Monday, February 6, 2017

සතියේ ලග්න පලාපලය - පෙබ 07 - 13

පොදු පලාපලයක් පමණි.
-
● මේෂ
ආර්ථික ගැටලු විසදා ගැනීමට හැකිවේ. මෙතෙක්  තිබුනු ගැටළු ප්‍රශ්න විසදා ගැනිමට ඉඩ කඩ ලැබෙන සතියක් වේ. නව උත්පාදන ආදායම් මාර්ග වලින් වෙනදාට වඩා ඵල ලබාගත හැකි සතියකි.
 රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක මංගල යෝග උදාවේ.

-

● වෘෂභ
ඇතිව තිබුනු ගැටලු - ප්‍රශ්න වලන් මිදී යහපත්ව කාලය ගත තිරිමට ඔබට ඉඩ ලැබේ. තමන්ට ලැබුන ආදායම ස්ථවරව පවත්වාගෙන යාමට අවස්ථා ලැබේ.
 නව රැකියා අවස්ථා ප්‍රමාද  විය හැක.  රැකියාවෙ මෙතෙක් තිබුනු කරදර බාධා ඉවත් වීම යහපත් වනු ඇත.
ගෘහ ජිවිතය තුල වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් විය හැක. විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ. ප්‍රේම සබදතා වලට බාධා වීම් නිසා ඒවා පළුදු වීමටද ඉඩ ඇත.

-

● මිථුන
ආදායමට වඩා වියදම වැඩි විය හැකි සතියක් වුවද තමන්ට මෙතෙක් ලැබුනු ආදායම් මාර්ග වලින් තරමක් ආදායම වැඩි විය හැකි නිසා ඒ සම්බන්ධව යහපත් ප්‍රතිඵල ඇත.
 රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා හෝ රැකියා අවස්ථාවන් වල යෙදීමට ඉඩකඩ සැලසේ.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට මංගල යෝග උදාවේ. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ. ගෙදර පරිසරය අලංකාර ලෙස තබා ගැනිමට වෙනදාට  වඩා උනන්දු වේ.

-
● කටක
නව ව්‍යාපාර සහ ආදායම් මාර්ග වල වෙනදාට වඩා ප්‍රගතියක් පෙන්නුම් කරන සතියකි. ව්‍යපාර ක්ෂෙත්‍රයේ නව පියවරක් ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු වලට බාධා සහ ඒවා අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න.කටයුතු වලදී ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය  වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-


● සිංහ
 ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබේ. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනීමට සුබ කාලයකි. මෙතෙක් තිබූ ගැටළු නිරාකරණය වෙයි.
රැකියාවේ වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විය හැක.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. පවුල වෙනුවෙන් ඇප කැපවිමට සිදුවේ.

-


● කන්‍යා
ආදායම් මාර්ග වල වෙනදා තිබුනු ආදායම් තත්වයන් පහල යාමට ඉඩ ඇති බැවින් කල්පනාකාරිව කටයුතු කල  යුතුය. උසස් ව්‍යාපාරික සබදතා ගොඩ නගා ගත හැකි කාලයක් වේ.
 රැකියාවේ මෙතෙක් තිබුනු නිදහස අඩුවන  තත්වයන් උදා වෙයි. නව රැකියා අවස්ථා ලැබේ.
 මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත.
ගෘහ ජිවිතයේ සමගියට තරමක් බාධා මතුවේ.

-

● තුලා
ව්‍යපාරික අවස්ථා වර්ධනය කර ගැනීමට තමන්ට ණය ලබාගැනිමටත්, ණය ඉල්ලුම් කිරිමටත් සුබ කාලයකි. කළමනාකරණයේ තිබෙන දුර්වලතා මග හැර ගත යුතුය. එයින් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
නව රැකියා අවස්ථා  උදාවේ.  රැකියාවට තිබුනු බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක අයට මංගල යෝග උදාවේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවන කාලයකි.

-

● වෘශ්චික
නව ව්‍යපාරික අවස්ථා උදා වෙයි. ණය ලැබෙයි. මෙතෙක් ණය පිලිබදව තිබුනු ගැටලු නිරාකරනය වේ. සිතට සහනයක් ගෙන දෙන කරුනු යෙදේ.
 රැකියාවේ බාධා - ගැටළු මතුවිම නිසා කලබලකාරි ගති වැඩිවි නිදහස අඩුවි යන තත්වයක් නිර්මානය විය හැක.
ගෘහ ජිවිතය තුල තම දරුවන් සම්බන්ධ ගැටලු ප්‍රශ්න මතු කරන කාලයකි. ඉවසීමෙන් ගත කල යුතුය. අවිවාහක අයට මංගල යෝග උදා වේ.

-

● ධනු
ඍජු තීරණ ගැනීමෙන් තරමක් අවාසි සහගත ප්‍රතිඵල ලැබෙන කාලයකි. කාර්යබහුල භාවය වැඩි වේ. වෙනදාට වඩා මුදල් වැයවීමට කරුණු යෙදෙන කාලයකි.
 රැකියාවේ කලබල ගති වැඩි වේ. කරන කටයුතු පිළිබද උනන්දුව අඩු වීම සහ නොසැලකිල්ල නිසා රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදා වේ. කටයුතු වලදී ඉක්මන් තීරණ ගැනීමෙන් වැලකිය යුතුවේ.
ගෘහ ජිවිතය තුල ගේ දොර සම්බන්ධව ගැටළු ඇති වේ. කල්පනාකාරි විය යුතු කාලයකි.

-

● මකර
ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි.  මෙතෙක් තිබුනු  ගැටළු බොහොමයකට විසඳුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආදායම් තත්වයන් යහපත් විය හැක.
රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් වෙනත් අයගේ රාජකාරී වගකීම් තමන්ට ඉටු කිරීමට සිදු වන අවස්ථා උදවිය හැකිය.
 ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථා වලට සම්බන්ධ වීමට අවස්ථා උදාවේ. පවුලේ සමගිය වර්ධනය වේ.

-

● කුම්භ
ආදායම් තත්වය පහල බැසිමට කරුනු යෙදීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි විය යුතුමය. තිබෙන ප්‍රශ්න සහ දුෂ්කරතා වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගත යුතු වේ.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක අයට මංගල යෝග උදාවේ. දරුවන්ගෙ අධ්‍යපනය සම්බන්ධ ගැටලු මතු වීමට ඉඩ ඇත.

-

● මීන
දැනට තිබෙන ප්‍රශ්න විසදා ගැනීමට අවස්ථානුකුලව පියවර ගත යුතු වේ. ඉක්මන් තීරණ ගැනීමෙන් වැලකිය යුතුය. ව්‍යාපාර වලදි තරමක පාඩු පෙන්වන නිසා අවධානමත් වන්න.
 රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක්  ලැබීමට හැකි සතියකි.
  මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත.
ගෘහ ජිවිතයේ සමගියට තරමක් බාධා මතුවේ. අවිවාහක අයට මංගල යොග උදාවේ.


-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment