Tuesday, February 14, 2017

සතියට ලග්න පලාපලය - (පෙබ.14-20)

පොදු පලාපලයක් පමණි. කේන්දර සටහන අනුව වෙනස් විය හැක.


-
● මේෂ
මෙතෙක් තිබුනු ආර්ථික තත්වය තරමක් දුරට පසුබෑමකට ලක් විය හැක. මුදල් නාස්ති වීම් වීමටද ඉඩ ඇත. එසේම ගනුදෙනු වලදී ප්‍රවෙසමෙන් කටයුතු කල යුතුය. ණය ආධාර ලබා ගැනිමට හැකි වේ.
 රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වනු ඇත. ඒ පැත්ත හොදයි.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මිතුරු ඇසුර වෙනදාට වඩා වර්ධනය වේ. මෙතෙක් පැවති ගැටළු විසදා ගැනීම්ට හැකිවේ.

-

● වෘෂභ
මෙතෙක් තිබුනු කරදර බාධා ඉවත් වනු ඇත. ගනු ලබන තීරණ නිසා ආර්ථිකමය වශයෙන් තමන්ට අවාසි සහගත තත්වයන් උදාවිය  බැවින් ඉතා කල්පනාකාරිව කටයුතු කල යුතුය.
 රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියා වල නියුතු අයට තමන්ට යෙදුනු ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ.
ගෘහ ජිවිතය තුල පවුල වෙනුවෙන් ඉතා  කැපවිමටත් වෙහෙසීමටත් සිදුවේ. මෙතෙක් පවුලේ තිබු  සමගියට තරමක් බාධා මතු වේ.

-

● මිථුන
කරන කටයුතු වලට තරමක් බාධා මතු වීම් ගෙන දිය හැක. ආර්ථික ගැටලු විසදා ගැනීමට හැකියාව තිබේ. තමන් තුල තිබු ගැටලු ප්‍රශ්න විසදා ගැනිමට ඉඩ ප්‍රස්ථා ලැබෙන සතියක් වේ.
රැකියාවෙ මෙතෙක් තිබු කරදර බාධාවන් ඉවත් වීමට ඉඩ වැඩිය. නව රැකියා අවස්ථා හිමි වනු ඇත.
 වැඩිහිටි අයගේ අවවාද - අනුශාසනා, උපදෙස් ලැබේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසීමට - කැපවීමට සිදුවේ .

-

● කටක
තමන්ගේ කටයුතු වලදී අවදානම් සහගත තීරණ ගැනීමට සිදු විය හැක. ආදායම් මාර්ග වල මෙතෙක් තිබුනු සහනදායි තත්වයන් අවම වී ආදායම් තත්වය පහල යාමේ අවදානමක් පවති. කල්පනාකාරි විය යුතුය. උසස් ව්‍යාපාරික සබදතා ගොඩ නගා ගත හැකි කාලයක් වේ.
 රැකියාවේ මෙතෙක් තිබු නිදහස අඩුවන  තත්වයන් උදා විය හැකි අතර එය සිතට තරමක් පීඩා ගෙන දීමටද ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ගෙදර පරිසරය අලංකාරවත් ලෙස පවත්වාගෙන යාමට උනන්දුව සහ කැපවීම ඇති වන සතියකි.

-


● සිංහ
ආර්ථික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකි වේ. එහෙත් තමන්ගේ  සුළු සුළු  අඩුපාඩු නිසා ආදායම් මාර්ග වල  දුර්වලතා ඇති විය හැක. තරමක් කලබලකාරි ගති ඉස්මතු වන සතියක් වේ.
 රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් වල යෙදීමට ඉඩ කඩ සැලසේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. දුවා - දරුවන්ගේ කටයුතු  වෙනුවෙන් කැපවීමටත්, වෙහෙසීමටත් සිදුවනු ඇත.

