Monday, February 27, 2017

සෑම දෙයකදීම බුද්ධිමත් වන්න

ෆේස්බුක්හි නිතර ෂෙයා වෙනවා, “ ඔබට අපල කාලයක් ඇති වන්නේ කේන්දරය බැලීමෙන් අනතුරුවයි“ කියල.
එය සැබෑවකි. කේන්දරය බැලුවේ නැත්නම් ඔබට අපල තිබේද නැද්ද යන්න පවා ඔබ දන්නේ නැත. එසේම එවන් උපදේශයන් තුලින් පාඩු - කරදර අවම කරගත් බොහෝ අය සිටිති.

පොදුවේ සිදුවන්නේ කොටසක් කිසිවක් නොසලකා සිටින නිසා කරදරයට පත්වීමත්, අනිත් අතිබහුතරය අපල තිබෙනවා කියූ සැනින් පසුගාමී වී බිය වී, අධෛර්යට පත්වීමත්ය.
කල යුත්තේ තත්වය හඳුනාගෙන ඊට අනුව කටයුතු කිරීම පමණි !

 ගමනක් යන විට, අකුණු ගසමින් වැස්සක් වහිනවා ප්‍රවේශම් විය යුතුයි කියල ඔබ දැනගත්තොත් කරන්නේ කුමක්ද ?
එහිදී මූලිකව, වැස්සෙන් පරිස්සම් විය යුතුයි, අකුණු වලින් ආරක්ෂා විය යුතුයි. ඒවායින් ආරක්ෂා වුවද කලබලේට ඒව කරන්න ගියොත් ලිස්සලා වැටෙන්න ඉඩ තියෙනවා.

ඉතින් දෙයක් දැනගත්තාම කරන්න ඕන, ඒකෙන් බේරිලා තමන්ගෙ දියුණුවට කටයුතු කරනවා මිසක් ඒවා නවත්තන එක නෙමෙයි.
විශේෂයෙන් සෙනසුරු අපල කාල වලට සමහර අයට කියන දෙයක් තමයි ගෙයක් හදන්න, නැත්නම් වෙනත් ඉදිකිරීමක් කරන්න කියල. සමහරවිට අපි කියනවා සල්ලි තිබුනත් ණයක් අරගෙනම කරන්න කියල. ඒකෙ තේරුම ඒ අපල කාලයෙදි අපල කාලය දැනෙන්න තමන්ගෙ දියුණුව පිණිස දෙයක් කරන එක. එතකොට අපලයත් ගෙවෙනවා. අපල කියන්නේ පෙර කරපු අකුසල් කියල අමතක කරන්න හොඳ නෑ. ඒවයේ විපාක අපිට ලැබෙන්න නියමිත නිසා ඒ අකුසල් තරමක් හෝ විඳින අතර පිංකම් කරලා ජිවිතේ යහපත් කර ගැනීමයි කල යුත්තේ.

හිතන්න !


#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment