Monday, May 15, 2017

රවි මාරුව - මැයි 14 - ජුනි 15


අලුත් අවුරුද්දට පස්සේ වෙන පලවෙනි රවි මාරුවේදී ග්‍රහ ලොව රජතුමා වන ඉරු, තම උච්ච රාශිය වූ මේෂයෙන් මිදී වෘෂභ රාශියට 2017 මැයි 14 වනදා පැමිණියේය. ආයෙ රවි මාරු වෙන්නේ ජුනි 15
මෙම මාරුව නිසා රටට වැසි සහිත කාලගුණයක් තියෙන්න පුලුවන්. ඒවගේම රවි සතුරු රාශි ගත වුනු හින්දා ආණ්ඩුව තරමක් කැළඹෙන්නත් ඉඩ තියෙනවා..

ලග්න 12ට මෙහෙමයි..

(පොදු පලාපලයක් පමණි)

-

● මේෂ

වියදම අධික වන කාලයකි.
ඔබ ප්‍රේමය කරන කෙනෙක්ද... ? එහෙම නම් ප්‍රේම සබදතා වලට ගැටළු - ප්‍රශ්න ඇති වෙන්නට පුලුවන් හින්දා වෙනදාට වඩා ඉවසිලිවන්ත වෙන්න ඕන..
ඉගෙන ගන්න දරුවො දැනටත් වඩා අධ්‍යාපනයට උනන්දු වෙන්න ඕන..

-

● වෘෂභ

මෙච්චරකල් කම්මැලිකමෙන් හිටිය නම්, එන්න වෘෂභ ලග්න අයට වෙනදට වඩා ක්‍රියාශීලිව, කැපවෙලා වැඩ කරන්න පුලුවන් වෙනවා, තමන්ගේ දියුණුවට.
ඔයාගෙ මංගල යෝග, යෝජනා තරමක් විතර කල් යන්න ඉඩ තියෙනවා. ඒ උනාට කමක් නෑ ඒ ගැන කලබල වෙන්න එපා..
ගේ දොර ඉඩකඩම් සම්බන්ධ වැඩ වලදි ගොඩක් උනන්දුවෙන් වැඩ කරලා, ඒ ගැන සතුටක් ලබන්න පුලුවන්..

-

● මිථුන

ඔයාගේ මුදල් තත්වය හොද අතට ගන්න නම් ඔයා ගොඩක් උත්සාවන්ත වෙන්න ඕන.
ඔයා පිටරට යන්න හිතාගෙන හිටිය නම්, ඒවට අදාල දේවල් වලදී හුගක් පරිස්සම් වෙන්න ඕන.
අයියා - මල්ලි, අක්කා - නංගි එක්ක සුළුවෙන් උනත් තරහ ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන හිතල එයාල එක්ක වැඩ කරද්දි පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න..

-

● කටක

ඔන්න කටක ලග්න හිමියන්ගේ පර්ස් එකේ බර වැඩි වෙන කාලයක්, ඒකියන්නෙ වෙනදට වඩා හොදට අතේ මිටේ මුදල් ගැවසෙනවා.. එතකොට හිතත් සතුටු වෙනව.
ඔයයි - එයයි ටිකක් හරි රණ්ඩු කරාද පහුගිය කාලේ ? ඔන්න දැන් ඒව යට ගිහින් ඔයාලගේ ආදරය - ප්‍රේමය උතුරා ගලා යන කාලයක්.. නිදහසේ ආදරේ කරන්න පුලුවන්..
ඉගෙන ගන්න වයසේ දරුවෙක් නම් වෙනදට වඩා ගොඩක් උනන්දුවෙන් ඒ කටයුතු කරන කාලයක් තමයි මේ කාලය.

-

● සිංහ

සිංහේ අයට උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරනවා නම්,  අතමිට මුදල් ගැවසෙන එක වෙනදට වඩා හොදට තියෙන නිසා වැඩි සල්ලි බැංකුවේ දාගන්නත් පුලුවන් කාලයක්..
කැපී පේන්න වැඩ කරන්න කැමති අයට ඔන්න දැන් කාලය ඇවිල්ල තියෙන්නෙ, ඒ තත්ව වලට එන්න.
කලින්ට වඩා ආදර හැඟීම් පහල වෙන, ඒව හරි යන්න ඉඩ වැඩි සුභ කාලයක් තමයි මේ කාලය..

