යබහුල විය හැක.
☞ මව්පියන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි.
☞ උසස් අධ්‍යාපන කටයුතු වලදි ඒ සම්බන්ධ කටයුතු වලට කාලය වැඩියෙන් වැයකිරිමට සිදුවෙයි.
-
● මිථුන
02 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් විසදාගැනිමට හැකියාව ලැබේ.
☞ නව ආදායම් මාර්ග වලට යොමුවීමට හැකියාව ලැබෙන කාලයකි.
☞ පෙරට වඩා ආදායම් තත්වය වර්ධනය වුවද, ආදායමට වඩා වියදම වැඩිවන කාලයකි.
☞ වචනය නිසා අන් අය සමග මතගැටුම් නිර්මාණය විමටත්, ආර්ථික වශයෙන් පාඩු වීමටත් වැඩි ඉඩක් ඇත.
-
● කටක
01 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ අන් අයගේ මතයට ගරු නොකිරීම නිසා තරමක් ගැටළු නිර්මාණය විය හැක.
☞ වෙනදාට වඩා ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීමට සිදුවිය හැක.
☞ ඉක්මණ් තීරණ ගැනීමට වැඩි ඉඩක් ඇති කාලයකි. කල්පනාකාරිව කටයුතු කරන්න.
☞ තමන් ගැන සිතා වැඩ කටයුතු කිරීම තුලින් තම නෑ හිතමිත්‍රාදින්ගේ දෝෂාරෝපණයට ලක්විමට ඉඩ ඇත.
-
● සිංහ
12 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ වියදම් අධික වීමට ඉඩ ඇත.
☞ පිය පාර්ශවයෙන් ලැබෙන දේපල සම්බන්ධව නීතිමය ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
☞ විදේශගමන් යාමට බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.
☞ නීතිමය ප්‍රශ්න ගැටළු වලට මුහුණ දිමට සිදුවිය හැකි කාලයකි.
-
● කන්‍යා
11 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ පෙර පැවති ගැටළුකාරි තත්වයන්ට විසදුම් ලැබේ.
☞ ආර්ථික වාසි හිමිවන කාලයකි.
☞ නව ව්‍යාපාර ඇරඹිමට හැකියාව ලැබේ.
☞ පවුල් ආරවුල්, විවාහ බිදවැටීම් - ප්‍රශ්න ඇතිවිමට වැඩි ඉඩක් ඇත.
-
● තුලා
10 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ නව රැකියා වලට යොමුවිමට බලාපොරොත්තු වන අයට යහපත්ය.
☞ රාජ්‍ය අංශයේ රැකියා බලාපොරොත්තුව සිටින අයට ඒ සම්බන්ධව සුභදායක ප්‍රවෘත්ති අසන්නට ලැබේ.
☞ රැකියා ස්ථානයේ පෙරට වඩා තමන්ව ඇගයීමට ලක්වන කාලයකි.
☞ නිවාස ගේදොර, දේපල වල මෙන්ම ඉඩකඩම් ප්‍රශ්න වලට විසදුම් ලැබෙන කාලයකි.
☞ ආර්ථිකය තරමක් ස්ථාවර වෙයි.
-
● වෘශ්චික
09 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත්ය.
☞ පිය පාර්ශවයේ දේපල බලාපොරොත්තු වන අයට ඒ ගැන යහපත් කාලයකි.
☞ දුරගමන් බිමන් යාමට හැකියාව ලැබෙන කාලයකි.
☞ පෙරට වඩා තමන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. තම අනාගතය ගැන සිතා වෙහෙසෙන කාලයකි.
-
● ධනු
08 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ මලබද්ධය වැනි රෝග පීඩා ඇතිවිමට වැඩි ඉඩක් ඇත.
☞ ආර්ථික තත්වය තරමක් පහල බැසිමට ඉඩ ඇත.
☞ වියදම් තත්වය වැඩි වෙයි.
☞ පෙර පැවති ගැටළුකාරි තත්වයන් සමනය කරගැනිමට අන් අයගෙ උදව් ලබාගන්නා කාලයකි.
☞ හදිසි රෝග පීඩා වැලදීමට ඉඩ ඇත.
-
● මකර
07 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ හවුල් ව්‍යාපාර වලින් නොසිතු ලෙස ජය ලබාගැනිමට හැකියාව ලැබේ.
☞ රාජ්‍ය අංශයේ ඇප උපකාර ලැබේ.
☞ ගෘහ ජිවිතයේ තම පවුල තුල ගැටුම්කාරි - මතභේදකාරි තත්වයන් නිර්මාණය විය හැක.
කල්පනාකාරිව කටයුතු කරන්න.
☞ ප්‍රේම සබදතා වලට ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
-
● කුම්භ
06 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ වියදම් තත්වය වැඩිවෙයි - ආර්ථිකය කළමනාකරණය කරගත යුතුය.
☞ සතුරු කරදර අඩු වෙයි.
☞ තිබුනු ප්‍රශ්න ගැටළු වලට විසදුම් සොයාගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
☞ දරුඵල පිලිබද ප්‍රශ්න ගැටළු නිර්මාණය විමට ඉඩ ඇත.
-
● මීන
05 වැන්නට රවි පැමිණේ.
රවි + ගුරු යෝගය ඇතිවෙයි.
☞ අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
☞ පෙර පැවති ගැටළුකාරි තත්වයන් වලට විසදුම් ලැබේ.
☞ උදරයේ අසනීප වලට විසදුම් සොයාගැනිමට හැකියාව ලැබේ.
☞ ආර්ථික ප්‍රශ්න වලට විසදුම් සොයාගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
No comments:
Post a Comment