-


● කන්‍යා
ආර්ථික මට්ටම සාර්ථක ලෙස පවත්වාගෙන යාමට හැකිවේ. උත්සාහයෙන් මහන්සියෙන් ආර්ථිකය ගොඩ නගා ගැනීමට ගන්නා තීන්දු තීරණ සාර්ථක වනු ඇත.
 උසස් විම් තරග විභාග ආදියෙන් ජය ලබාගත හැක.
රැකියාව කිරීමේදී තමන්ට පෙරදී යෙදුනු බාධක තත්ව වලට විසදුම් ලැබී යහපත් කාලයක් උදාවේ.
 විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කැපවීමට සිදුවේ. දරුවන්ව අධ්‍යාපන කටයුතු වලට වෙනදාට වඩා යොමු කිරීමටද සිදුවනු ඇත.


-

● තුලා
පහසුවෙන් තම ඉලක්ක සපුරා හැනිමට හැකියාව ලැබෙන සුබ සතියකි. ආර්ථික මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වනු ඇත. නව්‍යතාවයකින් යුතුව තම වැඩ කටයුතු කරගෙන යාමට හැකි වන කාලයකි.
කාර්මික ක්සෙත්‍රෙය් රැකියා වලට සුබ සතියකි. නව රැකියා සොයන අයට හොද රැකියා අවස්ථා උදා වනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක අයට මංගල යෝ උදාවේ.
අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන් දක්ශතා පෙන්නුම් කරන කාලයකි.

-

● වෘශ්චික
ආර්ථික වශයෙන් මෙන්ම සාමාජිය වශයෙන් යහපත් වූද, වැදගත් වූද පියවර රැසක් ගැනීමට හැකියාව ලැබෙන සතියකි. ජය මෙන්ම පැසසුම් ලැබෙයි.
 රැකි රක්ෂා පිළිබද උනන්දුව අඩු වීම නිසා රාජකාරි කටයුතු අතපසු වීම් වැනි තත්ව උදා විය හැක.
 ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු වේ.
ගෘහ ජිවිතය තුල විවාහය පිළිබද වැදගත් තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ .

-

● ධනු
ආදායමට වඩා වියදම වැඩි වන සතියකි. තමන්ට මෙතෙක් ලැබුනු ආදායම් මාර්ග වලින් ආදායම් ලැබුනත්, ඒවා වෙනස් වීමේ ඉඩකඩ වැඩිය.
  රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වෙයි.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුලේ කටයුතු සහ දියුණුව වෙනුවෙන් වැදගත් තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ.

-

● මකර
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ කාලයකි.  නව ආදායම් මාර්ග උදා වනු ඇත. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍ර යේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. වාහන ලාභ තිබෙයි.
නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියාවෙ බාධා තත්වයන්  ඉවත් වනු ඇත. කල්පනාකාරි විය යුතුය. බුද්ධියෙන් කටයුතු කල යුතුය.
 ඉගෙනිමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි අතපසු වීම් සිදුවීම නිසා අනවශ්‍ය ගැටළු නිර්මාණය වීමටද ඉඩ ඇත.

-


● කුම්භ
මුල්‍යය ප්‍රශ්න විසදා ගත හැකි වනු ඇත. ආදායම් මාර්ග වලට පැවති අවහිරතා මග ඇරි යයි. ආර්ථිකය ගොඩ නගා ගැනීමට ගන්නා තීරණ සාර්ථක වනු ඇත.
උසස් වීම් තරඟ විභාග ආදියෙන් ජය ලබා ගත හැකි වනු ඇත.
රැකියාවේ පෙර තිබුනු ගැටලු නිරාකරණය වේ.
ගෘහ ජිවිතයේ පවුල් ජිවිතය තුල පීඩාකාරි තත්වයන් මග ඇරි යයි. තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ.

-

● මීන
මුදල් පිලිබද කටයුතු වලදී ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. මුල්‍ය ප්‍රශ් විසදා ගැනීමට හැකි පියවර ගැනිමට සිදු වනු ඇත.
නව රැකියා අවස්ථා ලැබේ. කරන  රැකියාව කාර්යබහුල වේ.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ, ඒවාට තරමක බාධාද ඇත. අවිවාහක අයට මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදෙනු ඇත.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.

-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment