-
● මේෂ
සදු 04 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වියදම වැඩිවෙයි. ආදායම අඩුවෙයි.
නිවාස කටයුතු, ගේ දොර කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට මෙන්ම වියදම්ද කිරිමට සිදුවන කාලයකි.
රැකියා කටයුතු වල තරග විභාග ආදියට මුහුණ දිමට සිදුවෙයි.
-
● වෘෂභ
සදු 03 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වෙනදාට වඩා වෙහෙසී වැඩ කටයුතු කිරිමට සිදු වෙයි.
ආර්ථික තත්වයේ තරමක් ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ඒ සම්බන්ධව අන් අයගේ, සහෝදර සහෝදරයින්ගේ උදව් උපකාර ගැනිමට සිදුවන කාලයකි.
මව්පියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
-
● මිථුන
සදු 02 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
ආදායමට වඩා වියදම වැඩි වෙයි.
වියදම කළමනාකරණය කරගත්තේ නැතිනම් ණය ගැනිමට සිදුවිමට ඉඩ ඇත.
වචනයෙන් පාඩු සිදුවිමට ඉඩ ඇත.
රැකියාවේ ස්ථාන මාරුවීම් හෝ වෙනස් වීම් පෙන්නුම් කරන කාලයකි.
ව්‍යාපාර වල තරමක් කඩා වැටිම් පෙන්නුම් කරන කාලයකි.
-
● කටක
සදු 01 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
නව ආදායම් මාර්ග උදාවන කාලයකි.
ආර්ථිකය ශක්තිමත් වීම පෙන්වන කාලයකි.
අන් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි.
ගෘහ ජිවිතයේ සතුට ඇතිවන කාලයකි.
-
● සිංහ
සදු 12 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වියදම් අධික වන කාලයකි.
ආර්ථික තත්වය කඩා වැටිමට ඉඩ ඇත.
නීති ප්‍රශ්න වලට මුහුණ දිමට ඉඩ ඇත, සැලකිලිමත් වන්න, ඒවායින් ජය ලැබෙන්නටත් පුලුවන් කාලයකි.
විදේශගත වීම් බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.
-
● කන්‍යා
සදු 11 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
පෙර නොලැබි තිබුනු, තමන්ට අයිති දේවල් ලැබෙන කාලයකි.
ආර්ථික වාසි ලැබෙන කාලයකි.
අන් අයගේ උදව් ලැබෙන කාලයකි.
තම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් පෙරට වඩා වෙහෙසෙන කාලයකි.
නව රැකියා බලාපොරොත්තු වන අයට ඒසම්බන්ධව කැදවීම් ලිපි හෝ සම්මුඛ පරික්ෂණ ලිපි ලැබෙන කාලයක් විය හැක.
-
● තුලා
සදු 10 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
ආර්ථික වාසි සැලසෙන කාලයකි.
නව ව්‍යාපාර ඇරඹිමට හැකි කාලයකි.
වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරිම නිසා ආයතන ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙන කාලයකි.
තම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට ඉඩ ලැබෙන කාලයකි.
-
● වෘශ්චික
සදු 09 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වෙනදාට වඩා වෙහෙස මහන්සි වි වැඩ කටයුතු කිරිමට ඉඩ ලැබෙන කාලයකි.
අන් අයගේ උපකාර ලැබෙන කාලයකි.
නිවසෙන් පිට දුරබැහැර ගමන් බිමන් යෙදෙන කාලයකි.
ආර්ථික තත්වය වෙනදාට වඩා වියදම අධික වන කාලයකි.
-
● ධනු
සදු 08 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇති කාලයකි, එනිසා කල්පනාකාරිව කටයුතු කල යුතු කාලයකි.
හවුල් ව්‍යාපාර වල ප්‍රශ්න ගැටළු ඇතිවිය හැකි කාලයකි.
තමන්ට පැවරෙන කාරණා නිසි ලෙස ඉෂ්ට නොකිරීම නිසා ආයතන ප්‍රධානින්ගෙන්, අන් අයගෙන් හෝ දෝෂාරෝපණ එල්ල විය හැකි කාලයකි.
-
● මකර
සදු 07 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
හවුල් ව්‍යාපාර සිදුකරන අයට තරමක් පීඩා ගෙනදෙන කාලයකි. ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි. මුදල් සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
ආර්ථික තත්වය තරමක් පිරිහීමට ලක්වන කාලයකි.
අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
-
● කුම්භ
සදු 06 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
සතුරු කරදර ඇතිවිය හැකි කාලයකි.
ආර්ථික තත්වය තරමක් අඩපණ වන කාලයකි.
ආදායම් මාර්ග වල හිරවීම් පෙන්වන කාලයකි.
මව්පියන් හෝ දූ දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි.
-
● මීන
සදු 05 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනිමට ඉඩ ලැබෙන කාලයකි.
දරුඵල ගැන බලාපොරොත්තුව සිටි අයට දරුඵල සම්බන්ධ සුභ ආරංචි ලැබෙන කාලයකි.
ආර්ථික තත්වය තරමක් දුර්වල වන කාලයකි.
මංගල යෝග, ප්‍රේම සබදතා ඇතිවිමට ඉඩ ඇති කාලයකි. ඒ සම්බන්ධව ගැටළු තිබුනු අයට විසදුම් ලැබෙන කාලයකි.
-