Wednesday, September 13, 2017

සතියේ ලග්න පලාපලය - සැප් 13 සිට

-
සඳු/ චන්ද්‍රයා මෙම සතිය තුල  මේෂ - වෘෂභ - මිථුන යන රාශි වල ගෝචර වේ.

මේ සියලු පලාපලයන් පොදුය.
(කේන්දරය අනුව වෙනස් වීමට හැකියාව ඇත)

-

● මේෂ
     තම ආදායම් මාර්ග වලින් තමන්ට යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට අවස්ථාවන්  උදා කර ගත හැකි විමට ඉඩ ඇත.
රැකී රක්ෂා කටයුතු වලින් තමන්ට  ප්‍රබල ගැටළු මතු නොවුණද දවසේ පවතින රාජකාරිය තුළින් තමන්ට නිදහස අඩු වී යන තත්ත්වයක් නිර්මාණය විය හැක.
තමන්ගේ ඥාති පිරිස මුණ ගැසීමට සහ ඔවුන් සමග සමඟ සතුටු සාමීචියේ යෙදීමට වැඩි ඉඩකඩක් ලැබෙන කාලයක් වීමට හැකිය.
     
-
● වෘෂභ
     ආර්ථික වශයෙන් දියුණුවක් උදා කර ගැනීමට උත්සාහ කළද මෙම සතිය තුළ පවතින ග්‍රහචාරය අනුව එතරම්  සුබ පල නොලැබෙන සතියක් විය හැකි ය.
රැකියා කටයුතු වල නිරත අයට ඒවාට එතරම් සුබ පල නොලැබෙන තත්ත්වයක් උදා වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයකි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා යහපත් අවස්ථා උදා වේ.
පවුල් ජීවිතය ගත කිරීමේදී තමන් තුළ මතුවන දුර්වල ගති තුලින් සමගියට යම් යම් බාධාවන් ඇතිවේ. තමන්ගේ වැඩිහිටි අයගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම තුළින්  ගැටලු විසඳා ගැනීමට ඉඩ සැලසෙනු ඇත.

    -

● මිථුන  
දියුණුව උදා කර ගැනිමට උනන්දුවෙන් කටයුතු කරන සතියකි. නව ආදායම් මාර්ග වලට යොමු වීමට හැකියාව ලැබිමට ඉඩ  ඇත.
රැකියා දියුණුවට අවශ්‍ය මාර්ග වලට යොමු වීමට මෙම සතිය තුල හැකි වේ. නව රැකියාවලට යොමු වීමට උත්සාහ  දරන අයගේ බලාපොරොත්තු සඵල වීමට හැකි කාලයකි.
පිටස්තර අය සමඟ සතුටු සාමීචියේ යෙදීමට වැඩි ඉඩක් ඇති කාලයක් වෙයි . පවුලේ සමගියට බාධා ඇතිවීමට ඉඩ ඇත.

   -
● කටක  
තම දියුණුවට අවස්ථාවන් ලැබිය හැක. එහෙත් ආදායමට වඩා වියදම වැඩිමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතු ය.
තම රැකියාවෙන් දුර පළාත්වල සංචාරය කිරීමට ඉඩ කඩ ලැබිය හැකි සතියකි. රැකියාවේ දියුණුවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන සතියකි .
කතාබහේදී අන්‍යයන් පාලනය කිරීමට යෑමෙන් ප්‍රශ්න - ගැටලු වැඩිවීමට ඉඩ ඇත. ඒ ගැන සැලකිලිමත් විය යුතුය. ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය වේ.

    -

● සිංහ
   ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේදී වෙනදාට වඩා මුදල් වැය වීම වැඩි විය හැකත එහෙත් තමන්ට ලැබෙන මුදල් නිසි අයුරින් කළමනාකරණය කිරීම තුළින් එම තත්ත්වයන් පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකීරක්ෂා කටයුතු වල යෙදීමේදී තමන්ට තරමක් බාධා මතුවිය හැක. තමන්ගේ හෝ තම ඥාති මිත්‍රාදීන්ගේ පෞද්ගලික වැඩ කටයුතු වලට කාලය වැය කිරීමට සිදු වෙයි. එම නිසා තම ප්‍රධානීන් ගෙන් දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සිතට සතුට අඩු වී යන කාලයකි. දෛනික වැඩකටයුතු  අතපසු වී යන තත්වයක් නිර්මාණය වේ. සැලකිලිමත් විය යුතුය.
     -

● කන්‍යා
ආදායම් මාර්ගවලින් යහපත් ප්‍රතිඵල ලැබීමට ඉඩ සැලසෙනු ඇත.  මිල මුදල් පරිශීලනයේදී තමන් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇත.
රැකියා වලට යොමු වීමට තමන්ට අවස්ථාවක් උදා කර ගත හැකිය. රැකියා කරන අයට ඒවායේ දියුණුවට අවශ්‍ය ක්‍රියාමාර්ග වලට යොමු වීම තුලින් තම රැකියාවේ ඉදිරි දියුණුවක් උදෙසා කටයුතු කිරීමට  හැකියාව ලැබෙනු ඇත.
සහෝදර සහෝදරියන්ගේ ඇප උපකාර ලැබීමටද, පෙම් සබඳතා වර්ධනය කර ගැනීමටද සුබ පල ගෙන දෙන කාලයක් වීමට ඉඩ ඇත.
   -

● තුලා
   සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ගත කිරිමට ඉඩ ලැබෙන  කාලයකි. තම ආදායම් මාර්ග වලින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇති  සතියකි.
රැකියා වලට ඉල්ලුම් කර ඇති අයට තමන්ට සුදුසු රැකියා අවස්ථා උදා වේ.  උසස්වීම් තනතුරු සහ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් සිටින අය ඒ සඳහා සුදුසු  වන සතියක් විය හැක .
තම සිතට සහනදායී කාලයක් උදා වන සතියකි. ක්‍රීඩා කටයුතු කරන දරුවන් ඒ සඳහා ඇති උනන්දුව වැඩි විය හැකි  සතියකි. පවුලේ සමගිය වර්ධනය වේ.
  -

● වෘශ්චික
    තම ආදායම් මට්ටම යහපත් ව පවත්වාගෙන  යාමට හැකි වුවද විටින් විට ආදායම් මට්ටම පහළ බැසීමට කරුණු යෙදේ. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.
රැකි රක්ෂා කටයුතුවල නිරත වීමේදී  තමන්ට පැවරෙන වගකීම් වැඩි වීමට ඉඩ ඇත. එම නිසා නිදහස අඩු වීමටද කරුණු යෙදෙයි. රැකියා විරහිත තරුණ තරුණියන්ට යහපත් රැකියා අවස්ථා උදා වෙයි.
දරුවන්ගේ හෝ  පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට  සිදු වෙයි.
 ප්‍රිය  සම්භාෂණ  සඳහා සහභාගි වීමට ඉඩ ලැබිය  හැකි සතියකි.

     -
● ධනු
මුදල් ඉපයීමට පෙරට වඩා උනන්දුවෙන් ක්‍රියා කිරිමට ඉඩ ඇත. වියදම් පාලනය කර ගැනීම තුළින් තමන්  සාර්ථක බවක් උදා  කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකීරක්ෂා කටයුතුවලට යොමු වීමට උත්සාහ  දරන අයට ඒ සඳහා අවස්ථා උදා කර ගත හැකි කාලයකි. නව රැකී රක්ෂාවලට වලට මාරු වීමට හෝ කරන රැකියාවේ උසස්වීම් ලබා ගැනීමට වැඩි උනන්දුවක් දැක්විය හැකි කාලයකි.
පවුලේ සමගිය වර්ධනය වේ. ඥාති හිතමිත්‍රාදීන් අසල්වැසියන් සමග වැඩිපුර කාලය ගත කිරීමට හැකියාව ලැබෙන කාලයකි. ඒ අයට උදව් උපකාර කිරීමටද ඉඩ කඩ ලැබෙනු ඇත.

    -
● මකර
තමන් සතු දේපළ ආදිය විකිණීමට උත්සාහ දැරූ අයට  ඒ සඳහා තිබූ බාධාවන් අඩුවීමට ඉඩ ඇත. තමන්ට අමතර මුදලක් අතට ගැනීමට අවස්ථාව උදා වීමෙන් මුදල් අවහිරතා මඟ හැරී යාමට හැකි කාලයකි.
දුෂ්කර රාජකාරිවල  යෙදීමට ඉඩ ඇති නමුත් ඒවායෙන් සුබ ඵල ලබා ගැනීමට හැකියාව  ලැබෙන කාලයකි. නව රැකියා බලාපොරොත්තු වන සිටිනා අයට නම් තරමක් බාධා මතු වීමට ඉඩ ඇත.
තම දෛනික වැඩකටයුතුවල සාර්ථක බවක් ලැබීමට මාර්ග සැලසෙනු ඇත. තරුණ - තරුණියන්ට මංගල යෝග උදා වන කාලයකි.

    -
● කුම්භ
  තමන් ලබන ආදායමට වඩා වියදම වැඩි වන කාලයකි. නමුත්  මූල්‍ය ආයතන වලින් උදව් උපකාර ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියාවේ දියුණුව උදෙසා වැඩ කටයුතු කරගැනීමට  හැකියාව ලැබුණද   රැකියා ස්ථානයේ සතුරු කරදර ඇති විය හැකි කාලයකි, කල්පනාකාරී විය යුතුය.
ගෘහ ජිවිතය තුලදි දුර පළාත් වල ගමන් බිමන් යෑමට ඉඩ ප්‍රස්ථාව හිමි වෙයි. එම නිසා තරමක් වෙහෙසකාරීව එදිනෙදා කටයුතු කර ගෙන යාමට සිදුවිය හැකි කාලයකි.

   -
● මින
   ආර්ථික වශයෙන් තමන්ට  සාර්ථක ප්‍රතිඵල නොලැබී යන කාලයක් වීමට ඉඩ ඇත.  ව්‍යාපාර වල නියුතු අයට බාහිර කරදර එල්ල වීමට ඉඩ ඇති කාලයකි.
තම හැකියාව  තුලින් යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිවිමට ඉඩ ඇත. වගකීම් නිසි අයුරින් ඉටු කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. එහෙත් නව රැකියා ලැබීම ප්‍රමාද වේ.
තරුණ - තරුණියන්ගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට මුහුණදීමට  සිදු විය හැකි කාලයකි. මංගල යෝග ප්‍රමාද වේ.
සෙම් රෝග ආදී අසනීප තත්ත්වයන් උත්සන්න වීමට ඉඩ ඇත, සැලකිලිමත් වන්න.
  -

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment