Thursday, February 23, 2017

බුධ කුම්භ රාශි ගත වීම (පෙබ.22-මාර්තු11  ) 2017

ග්‍රහ ලොව සුරතලා වන බුධ හෙවත් කුඩා දරුවා, පෙබ 22 වන දින මකර මිදී කුම්භ රාශියට පැමිණේ.

රටට පවතින කරදර බාධක තරමක් සමනය වන්නට හේතු වන කාල සීමාවකි. කුම්භ ලග්න ලංකා කේන්දරයේ 1 වැන්නට බුධ පැමිණීම තුල.

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.
කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ
11 වැන්නට බුධ එයි.
පෙර තිබු බාධාකාරි තත්වයන් පහව යයි. ආදායම් මාර්ග වෙනදාට වඩා යහපත් වෙයි.
 රැකියාවේ තිබුනු බාධා ඉවත් වේ.
සමාජය තුල යහපත් මිතුරන් ඇසුරට ඉඩ ලැබේ. ඇප උපකාර ලැබේ

-
● වෘෂභ
10 වැන්නට බුධ එයි.
තමන් වෙත පැමිණෙන ගැටලු ප්‍රශ්න බුද්ධිමත්ව විසදා ගැනිමට ඉඩ සැලසේ.
 නව රැකියා ලැබේ. රැකියාව ස්ථිර කරගැනිමට අවැසි කටයුතු කර ගැනිමට ඉඩ ලැබේ.
 පවුල තුල සමගිය වර්ධනය වනු ඇත.

-

● මිථුන
9 වැන්නට බුධ එයි.
 ධාර්මිකව වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාවන් උදා වනු ඇත.
 නව රැකියා උදා වනු ඇත. තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබෙයි.
 උසස් අධ්‍යාපනයට අවස්ථා උදා වනු ඇත.

-
● කටක
8 වැන්නට බුධ එයි.
මුදල් සම්බන්ධව කරන කටයුතු වලදී ප්‍රවෙශම් විය යුතුය.
විදෙස් රැකියා වලට තරමත් ශුභ කාලයක් වේ.
තරග විභාග ආදිය ප්‍රමාද විය හැක. අධ්‍යපන කටයුතු වලින් නිසි පල ලබා ගැනිමට නොහැකි වීමට ඉඩ ඇති නිසා මනා අවබෝධයකින් කටයුතු කරන්න.

-


● සිංහ
7 වැන්නට බුධ එයි.
ආදායමට වඩා වියදම වැඩි වන්නට ඉඩ ඇති කාලයකි.  ඵලක් නැති දේ උදෙසා මුදල් වියදම් කිරිමට සිදු විය හැක. ණය ලැබෙයි.
 ව්යාපාර ක්ෂෙත්‍ර වල නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. වාහන ලාබ ලැබේ.
 නව රැකියා උදාවෙන කාලයකි.

-


● කන්‍යා
6 වැන්නට බුධ එයි.
ආදායම වඩා වියදම වැඩි වන කාලයක්  වන කාලයක් වනු ඇත.
කරන  රැකියාවෙන්  යහපත් ප්‍රතිපල ලැබීම තරමක් අඩුවිය හැකි නිසා මනා කැපවීමකින් කටයුතු කරන්න. නව රැකියා ප්‍රමාද විය හැක.  රැකියාව බාධා මැද කරගෙන යාමට ඉඩ ලැබේ.

-


● තුලා
5 වැන්නට බුධ එයි.
ආර්ථික ගැටලු විසදා ගැනමට හැකි වෙයි. නව ආදායම් මාර්ග උදා වනු ඇත.
එහෙත්  නිෂ්ඵල කාරණා සදහා මුදල් වැය කරන්නට වැඩි ඉඩක් පවති.
 රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ.
 පවුලේ සමගිය වර්ධනය වේ

-

● වෘශ්චික
4 වැන්නට බුධ එයි.
ආදායම් මාර්ග යහපත් කරයි. මෙතෙක් තිබුනු ගැටළු බාධා ඉවත් වෙය.
රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. රැකියාවේ නව රැකියා අවස්ථා උදාවේ.
මෙතෙක් තිබුනු තිබු කලබලකාරි ගති අඩු වනු ඇත.

-



● ධනු
3 වැන්නට බුධ එයි.
ඔබගේ පැවති ප්‍රවේගකාරි සහ ආවේගශීලි ගති අඩුවි  සුබ කාලක් උදා වේ.
යහපත් රැකියා අවස්ථා උදා වනු ඇත. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙයි. මෙතෙක් පැවති බාධා ඉවත් වේ.
දුර ගමන් යෙදේ.

-


● මකර
2 වැන්නට බුධ එයි.
මුල්‍යමය ප්‍රශ්න විසදා ගත හැකි කාලයකි. ආදායම් මාර්ග වල අවහිරතා මග ඇරි යයි.
 රැකියාවේ දියුණුව පෙන්නුම් කරයි.
  පවුලේ සමගිය වර්ධනය වේ.
අධ්‍යපන කටයුතු තරමක් වර්ධනය විය හැක.

-

● කුම්භ
බුධ 1 වැන්නට එයි.
ලග්න ස්ථානයට බුධගේ පැමිණීම නිසා තමාගේ වැඩ කටයුතු ක්‍රමානුකුලව කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. මෙතෙක් තිබු බාධා ඉවත් වේ.
උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකි වේ.
 පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ.
 දුර ගමන් යාමට සිදු විය හැක. මිතුරු ඇසුර වර්ධනය වේ

-

● මීන
12 වැන්නට බුධ එයි.
ඉඩම් දේපල වල ගැටලු - ප්‍රශ්න ඇතිවිය හැක. ප්‍රවේශම් විය යුතුය.
නව රැකියා උදා වනු ඇත.  නිදහස අඩුවී යන තත්ත්වයන් රැකියාවේ මතු වීමට ඉඩ ඇත.
 හිතමිත්‍ර ආදින් නිසා  තරමක කරදර කාලයක් උදාවීමටද ඉඩ ඇති නිසා ඒ ගැන අවදානමත් වන්න.

-


#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment