Monday, September 18, 2017

ඉරු මාරුව - සැප් 2017


-

ග්‍රහ ලොව රජතුමා වන ඉරු හෙවත් රවි ග්‍රහයා අද (සැප් 17) කන්‍යා රාශියට පැමිණෙන අතර, ඔක් 17 වනදා දක්වා කන්‍යා රාශියේ රැඳී සිටී.
කුම්භ ලග්න ලංකා කේන්දරයේ 8 වැන්නට රවිගේ පැමිණීම පවතින ආණ්ඩුවට තරමක ගැටළු ඇති කරන්නක් විය හැක. වක්‍රවූ සෙනසුරුද ඔක් අග දක්වාම සතුරුව සිටිමද රටට තරමක් අයහපත්ය. කෙසේ වුවද ගුරු 9 වැන්න වන පුණ්‍යස්ථානයේ සිටිම නිසා මෙම තත්වයන් තරමක් සමනය වීමටද හේතු තිබේ.
කෙසේ වුවද ආණ්ඩුව පෙරලෙන බවක් පවතින ග්‍රහ ගෝචරය මෙන්ම ග්‍රහයන්ට එහා ගිය අකුසල කර්ම - කුසල කර්ම විපාක පිලිබද බැලීමේදීද පෙන්වන්නේ නැත.

● මේෂ
    මේෂ ලග්නයේ 6 වැන්නට රවි ග්‍රහයා පැමිණියේය.
 තමන්ගේ පෙර පැවති ආදායම් තත්වය තරමක් දුරට අඩු වීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ මෙතෙක් පැවති නිදහස අඩු වී යයි. යහළු යෙහෙළියන්ගෙ වැඩ කටයුතුවලට උදව් උපකාර කිරීමට යාම තුළින් තම වැඩ කටයුතු අතපසු වීමටද ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තම දරුවන්ගේ ප්‍රශ්න ගැටලු වලට විසඳුම් සෙවීමට සිදු වෙයි. දරු ඵල තරමක් ප්‍රමාද වේ.

       -

● වෘෂභ
     වෘෂභ ලග්නයේ හිරු නොහොත් රවී 5 වැන්නට පැමිණියේය.
මෙතෙක් පැවති නිවාස ගැටලු නිවාස අලුත්වැඩියා කිරීම  ඉඩම් මිලදී ගැනීම් වලට යහපත් කාලයක් විය හැකිය.
රැකියාවේ තනතුරු වරප්‍රසාද බලාපොරොත්තුවෙන් සිටි අයට සහ නව රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ සඳහා යහපත් කාලයක් උදා   වීමට ඉඩ ඇත.
පවුලේ සමගියට තිබූ බාධාවන් ඉවත් වේ. ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කටයුතුවලට තිබූ බාධා ඉවත්වි යහපත් කාලයක් උදාවේ.

    -

● මිථුන
    මිථුන ලග්නයේ 4 වැන්නට රවි ග්‍රහයා පැමිණියේය.
ආර්ථික වශයෙන් වැදගත් පියවර රැසක් ගැනීමට අවස්ථාව උදා වීමට ඉඩ ඇත. ව්‍යාපාර වලට වෙනත් පාර්ශවයකින්  උදව් උපකාර ලබා ගැනීමටත් අවස්ථාවක් උදාවිමට ඉඩ ඇත.
තම රැකියා වලින් තිබු ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථා උදාවේ, තම උද්යෝගිමත් බව වැඩි වන කාලයකි.
පෙර පැවති ගැටලුකාරී තත්වයන් නිරාකරණය කර තම ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය කර ගැනීමට හැකි විමට ඉඩ ඇත.


   -
● කටක
3 වැන්නට රවි ග්‍රහයා පැමිණියේය.
     ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය වේ. තමන්ට ලබා ගැනීමට අපහසුව තිබු ණය මුදලක් ඉතා අපහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියා ස්ථානය තුල  උසස්වීම් තරග විභාග ආදියට සහභාගි විට ඉඩ ලැබෙන කාලයකි. අලෙවි ප්‍රවර්ධන රැකියා කරන අයට යහපත් ප්‍රතිඵල උදා වීමට ඉඩ ඇත
අසල්වාසීන් අතර හොඳ හිත වර්ධනය වේ. විනෝද ගමන් ප්‍රිය සම්භාෂණ වලට සහභාගි විමට ඉඩ ලැබිය හැක.
 
-

● සිංහ
   සිංහ ලග්නයේ ලග්නාධිපති රවි 2 වැන්නේ ගෝචරය වේ.
ආදායම් මට්ටම යහපත් කර ගැනීමට ඉඩ සැලසේ. ගේවල් ඉඩම් මිලදි ගැනිම් වලට ද  ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමටද ඉඩකඩ සැලසේ. ව්‍යාපාර කටයුතු  ප්‍රතිලාභ ලබා ගැනිමට හැකි වීමට ඉඩ ඇත.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි.  ආයතන ප්‍රධානීන්ගේ අවධානය තමාට යොමුවේ.
ගෘහ ජීවිතය තුළ සමිති සමාගම් -  පිරිස් ඇසුරට අවස්ථා උදා වෙයි. දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත. ප්‍රමාද වූ විවාහ කටයුතු ස්ථිර වෙයි.



