Tuesday, April 26, 2016

දෙවියන් සහ අපි



දෙවියන් මත සියල්ල තීරණය නොවෙයි.
දෙවියන් නෑ කියා සිතා කටයුතුද නොකරන්න.

●  ඔබගේ කර්ම ශක්තිය යහපත් නම්, ඔබ යහපත්ව ගත කර ඇත්නම් දෙවියන්ගේ ආශිර්වාදය ඔබට කටයුතු වලට ලැබෙනු ඇත. ග්‍රහ බලය හොද වීම සේම කර්ම ශක්තිය හොදවීමද අත්‍යාවශ්‍යය.

එසේ නැතිව, කර්ම ශක්තිය දුර්වල විටෙක ඔබ ඇත්තටම යහපත් කෙනෙක් වුවද දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැත.

● බුදු දහමේ යාඥාව නැත. එනම් යාදින්නේ නැත. අප සරණ ගොස් ඇත්තේ තුනුරුවන්ය. තුනුරුවන් සරණ ගොස් නිවරදිව සිටින අයට, ප්‍රතිපත්තිය - සීලය රකින අයට දෙවියන් ආශිර්වාද කරති.
- ඔබ දෙවියන්ගෙන් ඉල්ලූවේ නෑ කියා, හෝ දෙවියන්ට වැන්ඳේ නෑ කියා ඔබ යහපත් කෙනෙක් නම්, සීලය - ප්‍රතිප්පත්තිය රකින, කුසල් කරන කෙනෙක් නම් දෙවියන් ආශීර්වාද නොකර සිටින්නේ නැත.

● ඔබ ඇත්තටම පෙර කී පරිදි යහපත් කෙනෙක් නම්, දෙවියන් නෑ කියා විශ්වාසයෙන් කටයුතු කලත්, දෙවියන් නෑ කියා තවත් අයට කිව්වත් දෙවියන් ඔබ හා තරහ වන්නේ නැත.
නමුත් ඔබ දෙවියන් ගැන අපහාසයෙන්, වැරදි ආකාරයට දෙවියන් විවේචනය කරන්නේ නම්, ඔබට දෙවියන් කරදර නොකලද, ඔබට අකුසල් කර්ම රැස්වනු ඇත.

● එනිසා දෙවියන් සිටීද - නැද්ද හෝ මට උදව් - කරාවිද නැද්ද නොව...,
තමන්ගේ ජිවිතය යහපත්ව, පින් දහම් කරමින්, සීලය - ප්‍රතිපත්තිය රැකගෙන සිටින්නට කටයුතු කරන්න.

● ඒ කරන පින්කම් වලදී, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කරන්නේ නම් ඔබ මනුෂ්‍ය ගුණ ධර්ම ඉහලින් පවතින කෙනෙකි.
( සියලු ඥාතින්ට පින් අනුමෝදන් කිරීම සමහරු ගෙදරදී නොකරන්න යැයි කියයි. එය වැරදි මතයකි. පිනක් කර සියලු ඥාතින් සිහි කරන්න. අපට අමතක, වසර දහස් ගණනකට පෙර අපගේ ඥාතියෙකුට සුළු පිනක් නැතිව භූත, ප්‍රේතාත්මයක හෝ එවන් කරදර ඇති තැනක සිටිනවා වන්නට පුලුවන. අපට ඔවුන් අමතක වුවද, ඔවුන්ට අපව මතක නිසා අර කාලයේ අප නෑයා, දැන් පින් දෙන්නේ මේ ආත්මයේ ආච්චිට සීයට, අම්මට තාත්තට විතරයි කියා ඔබ දෙස බලන්නට පුලුවන. එනිසා එවන් අසරණ වන අපට අමතක ඥාතින්ටද පින් ලබාදෙන්න).

● සියලු දෙවියන්ට පින් දීම බුදුන්වහන්සේද අනුමත කර ඇත. රට-දහම රකින්නේ දෙවිවරුන්ය. අපේ පින් මත නොයැපුනද සත්පුරුෂ ලක්ෂණය නම් ඔවුන්ටද පින් ලබාදීමයි, සියලු සත්වයන් ගැනද එසේමය)


irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment