Thursday, September 7, 2017

සතියේ ලග්න පලාපලය - සැප් 04-10


සඳු හෙවත් චන්ද්‍ර ග්‍රහයා මෙම සතිය තුළ මකර - කුම්භ - මීන රාශි වල ගෝචරය වේ.
(නව ග්‍රහයන් අතර අඩුම කාලයක් ගත කරන්නේ සඳුය. සඳු මූලික කරගෙන ලග්න පලාපලය ලබාදීම අප විසින් කරනු ලබයි).
-

● මේෂ
   ඔන්න මේ සතිය ඔබගේ තැන්පත් ධනය ස්ථාවර කර ගන්න අවස්ථාවක් ලැබෙන පුළුවන්, ඒ අවස්ථාවෙන් හොඳ ප්‍රයෝජනය ගන්න බලාගෙනයි  ඉන්න ඕන.  වෙන වෙන ව්‍යාපාර කෙරෙහි යොමු වීමට අවස්ථාවක් උදා වීමේ හැකියාව මේ සතිය තුල ඔබට තිබෙනව.
රැකියා ස්ථානයේ පැසසුමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නව රැකියා බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු සඵල විමේ හැකියාව තිබෙන කාලයක්.
අඹු සැමියන් අතර හොඳ හිත වර්ධනය වෙන්නට පුළුවන්. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න හැකියාව ඔවුන් සතුව තිබෙනව.

       -
● වෘෂභ
     මෙතෙක් තිබූ ගැටලුකාරී තත්ත්වයන් ගෙන් මිදිලා ඔබගේ ආදායම් තත්ත්වය ඉදිරියට ගෙන යාමේ අවස්ථාව  මේ සතිය තුල ඔබට තිබෙනවා.
තමන් කරන රැකියා ස්ථානයේ නම් තරමක් බාධා ඇති වෙන්න පුලුවන් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. නව රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට  සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමට අවස්ථාවක් ලැබිමට වැඩි ඉඩක් තියනව.
දෙමාපියන් වැඩිහිටියන්ගේ, අවවාද උපදෙස් ලබා ගැනීමට හැකි කාලයක්.
කකුල් අමාරු, හන්දිපත් අමාරු ආදිය  වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් මේ සතිය තුල ඔබට තිබෙනව.

    -

● මිථුන
   දුරදිග නොසිතා වැඩ කරොත් මෙම සතිය තුළ ගැටලු ප්‍රශ්න රාශියකට මුහුණ දීමට ඔබට සිදුවෙන්න ඉඩ වැඩියි. තමන්ගේ ආදායම් තත්වය හිටි හැටියේ අඩු විමේ හැකියාව තිබෙනව ඒ පිළිබඳව මදක් සැලකිලිමත් වෙන්න ඕන.
රැකියා ස්ථානයේ බාධක නම් තරමක් වැඩි වෙන්නට හැකියාව තියෙනවා තමයි, ඒවගෙම උසස්වීම්  බලාපොරොත්තුවෙන් ඉන්න අයගෙ උසස් වීම් ප්‍රමාද වෙන්නට ඇති හැකියාව වැඩි කාලයක්.
අසල්වැසියා සමග සමගියෙන් කටයුතු කිරීමට ඉඩකඩ ලැබෙන්නට හැකි කාලයක් වෙනව. ඔයාලගෙ ගෙවල් වල ප්‍රශ්න ඇති වුණා නම් ඒවා විසඳ ගන්නත්  හැකියාව තියෙන සතියක් මේක.

   -
● කටක
   නව ආදායම් මාර්ග වලට යොමු වෙන්න හිතන් ඉන්නව නම් ඒ පිළිබඳව දෙපාරක් හිතලා බලලා වැඩ කටයුතු කරන  ඕන කාලයක්. ඔයාලගේ ව්‍යාපාර වල  මූල්‍ය ප්‍රශ්න ඇතිවිමට ඇති හැකියාව වැඩි කාලයකි.
රැකියාවෙ  නම් ගමෙන් පිට දුර බැහැර ගමන් බිමන් යෙදෙන්නට හැකි කාලයක්. ආයතන ප්‍රධානීන් සමග වැඩ වැඩ කිරීමට වැඩි ඉඩක් ලැබේවි. ලැබුණොත් ඒ පිළිබඳව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන.
ගෘහ ජීවිතයේදි නෑදෑ හිතමිත්‍රාදීන් නිසා ප්‍රශ්න ගැටලු ඇතිවෙන්න හැකියාව තියෙනවා, ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන.

    -

● සිංහ
   අලුතෙන් ආදායම් මාර්ගයකට යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන කාලයක්. තිබෙන ආදායම් මාර්ග වලට සතුරු කරදරයක් එල්ල වීමට ඇති හැකියාව වැඩි කාලයක් වෙනව.
නව රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ බලාපොරොත්තු සඵල වන කාලයක්  තමයි මේ. කරන රැකියාවට  හිත මිත්‍රාදීන් නිසා  ප්‍රශ්න ගැටලු ඇතිවීමට හැකියාව තිබෙනවා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.
දෙමාපියන් සමග මත ගැටුම් ඇති වෙන්න පුළුවන්, ඒ නිසා ඒ පිළිබඳව බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න ඕන කාලයක් තමයි මේ.

     -

● කන්‍යා
     තමන්ගේ ආදායම් තත්වය වෙනදාට වඩා පහල බැසීම ඇති හැකියාව වැඩියි. වැඩි නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න නව ව්‍යාපාර හෝ ආදායම් මාර්ග  වලට යොමු නොවිය යුතු කාලයක්.
තමන් කරන රැකියාවලට තරමක් බාධා ඇතිවිමට ඉඩ ඇති කාලයක් වේවි. නව රැකියාවලට යොමු වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට අවස්ථා ඉඩකඩ ඇති කාලයකි.
ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන තත්වය නව ප්‍රවණතාවයක් පෙන්නුම් කරන සතියක් වීමට ඉඩ  තියෙනව. දෙමව්පියන්ගේ පැසසුම් ලැබේ .
   -

● තුලා
  දුර දිග සිතා බලා වැඩ වැඩ කටයුතු කිරීමෙන් වැඩි වාසි අත්වන අත් වන සතිය වීමට ඉඩ ඇත. තමන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට අවස්ථාව මෙම සතිය තුළ ලැබිමට ඉඩ ඇත.
රැකියා කරන ඔබගේ රැකියා ස්ථාන මාරු හෝ රැකියාවෙන් අස් වීමට ඉඩ ඇති කාලයකි. රැකියා වලට ඉල්ලුම් කර ඇති අය අය අයට ඒ සඳහා කැඳවීම් ලිපි  ලැබීමට ඉඩ ඇත.
මංගල යෝග උදා වෙනව, එහෙත් පෙර පැවති  ප්‍රේම සබඳතා වල සබඳතා වල ගැටළු ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳව  සැලකිලිමත්ව කටයුතු කරන්න.

 
  -

● වෘශ්චික
   ආදායම් මාර්ග වල හෝ තම ව්‍යාපාර කටයුතු වල පැවති  ගැටලුදායක තත්වයන් විවිධ විසඳුම් සොයා ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් වේ.
නව රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයට ආයතන ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබීමටත්, තමන්ගේ සේවය ඇගයිමට ලක්වේවි.
දෙමව්පියන් සමග මත ගැටුම් ඇති වේ. ප්‍රේම සම්බන්ධතා වල ගැටලු ඇතිවිමට ඉඩ ඇති කාලයකි. තම දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ.

     -

● ධනු
    පෙර පැවති ආදායම් තත්වයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇත. ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළ යුතුය. නව ආදායම් මාර්ග වලට යොමු වීම තුළ, ඒ මාර්ග වලට යොමු වීම උත්සාහ දරන අයට බාධා ඇති වෙන්න පුලුවන් නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.
රැකියා කරන අයට, රැකියා  කිරීමේදී තම හිතමිත්‍රාදීන් නිසා  ගැටළු ඇතිවිමට ඉඩ ඇත. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. නව රැකියා ලැබීමේ ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය වේ. නව තීරණ රැසක් ගැනීමට ඉඩකඩ ලැබේ. දරුවන්ගේ අධ්‍යාපනය වර්ධනය වේ.

    -

● මකර
  තම ආර්ථිකය නොසිතූ ලෙස වර්ධනය වේ. තිබෙන  ආදායම් මාර්ග වැඩි  දියුණු වේ. තමන්ගේ තැන්පත් ධනය වර්ධනය වීමට ඉඩ ඇත.
රැකියාවෙන් කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි. රැකියාව ස්ථීර වීමට හෝ රැකියා උසස් වීමට ඉඩ ඇති කාලයකි.
දෙමාපියන්, ඥාති හිතමිත්‍රාදීන් සමග හොඳ හිත වර්ධනය වේ.  දරුවන්ට ක්‍රීඩා  කටයුතු වල නිරත වීමට ඉඩකඩ වැඩිවන සතියකි.

    -

● කුම්භ
   තම ආදායම් මාර්ග වලට හෝ ව්‍යාපාර වලට සතුරු කරදර එල්ල වීමට ඇති ඉඩකඩ වැඩි කාලයකි. තම ආදායම් තත්වය තරමක් පහල බැසීමට කරුණු යෙදිමට ඉඩ ඇත.
නව රැකියා වලට ඉල්ලුම් කර ඇති අයගේ බලාපොරොත්තු සඵල වේවි. තරඟ විභාග වලට මුහුණ දීමට ඉඩකඩ ලැබේ. තමන් කරන රැකියාව සාර්ථක කර ගැනීමට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.
ගෘහ ජිවිතය තුල දුරදිග නොසිතා වැඩ කිරීම තුළින් තමන්ට අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වෙන්න අවස්ථා වැඩි නිසා, ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

   -

● මින
   තමන්ගේ ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට මූල්‍ය ණය ලබා ගැනීමට සිදු වන කාලයකි. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි නැතහොත් ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
තම රැකියාවේ දුර බැහැර ගමන් බිමන් යෙදේ. පිරිසක් සමග කටයුතු කිරීමට හැකියාව  වැඩිවිමට ඉඩ ඇත. නව රැකියා ඉල්ලුම් කර ඇති අයගේ රැකියා ලැබේ.
අසල්වාසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩකඩ ලැබේ. ඔබගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කිරීමට ඔබට පියවර ගැනීමට සිදුවේ.

-

#ඉරු


irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment