Friday, September 1, 2017

තව හිතන්න..


 යම් අවස්ථාවල ජෞතිෂ්‍යයට අදාලව සේවා ලබාගැනීමේදි එය තවත් දුරටත් සිතා බලා ගත යුතුය. ජෞතිෂ්‍යයෙන් සියල්ල සාර්ථක වන්නෙ නැත. එය මග පෙන්වීමකි. කරන කටයුතු සාර්ථක වන්නෙ කැපවීමෙන් කලොත් පමණි.
● බොහෝ අවස්ථාවල කියන අනාවැකි, පලාපල යනාදිය සාර්ථක වන අතර එසේ නොවුනොත්, ඊට මූලිකව බලපාන්නෙ අදාල හැසිරීමයි. ධන යෝග තිබෙන අයට, විසේසයෙන් හදිසි ධනලාභ තිබෙන කෙනෙකුට වුවද මුදල් කළමනාකරණය ගැන අවබෝධයක් නැත්නම්, මුදල් ලැබීමෙන් ඵලක් නැත.

● බොහෝවිට දකින දෙයක් නම්, කොටසක් ජෞතිෂ්‍යය ප්‍රතික්ෂේප කරමින් බැණ වදිමින් සිටින අතර, තව කොටසක් සියල්ල ජෞතිෂ්‍යය මත සිතීමට පෙළඹී ඇත. අවශ්‍ය වන්නෙ මැද පිලිවෙතයි.
වසර 5000කට වඩා ඉපැරණි මෙම ශාස්ත්‍රයෙන් නිවරදිව ඵල ගැනීමට හුරුවිය යුතුය.

● යමෙකුට අපල තත්වයක් නිසා රෝගයක් ඇතිවිය හැකි බව ජෞතිර්වේදියෙකු පැවසුවොත්, කල යුත්තේ කම්පා වීම නොව, අදාල වෛද්‍ය පරීක්ෂණ කර එය ඉදිරියට සිදුවේ නම් එයින් පරිස්සම් වීමයි. මගහරවා ගැනීමට, සුව ඇති කරගැනීමට කටයුතු කිරීමයි. කායික රෝගයට වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර අනිවාර්ය වෙයි. එසේම ග්‍රහ දෝෂ තිබේ නම් එයටද පිලියම් කර ගැනීම මැනවි !
 මානසිකව කම්පාවීමෙන් ඵලක් නොවේ, එයින් වන්නෙ තව දුරටත් පිටුපසට යෑම පමණි.

තේරුම් ගෙන කටයුතු කරන්න !


Iru Sewaya

irusewaya@gmail.com

077 2238041

No comments:

Post a Comment