-

● කන්‍යා

වියදම පොඩ්ඩක් අඩු වෙලා ආර්ථිකේ සරු වෙන කාලයක් තමයි මේ.
රට රැකියාවකට යන්න හිතාගෙන හිටියද ? ඔන්න කලින් තිබ්බ බාධා අඩු වෙලා, ඒවට හොද කාලයක් ඉදිරියට ඇති වෙනව.
ආදරේ කරන අය අතර පොඩි පොඩි රණ්ඩු - හිත් අමනාපකම් ඇති වෙන්න ඉඩ තියෙනවා, කල්පනාකාරි වෙන්ඩ හොදයි..

-

● තුලා

ගොඩක් වියදම් මේ කාලයේ ඇති වෙන්න පුලුවන්, අතට ගන්න සල්ලියට වඩා සල්ලියක් වියදම් වෙන්න එක එක හේතු ඇති වෙන්න පුලුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ආදර - ප්‍රේමය හිතද්දි ටිකක් හරි බාධා ඇති වෙන්න ඉඩ තියෙනව,
මොන දේ කලත් මේ කාලයේ ගොඩක් වැඩ වැඩි වෙලා, ඔයා බිසි වෙන්න ඉඩ වැඩියි.

-

● වෘශ්චික

වියදම ටිකක් හරි වැඩි වෙන්න ඉඩ තියෙනවා මේ කාලයේ, පර්ස් එක හරියට පාවිච්චි කරන්න.
කරන රස්සාව වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා, ලංකාවෙ බැරි නම් රට රැකියාවකට හරි යන්න හැකියාවත් මේ කාලයේ තියෙනවා.
ආදරවන්තයට නම් ටිකක් කරදර - බාධා තියේවි, ඒව තේරුම් අරගෙන, අමතක කරලා බුද්ධියෙන් වැඩ කරන්න..

-

● ධනු

ඔයා කරගෙන යන වැඩ වලට බාධා එන්න ඉඩ තියෙනවා. සතුරන්ගෙන් කරදර පවා ඇති වෙන්න ඉඩ වැඩි.
කකුල් ආශ්‍රිතව තරමක් හරි රෝග - පීඩා - කැක්කුම් ඇති වෙන්නත් තරමක ඉඩක් තියෙනවා, ඒ ගැන හිතල බලන්න.
මේ කාලයේ නම් ආදරය ගැන හැඟීම් යටපත් වෙන්න පුලුවන්, ඒ නිසාම ප්‍රේම සබදතා වලට බාධා එන්නත් පුලුවන් - අවධානයෙන් වැඩ කරන්න.

-


● මකර

මේ කාලයේ සෞඛ්‍ය තත්වය ගැන අවධානමත් වෙන්න උවමනයි, ඒනිසාම වියදම් පැත්ත වැඩි වෙන්නත් ඉඩ තියෙනවා.
ආදර ප්‍රේමය ගැන හිතන අයට මේ කාලයේ හොද සහකරුවෙක් හෝ සහකාරියක් ලැබෙන්න පුලුවන්.
ඉගෙන ගන්න වයසේ දරුවන්ට මේ කාලයේ අධ්‍යාපනය ගැන උනන්දුව අඩු වෙන්නත් ඉඩ තියෙනවා, ඒ නිසා දෙමාපියෝ ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන.

-

● කුම්භ

අත මිට මුදල් වැඩියෙන් ගැවසේවි. වැඩිපුර සල්ලි බැංකුවෙ දාගන්න හොදද ..
ඔන්න කුම්භ අයට දෑවැදි එක්ක බඳින්න වාසනාව මේ කාලයේ තියෙනවා. ඒ සම්බන්ධ කටයුතු වලිනුත් වාසි ලැබෙන්න පුලුවන්.
නෑදෑයන් එක්ක එකතු වෙලා වැඩ කටයුතු සහයෝගව කරන්නත්, ඒ අයගෙ උදව් උපකාර ලබාගන්නත් හැකියාව තියෙනවා මේ කාලයේ.

-

● මීන

මේ කාලයේ ඔබ කම්මැලියෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දාම ආර්ථික තත්වයේ අඩුපාඩුකම් ඇති වෙන්න ඉඩ තියෙනවා.
බලාපොරොත්තු නොවන අවස්ථාවල් වලදී සිත් තැවුල් කරදර ඇති වෙන්න ඉඩ තියෙනවා.
රෝග පීඩා ඇති වෙන්න ඉඩ තියෙන නිසා ඒවා ගැන හොද අවබෝධයකින් ඉන්න එක හොදයි.

No comments:

Post a Comment