Sunday, September 17, 2017

සිකුරු මාරුව

ග්‍රහ ලොව හැඩකාර තරුණිය මෙන්ම මනමාලිය වන සිකුරු/ ශුක්‍ර ග්‍රහයා, සැප්. 15 වන දින මෙතෙක් සිටි කටක රාශියෙන් මිදි, රවි හිමි සිංහ රාශියට පැමිණෙයි. සිකුරු, සිංහයේ ඔක්තෝබර් 09 දක්වා සිටි. රවි - බුධ දෙදෙනාද සිංහයේ මේ දින වල ගෝචර වෙයි.

කුම්භ ලග්න ලංකා කේන්දරයට අනුව, සිකුරු පැමිණෙන්නේ  මහ ජනතාව නියෝජනය කරන 7 වැන්නටයි. ඒ අනුව මහ ජනතාවගේ තිබුනු කැළඹිලි ස්වභාවය තරමක් අඩු වෙයි. එසේම රටට තිබුනු බාධා - ගැටළු තරමක් ක්‍රමිකව අඩු වෙමින් යනු ඇත.

-
ලග්න 12ට පොදුවේ මේ ආකාර වෙයි - පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ
සිකුරු පැමිණෙන්නේ 5 වැන්නටය.
ආර්ථික තත්වය තරමක් කඩා වැටෙන්නට හේතු වන්නේ බාහිර වියදම් අධික වීම නිසාය.
රැකියා ලැබෙන්නට වාසනාව පවති. කරන රැකියාවේ වෙහෙසකාරි බව වැඩි විමට ඉඩ ඇත. නිදහස අඩු විමට හේතුයි.
ගෘහ ජිවිතය තුල සමගිය වර්ධනය විය හැක. ආදර - සබදතා වැඩි දියුනු වෙයි.

-

● වෘෂභ
සිකුරු පැමිණෙන්නේ 4 වැන්නටය.
ආර්ථිකය තරමක් අඩාල වුවද, එම තත්වය මර්ධනය කරගැනිමට හැකියාව තිබේ. කටයුතු කිරීමේදි මනාව සිතා බලා, අවශ්‍ය දේට පමණක් වියදම් කිරිම තුල ඒ තත්වය යහපත්ය. දියුණු වීමට මාර්ග යෙදේ.
රැකියාවේ ස්ථාන මාරු වීම් හෝ උසස් වීමට තිබුනු බාධා ඉවත් වෙයි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධන වෙයි. නිවාස - දේපල පිලිබද ප්‍රශ්න නිරාකරණය වනු ඇත.
-

● මිථුන
සිකුරු පැමිණෙන්නේ 3 වැන්නටය.
වියදම පාලනය කර ගැනිමේ හැකියාව ලැබෙයි. ඉදිරි දියුණුව උදෙසා වැඩ කටයුතු කිරිමට හැකියාව තිබෙයි. ඉඩම් - ගෙවල් දොරවල් - යාන වාහන මිලදී ගැනිමට වාසනාව පවති.
රැකියාවේදී තරමක් බාධා - කරදර ඇති වීමට ඉඩ ඇත. රැකියාව ගැන කලකිරිම් ඇති වීමට හැක.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගියට තරමක බාධා ඇති වීමටද, අසල්වැසියන් සමග හිත් අමනාපකම්ද ඇති විමටද හේතුයි.

-
● කටක
සිකුරු පැමිණෙන්නේ 2 වැන්නටය.
ආර්ථිකය වර්ධනය කරගැනිමේ හැකියාව තිබෙයි, මෙය ධන යෝග තත්වයකි. පෙර පැවති දුර්වලතා මගහැරි යනු ඇත.
රැකියාවෙන් ඉදිරියට යෑමට හැකියාව ලැබෙනු ඇත. බාධා දුරු වේ.
ගෘහ ජිවිතය තුල ගේ දොර පිලිබදව තිබුනු ප්‍රශ්න - ගැටළු යනාදිය විසඳෙයි. ගෙවල් - දේපල යනාදිය මිලදි ගැනිමටද වාසනාව පවති.

-
● සිංහ
සිකුරු පැමිණෙන්නේ 1 වැන්නටය, 10 වැන්නාධිපතියා වෙයි.
වියදම අධික වීමට ඉඩ ඇත්තේ ගමන් බිමන් අධික වීම නිසාය. නමුත් පෙර 12 වැන්නේ සිටි කාලයට වඩා යහපත්ය.
රැකියාවේ බාධා අඩු වෙයි. රැකියා විරහිත අයගේ පැතුම් සඵල වෙයි. ආදායම් මාර්ගයක් ලැබීමට හේතු - වාසනා පවති.
ගෘහ ජිවිතයෙදි පවුලේ සමගිය - එකමුතුව වර්ධනය වෙයි. මංගල යෝග උදා වෙයි.

-
● කන්‍යා
සිකුරු පැමිණෙන්නේ 12 වැන්නටය.
විදේශ ආයෝජන සම්බන්ධව තිබුනු ගැටළු නිරාකරණය කරගත හැක, විදේශ සබදතා වර්ධනය කරගත හැක. වියදම තරමක් අධික වීමට ඉඩ ඇතත්, බුද්ධිමත්ව ඒවා විසදා ගත හැක.
රැකියාවේ බාධාකාරි තත්වයන් තරමක් වැඩි වනු ඇත. ආයතන ප්‍රධානින් සමග වැඩිපුර වෙහෙසිමට සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල අසල්වැසියන් සමග සතුටු සාමිචියේ යෙදීමට අවස්ථාවන් වැඩිපුර යෙදෙනු ඇත. තමන්ගේ කටයුතු අතපසු විය හැක.

