Thursday, May 4, 2017

ජීවිතය පුදුමාකාර එකකි. එය තේරෙන්නට නම් ජිවිතය විඳිය යුතුමය. කරදර - බාධක සමග දැඩි දුෂ්කරතා සහිතව ජිවිතය ගෙන ගිය අයට ඒ ගැන මනාව වැටහෙයි.

අපල කාලයක් ගත කිරීම බාධා අවහිරතා සහිතව කරදරකාරී, පීඩාකාර එකකි. එම කාලය හැකි ඉක්මණින් ගෙවා දැමීමට හෝ අපල වලට කල යුතු ශාන්ති කර්ම පෙර දැන සිටියත් නොකල නිසා කරදර වැඩිවුනු බව බෙහෝ දෙනෙකු කණගාටුවෙන් පවසනු කොතෙකුත් අසා ඇත.
එය කරදරකාරි අපහසු දෙයක් වුවත් අපලය සඵලය වූ අවස්ථාද ඇත.

● එක් සිදුවීමකදි තරුණයෙකුට වෛද්‍යවරයෙකු වීමේ දැඩි උවමනාවක් තිබූ අතර, ඔහුට අවස්ථා 3දීම වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි විය. අවසාන වාරයේ ඔහු ක්ෂුද්‍ර ජීව විද්‍යාව සඳහා සුදුසුකම් ලැබීය. ඔහුගේ සෙනසුරු අපල සියල්ල ගෙවුනේ විශ්ව විද්‍යාලයට ඇතුල් වී වසර 2කට පසුය.

● එම තරුණයාට උපාධිය ගත් වහාම ඔහුගේ සුදුසුකම් වලට ස්වීඩනයෙන් ඉතා ඉහල වැටුපක්(ලක්ෂ 8ක් පමණ) සහිතව රස්සාවක් ලැබුනි. අද ඔහු තමන්ගෙ පශ්චාත් උපාධියද සිදුකරමින් ඉතා ඉහලට හැම අතින්ම ගොස් සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරන කෙනෙකි.
අද ඒ සිද්ධිය සිදුවී වසර 10-15ක් පමණ වුවද,  වෛද්‍ය විද්‍යාලයට ගොස් වෛද්‍යවරුන් වූ මිතුරන් සියල්ලට වඩා ඉහල තැනක ඔහු අද සිටී. ඔහු ඒ ගැන කණගාටු වූ අයුර අපට මතකය. ඔහුගේ මිතුරන් වෛද්‍යවරු වෙද්දි, ඔවුන්ට වඩා දක්ෂ තමාට එසේ නොහැකිවීම ගැන මහා කම්පාවකින් සිටියේය. අද එදා මතක් කරන විට ඔහුට සිනා පහල වේ.

● ජීවිතයෙ හැටි එහෙමය. අද වැරදුනු කෙනාට හෙට හරියයි. එය ලෝක ධර්මතාවයකි. කරදර වලට මුහුණ පෑවේ නම් නැවත එවන් කරදර ආවද ඒවාට හුරු නිසා පහසුය. දියුණුව ස්ථිරය...

සිතන්න - වැඩ කරන්න - ජයගන්න !


#සත්හටසෙත්පතනඉරු

irusewaya@gmail.com


077 22 38041

No comments:

Post a Comment