Saturday, April 23, 2016

සුජිත් නිශාන්ත යෝගිතුමාගේ 2016 අලුත් අවුරුද්ද ගැන අනාවැකි සහ ඉරු සේවයේ සමස්ත මතය



සුජිත් නිශාන්ත යෝගිතුමාගේ අලුත් අවුරුදු අනාවැකිය(සැබෑවටම වසර ඇරඹෙන්නේ ජනවාරියේ නොව අප්‍රේල් අලුත් අවුරුද්ද සමගය).

- මූලිකව කිව යුත්තේ සුජිත් නිශාන්ත යෝගිතුමා අප සේවයේ ගෞරවනීය ජ්‍යොතිර්වේදි මහතෙකු වන අතර, එතුමාගේ මතය රට පුරා ප්‍රචලිත වන නිසා #ඉරු සේවයේ සමස්ත මතයද අප විසින් ප්‍රකාශ කල යුතු බවයි.

● යෝගිතුමාගේ අනාවැකිය තුලින් කියවෙන්නේ දේශපාලන ව්‍යාකූලතාවයක් ඇතිවන බවයි. එය සැබෑවකි.  අපගේ දැනීම අනුව, ජ්‍යොතිෂ්‍යය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික දියුණුව වැනි කාරණා ගැන මැනවින් සිතා බැලීමේදී ග්‍රහචාරයේ පවතින සෙනසුරුගේ දුර්වලතාවය රටටම, පොදුවේ සියලුදෙනාටම අයහපත් ලෙස බලපායි.
එය කුජ-ශනි යෝගව තවත් කාලයක් පැවතීම නිසා මෙම අපලකාරි, පීඩාකාරි තත්වයන් වැඩිවිය හැක.

- විශේෂයෙන් රටට යහපත් වීම ඇරඹෙන්නේ අප්‍රේල් 14 වනදා සිට බව අපගේ හැඟීමයි.
(ඔබට මතක ඇති වැස්ස ඇතිවීම සිදුවන කාලය සහ, කාලයක් පුරාවට වැස්සෙන් පීඩා ඇතිවීමද, ඉන්පසු දැඩි උෂ්ණත්වයකින් පීඩා ඇතිවීමද සිදුවන්නේ අෂ්ට ලෝක ධර්මය ගැන මනා අවබෝධයෙන් සිටීමටත්, ධාර්මික අයට තවත් ධාර්මික විය යුතු බවට අදහසක් දීමටත් බව අප විසින් පෙර පැවසූ බව)
https://www.facebook.com/irusewaya/posts/1325884524095290

* මෙම සියලු කටයුතු ඒකරාශි වෙමින් පවතින්නේ වඩා යහපත් කාලයකටය. එනම් මෙම තත්වයන් මනාව අවබෝධ කරගෙන ජිවත් විය යුතු බව සමස්ත ජනතාවට තේරුම් යෑමටය.

● ආණ්ඩුව ගැන ජනතාව තුල පැවති ප්‍රසාදය ක්‍රමිකව හීන වන බව පැහැදිලි කරුණකි.
ඒ ගැන අපට වටහා ගත හැක. එසේ වුවද මෙම තත්වය ඉතා සෙමින් වුවද යහපත් තත්වයට හැරෙන බව ඉරු අපගේ සමස්ත අදහසයි.


● හිටපු ජනාධිපතිතුමාට පවතින අපල තත්වයන් වසරකින් පමණ සමනය වන බව යෝගිතුමාගේ අනාවැකිය නිවරදි බව අපද සිතන අතර, එතුමාට මාස කීපයකින් වන ගුරු මාරුවද, ලබන වසරේ සිදුවන සෙනසුරු මාරුවද යහපත් වනු ඇත.
- කෙසේ වුවද අපගේ විග්‍රහයට අනුව අපල තත්වයන් ග්‍රහචාරයෙන් කියවෙන අතර, ඉන් එහාට ගිය අකුසල් කර්ම, පාප කර්ම වල කර්ම විපාක ලැබීම් සරලව අවසන් වන්නේ නැත.
- මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අයට පවතින ආණ්ඩුවේ වැරදි සහ අතපසුවීම් තුල සුබවාදි අදහස් ඇතිවිමට හොඳ බව සැබෑය.
ආණ්ඩුව මාරු කල හැකිද යන කාරණය වෙනම සිතා බැලිය යුතුය.

● මෛත්‍රිපාල සිරිසේන මහතාද පෙර පැවසූ පරිදි නැවත ජනාධිපතිවරණයකට යන්නේ නැති අතර, එම අනාවැකියද එතුමාට මාරකයක් තිබෙන බවට සමහර අය කියන අනාවැකි වරදින බවද කිව යුතුය. යෝගිතුමා කියන ආකාරයටම එතුමාට දීර්ඝායුෂ තිබේ.
- (පොදුවේ තිබුනු මාරකය ගෙවී අවසන්ය)

● ජනතාවගේ ආර්ථිකය මෙම තත්වයන් සමග දුර්වල වන බව සැබෑ වන අතර, කැපවීමෙන් දැඩි මහන්සියකින් උත්සහයෙන් යුතුව මෙම තත්වයන් ක්‍රමිකව ජයගන්නට හැකියාව ජනතාවට උදාවනු ඇත. එය තම ධෛර්යයේ පමණට සිදුවනු ඇත.
ආණ්ඩුව සහනදායි වැඩ පිලිවෙලකට යායුතු බව යෝගිතුමා කියන ප්‍රකාශය සනාථ කිරිමට ආණ්ඩුවෙන් උත්සාහ ගනු ඇත.
කෙසේ වුවද බලය ලැබුනාට පසු බලය සදාකාලික යැයි සිතාගෙන කටයුතු කරන දේශපාලනඥයන් (දේශපාලන + අඥානයන්) නිසා, ආණ්ඩුවට බලාපොරොත්තු වන ගමන යෑමට විවිධාකාර බාධක එල්ල වනු ඇත.
එය මග හරවාගෙන නිවරදි ගමනක් යාම ආණ්ඩුවේ වගකීමයි.

- කෙසේ වුවද මේ පවතින කරදරකාරි තත්වයන් වෙනස් වීමට අවශ්‍ය මූලික ග්‍රහමය බලපෑම අලුත් අවුරුද්දේ සිට ලැබෙන අතර, මැයි-ජුනි මාස වල සිට ක්‍රමිකව සහනදායි තත්වයක් රටටම ඇතිවනු ඇති බව අපගේ අදහසයි.

No comments:

Post a Comment