Sunday, April 24, 2016

සතියේ ලග්න පලාපලය - අප්‍රේල් 30 තෙක්



● මේෂ
සමඵලයි.
චන්ද්‍ර චාරය අනුව ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි තිබේ. උසස් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි. කාර්යබහුල වේ.
ගෘහ ජිවිතය තුල යම් කරදරකාරි තත්වයන් අපේක්ෂිතය. අවිවාහක අයට මංගල යෝග යෙදෙයි. විවාහ අපේක්ෂිත අයගේ පැතුම් ඉටු වේ.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග, රුධිරාශ්‍රිත රෝග සහ නොඉවසිලිවන්ත කටයුතු ගැන අවදානමත් වන්න.


● වෘෂභ
එතරම් ශුභ නැත.
ආර්ථික තත්වයේ යම් ගැටළු ඇති කරයි. වියදම් වැඩිවිය හැක, අරපරිස්සමෙන් කටයුතු කරන්න. නව රැකියා ලැබීමට ඉඩ ඇත. එසේ වුවද බුද්ධිමත්ව, ඉවසීමෙන් කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය තුල සතුටින් සිටීමේ හැකියාව මූලිකව ඇත්තේ ඔබටය. ඉවසීම එහිදි වැදගත් වනු ඇත. පවුලේ අය වෙනුවෙන් කැපවන කාලයකි.
හදිසි රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත. නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න.



● මිථුන
සමඵලයි.
ආර්ථික තරමක් යහපත් වේ. රැකියාවේ දියුනුව ඇතිවේ. විවිධ කටයුතු වලින් දියුණුව අපේක්ෂිතය. සතුරු කරදර, ඉරිසියා වැනි කටයුතු ඇතිවිමට ඉඩ ඇත, ඒවා පරාජය කරගැනීමටද හැකියාව ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවන කාලයකි. දරුවන් ගැන සතුටු විය හැක.
උෂ්ණාධික රෝග වලින් පරිස්සම් වන්න.


● කටක
ශුභ සතියකි.
ආර්ථික තත්වය දියුණු වේ. රැකියාවේ දියුණුව අපේක්ෂිතය. සිතට සතුට ලැබෙ නකාලයකි. නව රැකියා වුවද ලැබෙන්නට වාසනාව මේ කාලයේ ඔබට පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. පවුලේ අයගේ සහයෝගය ලැබේ. දරුවන් සිටින අය දරුවන් ගැන වැඩියෙන් අවදානමත් විය යුතුය.
සෙම් රෝග වලින් ප්‍රවේසම් වන්න.


● සිංහ
ශුභයි.
ආර්ථික තත්වය යහපත් වේ. උදව් ලැබේ. කෙසේ වුවද කටයුතු වලට බාධා ඇතිවන නිසා සිතට යම් කණගාටුවක් ඇතිවිය හැකියි. ගමන් බිමන් අධික වේ.
ගෘහ ජිවිතය සාමකාමිව ගත කල හැකිවන්නේ ඉවසීම තුලයි. සිතේ කරදර නිසා ගෙදර අය සමග සමගියෙන් සිටින්නට කටයුතු කල යුතුයි. සහෝදර-සහෝදරියන්ගෙන් උදව් ලැබෙන කාලයකි.
මානසික පීඩන තත්වයන් ඇතිවිය හැක. ඉවසීමෙන් කටයුතු කරන්න.



● කන්‍යා
ශුභ සතියකි.
වෙනදාට වඩා සිතට සතුට ලැබේ. තමන්ගේ හොඳ නම පැතිරෙන, ප්‍රශංසා ලැබෙන කාලයකි. ආර්ථික තත්වයට යම් බාධා තිබුනද ගැටළුකාරි නොවේ. රැකියාවද දියුණු වේ.
ගෘහ ජිවිතය තුල පවුලේ අය සමග ඔවුන් වෙනුවෙන් කැප වන කාලයකි. ගමන් බිමන් යෙදෙයි.
හදිසි අනතුරු තත්වයන් ඇතිවිය හැකි නිසා ගමනේදි ප්‍රවේසම් විය යුතුය. හදිසි කෝපය පවතී නම් භාවනා ආදියට යොමුවී තැන්පත්ව සිටින්නට බලන්න.


● තුලා
සමඵලයි.
ආර්ථික තත්වය දුර්වල නොවුවද, ආර්ථික වර්ධනය කරගැනීමට කරන කටයුතු වලට බාධා සිදුවිය හැක. වියදම් අධික විය හැකි බැවින් අරපරිස්සම් වන්න.
ගෘහ ජිවිතය සාමකාමිව ගත කල හැක. අවිවාහක අයට මංගල යෝජනා යෙදෙයි. ඒවා මනාව බුද්ධිමත්ව බලා තහවුරු කරගත යුතුය. ප්‍රේමය ආදියට යම් බාධාද පෙන්වයි.
සෙම් රෝග, මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග සහ ඇස,කණ, නාසය යනාදිය සම්බන්ධව පවතින රෝග තත්වයන් ගැන අවදානමත් වන්න.


● වෘශ්චික
එතරම් ශුභ නැත.
ආර්ථික තත්වය අයහපත් විය හැක. ආදායමට වඩා වියදම් යෙදෙන්නට ඉඩ වැඩිය, බුද්ධිමත්ව කටයුතු කරන්න. කරදර බාධක තුල ව්‍යාපාර වල යම් දියුණුවක් අපේක්ෂිතය. ඇතිවන බාධා නිසා කළකිරිම් ඇතිවිය හැක.
ගෘහ ජිවිතයද යහපත්ව ගත කිරීම ඔබගේ කටයුතු මත තීරණය වෙයි. ඉවසීම ඉතා වැදගත්ය.
සෞඛ්‍ය තත්වයේ හිස සම්බන්ධ රෝග, ආමාශගත රෝග යනාදිය ගැන අවදානමත් වන්න.


● ධනු
සමඵලයි.
ආර්ථිකය අයහපත් නොවුනද, වියදම් අධික වන කාලයකි. උපයන තරමට වඩා වියදම් අධික වීම ගැටළුකාරි විය හැක. අනවශ්‍ය පීඩාවෙන් කරන කටයුතු වලදි අතට ලැබෙන දේ කටට දාගැනීමේ ගැටළු ඇතිවිය හැක.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධව සතුටු විය හැකි කාලයකි. තරග විභාග ආදියෙන් ජය අපේක්ෂා කල හැක.
පපුව සම්බන්ධ රෝග, දෙපා සම්බන්ධ වේදනා, ඇස් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.


● මකර
සමඵලයි.
ආර්ථිකය යහපත් වේ. වෙනදාට වඩා කඩිසරව වැඩ කල හැකි කාලයකි. බාධා තත්වයන් දුරු වේ. තම බලය තහවුරු වන කාලයකි. රැකියාවේ දියුණුවද නව රැකියාද අපේක්ෂිතය.
ගෘහ ජිවිතය සාමකාමිව ගත කරන්නට හැකියාව පවති. ඥාතින් හිතවතුන් හා කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න. අධ්‍යාපන කටයුතු කරන අයට සුබ කාලයකි.
හදිසි අනතුරු විය හැකි නිසා පරිස්සම් වන්න. සෙම් රෝග වලින්ද ආරක්ෂා වන්න.


● කුම්භ
ශුභ සතියකි.
මෙතෙක් පැවති බාධා අවම වන කාලයකි. රැකියාවට සුබයි. නව ආර්ථික මාර්ග උදාකරගත හැක. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක්වීමේ වාසනාව පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. තමන්ගේ යුතුකම්, වගකීම් මැනවින් ඉටු කරන කාලයකි. පවුලේ කටයුතු වලදීද ඥාතින්ගේ ප්‍රශංසාව හිමි විය හැක. සතුටින් සිටිය හැක.
මුත්‍රා ආශ්‍රිත රෝග, අතපය වේදනා සහ හිසේ කැක්කුම් යනාදියෙන් ආරක්ෂා වන්න.


● මීන
ශුභ සතියකි.
ආර්ථිකය යහපත් වෙයි. වියදම්ද අධික වන්නට ඉඩ ඇත. බාධා දුරු වන අතර සතුරන්ගේ බලය පරාජය වෙයි. නව රැකියා අවස්ථා  අපේක්ෂිතය.
ගෘහ ජිවිතය තුල සාමකාමිව සිටිය හැක. අඹුසැමි ප්‍රේමයට යහපත් කාලයකි. අවිවාහක අයට මංගල යෝජනා යෙදේ. ප්‍රේම සබදතා පවතින අයට වැඩිහිටියන්ගේ ආශීර්වාද අපේක්ෂිතය.
සෙම් ආශ්‍රිත රෝග, පිත් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.

No comments:

Post a Comment