Monday, May 22, 2017

සතියේ ලග්න පලාපලය - මැයි 22 - 28

පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ ලග්නය

ඔන්න ඔබට ‍මේ සතිය තුල ආදායම පහල බහින්න පුලුවන්. ණයක් එහෙම ගන්න හිතන් ඉන්නව නම් මේ සතිය තමා එකට හොදම සතිය.
ඔන්න ඉතින් රැකියාවකට ඉල්ලුම් පත් දාල ඉන්නව නම් එ සම්බන්ධව සුබ ප්‍රතිඵලයක් ලැබෙන්න ඉඩ තියන සතියක් වේවි.
 කලක් තිස්සේ හිත් තියන් ඉදල ඔයාගේ පෙම්වතියගෙන්- පෙම්වතාගෙන් ආදරේද කියල අහන්න හොද සතියක් තමයි මේ සතිය.
-

 වෘෂභ ලග්නය

ඔයාග් සාක්කුව පිරෙන සතියක්. තවත් කෙනෙක්ගෙන් උදව් ගන්න හිතන් ඉන්නව නම් අන්න එකට හොද කාලයක් තමයි මේ කාලය.
ඔයත් හොද රැකියාවක් කරන ගමන්, තවත් හොද රැකියාවකට, ඔයාගේ රැකියාව මාරු කරන්න හිතන් ඉන්නව නම් එ සදහා පාර කැපෙන සතියක් වේවි මේ සතිය.
 අම්මගෙන් තාත්තගෙන් කණ පිරෙන්න අවවාද ලැබෙන කාලයකුත් වෙනවා..

-
-
 මිථුන ලග්නය

මෙ සතියේ තරමක් අවධානෙන් ඉන්න ඕන සතියක්. නැත්නම් මේ සතියේ කරදර ගොඩකට ඔයාට මුහුණ දෙන්න ඉඩ තියෙනවා.
රැකියා ආයතනයේ නම් තිබුන ගැටලු නම් තරමක් අඩු වෙන සතියක්. රැකියාවට සම්බන්ධව  සුබ ආරංචියක් අහන්නත් ලැබෙනව.
 ඔයා ඔයාගෝ පෙම්වතා එක්ක, පෙම්වතිය එක්ක පොඩ්ඩක් රණ්ඩුවට බරවන සතියක් වෙන්න ඉඩ තියනව,  කල්පනාවෙන් ඉන්න.

-

● 
කටක ලග්නය

බලාගෙන, ඔයාටත් නොදැනිම ඔයාගේ සල්ලි ටික වියදම් වෙන්න ඉඩ තියෙනව. එනිසා ඔයාගේ වියදම් නම් පාලනය කරගන්නම වෙනව.
තව එකක් තමයි ඔයාගේ රැකියාවේ ඇතිවෙන ප්‍රශ්න නිසා රැකියාව දාල ගෙදර යන්න හිතෙන්න පුලුවන්, ඒත් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන.
 සැප පහසුවට ඉන්න හිතන අතරම ගෙදර කටයුතු වලට මහන්සි වෙන සතියක් මේක...

-

● සිංහ ලග්නය

ඔයාගේ බැංකුව් තියෙන සල්ලිත් වියදම් වෙන්න පුලුවන් මේ දවස් වල. එනිසා කල්පනාවෙන් තමන්ගේ බාහිර කටයුතු කලා නම් හොදයි. මේ සතිය  ඔබට , බාහිර කටයුතු නිසා ප්‍රශ්න ඇතිවන්න පුලුවන්.
 ආයතන පාලකවරය එක්ක බහින්බස්‍ වෙන්නත් ඉඩ ඇති සතියක්.
අම්මගෙ තාත්තගේ ඔයාට ආදරේ වැඩි වෙනවා. පවුලේ සමගිය වර්ධනය වෙන සතියක්.


-

● 
කන්‍යා ලග්නය
කලින් තිබුන ප්‍රශ්න වලට විසදුම් ලැබිල ඔයාගේ ආදායම සරු වෙන්න පුලුවන් සතියක් තමා මේ කාලේ.
ඔයාගේ රැකියාව කරන තැන කලින් තිබුන ප්‍රශ්නයකට විසදුම් ලැබේවි. රැකියා වලට ඉල්ලුම්පත් දාපු අයටත් සුබ පණිවිඩ අහන්න ලැබෙනව.
 පෙම්වතෙක් පෙම්වතියක් හොයාගන්න පුලුවන් සතියක් වෙනව මේ සතිය.

-

● තුලා

ආදායම් මාර්ග තරමක් හිර වෙන්න පුලුවන්. ඒ කරදර බාධක නවත්ත ගන්න මේ සතියේ ඔයා පියවරක් ගන්න ඕන. නිෂ්ඵල දේට මුදල් වැය වෙන සතියක් වෙන්න පුලුවන් මේ සතිය.
රැකියා කටයුතු වල අවිවේකී බව වැඩි වෙන්නත් පුලුවන්. කාර්යබහුල බව නිසා වැඩ අතපසු වෙන සතියක් වෙන්නත් පුලුවනි.
ගෘහ ජිවිතයෙදි ඉක්මණ් තීරණ ගනිද්දි පරිස්සම් වෙන්න ඕන, මොකද ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙන නිසා.

-

● වෘශ්චික

කලින් තිබුනු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට පුලුවන් වෙන සතියක් ඔබට උදා වෙලා. ආර්ථික වශයෙන් නව පියවරක් ගන්න පුලුවන් වේවි.
රැකියාව කරද්දි ආයතන ප්‍රධානින්ගේ අවධානෙට ඔන්න මේ සතියෙදි ඔබව වැඩිය ලක් වෙනවා. නව රැකියා ලැබෙන්නත් වාසනාව තියෙනවා.
ගෘහ ජිවිතයෙදි වෙනදට වඩා ගොඩාක් තමන්ගේ පවුල වෙනුවෙන් කැප වෙන්න, මහන්සි වෙන්න ඉඩ තියෙන සතියක්. ඔන්න අවිවාහක අයට මංගල යෝග උදා වෙන කාලයක්..

-

● ධනු

අතමිට මුදල් ගැවසෙනවා, ආර්ථික තත්වය හොදයි. පෙර පැවති කරදරකාරි තත්වයන් වලින් නිදහස ලැබෙන සතියක් ඔන්න.
රැකියාවෙ දියුණුව ගන්න වැඩ කරන්න සිදු වේවි, තරඟ විභාග වගේ දේවල් වලටත් මුහුණ දෙන්න, ජය ගන්න ඉඩ ලැබෙන්න පුලුවන් සතියක්.
ගෘහ ජිවිතය සම්බන්ධව යහපත් තීන්දු තීරණ වලට එළඹීමට ඉඩ ලැබෙන්න පුලුවන් සතියක් මේක.
ඔන්න මේ කාලේ විවාහයට දෙමාපියන්ගෙ ආශිර්වාද ලැබෙනවා, ඒ සම්බන්ධ කටයුතු වලට ගොඩක් සුභ කාලයක් මේක.

-

● මකර

ආදායම් මාර්ග ටිකක් පහත වැටෙන්න ඉඩ තියෙන කාලයක් නිසා හිතල වැඩ කරන්න. ඒවගේම නව ආදායම් මාර්ග වලට යොමු විමෙදි සෑහෙන්න පරිස්සම් වෙන්න. ණය ගන්න හිතාගෙන හිටිය නම් ඒ වෙනුවෙන් හොද ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්.
රැකියාවෙදි තරමක ගැටළු ඇති වෙන්න ඉඩ තියෙනවා. ලොක්කා එක්ක බහින්බස් නොවි ඉවසීමෙන් ඉන්න පුලුවන් නම් වඩා හොදයි.
ගෘහ ජිවිතයෙදි වෙනදාට වඩා සමගියෙන් - සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන් වේවි. මිතුරු ඇසුර වර්ධනය වේවි - සතුට දැනේවි.

-

● කුම්භ

පෙර තිබුනු ගැටළු - ප්‍රශ්න විසදිලා සාක්කුව පිරෙන්න ඉඩ වැඩි සතියක්. ණය ගැනීමට - ව්‍යාපාර පටන් ගන්නත් මේ සතියෙදි හොදයි.
රැකියාවෙ කලින් තිබුනු අවුල් මග ඇරෙනවා. ලොක්කා ඔගේ ගුණ කියාවි. නව රැකියා ලැබෙන්නත් වාසනාව මේ කාලේ තියෙනවා.
ගෘහ ජිවිතයෙදි ප්‍රේම කරන අයට සෑහෙන්න හොදයි මොකද ආදර ප්‍රේමය උතුරා යනවා. ඔය අතර මව්පියන්ගෙන් අවවාදත් ලැබෙනවා.

-

● මීන

බාහිර දේට ගොඩක් සල්ලි වියදම් වෙන්න පුලුවනි, ඒ අතර ආදායම වර්ධනය කර ගන්න පියවරක් ගන්නත් පුලුවනි.
රාජකාරි කරන තැන, තිබුනු ප්‍රශ්න මේ සතියෙදි හරි යාවි. නව රැකියා බලාපොරොත්තුවෙන් හිටිය නම් ඒව ටිකක් ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා.
ගෘහ ජිවිතයෙදි ගොඩක් මහන්සිය වැඩි වේවි. දෙමාපියන්ගෙන් දෝෂාරෝපණ එන්නත් පුලුවනි. දරුවන්ගේ ප්‍රශ්න වලට විසදුම් සොයන්නත් පුලුවන් වේවි.


-



No comments:

Post a Comment