     -
● කන්‍යා
    කන්‍යා ලග්නයේ රවි ලග්නයට/ 1 වැන්නට පැමිණෙයි.
වෙනදාට වඩා කැපී පෙනෙන චරිතයක් වීමටත්, තම ආයතනය තුළ  යටත් සේවක කාරකාදීන්ගේ උපකාර  ලබා ගැනීමටත් අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත .
රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වීමට ඉඩ ඇත. වෙනදාටත්  වඩා  කාර්යශූරව තම රැකියා ස්ථානයේ වැඩ කටයුතු කිරීමට හැකි  කාලයක් වීමට ඉඩ ඇත.
විදෙස් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වීමට ඉඩ ඇත.
 තම ඥාතීන් අතර කැපී පෙනෙන පෙනෙන චරිතයක් වීමට හැකි කාලයක් වේ

   
   -
● තුලා
   තුලා ලග්නයේ රවි 12 වැන්නට පැමිණේ.
ආදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් සිදු වීමට ඉඩ ඇත.
රැකියා වල නියුතු අයට ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදිමට ඇති ඉඩකඩ වැඩි වෙයි.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය වේ. තරුණ අයට යහපත් විවාහ අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. නිෂ්ඵල ගමන් බිමන් වලට අවස්ථා උදාවෙ

 
  -
● වෘශ්චික
   වෘශ්චික ලග්නයේ රවි  11 වැන්නට පැමිණේ.
නව ව්‍යාපාරයකට යොමු වීමට උත්සාහ දරන අයට එ සදහා අවස්ථා උදා වීමට හැකි කාලයකි. මූල්‍ය ආයතන වලින් ණය ඉල්ලුම් කිරීමට සුබ කාලයක් වේ. නව ව්‍යාපාර ඇරඹීමටද හැකියාව පවති.
රැකියා කටයුතු වල නිරත අයට ප්‍රබල ගැටළුකාරි තත්වය අඩුවීමට ඉඩ ඇත. නව රැකියා ලැබීමටද ඉඩ ඇත.
ගේ දොර වැඩ නිසි පිලිවෙලින් කරගෙන යාමට හැකි වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා යෙදෙනු ඇත.


     -
● ධනු
    ධනු ලග්නයේ රවි 10 වැන්නේ ගෝචර වේ.
කලක් තිස්සේ තිබූ බලාපොරොත්තු සඵල කර ගැනීමට වැඩි ඉඩ කඩක් ලැබෙන කාලයකි.  ආදායම් මාර්ග වලට තිබූ බාධා ඉවත් වීමට ඉඩ ඇත.
නව රැකියා උදා වේ. තම රැකියාවට බාහිර පාර්ශවයන්ගෙන් තිබු කරදර බාධා ඉවත් විය හැකි කාලයකි.
දෙමාපියන්ගේ අවවාද උපදෙස් ලබා ගැනීමට ලබා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වර්ධනය කර ගැනීමට උපකාර කිරීමට ඉඩ ලැබිය හැකි කාලයකි.
 
-
● මකර
මකර ලග්නයේ රවි 9 වැන්නේ ගෝචර වෙයි.
   පෙරට වඩා දැඩි විශ්වාසයකින් තම ව්‍යාපාර කටයුතු සහ තම ආයතනික වැඩ කටයුතු   කරගෙන යාමට අවස්ථාවක් උදා විය හැක.
පෙර තිබූ රැකියාවේ බාධා සහ කාර්යබහුල තත්වය මෙම කාලය තුළ ඉවත්වි යන තත්ත්වයක් නිර්මාණය විමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ ජිවිතයේ සමගියට තිබූ බාධාකාරී තත්වයන් ද ඉවත් වී යෑමට කරුණු යෙදිය හැක. වෙනදාට වඩා ධාර්මික ව කටයුතු කිරීම තුළින් යම් සාර්ථකත්වයත් කරා යාමට ඉඩ ඇත

    -
● කුම්භ
   කුම්භ ලග්නයේ රවි 8 වැන්නේ ගෝචර වෙයි
හවුල් ව්‍යාපාර කටයුතු වලින් තරමක් දුරට පාඩු සිදුවීමට ඉඩ ඇත. කල්පනාකාරීව සහ මනා බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුය. තමන්ගේ ආදායම් තත්වය තරමක් පහල වැටිමට ඉඩ ඇත.
තම රැකියා කටයුතු වල පෙර තිබූ නිදහස අඩු වේ. තමන්ට පැවරෙන රාජකාරි වැඩි වීමට ඉඩ ඇත ඇති කාලයකි.
ගෘහ ජිවිතයේ සමගියට බාධා පැමිණේ. ඉවසීමෙන් සහ  බුද්ධියෙන් යුතුව යුක්තව කටයුතු කළ යුතුය. ප්‍රේම සම්බන්ධතා වලට පවා බාධා පැමිණේ.

   -
● මින
   මීන ලග්නයේ රවි 7 වැන්නට පැමිණියේය.
මුල්‍ය කලමනාකරණයේ ගැටළු මතු විය හැක. ණය ලැබීම ප්‍රමාද වි මූල්‍ය ආයතන වලින් ගැටළු මතු විය හැක.
රැකියාව කාර්යබහුල වේ. නව රැකියා ප්‍රමාද වේ. අන්‍යයන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වීම තුළින් ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. පිටස්තර පුද්ගලයින් නිසා පවුලේ සමගියට බාධා පැමිණේ.  දෙමාපියන්ගේ අවවාද උපදෙස් ලැබිමට ඉඩ ඇත.

-

#ඉරු

No comments:

Post a Comment