-
● තුලා
සිකුරු පැමිණෙන්නේ 11 වැන්නටය.
ලග්නාධිපතියා 11ට ඒම තුල, එය ධන යෝග තත්වයකි. අතමිට මුදල් ගැවසීමේ වාසනාව ලැබේ. නොලැබි තිබුනු ණය ලබා ගැනීමට හැකියාව තිබේ. ආදායම් මාර්ග වලට පැවති බාධා තත්වයන් අඩු වනු ඇත.
නව රැකියා උදා වේ. රැකියාවේ කටයුතු වලදි උදව් ලැබේ.
ගෘහ ජිවිතය තුලදි අලංකාරයට සිටිමට කටයුතු කිරිම තුලින් වියදම් අධික විය හැක. පවුලේ සමගිය වර්ධනය වෙයි. ප්‍රේම සබදතා වල ගැටළු නිරාකරණය වනු ඇත.

-
● වෘශ්චික
සිකුරු පැමිණෙන්නේ 10 වැන්නටය.
ආර්ථිකය තරමක් දුරට පෙර පැවති ආදායම් තත්වය අඩු වීමට ඉඩ ඇත. වියදම අධික වීය හැක. හවුල් ව්‍යාපාර වලින් තරමක ලාභ ඉපයීමට හැකියාව ඇත.
රැකියා කර්මාන්ත වලදි තමන්ට සුදුසු රැකියා ලැබීමට වාසනාව පවති. රැකියා ස්ථානයේ කටයුතු වලදි, මිතුරන්ගෙන් උදව් ලැබෙනු ඇත. දුර ගමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ සමගිය වර්ධනය වෙයි. පවුලේ අය සමග කටයුතු කිරිමටද දෙමාපිය ආශිර්වාදයද හිමි වෙයි.

-
● ධනු
සිකුරු පැමිණෙන්නේ 9 වැන්නටය.
ආර්ථික වශයෙන් තරමක ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. දෙන දේ ආයෙත් නොලැබී යාමට ඉඩ ඇත. සැලකිලිමත් වන්න.
රැකියාවෙ කටයුතු වලට බාධා ඇති විය හැක, රැකියාවෙන් ඉවත් වීමට හෝ නව රැකියාවකට යාමට හේතු ඇත. තනතුරු - වරප්‍රසාද වලට තරමක බාධාකාරි දේ සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල සහෝදර - සහෝදරියන් අතර හිත් නොහොඳකම් ඇති වීමට ඉඩ ඇත.


-
● මකර
සිකුරු පැමිණෙන්නේ 8 වැන්නටය.
මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීමේදි ප්‍රවේසම් විය යුතුය. මුදල් වංචා වලට අසුවීමට ඉඩ ඇත.
රැකියාවෙදි සතුරු කරදර ඇති විමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු කාර්යබහුල විය හැක.
ගෘහ ජිවිතයෙදි ප්‍රේම සබදතා වලට ගැටළු ඇති විමට ඉඩ ඇත. පවුලේ සමගියට තරමක බාධා ඇති විය හැක.

-
● කුම්භ
සිකුරු පැමිණෙන්නේ 7 වැන්නටය.
ආර්ථික වශයෙන් තරමක වර්ධනයක් ලබා ගැනීමට හැකියාව ඇත. ආර්ථික ප්‍රශ්න වලට විසදුම් සොයා ගැනිමේ හැකියාව ඇත. අන් අයගේ උපකාර ලැබේ.
රැකියා ස්ථානයෙදි තමන්ට නුවණ වෙහෙසවා කටයුතු කිරිමට හැකියාව ඇති වෙයි. කැපී පෙනෙන කෙනෙක් වෙයි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. ප්‍රේම සබදතා වල තිබුනු ගැටළු විසදේ. පවුලේ සමගිය වර්ධනය වෙයි.

-
● මීන
සිකුරු පැමිණෙන්නේ 6 වැන්නටය.
ආර්ථික තත්වය තරමක් දුරට පසුබැසීමට කාරණා යෙදිය හැක. පෙර පැවති ආදායම් තත්වයේ පැහැදිලි වෙනසක් දැකීමට හේතු ඇත. ඒ සම්බන්ධව බුද්ධියෙන් කටයුතු කරන්න.
රැකියාවේ තරමක සතුරු කරදර ඇති විමට ඉඩ ඇත. රැකියාවේ හෝ රැකියා ස්ථානයේ වෙනසක් පෙන්නුම් කරන කාලයකි. දුර බැහැර ගමන් බිමන් යෙදීමට හැකියාව තිබේ.
ගෘහ ජිවිතයෙදි පවුලේ සමගියට අසල්වැසියන්ගෙන් බාධා ඇති වීමට ඉඩ ඇත. ප්‍රීති උත්සව - ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි විමට ඉඩකඩ ඇත.
අධ්‍යාපන කටයුතු වලට බාධා යෙදිය හැක.
-


#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment